Saturday, November 19, 2016

ටැබ් දීමේ ආදීනව; God created man but Samuel colt made them equal.











ටැබ් දීමේ ආදීනව.

උසස් පෙළ ශිෂ්‍යයන්ට නොමිලේ ටැබ් ලබාදීම පිළිබඳව නොයෙකුත් කතාබහ තැන තැන මේ දිනවල දක්නට ලැබේ. කොටසක් එම ක්‍රියාව අගය කරන අතර, තවත් කොටසක් එය වැඩකට නැති දෙයක් යැයි පෙන්නන්නට නොයෙකුත් හේතු ඉදිරිපත් කරති. මේවා කැඩුනාම හදන්නේ කෙසේදැයි කෙනෙකු ප්‍රශ්න කර තිබෙනවා මැ දැක්කෙමි. එවැනි තුනී හේතු දක්වා මෙම බෙදා හැරීමට විරෝධය පල කිරීම ඇත්තෙන්ම පුදුම සහගතය.

මක්නිසාද එතරම් විශාල ටැබ් ප්‍රමාණයක් සමාජ ගත වූ විට ඒවා නඩත්තු කිරීමට සහායක සේවාවන් ඕනෑ තරම් ඇති වෙනවා පමණක් නොව ඇත්තෙන්ම එම සාධකය ටැබ් ලබා දීමෙන් ජාතියට වන එක් වාසියකි.

ගිය වර අ.පො.ස. උසස් පෙළ සිසුන් 250,000 පමණ පෙනී සිට ඇත. ඒ කියන්නේ දැන් ඒ පන්ති දෙකේ සිසුන් 500000 පමණ සිටින බවය. එලෙසම සෑම අවුරුද්දකම සිසුන් 250,000 මෙම ටැබ් ජනගහනයට එකතු වන බවය.

මෙලෙස ටැබ් ලබා දීමෙන් ලැබෙන වාසි මොනවාදැයි බලමු.

  • රටේ සෑම තැනම අ.පො.ස. උසස් පෙළ ඉගෙන ගන්නා ළමයින්ට පරිගණකයක් ලැබීම. 
  • තමන්ගේ දරුවන්ට ටැබ් මිලදී ගන්නට පුලුවන් දෙමව්පියන්ගේ දරුවන්ට පමණක් නොව සෑම උසස් පෙළ දරුවෙකුටම මෙය ලැබීමෙන් පන්ති පරතරය අඩු තරමින් මේ පැති තලයෙන් වත් ඉවත්වීම. (God created man but Samuel colt made them equal.) 
  • ඕනෑම උසස් පෙළ සිසුවෙකුට ගූගල් සර්ච් එකකට යෑමට පුලුවන් වීමෙන්ම ලෝකයේ තිබෙන විශාල දැනුම එකතුවට ප්‍රයෝජනය ගන්නට හැකියාව ලැබීම. 
  • ප්‍රශ්න අසමින් වැරදි උත්තර සාකච්ඡා කරමින් හෝ හරි උත්තරයක් සොයා ගැනීමට හෙට පාසැලට යනතුරු බලා සිටීමට අවශ්‍ය නොවීම. 
  • අතිරේක පොත්පත් මිළදී ගැනීමට ඇති අවශ්‍යතාවය අවම වීම. 
  • අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් වෙබ් සයිට් එකක් ආරම්භ කර එයින් සිසුවන්ට අවශ්‍ය සියලු දෑ බෙදා හැරීමෙන් සිසුන්ට, විශේෂයෙන්ම ගම්බද සිසුන්ට බොහෝ දුර හා මුදල් ගෙවා ටියුෂන් සදහා නගර වලට පැමිණීමට ඇති අවශ්‍යතාවය අවම කිරීම. 
  • අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය ප්‍රශ්න පත්‍ර සහ ඒවාට ආදර්ශ උත්තර මෙම වෙබ් සයිට් එකේ තැබීමෙන් සෑම සිසුවෙකුටම සමාන මට්ටමේ අවස්ථා ඇතිවීම. 
  • රජයට නොමිලේ දෙන පෙල පොත් E පොත් ආකාරයෙන් බෙදා දීමෙන් විශාල මුදලක් ඉතිරි කර ගන්නට හැකි වීම. 
  • පෙල පොත් ශ්‍රව්‍ය මාධ්‍යයෙන් ලබා දීමෙන් (audio books) දෘශ්‍ය ආබාධිත සිසුන්ට මහත් පහසුවක් වීම. 
  • සෑම අවුරුද්දකම පොත් ලබා නොදීමෙන් ගස් ලක්ෂ ගණනක් ඉතිරි කර ලෝක පරිසරය ආරක්ෂා කර ගැනීමට මහගු සේවයක් කල හැකිවීම. 
  • එලෙස මෙතෙක් කල් විනාශ වූ ගස් ඉතිරි කිරීමෙන් සිදු වන පරිසර සේවයට රජයට කාබන් ක්‍රෙඩිට් සදහා ඉල්ලුම් කරන්නට හැකිවීම. 
  • අ.පො.ස. සාමාන්‍ය පෙල පන්ති වලදී සිසුනට විභාගය හොඳින් සමත් කර උසස් පෙල අධ්‍යාපනයට යාමට ටැබ් එක කදිම උත්ප්‍රේරකයක් වීම. 
  • ටැබ් එකේ මූලික කැමරාවක්ද ඇති කිරීමෙන් රටේ සෑම උසස් පෙල සිසුවෙකුටම ඔවුන්ගේ විදුහල්වල ප්‍රශ්න යනාදිය අමාත්‍යාංශය වෙත කෙලින්ම ඉදිරිපත් කිරීමේ හැකියාවක් ලැබේ. 


