https://lakshmanillangakoon.blogspot.com/2018/10/10_11.html
සිට
සිට
අප කියෝතෝ නගරයේ
සංචාරය කරන්නට සැලසුම් කලේ දවසක් පමණය. නමුත් එය දවසකින් කළහැකි වැඩක් නොවේ.
එහි සංචාරකයකුට නරඹන්නට සුදුසු බොහෝ ස්ථාන
ඇත්තේය. ඇත්තෙන්ම මම මුලින් මේ තත්වය දැන සිටියානම් එක් විහාරයකුත් එක් රාජකීය
වාසස්ථානයකුත් බලන්නට යොදාගන්නට තිබිණ. විහාර දෙකක් බැලු නිසා කාස්ට්ල් එකක්
බලන්නට වුයේ උඩින් පල්ලෙන් පිටත සිටය. මෙම කාස්ට්ල් අලංකාර ගොඩනැගිලි, පොකුණු, උද්‍යාන,
යනාදියෙන් සමන්විත වන බව දුටිමි. එවැනි කාස්ට්ල් එකකට පමණක් දවසක් වත් ගතකල යුතුය.
අපි හවස ආපසු පිටත්වී
කියෝටෝ එද්දී සාකච්ඡා කල දඩ මස් ගැනීමට ප්‍රධාන මාර්ගයෙන් ඉවත්වී තරමක වනාන්තරයක්
ඇතුලට ගමන් කළෙමු. අඳුරු සහ වනගත ප්‍රදේශයක් තුල තේ වගාවක් අවසානයේ බලාපොරොත්තු
නොවන තැනක තිබෙන වාහන කැබලි ගලවන අංගනයක් වෙතට පැමිණියෙමු. ජපානය වැනි ආරක්‍ෂිත
රටක හැරෙන්නට මෙලෙස විදේශිකයන් කිහිපදෙනෙකු මෙවැනි නොදන්නා එමෙන්ම බොහෝ වනගත
නොදන්නා ප්‍රදේශයකට පැමිණෙන්නට සිතන්නටවත් නුපුළුවන් බව නොකිවමනාය.
එතන නිල්පාට කවර් ඕල්
එකක් ඇඳගත් ජපනෙකු සිටියේය. කොණ්ඩය කොටට කපා සිටි ඔහු බටහිර චිත්‍රපටයක; මට මතක
හැටියට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක, තොප්පියෙන් ගසා බෙල්ල ගලවා දමන නළුවාගේ පෙනුම තිබුණි.
අප වාහනය අංගනය ඇතුලේ නැවැත්වූ පසු බිමට බට තැනම කුඩුවක කබල්ලාවෙකු වැනි සතෙකු
හිරකර තිබුණි. උගේ මස් චීන ජාතිකයන්ගේ ප්‍රියතම ආහාරයක් බවත් චීනුන්ට විකුණන්නට පිළියෙළ
කර තිබෙන බවත් ඔහු අපට කීවේය. අපටද ඔහුගේ තොගයෙන් වල් ඌරු දඩ මස් ගාතයක් ගෙනවිත්
දුන් අතර අප එයත් රැගෙන නගෝයාහි නිවසට පැමිණියෙමු.
පසුදින උදැසන නිවසෙන්
අපේ මිතුරන් ලබාදුන් ඔවුන් පිළියෙළ කල ඔරිජිනල් නියම ජපන් උදය ආහාරයකින් සප්පායම් වූ අප නැවත
ආපසු බුලට් ට්‍රේන් එකෙන් චිබා වෙත පැමිණියෙමු.
මෙතැනදී ජපානයේ දඩයම්
කිරීම ගැන යම් පැහැදිලි කිරීමක් කළහොත් සුදුසු යැයි සිතුනි. ජපානයේ මුවන් ගොනුන්
යනාදී නිදැල්ලේ හැසිරෙන සතුන් ප්‍රමාණය එම පරිසරයට සහ මිනිසුන්ට දරාගැනීමට බැරිවන
තරමට වැඩිවන විට යම් සතුන් ප්‍රමාණයක් ඉවත් කිරීම සඳහා ප්‍රාදේශීය රජය විසින් එම
සතුන් ඉවත්කිරීම සඳහා බලපත්‍ර ලබාදෙනු ලැබේ. එම බලපත්‍ර ලබාගන්නා දඩයම් කරන්නට
උනන්දුවක් දක්වන්නන් ඔවුන් යම් කලක් ඇතුලත වෙඩිතබා මරාගත යුතු අතර එම මස් විකිනීමට
කිසිම තහනමක් නොමැත.
