Thursday, February 18, 2021

Chinese new year

I wa fortunate enough to experience Chinese New Year in Singapore this year. Just like in Sri Lanka you get many holidays for Chinese New Year in Chinese Countries. Also they celebrate day prior to New Year just like Sri Lanka. They don't  observe auspicious times as we do  but they do have unique ways of celebrating it.

This is how I spent my Chinese New Year holiday. I visited one of my Chinese friends house as I was invited to do Lo Hei which was very interesting and it was my first time as well. 'Lo Hei' is tossing or mixing. This is commonly done in Singapore as its known for prosperity. You get a plate full of different kind of noodles, salmon or fish and mixed with shredded vegetables and a variety of sauces and condiments, among other ingredients. Every sauce and dish has its own meaning to it such as great prosperity, good fortune, good luck and the list goes on. I was told by the host that there is a vegetarian version as well. 


Most interesting part was there was this free Web-based app allows users to tap their smartphone screens to play recordings of traditional auspicious exclamations that accompany the tossing as shouting has been banned here due to the risk of spreading Covid-19. Maybe because lo hei is all about screaming and enjoying the moment.

SNI

Saturday, February 13, 2021

මීමුරේ අධ්‍යාපන ප්‍රශ්න විසඳීම

 


අද මීමුරේ රැස්වීමේදී ජනාධිපතිවරයා විසඳු ප්‍රශ්නයක් පහත  ආකාරයට විසඳුනා නම් හොඳ යයි මට සිතේ . එසේ නැත්නම්  මේ ප්‍රශ්නම අඩු තරම්න්  දහස්වාරයක් වත් විසඳන්නට සිදුවනු ඇත .
ප්‍රශ්නය වූයේ  ගමේ පාසලේ පන්තියේ එකොලහේ වසරෙන් අවසන් වීම ය . එතැන සිටි කෙනකුට අවශ්‍ය වූයේ අපොස උසස් උසස් පෙළ පන්ති ද එම පාසලේම  පැවැත්වීමට ය .

ජනාධිපතිවරයා එසේ පවත්වන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් අතර ඔහු ඒ සඳහා යම් ක්‍රමවේදයක් ඉදිරිපත් කළේය .  මෙම ගම්මානය කෘෂිකාර්මික සහ සංචාරක කර්මාන්තයට යොමු වී ඇති ගමක් නිසා ඒ හා සම්බන්ධ උසස්  පෙළ පන්ති එම පාසලේ පැවැත්වීමට යම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවට ඔහු ප්‍රකාශ කළේය. එලෙස නොයෙකුත් ගම්වල එම ගමේ ආර්ථික රටාවට අනුව උසස්පෙළ පන්ති ඇතිකිරීම අතීතයේ තිබු කුල ක්‍රමයට ආපසු යාමක් දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. අනෙක  ලංකාවේ මෙවැනි පාසල් දහස් ගණනක් තිබෙන්නට පුළුවන. එවිට මේ පාසලේ විතරක් මේ ප්‍රශ්නය විසඳුවිට රටේ එම ප්‍රශ්නය අවසන් වන්නේ නැත . ජනාධිපතිවරයා විසඳිය යුත්තේ ජාතික ප්‍රශ්න මිස ග්‍රාමීය ප්‍රශ්න නොවේ යයි මට සිතේ.

ඇත්තෙන්ම ප්‍රශ්නයට විසඳුම විය යුත්තේ රටේ මෙවැනි පාසල් කොපමණ ප්‍රමාණයක් තිබෙනවා දැයි පරික්ශා පරික්ෂා කර බැලීම ය . ඉන්පසු එම පාසැල් වලින් කොපමණ පාසල් ගණනකට අපොස උසස් පෙළ පන්ති  පවත්වාගැනීමට  අවශ්‍ය තරම් සිසුන් සිටිනවා දැයි සොයා බැලීම ය . එසේ සොයා බලා අඩු තරමින් සිසුන් විස්සක්වත් සිටිනවා නම් පමණක් ඒ සඳහා පන්ති ඇති කිරීමය .
එසේ නොමැතිව සිසුන් දෙදෙනා තුන්දෙනාට අපොස උසස් උසස් පෙළ පන්ති ඇතිකල විට ඒ සඳහා උපාධිධාරී ගුරුවරු හතර පස් දෙනෙක් වත් යෙදවිය යුතුය . ඒ වියදම බලනවිට සමහරවිට එම සිසුන් කිහිප දෙනා නගරයේ අන්තර්ජාතික පාසලකට ඇතුළු කර ඔවුනට අධ්‍යාපනයක් ලබාදීම රජයට ගමේ සෑම පාසලකම උසස්පෙළ පන්ති ඇති කරනවාට වඩා ලාබදායක විය හැක . සිසුන්ටද බලවත් යහපතක් සිදුවේ. එසේ නැත්නම් එම සිසුන්ට නොමිලේ බස් සීසන් පත්‍රයක් ලබාදීම විසඳුම විය හැක.