මේ සම්බන්ධයෙන් අපට සිතිය හැකි අවාසි කිහිපය පහත පරිදිය. 

  • ඔවුන් අන්තර් ජාලය නරක දෑ සදහා පාවිච්චි කිරීම; මෙය හරියට සිසුන් පෙම් හසුන් ලියාවි යැයි සැකකර පෑනක් නොදීම වැනි අදහසකි. 
  • අති විශාල වියදම; මෙවැනි ටැබ් 500000 ක් පමණ ටෙන්ඩර් කර එකවර මිළදී ගන්නා විට මට හැඟෙන විදිහට රුපියල් 7500 කට පමණ එකක් මිළදී ගන්නට පුලුවන. මහපොල ශිෂ්‍යාධාර හා සසඳන විට මෙය එතරම් අධික වියදමක් නොවේ. හරියට පැහැදිලි කලහොත් ගේට් පදනම වැනි පදනමක් මෙවැනි දේකට උදව් කරන්නට ඉදිරිපත් වන්නට පුලුවන. 
  • ටියුෂන් විනාශ වීමේ ආරම්භය මෙය විය හැක; රැකියා විශාල ගණනකට බලපෑම් ඇතිකල හැකි වුවද ලැබෙන සාධනීය ප්‍රතිපල දෙස බලන විට මෙය ලොකු ප්‍රශ්නයක් නොවේ.        


මේ සියල්ල සලකා බලන විට ඇති නැති පරතරය අඩු කිරිමට මෙය හොඳ පියවරක් බව අපට පෙනේ. සමාජවාදී යැයි කියා ගන්නා පක්ෂවල අය ඇත්තෙන්ම මේ සදහා ඉතා උනන්දුවෙන් උදව්කල යුතු යැයි මට සිතේ.  

11 comments:

  1. තුට්ටු දෙකට ගන්ඩ ටැබ් ඕන තරං තියනවා , එව්වායෙන් අරගන හොද කෑමක් කයි ජරාව ,

    එකකිං දෙදහක් කොමිස් කෑවොත්

    500000 * 2000 = 1000000000

    ReplyDelete
    Replies
    1. potential for stealing is not a reason to not to do it , we must find a way to prevent stealing not percieved potential to become a stumbling block

      Delete
  2. Most of the students will misuse it as seen in our society that all dirty and unneccessary things from the world around quickly absorbed while the good things are not. School Text books up to grade 10 already in education publications website . I think we are yet not ready for it .

    ReplyDelete
    Replies
    1. this global village wouldn't reward waiting , see a good idea , seize it

      Delete
    2. Yes we are ready sir. My 07 year old son amazed and learned lot from my wife's tab and sometimes he may come across some unnecessary junk in the internet.But we too came across junk when we are small.I'm a vivid reader from grade 02 and I read first "Suwa yahane Naha Sahane" from SIRIKATHA. So parents have to manage our kids

      Delete
  3. මගේ පුත්තරයට ටැබ් එකක් අරන්දුන්නේ දෑවුරුද්දකට ඉස්සර උපන් දිනයට, පංතියට නියමිත පෙල පොත් බොහොමයක් ඒකට ඩවුන්ලෝඩ් කර තියනවා, විදුහල් පති දක්වා ගියත් ඒක ඉස්කොලේ ගෙනියන්න අවසර ගන්න බැරිවුනා, ඉතිං හැමදාම කොන්දකැඩෙන තරම් පොත් ගොඩක් බෑක් බැක් එකේ දාගෙන යනවා. ඒ ප්‍රසිද්ධ මැදි විදුහලේ විදුහල්පතියා දරුවාට ටැබ් එකක් දීම ගැන නොමනාපය පල කර දරුවන්ට ඉන්ටනෙට් යෑමට නොදෙන ලෙස ගුරු දෙගුරු රැස්වීමේදී නිවේදනයක්ද කලා, මට දැන් මනුස්සයාට ග්‍රීට් කරන්න ආසයි, ඒත් එයා දැන් පැන්ෂන් ගිහින්.

    ටැබ් ලබා දීම මතුපරපුරේ කොදු ඇටපෙල වත් වක් වීමෙන් වලක්වා ගන්න හේතු වෙයි.

    ReplyDelete
  4. විශය නිර්දේශ, පෙල පොත් ඉතා ඉක්මනින් සහ අවම වියදමකින් වෙනස් කිරීමට හැකිවීමත් ටැබ් වල වාසි.

    ReplyDelete
  5. ඔන් ලයින් ටියුෂන් කඩ අැරේවි, බෝර්ඩිං / ට්‍රාන්ස්ෆෝර්ට් වියදම අවම වේවි හැබැයි එකිනෙකා හමුවීමේ අවශ්තා ඇති කරන්නත් යමක් කරන්න වෙයි.

    ReplyDelete
  6. අවංකව, නිවරදිව කෙරුනොත් හොඳයි. බොහොමයක් ගුරුවරුන්ට ළමයි තරම් හොඳට පරිගණක හසුරවන්න බැහැ. ඒ තත්වයත් කළමනාකරණය කලයුතුයි.

    ReplyDelete
  7. දීර්ඝ කාලීනව බලන විට මෙය සමාජ ප්‍රගතියට හේතුවක්

    ReplyDelete
  8. අපේ කාලෙ අතේ තිබ්බ පොං එකත් ඉක්කොලෙන් ගන්නව අපේ හාංදුර්නෙ.

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...