ලංකාවේ නිවෙස් වලට බට වලින් ජලය බෙදා හැරීම සදහා බලය ලත් එකම ආයතනය ජාතික ජල ප්‍රවාහන මංඩලයයි. මේ නිසා ජල ප්‍රවාහන මංඩලය මොනෝපොලියක් එසේත් නැත්නම් වෙළෙඳ ඒකාධිකාරියක් බවට පත්වේ.
තරඟකාරී වෙළෙඳපොලක යමෙක මිල වැඩි කරන්නට පෙර සිතන්නට දෑ බොහෝ තිබේ. විශේෂයෙන්ම මිළ වැඩි කලහොත් තමන්ගේ තරඟ කරුවන්ගේ නිෂ්පාදන විසින් තමන්ට මෙතෙක් තිබූ වෙළෙඳපොල අල්ලා ගැනීමට ඉඩ තිබෙන බව ඔවුන් විසින් සිහියේ තබාගත යුතුය. අනෙක තමන් ඕනෑවට වඩා තමන්ගේ නිෂ්පාදනයේ මිළ වැඩිකල හොත් ආදේශකයන් වෙළෙඳපොලට පැමිණ තමන්ගේ නිෂ්පාදනයන්ට ඇති වෙළෙඳපොල සම්පූර්ණයෙන්ම විනාශ වීමට ඉඩ ඇති බවත් ඔවුන් මිළ ගණන් වැඩි කිරිමේදී සිහි තබාගත යුත්තේය.
එහෙත් වෙළෙද ඒකාධිකාරියක් රජයෙන්ම ලබා දී ඇති ජාතික ජල ප්‍රවාහන මංඩලය වැනි ආයතනයකට තමන්ගේ නිෂ්පාදනයේ මිළ වෙනස් කරන විට මෙවැනි කිසිම සාධකයක් සලකා බැලීමට අවශ්‍යතාවයක් නැත්තේය. මන්ද ඔවුන් සමග සිටින පාරිභෝගිකයාට මෙම ආයතනය කියන ගණනකට එම නිෂ්පාදන මිළදී ගන්නවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති හෙයිනි.
එහෙත් මෙවැනි වෙළෙඳපොල ඒකාධිකාරයක් යම් ආයතනයකට රජය විසින් ලබාදෙන විට එම ආයතන වලට විශේෂ වගකීමක් පැවරේ. ඒ පාරිභෝගිකයාට තත්වයෙන් හොඳම නිෂ්පාදනයක් ලබාදිය හැකි අඩුම මිළට ලබාදීමයි. ආයතනය රජයට අයිති නොවන ආයතනයක් නම්; බටහිර රටවල ඇති Utility ආයතන වැනි, ඔවුනට එම ඒකාධිකාරී තත්වය ලබාදීමට පෙර එලෙස පාරිභෝගිකයාට හොඳම සේවයක් ලබාදීමට හැකි වන පරිදි ගිවිසුමකට එලබේ. එවිට ඔවුන්ට ජලය, විදුලිය හෝ ගෑස් මිළ වෙනස් කල හැක්කේ මුල් ගිවිසුමෙහි ගිවිසුම් ගතව ඇති සමීකරණයකට අනුවය. බොහෝ විට මෙම මිල වැඩි කිරීම් කල හැකි වන්නේ රටෙහි වැටුප් වැඩිවීම්, වෙළෙඳපොලෙහි ඩීසල් මිළ වැඩිවීම වැනි ඔවුන්ගේ නිෂ්පාදන වියදම වැඩිවන සාධක යන්හි මිළ වැඩි වුවහොත් පමණි.
ඊයේ ලංකාවේ කරන ලද 30% ක ජල මිළ වැඩි කිරීම මෙවැනි ජාත්‍යන්තරව සිදු කරන ඒකාධිකාරයන්හි, විශේෂයෙන්ම උපයෝගීතාවයන්ගේ මිළ වැඩි කිරීමේ සාධාරන ක්‍රමයන්ට වඩා බොහෝ වෙනස්ය.
වතුර බිල 30% කින් වැඩි කල බව ප්‍රවෘත්ති නිවේදනයකින් ජනතාවට දන්වයි. ඉන්පසු හදිසියෙන්ම නින්දෙන් අවදි වූවාක් මෙන් සභාපතිවරයා රූපවාහිනියට පැමිණ ජල ඒකකයක් නිපදවීමට රුපියල් 46 ක් වියදම් වන බවත්, මේ මිළ වැඩි කරන්නේ අවුරුදු 3 කට පසුව බවත් බොහෝ ආපාතිකව අපට දන්වයි. දැන් අපි ඔහුගේ පැහැදිලි කිරීම පිළිගෙන එන මාසයේ සිට 30% ක් වැඩියෙන් ජල බිල්පත් ගෙවිය යුතුය.
නමුත් ඔහු මේ කියන අවුරුදු 3 නේ කතාව හෝ රුපියල් 46 කතාව ජලයේ මිල වැඩි කිරීමට කිසිම විදිහකින් හේතුවක් නොවේ.
ජලය නිපදවා බෙදා හැරීමට ගන්නා මූල ද්‍රවය හා සේවාවන්ගේ පිරිවැය වැඩි වී ඇත්තේ කෙසේදැයි ඔහු අපට පෙන්වා දිය යුතුය. පසුගිය අවුරුදු 3 න ඇතුලත එම සේවා සහ භාණ්ඩ මිළ වැඩි වූයේ කෙසේදැයි පැහැදිලි කල යුතුය. ජලය ඒකකයකට වැය වන එම රුපියල් 46 බෙදී යන ආකාරය අපට පෙන්වා දිය යුතුය.
මක්නිසාද ඔවුන් ජලය විකුනන්නේ හරකුන්ට නොවන බැවිනි.
ජනතා audit ඵකකට කාලය උච්ත බව පෙනේ
ඔය ආයතන ලාබ ලබන ආයතන නොවෙයි. මෝඩ දේෂපාලු පාලකයෝ තමන්ගේ ඡන්දෙට උදව් කරපු නුගත් හොරුන් ඒ ආයතන වල සභාපති කි‍්‍රයාකාරි අධ්‍යක්ෂක වැනි තනතුරු විතරක් නෙවෙයි අනෙක් රැකියාවල් වලටත් පුරවලා උන්ගේ ඔලමොට්ටලයන්ට මැනේජ්මන්ට් නොදැනිමයි හොරා කෑමයි හින්දා පාඩු ලබන එක. ඉතිං පාඩුව අල්ලගන්න තියෙන්නේ අර මොඩ දේශපාලුවාට ඡන්දෙ දුන්න මිහරක් මහජනයා ගෙන් තමයි. අමාරුවෙන් හරි ඔය වැඩි වෙච්චි ගාන ගෙවනවා මිසක් ඔවාට විරුද්ධව එක වචනයක් කියන්න මිනිස්සු එකතුවෙන්නේ නෑ.
ReplyDelete++++++++++
Delete\\ජනතා audit \\ 95% ක්ම ජනතාව කියල හදුන්වන්න පුලුවන්ද කියලත් සැකයි.
ReplyDelete