අනෙක අධ්‍යාපන ලේකම්වරයා කිව් ආකාරයෙන් එය ගම්වල මිනිසුන් ජීවත් වන ආකාරය සහ ආර්ථිකය පරීක්ෂාකර බලා එයට ගැලපෙන උසස් පෙළ පන්තිය ඇති කළ විට ඒ සිසුනට බලවත් අසාධාරණයක් වන්නටත් පුළුවන.
ඒ ගමේ යම්  රොකට් ඉන්ජිනේරුවකු වන්නට අනාගතයේ ඉඩක් තිබෙන සිසුවෙකු ඉන්නට පුලුවන . එසේ නොමැත්තේ නම්  දක්ෂ ඉංජිනේරුවකු වන්නට හැකියාවන් ඇති සිසුවකු ඉන්නට පුලුවන . නමුත් ඔවුනට ගැලපෙන පාඨමාලා  ඒ ගමේ පාසලේ අපොස උසස් පෙල සදහා නොමැති නිසා ඔවුනට  ඔවුන්ගේ විභවයන් සොයාගෙන යන්නට නොහැකි ය .
මේ ප්‍රශ්න විසඳන්නේ කෙසේද ?  මේ ආකාරයට ගමේ ප්‍රශ්න ගැන කතා කළද ප්‍රශ්න සඳහා ජාතික වශයෙන් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම ක්‍රියාත්මක විය යුතු නොවේද .


Thursday, February 11, 2021

Arab Street

Ara
Published from Blogger Prime Android App
Arab Street
I love to watch documentary and vlogs in YouTube during my spare time. Once  I watched one vlog about must visit places  while you are in Singapore. I watched this to see where I have missed visiting. Then I came across one place, which is Arab Street inspired by Arab culture. After watching the video I checked the map to see how far is it and how to get there.

Next day morning I got ready and headed to Arab Street. Minute I got there I felt like I'm in an Arabic Country. There were many restaurants which serve Arabic food, I can remember many were wearing turkey inspired costumes. Special lamps and lights which you find in Arabic countries and plenty of carpet stalls. While I was working I found many foreigners or "Ang mo" as Singaporean used to refer white people. I assume Arab Street is one of the famous must visit places  for them.

I walked for hours and from far I saw a huge mosque. It was like at the end of the street. There were many people waiting to enter to the mosque. Later on I came to know non Muslim also can visit this mosque. I still regret for not going to the mosque as I never been to a mosque in my entire life.

When I was heading back to MRT I had to pass all the lamps and carpet stalls. For a minute it felt like I'm in Aladin movie
SNI

Wednesday, February 10, 2021

මහා සාගරයේ ඇවන්ගාර්ඩ් එකේ අමුතු වැඩ

 


ලොව නොයෙකුත් වර්ගයේ ව්‍යාපාරයන් වෙති. එයින් බොහෝ ව්‍යාපාරයන් පටන්ගන්නේ පවතින ව්‍යාපාරයන් අනුගමනය කරමිනි. රදාවඩුන්නේ වේවැල් කර්මාන්තය, ඒ සමගම ඇතිවුනු වේවැල් නිෂ්පාදන වෙළෙඳ සැල් පටන් ගන්නට ඇත්තේද එක් පුරෝගාමී ව්‍යාපාරිකයෙකු පටන්ගත්තායින් පසුව විය යුතුය. එලෙසම අපේ ඇස් පනාපිටම සිදුවූ රදාවඩුන්නේ සංගීත භාණ්ඩ වෙළෙඳ සැල් රැල්ල, අනුගාමික වෙළඳාම සඳහා තවත් හොඳ උදාහරණයකි.

මේ සඳහා බොහෝ තවත් උදාහරණ ලංකාව පුරා තිබේ. මාතලේ සිට දඹුල්ලට යන විට දඹුල්ල කිට්ටුව හමුවන ,වාහන කවර වෙළඳාමද, මෙලෙස බලා ඉදිද්දී වෙළෙන්දන් එකතු වුනු තවත් වෙළඳපොල ස්ථානයකි.  

