http://lakshmanillangakoon.blogspot.com/2018/10/4.html
හි සිට
කමකුරා පන්සලේ පිහිටුවා ඇති ජේ ආර් ජයවර්ධන සිහිවටනය
මේ ගමන්ම ජපානයේ අවමගුල් ගැනත් යමක්
කියාගෙනම යන්නට සිතුනී. මේ පිළිබඳව මට සොයා බලන්නට උනන්දුවක් ඇතිවුයේ වරෙක මා සමග එක්සත්
ජනපදයේ පාඪමාලාවක් හැදෑරු ජපාන ජාතික නිලධාරියෙකු කි කතාවක් මතක්විමෙනි. අප
දෙදෙනාම බුද්ධාගමේ නිසා දවසක් ආගම ගැන කතාකරමින් සිටින විට ඔහු කිවේ ජපානයේ බෞද්ධ
පුජකයන් අවමගුල් සඳහා අයකරන අධික ගාස්තු නිසා ඔහුට බුද්ධාගම එපාවී සිටින බවයි.
ඇත්තෙන්ම ජපානයේ සාමාන්‍ය අවමගුලකට රුපියල්
මිලියන 2 .5 ක් පමණ වැය වේ, ඒ පැමිණෙන යට සංග්‍රහ කිරීමට ලක්ෂ හතක පමණද පුජක
ගාස්තුව ලෙස ලක්ෂ පහක් පමණ ගාස්තුවක්ද අතුලුවය. මෙම වියදම මියගිය ඇත්තාගේ පවුලට
දැරීම පහසු කිරීමට ද පුරුදු ඇතිවී තිබේ. ඒ
අවමගුලට පැමිණෙන තැනැත්තන් යම් මුදලක් ශෝඛවන පවුලට ප්‍රධානය කිරීමයි. එම ප්‍රමාණය
දෙන්නාගේ සහ ලබන්නාගේ සමාජ තත්වය මත යෙන් 3000 සිට 30000 දක්වා විය හැක. ( යෙන්
එකක් රුපියල් 1.5 ක් පමණ වෙයි). ලංකාවේ වගේ සිනි කිලෝ 2 කින් හෝ ලොකු බිස්කට්
පැකට් එකකින් බේරෙන්න බැරි බව පෙනේ.
අවමගුල් උත්සවයෙන් පසුව සිරුර පුළුස්සා එහි
අස්ථි කිහිපයක් පන්සල සහ සම්බන්ධව සොහොන්
උද්‍යානයක ( ඒවා නඩත්තු කල ඇති ආකාරය දුටුවිට එසේ කිව්වාට පව් නැත) පවුලේ අය
වෙනුවෙන් කලින් මිලදී ගෙන ඇති ස්ථානයක මිහිදන් කරන අතර මෙම ස්ථානයද හොඳින් නඩත්තු
නොකළ හොත් එතනින් ඉවත්කර ගැනීමට සිදුවන අතර මේ සියල්ලම බොහෝ වියදම් වන කටයුතුය.
ටෝකියෝ නගරයේ මෙවැනි පවුල් සොහොනක් මිලදී ගැනීමට යෙන් මිලියන දෙකක් පමණ වැයවන නිසා
එලෙස වියදම් කිරීමට මුදල් නොමැති අයට අඩු වියදමින් එය කරගැනීමට දැන් සොහොන්
අපාර්ට්මන්ට් වර්ගයක්ද ටෝකියෝ හි එක පන්සලකින් හඳුන්වා දී ඇත්තේය. ඒ තට්ටු 8 ක් උස
ගොඩනැගිල්ලක පවූලක් සඳහා භෂ්මාවශේෂ තැන්පත් කිරීම සඳහා අල්මාරියක් වන්නක් ලක්ෂ
හතරකට පමණ මිලදී ගැනීමට හැකියාව ලබාදීමයි.
මේ හා සම්බන්ධ තවත් බොහෝ සිත්ගන්නා සුළු
කරුණු කාරනා තිබුනද මෙය සංචාරක විස්තරයක් නිසා අප දුටු දෑ සහ ඒ පිලිබඳ නිරීක්ෂණයන්
මතුපිටට කිට්ටුවෙන් තබාගැනීම වඩා ගැලපෙයි.
මම මුල්දින ගුවන්තොටුපලෙන් පිටතට ආ විගස මම
මිට පෙර ; වරක් එක්සත් ජනපදයට යන අතරමග නරිටා ගුවන් තොටුපලේදී ගුවන් යානයක්
මාරුවීම හැරෙන්නට, ජපානය වෙත පැමිණ නොමැත්තේ නමුදු මෙහි යම් පුරුදු බාවයක් දැනුනි.