නමුත් වර්තමානයේ ගැමි
පවුල්වල දරුවන් සියලු දෙනාම පාහේ නගරවලට; විශේෂයෙන්ම ටෝකියෝ නගරයට සංක්‍රමණය වී
ඇති නිසා එම දඩයම් කිරීමටවත් තරුණයන් නොමැති බව කියනු ලැබේ. එක නගරයක දඩයම් බලපත්‍ර
ලබාගන්නා මිනිසුන්ගේ සාමාන්‍ය වයස අවුරුදු 75 ක් පමණ වන බව මම කියෙව්වෙමි. මෙම
සියලු නීති සහ රෙගුලාසි පනවන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ නොයෙකුත් ප්‍රදේශයන්හි ප්‍රාදේශීය
පාලනයන් විසිනි. ජපානයේ රාජ්‍ය නායකයා මෙවැනි දේවල් ගැන රැස්වීම් වල කතාකරමින්
ඉන්නේ නැත. සමහර ප්‍රදේශවල වල් සතුන් දඩයම් කල විට ප්‍රාදේශීය පාලනයෙන් යම් දීමනාවක්
ගෙවන බවද මට අසන්නට ලැබුණි.
මෙයට හොඳ උදාහරණයක් මේ
දිනවල නාරා නමැති නගරයක සිදුවෙයි. එම නගරයේ නිදැල්ලේ හැසිරෙන මුවන් ජපානය පුරා ප්‍රසිද්ධය.
ඔවුහු එම නගරයේ වීදි වල පවා නිදහසේ හැසිරෙති. නමුත් මෙලෙස නිදහසේ හැසිරීම නිසා අවට
ජීවත්වන ගොවියන්ට උන් මහත් හිසරදයකි. ගොවියන්ගේ පැමිණිලි නිසා එහි ප්‍රාන්ත රජය;
ජපානයේ මේවාට කියන්නේ ප්රිfaක්ටර් කියාය, එම නගරයේ වෙසෙන මුවන් 100 ක් දඩයම්
කිරීමට බලපත්‍ර දීමට තීරණය කළේය. ජපානයේ මුවන් දෙවියන්ගේ පණිවුඩ කරුවන් ලෙස සැලකෙන
අතර මුවන් ආරක්ෂා කිරීමට ඇති ස්වෙච්චා සංගමය මෙයට විරුද්ධ වී ගොවියනට තම ගොවිපල
වටා මුවන්ට ඇතුළුවීමට බැරිවන අන්දමේ වැටවල් හදාගන්නා ලෙසට යෝජනා කළේය.
ගොවියන්ගේ එයට පිළිතුර
වුයේ සමහර මුවන්ට අඩි 6 ක් පමණ උසට පැනිය හැකි නිසා තමන්ට එතරම් උස වැටවල්
සාදාගැනීම ආර්ථික වශයෙන් ප්‍රයෝගික නොවන බව පවසා සිටියහ. ප්‍රාන්ත රජයද මෙය
පිළිගෙන තම කලින් තීරණය වෙනස් කලේ නැත. නායක හිමිවරු හෝ බෞද්ධ සංගම් මේ පිලිබඳ
කිසි දෙයක් කතා කලෙත් නැත. ලෞකික රාජ්‍ය පාලනය ඔවුනට අයිති දෙයක් නොවේ.
මට මෙය කියවද්දී බොහෝ
කලකට පෙර නාවික හමුදාවේ සිදුවූ හාස්‍ය ජනක සිද්ධියක් මතයට පැමිණියේය.
+++++
ReplyDelete//මට මෙය කියවද්දී බොහෝ කලකට පෙර නාවික හමුදාවේ සිදුවූ හාස්‍ය ජනක සිද්ධියක් මතයට පැමිණියේය.// ??????
ReplyDelete