එහෙත් මෙම ප්‍රවාහයට තනිකරම වෙනස්, ලෝකයේ ඇතිවන යම් ගැටලුවකට විසදුමක් ඉදිරිපත් කර, එම විසදුම ව්‍යාපාරයක් ලෙස ගොඩනංවා බොහෝ රැකියා අවස්ථා ඇති කර, තමන් වාසය කරන දේශයටත් යම් ධනයක් උපයා දෙනවා පමණක් නොව, එයින් තම දැයට ඉමහත් කීර්තියක් ලබාදෙන ව්‍යාපාරයද නැතිවාම නොවේ. එවැන්නක්  දැන් ලංකාවේ ගොඩනැංවෙමින් පවතියි.

දැන් අපි මොහොතකට මේ ගැටලුව කුමක්දැයි විමසා බලමු.

ලෝකයේ භාණ්ඩ වෙළඳාමෙන් 80% සිදුවන්නේ සාගර මාර්ගයෙනි. ඉතිරිය ගොඩබිමෙන් හා ගුවනින් ප්‍රවාහනය කෙරෙයි. දැනට වසරකට පෙර කොවිඩ් වසංගතය ලොව වෙලාගත් පසු මෙම මුහුදු ගමනාගමනයට නොයෙකුත් ප්‍රශ්න ඇතිවිය.

මෙයින් පලවෙනි ප්‍රශ්නය වූයේ  වාණිජ නෞකාවල සේවය කරන නාවිකයන් හට  නෞකාවලට එකතුවීම සහ නිවාඩු යෑම කරගන්නට නොහැකි වීමය. බොහෝ ගුවන් තොටුපල වසා දැමීමෙන් සහ නොයෙකුත් රටවල පනවන ලද දීර්ඝ කාලීන නිරෝධායන අවශ්‍යතාවය නිසා මෙම ගැටලුව තවත් තීව්ර විය. මෙම ගැටලුවට සාර්ථක විසදුමක් ශ්‍රී ලංකාවේ ඇවන්ගාර්ඩ් මැරිටයිම් සේවා සමාගම ඉදිරිපත් කළේය.

බොහෝ ගැඹුරින්  එහෙත් ඉක්මන් අධ්‍යයනයකින් පසුව අන්තර් ජාතිකයට ඉදිරිපත් කරන ලද මෙම විසදුම සඳහා යොදා ගැනුනේ මාලදිවයිනේ ගුවන්තොටුපල විවෘත කර තිබීම, එහි සිට මත්තල ගුවන් තොටුපලට සැහැල්ලු ගුවන් යානා ගොඩබෑමේ හැකියාව, මත්තල ගුවන් තොටුපලේ සිට සම්පුර්ණයෙන් හුදකලා කර සීඝ්‍රගාමී මාර්ගයේ ගාලු වරායට ප්‍රවාහනය කිරීමේ හැකියාව සහ එතැන් සිට ඒ ආකාරයෙන්ම ගාලු වරායට එපිටෙන් නැංගුරම්ලා තිබෙන සුඛෝපභෝගී මගී නෞකාවට ගෙනයාමේ ඇති හැකියාව එකට ලඝු කිරීමෙනි. මෙම ක්‍රියාදාමය ගාලු වරාය අසල කිරීමට හැකියාව ලැබෙන්නේ, එම වරාය අසලින් වැටී ඇති යුරෝපය සහ ආසියාව යා කරන මුහුදු මාර්ගය නිසාය.

   මෙම මුහුදු මාර්ගය ඉතා ඈත අතීතයේ සිටම ලෝකයේ ප්‍රධානතම භාණ්ඩ ප්‍රවාහන මාර්ගයක් වූ අතර, සේද මාවත යනුවෙන් එකල හැදින්වුණු වෙළෙඳ මාර්ගයේද ප්‍රධාන පුරුකක් වූ බව මෙතැනදී කිව යුතුය.

 පසුගිය මස පමණක් මෙම ඇවන්ගාර්ඩ් සමාගමෙන් ස්ථාපිත කරන ලද වෙළෙඳ නෞකා නාවිකයන්ගේ නෞකාවලට එකතුවීමේ සහ බැහැරවීමේ මෙතෙක් ලොව නොවූ විරූ ක්‍රමවේදය හොඳින් සිදුවන අතර, පසුගිය මාසයේ පමණක් 1000 ක පමණ නාවිකයන් මෙම පහසුකම් පාවිච්චි කර තමන්ගේ රාජකාරියට වාර්තා කිරීම් සහ නෞකාවලින් ඉවත්වීමේ කටයුතු කරගෙන ඇත.

