Sunday, October 7, 2018

ජපාන සංචාරය 8


හි සිට 



අකියබරා පිලිබඳව අසා ඇති විස්තර කල් ඉකුත් වී ඇති බව මට වැටහුනේ එහි ගියවිටය. එය දැන් පාවිච්චි කල දුරකථන විකුණන මල් වත්ත විදියක් වැන්නක් බවට පත්ව ඇත්තේය. ඉතාමත් කුඩා 5x 5 ප්‍රමාණයේ කුඩා කඩ කාමර බොහෝ ගණනක, පාවිච්චි කල, නමුත් ඉතාමත් හොඳ තත්වයේ අලුත්ම මොඩල් වල දුරකථන පහසු මිලට අලෙවි කරති. තවත් විදුලි උපකරණ විකුණන කඩ නැතුවාම නොවේ, එහෙත් අකියබරා හි ප්‍රසිද්ධියෙ තරමට නම් හොඳටම මදි යැයි කෙනෙකුට සිතීම නම් වලක්වා ගත නොහැකි බව කිවයුතුය.

අනික දවසක් ගතකර දුම්රියටත් 3000 ක් පමණ වියදම් කර යාමට නම් කිසිම හේතුවක් නොමැති තැනකි. මම ලඟදි චීනයට ගියවිට මෙවැනි විදී වලට යාමට අවස්ථාව ලදිමි. අකියබරා එවැනි වෙළඳපොල හා සසඳන විට බොහෝ වයස්ගතවූ ධනවත් එහෙත් ශක්තිමත් මහල්ලෙකු ලෙස පෙනේ. චීනයේ එවැනි ස්ථානයක් ඇති ජවය හෝ ජීවය මෙහි කෙසේවත් තිබුනේ නැත. සමහරවිට ජපානය එම අවධියෙන් ඔබ්බට මුහුකුරා ගොස් ඇතිවා වෙන්නට පුළුවන.

පැය දෙක තුනක් අකියබරා හි ගතකර එම දුම්රියේම ආපසු ගියෙමු. වැරදි දුම්රිය සමාගමක ටිකට් මිලදී ගෙන පොඩි පටලවිමක් වුවද එම කවුන්ටරයට ගොස් ආපසු මුදල් ඉල්ලා ගැනීමට හැකිවිය. ඔවුන්ගේ පාරිභෝගිකයනට ඇති කරුණාව නම් විස්තර කිරීමට වචන හොයාගැනිමටත් අපහසුය.

පසුදින අප වාහනයක නරිටා පර්වතයේ ‘නව ජයග්‍රහණයේ’ පන්සල වෙත ගියෙමු. මෙම විහාරය වසර 940 දී එකල රජු විසින් සමුරායි  කැරැල්ලක් මැඩපැවැත්වීම ස්මරණය කිරීමට සහ එම සටනේදී තමන්ට සහය දුන් දෙවියන් වෙනුවෙන් ඉදිකර තිබේ. මනරම් පරිසරයක; මෙය ඉහලට නගින විට මුල්කිරිගල වැනි විහාරයක් සිහියට එයි, ඉතාමත් පිළිවෙලට සෑම දෙයම සිදුවන විහාරය තිබෙන කන්ද අසලට ගියවිට වාහන නවතා තැබීමට මුදල් ගෙවන නැවතුම් පළවල් බොහෝ ඇත්තේය.

වාහනය නවතා ඒ විහාරය වෙතට යන අතරමග බොහෝ අලෙවි සල් පාර දෙපස ඇති අතර විහාර භුමිය පටන් ගන්නා විටම වාගේ වේලන  ලද  නොයෙකුත් රටට ආවේනික ගෙඩි සහ ඇට වර්ග විකුණන කඩයක් මගේ සිත්ගත්තේය. එහි  වසාබි රයිසෝම ද  තිබිණ.








ගල් පඩි වල ක්‍රමයෙන් ඉහලට නගින විට අතරමග ළිඳකින් ජලය ගෙන පානය කරන්නට තැනක් තිබුණු අතර ඒ අපගේ පිරිත් පැන් හා සමාන යමක් විය යුතුය.

 කන්ද මුදුනේ අලංකාර බුදු මැදුරක ඒ අවස්ථාවේ යම් ආකාරයක පුජාවක් පැවැත්වෙමින් තිබිණ. මමත් මගේ මිතුරාත් ශාලාවේ වාඩිවී එම පුජාවට එකතු වුනෙමු. ටික වෙලාවකින් එය අවසන් විය. ඉන්පසු අවට සිරි නැරඹු අප ආපසු පහල අප වාහනය වෙත පැමිණ ආපසු නිවාස බලා යාමට පටන්ගත්තෙමු.



ගමනේ හොඳම කෑල්ල පටන්ගත්තේ මින්පසුවය. කිලෝ මීටර 10 ක් පමණ ගියපසු යම් කටයුත්තකට මම මගේ දුරකථනය සෙව්වෙමි. එය නැත. ඉන් ඇලර්ට් වූ මම මගේ වොලට් එක සොයා බැලුවෙමි. එයද නැත. ටිකකින් මගේ මිතුරා මා බියකිරීමට ප්‍රෑන්ක් එකක් ලෙස මගේ දුරකථනය අසුන උඩ දැක එය සඟවා තබා තිබී එය මට ආපසු දුන්නේය. නමුත් වොලට් එක ඇත්තටම නැත. NIC ක්‍රෙඩිට් කාර්ඩ් ඇතුළු සියලු වැදගත් දෑ තිබුනේ එම වොලට්ටුව ඇතුලේය.

අපි කාර් එක නවතා; පාර අයිනේ නවතන්නට නොහැකි නිසා අප නවතන්නට තැනක් සොයගන්නටම කිලෝ මීටරයකට වඩා එලෙව්වෙමු, වාහනය සියුම් පනාවකින් පිරුවෙමු. වොලට් එක නැත. ආපසු හරවා ගෙන වාහන නැවතුමට ගොස් එහි පරික්ෂාකර බැලුවෙමු. එහිත් නැත. අපේ කරදරයට කන්දුන් එහි අටෙන්ඩන්ට් අපට විහාරයට ගොස් වොලට්ටුව සොයන තෙක් වාහනය එතන නොමිලේ නවතා තබන්නට ඉඩ දුන්නේය. අපි හති අරිමින් කන්ද මුදුනේ විහාරය අසල ඇති කාර්යාලයක් වැන්නට ගොස් එහි සිටි කාන්තාවකට අපේ නැතිවීම වාර්තා කළෙමු. මෙය පැහැදිලි කිරීම එතරම් පහසු නොවන නිසා නගෝයා නගරයේ සිටින අප මිතුරෙකුට විස්තරය කියා දුරකතනයෙන් ඇයට එය පැහැදිලි කර දුන්නෙමු.


ඇය අපත් එකතු කරගෙන තවත් කාර්යාලයකට ගොස් අප වැටි ඇති තත්වය එතන සිටි පුද්ගලයෙකුට පැහැදිලි කළේය. ඔහු එයට ඇහුම්කන්දී ලාච්චුවක් ඇර වොලට් එක අපට දී  ඔහු අප යාමට පෙර කරමින් සිටි වැඩෙහි යෙදුනේය. මෙම හමුවීම පිලිබඳ යම් ගෞරවයක් ලබාගන්නට වත් බැල්මකින් වත් උත්සාහ කලේ නැත.

හරියටම ජපනුන්ගේ අවංක බාවය පිළිබඳව මට බ්ලොග් එකේ ලියන්නට පොඩි උදාහරණයක් නිර්මාණය කර දුන්නා සේය.


1 comment:

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...