ටික වෙලාවක් යනවිට මට දැනුනේ ඒ ජපානයේ බාහිර පෙනුම බොහෝ දුරට ඇමෙරිකාවට සමාන බවයි.
එහි ගොඩනැගිලි , මාර්ග , ව්‍යාපාරික ආයතන ඇමෙරිකාවේ ඒවාට බොහෝදුරට සමානය. සෑම දෙයක්ම
ගොඩනගා ඇත්තේ පෙනුමට නොව එය යොදවා ගන්නා කාර්ය සිහියේ තබාගෙනය. එම කාර්ය කාර්යක්ෂම ලෙස ඉටු කිරීමටය.
මෙයට යම්
හේතුවක් තිබේදැයි මම කල්පනා කලෙමි. සමහරවිට දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුව මෙම
දෙරට අතර ඇතිවූ සහ එසේම පවත්වාගෙන යන අතිශය කුළුපග මිත්‍රත්වය මෙයට හේතුවක් විය
හැකිය.
1945 ජපානය යුද්ධයෙන් පැරදී මිත්‍ර පක්ෂයට
යටත් වූ පසු අවුරුදු 7 ක් ජපානය පාලනය කලේ ඇමෙරිකානු ජෙනරාල් වරයෙකු වූ ඩග්ලස්
මැක් ආතර් විසිනි. 1951 සෑන් ෆ්රැන්සිස්කෝ සාම සමුළුවේදී; ජේ ආර් ජයවර්ධන ගේ ප්‍රසිද්ධ දේශනය
කරන ලද්දේද මෙම සමුළුවේදීය, නැවත වරක් ජපානයට ස්වාධීනව ප්‍රජාතන්ත්‍ර වාදී රටක් කටයුතු කරගෙන යාමට ඉඩ ලැබුණු අතර මෙම කාලය තුල
සහ ඉන්පසු ඇමෙරිකානු ආභාෂය බොහෝදුරට ලැබෙන්නට ඇත.
මුලින් අප සිටි ටොමි සතො ප්‍රදේශය සාමාන්‍යයෙන්
ගොවිතැනෙන් ජිවත්වන ප්‍රදේශයකි. එහෙත් එහි නගරය එම ජනයාගේ ප්‍රයෝජනය සඳහා අති
විශාල සුපර් මාකට් වලින් පිරි පවතී. එහි තිබෙන joyful Honda නම් වූ සුපර් මාර්කට් එක තරම් විවිධත්වයක්
එසේම විශාලත්වයක් ඇති සුපර් මාර්කට් එකක් ලංකාවේ කොතැනක හෝ තිබේ දැයි මම සිතන්නේ
නැත.
ලක්ෂ 5 හේ බැලු පැටවුන් ගෙ සිට නිවසකට
අවශ්‍ය ඕනෑම දෙයක් එහිදී මිලදී ගත හැක්කේය. එහෙත් මම එම ප්‍රදේශය පුරාම ඉතාම ගැමි
පරිසරයක හෝ කුඩා කඩයක් දකින්නට ලැබුනේ නැත. එසේ දකින්නට ලැබුනා නම ඒ සංචාරකයන්
පැමිණෙන පුරාන පන්සල් යනාදිය වටා ඇති කුඩා නගරයන්හි පමණකි.
https://www.smithsonianmag.com/travel/how-japan-copied-american-culture-and-made-it-better-180950189/
ReplyDeleteSo my guess has been correct!
Deleteලෝක යුද්ධයෙන් පස්සෙ අලුත් ගොඩනැගිලි හදනකොට ජපන් නිලධාරීන් ඇමරිකාවට ගිහින් එහෙ ගොඩනැගිලි වල පින්තූර ගත් බවක් අසා තියනව. හැබැයි ඒක කිවුවේ ඇමරිකන් ප්‍රොෆෙසර් කෙනෙක්, එයා ඇමරිකාවට පක්ෂපාතී ඇති. වෙන අදහසක් කියන්න බෑ, ඇමරිකාවේ ගිහින් නෑ. :(
ReplyDeleteමට වරක් යාලුවෙක් කිවුව, මරණින් මතු ඇති වන ජීවිතයේ සැපවත් බව, පූජකයාට ලබා දෙන මුදල මත (හා ඒ මුදල ලබාගෙන ඔහු කරන පූජාව මත) තීරණය වන නිසා මිනිස්සු පුළුවන් තරම් මුදල් පූජා කරන බවක්. ඒකත් ඉතින් අහපු කතාවක්, මොකද අවමඟුල් ගැන යන්තමින් අහල තිබුණට, අද තමයි මේ තරම් තොරතුරු දැනගත්තෙ.
හරිම ලස්සන විස්තරයක්. බොහොම ස්තුතියි.
++++++
ReplyDeleteThanks
ReplyDelete