මෙම පහසුකම් ඇති කිරීමට ශ්‍රීලංකා රජයෙන් අනුමැතිය ගනිද්දී, සමාගමේ සභාපතිවර මේජර් නිශ්ශංක සේනාධිපතිට සහ ඔහුත් සමඟ සේවය කරන අද්මිරල් සහ ජෙනරල්වරුන්ට   රජයේ බොහෝ  ආයතන වලින් අවසර ගැනීමට සිදු විය. ඒ අතර ආරක්ෂක අමාත්‍යංශය, විදේශ අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව මුලික  විය. එසේ කරන්නට සිදු වූයේ මේ ක්‍රියාදාමයේ තැනින් තැන, නොයෙකුත් පුරුක්වල  මෙම ආයතනවල යම් පාලනයක් හෝ සම්බන්ධතාවයක් තිබෙන  නිසාය.

මෙලෙස හුවමාරුවන අන්තර්ජාතික නැවියන් රටට ප්‍රවිෂ්ඨ වීමට පෙරත්, නැවට ගොඩවීමට පෙරත්, තම නැවෙන් බැස ඇවන්ගාර්ඩ් මගින් ස්ථාපිත කර ඇති ගාල්ල අසල සුඛෝපභෝගී නෞකාවට එකතු වෙද්දීත්, PCR පරීක්ෂණ සිදුකල යුතුය. මෙම පරීක්ෂණයකදී යම් නාවිකයෙකු පරීක්ෂණයේ පොසිටිව් වුවහොත් කුමක් සිදුකල යුතුද? මෙය දුෂ්කර ප්‍රශ්නයක් වූයේ එලෙස කොවිඩ් පොසිටිව් වන නාවිකයෙකු ලංකාව තුලට ගෙන ඒමට ඉඩ දීමට නියමිත රාජ්‍ය ආයතන අකමැති වීම නිසාය. මෙම ප්‍රශ්නයට විසදුමක් ලෙස ඇවන්ගාර්ඩ් සමාගම පාවෙන ආරෝග්‍ය ශාලාවක් නිර්මාණය කළේය. වෛද්‍ය කාර්ය මණ්ඩලයක්, ICU ඇඳවල් දෙකක් සහිතව රෝගී ඇඳවල් අටක්, යනාදී සියලු උපාංග වලින් සමන්විත මෙම නෞකාව සති දෙකකින් ක්‍රියාන්විත තත්වයට පත්විය. සමහර විට යුධ කාලයෙන් පසුව මෙලෙස අංග සම්පුර්ණ පාවෙන ආරෝග්‍යශාලාවක් සෑදෙන්නට ඇත්තේ, ප්‍රථම වතාවට වන්නට පුළුවන. ඒ හැට ගණන්වල ඇමෙරිකාව හෝප් නෞකාව මුහුදට දැම්මායින් පසුව විය යුතුය.

සියලු දෙයින් සර්ව සම්පුර්ණව දැන් මෙම ව්‍යාපාරික ක්‍රියාදාමය මනාලෙස සිදුවෙයි. කිසිම ආකාරයකින් මෙම ක්‍රියාදාමය අතරතුර රට තුලට කොවිඩ් වසංගතය පැතිරීමට ඉඩක් නැත. සියල්ල සිදුවන්නේ අන්තර්ජාතික කොවිඩ් වසංගත වැළක්වීමේ ක්‍රියා පිළිවෙතට අනුවය. ඇත්තෙන්ම ඊටත් එහාගිය, කොවිඩ් වැලැක්වීමේ ජාතික වැඩ පිළිවෙලේ සීමාවන් අන්තර්ජාතික සිමාවන්ටත් වඩා දරදඬු ඒවාය. ඇවර්නගාර්ඩ් සමාගමේ මෙම ව්‍යාපෘතිය අතිශයින්ම fool – proof ආකාරයට සිදුවෙමින් පවතින බව  කියන්නටත් තරම් නොවේ.

මෙම ව්‍යාපාරය සිදුවෙමින් පවතිද්දී, කොවිඩ් වසංගතය නිසා නාවික අන්තර්ජාතික වෙළෙඳ නාවික ප්‍රවාහනයට අතිශය බලවත් දුෂ්කරතාවයක් ඇතිවිය.

ඒ, මුහුදේ තිබෙන වෙළෙඳ නෞකාවල කාර්යමණ්ඩලයේ කෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ ඇතිවීමයි. එසේත් නැත්නම් වරායකින් පිටවීමට පෙර PCR පරීක්ෂණ කරන ලද කාර්යමණ්ඩල සාමාජිකයෙකුට පොසිටිව් වී ඇති බව මුහුදේදී දැනගැන්මට ලැබීමයි. බොහෝ රටවල වරාය වලට මෙවැනි නෞකාවන් ඇතුලත්කර ගන්නේ නැත. මෙවැනි අවස්ථාවකදී නෞකාවට කරන්නට කිසිම දෙයක් කරන්නට නොමැති වන අතර, බොහෝ දින ගණනක් මහ මුහුදේ රස්තියාදු වෙන්නට සිදුවෙයි.

නූතන ලෝකයේ භාවිත වන වෙළෙඳ නෞකාවන් මෑත ඉතිහාසයේ  විශාල පරිවර්තනයකට ලක් වී ඇත. භාණ්ඩ ටොන් 5000 ක් 10000 ක් ප්‍රවාහනය කල නෞකාවන්, දැන් බොහෝ ඈත ප්‍රදේශවල කුඩා වරායන්වලට සිමා වී ඇත්තේය. වසරින් වසර විශාල වූ වෙළෙඳ නැව් දැන් නැව් යෝධයන් බවට පත්ව තිබේ. ලෝකයේ ලොකුම බහලුම් නෞකාවට කන්ටේනර් 24000 ක් පැටවිය හැක. මෙම නෞකාව අයිති සමාගම පසුගිය වසරේ මෙවැනි නෞකාවන් 12 ක් ලෝක වෙළෙඳ නෞකා ප්‍රජාවට එකතු කළේය. මේ තරම් විශාල නෞකාවක ගමන විනාඩි 5 කින් පරක්කු වුවහොත් කොතරම් පාඩුවක් සිදුවන්නේ දැයි අපට සිතාගත හැකිය. එම පරක්කුව දවස් ගණනක් වුවහොත් පාඩුව ඩොලර් මිලියන ගණනක් වන බව නොවනුමානය.

මෙම උභතෝකෝටික ප්‍රශ්නය සහ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය පසුගිය දෙසැම්බරයේ සම්මත කර ගන්නා ලද වෙළෙඳ නෞකාවල නාවිකයන් ‘key workers’ ලෙස පිළිගැනීම යන කාරනා දෙක පිළිබඳව අධ්‍යයනයක් කර, ඇවන්ගාර්ඩ් සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ රණවිරුවන්මේ  සඳහා නිර්මානාත්මක විසදුමක් ඉදිරිපත් කළහ. ඒ එලෙස වෙළෙඳ නෞකාවක කොවිඩ් රෝගියෙකු වාර්තා වූ විට ඔහු එම නෞකාවෙන් ඉවත්කර, ඉතිරි කාර්යමණ්ඩලයේ PCR පරීක්ෂණ කර, නෞකාව විෂබීජහරණය කර අඩු වූ කාර්යමණ්ඩල සාමාජිකයා/සාමාජිකයන් වෙනුවට සුදුසුකම් ඇති නාවිකයන් ලංකාවෙන් යොදවා, වෙළෙඳ නෞකාවට ඇයගේ ගමන සම්පුර්ණ කර ගැනීමට පහසුකම් සලසා දීමයි.

මේ සඳහාද පාවෙන රෝහලක්, පෙර ව්‍යාපෘතියට නිර්මාණය කරන ලද රෝහලට වඩා විශාලත්වයෙන් සහ පහසුකම් වලින් වැඩි, නිර්මාණය කර මුහුදේ පවත්වාගෙන යායුතුය. මෙම පාවෙන රෝහල දැන් සකස්වෙමින් පවතී.

මේ අදහස බොහෝ වාද විවාද වලින් පසුව, අන්තර්ජාතික සාගරික සංවිධානය (IMO) වෙත ලියා යැවිණ. මෙම අදහස පැහැදිලි කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආකාරය එම ලිපියෙන් දන්වන ලදී.

එම යෝජනාවේ තවත් විශේෂ සිත්ගන්නා සුළු කාරණයක් අඩංගු විය. ඒ මෙම ව්‍යාපෘතියේ ආරක්ෂාව ලබා ගන්නට කැමති වාණිජ නෞකාවන්ට රක්ෂණ ක්‍රමවේදයක් වැනි ආවරණයක් ලබා ගැනීමට ඇති හැකියාවයි. වාණිජ නෞකාවකට ඩොලර් 500 ක් පමණ වන ත්‍රයි මාසික වාරිකයකින් මෙම ව්‍යාපෘතියේ ආරක්ෂාව ලබාගත හැකිය. මෙලෙස නාවික කර්මාන්තයේ සුළු මුදල් ප්‍රමාණයක් සේ පෙනෙන මුදල් ප්‍රමාණයකට මේ සා දුෂ්කර අවස්තාවක් සඳහා ආවරණයක් ලබා ගැනීම, ඉන්දියන් සාගරයේ උතුරු දකුණු සාගර මාධ්‍යයේ ගමන් කරන නෞකා වලට ඉමහත් පහසුවක් බව නොකිවමනාය.

මෙම දුෂ්කර අවස්ථාවේ මේ ප්‍රශ්නයට හරි විසදුමක් සොයා ගැනීමට නොහැකිව සිටි අන්තර්ජාතික සාගරික සංවිධානයට මෙම ඉදිරිපත්වීම  බලවත් අස්වැසිල්ලක් විය.

ඔවුහු වහාම මෙම ව්‍යාපෘතිය පිළබඳව සතුට පලකර නිශ්ශංක සේනාධිපතිට ලිපියක් එවූහ. එයින් වැඩි දුරටත් කියවුනේ මෙම යෝජනාව ඔවුන් ඉතාමත් අගය කරන බවත්, ව්‍යාපෘතිය පවත්වාගෙන යන අතර තුර ඇවන්ගාර්ඩ් මැරිටයිම් සමාගමට ලැබෙන අත්දැකීම් සම්භාරය ඔවුන්ටත් දන්වන්නේ නම් ඔවුන් ඉතාමත් ස්තුතිවන්ත වන බවය. ඇත්තෙන්ම එම අත්දැකීම් අන්තර්ජාතික නාවික ක්ෂේත්‍රයටම ඉතාමත් වටිනා එමෙන්ම ප්‍රයෝජනවත් අත්දැකීම් සම්බාරයක් වනු ඇත. ඒ මෙම ව්‍යාපෘතියට පූර්වාදර්ශයක් නොමැති නිසාය. මෙවැනි පුරෝගාමී ව්‍යාපෘති ඉදිරියේදී මෙලෙස ඇතිවන දුෂ්කර ප්‍රශ්නයන්ට විසඳුම් සෙවීමේදී පිටුවහලක් වනු ඇත.            

Sunday, February 7, 2021

අප රඟපානවා වත්ද ?


 


මම ළඟකදි බැලූ චිත්‍රපට දෙකක් පිළිබඳව මට බ්ලොග් එකක් ලියන්නට සිතුනි. මම මීට පෙරත් චිත්‍රපට කිහිපයක් පිළිබඳව බ්ලොග් ලියා ඇති නමුත් චිත්‍රපට දෙකක් පිළිබඳව එකවර බ්ලොග් එකක් ලියා නොමැත්තේය. ඇත්තෙන්ම මේ චිත්‍රපට දෙක එකවර මට බලන්නට ලැබුනේ, ඒ කියන්නේ පිටපිටම බලන්නට සිදුවුණේ අහම්බෙනි. 

මම සාමාන්‍යයෙන් බලන්නට හොඳ චිත්‍රපටයක් සොයාගන්නේ අන්තර්ජාලයෙ චිත්‍රපට පිළිබඳ පරීක්ෂා කිරීමෙනි. එහෙත් මෙවර එසේ සොයාගත් චිත්‍රපටය netflix එකේ නොතිබුණු නිසා චිත්‍රපටයක් බලන්නට ඕනෑකම තිබුණු නිසාත්, netflix එකේ චිත්‍රපටයක් සොයන විට චිත්‍රපටයේ නම අමුතු නිසා තරමක් පරීක්ෂාකර බලන විට එහි ප්‍රධාන නළුවා වශයෙන් රඟපාන්නේ ටොම් හෑන්ක්ස් බව දුටිමි. tom hanks මගේ ප්‍රියතම නළුවෙකි. මේ නිසා මම මේ චිත්‍රපටය ටික වේලාවක් බැලුවද ඒ තරම් ගතියක් නොතිබුණු නිසා එය ඉවත් කරන්නට කල්පනා කරමින් සිටින විට මේ චිත්‍රපටය තරමක් අමුතු බව පෙනෙන්නට තිබුණු නිසා තව ටිකක් දුරට බැලුවෙමි.
අප කුඩා කාලයේ බොහෝ චිත්‍රපට බැලුවෙමු. ඒ පාසල් කාලයේ මහනුවර odeon  සහ රීගල් සිනමා හල්වල දීය. මෙම චිත්‍රපට ශාලාවල එකල බොහෝ දුරට ප්‍රදර්ශනය කළේ ඉංග්‍රීසි  චිත්‍රපට වන අතර එයිනුත් බටහිර ගොපළු කොළුවන්ගෙ චිත්‍රපට ප්‍රධාන තැනක් ගත්තේය. මට මේ චිත්‍රපට බැලීම ගැන මතක් උනේ නරඹන්නට චිත්‍රපටයක් සොයා ගන්නට දැන් අප වන වෙහෙස කල්පනා කර බලන විට ය. එකල ලැබෙන ඕනෑම චිත්‍රපටයක් අපි බලන්නට පුරුදුව සිටියෙමු. ඉහත සිනමා ශාලා දෙකේ කුමන චිත්‍රපට තිබෙන්නේ දැයි අපි බලාගත්තේ දැන් මහනුවර ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලය තිබෙන තැන වලේ තිබුණු billboard පේළියෙනි. සමහර චිත්‍රපට ශාලාවල billboard වල ඒ බෝඩ් එකේ තරමටම ලොකු පෝස්ටර් තිබුණු අතර සමහර විට ලොකු බෝඩ් එකේ අතින් ලියූ කුඩා පෝස්ටරයක් අලවා තිබුණි.

අප පාසල ඇරී එනවිට සමහරවිට මහනුවර දුම්රිය ස්ථානය අසල odeon සිනමාහලට චිත්‍රපට . රීල් ගෙනියන කරත්තය නවතා තිබුණු දුටුවහොත් අප එතනට ගොස් කරත්තකාරයා ගෙන් මෙවර පැමිණෙන්නේ කුමන චිත්‍රපටයක්ද යන්න දැන ගැනීමට ද උත්සාහ කළ අවස්ථා නැතුවා නොමැති බව අද සිහියට නැගෙන්නේ හාස්‍ය කුත් සමගය.

නැවත ටොම් හෑන්ක්ස් ගේ චිත්‍රපටිය වෙතට යමු. ඒ චිත්‍රපටයේ නම it is a beautiful day in the neighborhood යන්නයි. තමන්ගේ සහෝදරියගේ විවාහ මංගල්‍ය උත්සවය දවසේ බීමත්ව සිටින තම පියා හා රණ්ඩුවක පැටලෙන පුතෙකු ගේ කතාවකින් චිත්‍රපටය පටන් ගැනෙයි. තම මව තමා කුඩා කාලයෙ මිය යන විට ඇය තම පියා විසින් නොසලකා හැරිය බව සිතන පුතා ඒ පිළිබඳව පියා සමඟ තරහින් සිටින අතර, මුළු සමාජය සමඟ ම පාහේ යම් තරහකින් සිටිනු අපිට දකින්නට පුළුවන.
මේ අතරතුර ඔහු වැඩ කරන මාසික සඟරාව විසින් ළමා රූපවාහිනි නිෂ්පාදකවරයෙකු හා සම්මුඛ සාකච්ඡාවක් කිරීමට ඔහු යවනු ලැබෙයි. සම්මුඛ සාකච්ඡාව වචන හාරසීයකට නොවැඩි විය යුතු බවට කතුවරිය ඔහුට කියයි. මෙම රූපවාහිනී කලාකරුවා ඉතාමත් හොඳ එමෙන්ම බොහෝ සතුටින් ජීවත් වන පුද්ගලයෙකි. ඔහු මෙම තරුණයාගේ ප්‍රශ්නය දැක එයින් ගැලවීමට ඔහුට  උදව් කරන ආකාරය මෙම චිත්‍රපටයෙන් කියවේ. සම්මුඛ පරීක්ෂණය අතරතුරම තරුණයාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන ආකාරයෙන්ම ඔහුගේ පවුලේ ප්‍රශ්නය කතා කර ඔහු හා පියා අතර ඇති ගැටලුවද විසඳා දී අවසානයේ මුළු පවුලම සතුටින් ජීවත් වන්නට සලස් වීම මෙම චිත්‍රපටයේ ඉතාමත් අලංකාර ලෙස පෙන්වා දෙයි. 

හොඳ කොතරම් පහසුවෙන් තවත් පුද්ගලයන්ට බෙදා දීමට හැකිදැයි මේ චිත්‍රපටයෙන් අලංකාර ලෙස පෙන්වයි. tom hanks ගේ රඟපෑම හැමදාම ඔහුගේ චිත්‍රපට ජීවිතයේ ම දක්නට ලැබුණු ආකාරයෙන්ම ඉතාමත් අනගි එලෙස කරනා අතර ඔහුගේ ළමා රූපවාහිනී දර්ශන ගන්නා අතරම ඒ තුලින්ම මෙම කතාව ගලාගෙන යාම මෙම චිත්‍රපටයේ තවත් විශේෂ ලක්ෂණයකි. සමහරවිට නරඹන්නන් ට චිත්‍රපටය කුමක්දැයි චිත්‍රපටය තුළ තිබෙන ළමා රූපවාහිනී දර්ශන මොනවාදැයි වෙන් ව තෝරා ගැනීමටත් අපහසු තරම්ය..

ටොම් හෑන්ස්ගෙ මේ චිත්‍රපටය නැරඹීමෙන් පසු හුගේ ම තවත් චිත්‍රපටයක් බලන්නට සිතුණු නිසා  මෙතෙක් මා නරඹා නොමැති එවැන්නක් සොයාගෙන නරඹන්නට ගත්තෙමි. ඒත් circle නැමැති චිත්‍රපටයයි. මේ චිත්‍රපටය තරමක් ගූගල් ආයතනයට පහරදීමට සෑදූ චිත්‍රපටයක් දැයි සිතන තරමට මට මුල් කොටස බලද්දී ගූගල් ආයතනය මතක් විය.
 ඔහුගේ මනරම්  ලෙස මෙම රඟපාන දර්ශනයකින් පටන් ගත්තේ වුවද, චිත්‍රපටය ටිකක් දුරට යන විට එහි බොරු සෝබන ඇති බවට මට සිතුනි. ඉන්පසු මම එම චිත්‍රපටයේ බැලීම නවතා දමා පසුදින වෙනත් චිත්‍රපටයක් සෙව්වෙමි.
පසුදින මට හමුවූයේ Jim Carrey ගේ the Truman show නැමැති චිත්‍රපටය යි. මේ චිත්‍රපටය බැලීමටද මා යොමු වූයේ එහි Jim Carrey, මා ඉතාමත් කැමති හාස්‍ය නළුවකු, රඟපාන හෙයිනි. මෙම චිත්‍රපටයද මා සිතුවාට වඩා බොහෝ ඉහළ තත්වයේ චිත්‍රපටයක් බවට පත්වුණි. එහි කතාව විශේෂයෙන්ම චිත්‍රපටයක කවදාවත් වගේ මට දක්නට ලැබුණු පන්නයෙ එකක් නොවේ. 

කුඩා ළමයෙකු ඉපදුන දවසේ සිට ඔවුහු නගරයක් වැනි කුඩා දූපතක සිරකර, ඔහුත් සමග ඔහුගේ ජීවිතයට සම්බන්ධ වන සියලු දෙනාම නළුවන් වන මෙම චිත්‍රපටයේ ඔහු හිතාගෙන ඉන්නේ තමන් මේ ගත කරන්නේ ඇත්තම ජීවිතයක් බවයි. එහෙත් ඔහු සමග ජීවත්වෙන සියලු දෙනාම නළුවන් වෙති. ඔහු ජීවත් වන මුළු කාලයම 24 *7 කැමරා දහස් ගණනකින් වීඩියෝවට වීඩියෝවට නැගෙන අතර, මුළු ලෝකය ම එය නරඹති. නරඹන්නන් මේ පිළිබඳව මුසපත්ව සිටිති. වයස තිස් ගණනක් වන Truman අවසානයේ මෙම ඔහු සිර කර ඇති ලෝකෙන් පැන යන අතර මුළු ලෝකෙම විසිල් ගසති.

මෙම චිත්‍රපටය බලා අවසන් වන විට ඇත්තෙන්ම අපේ ජීවිතත් මෙයට යම් සමානකමක් තිබෙන බව මට සිතුනි. shakespeare කවියා ද මේ පිළිබඳව as you like it වේදිකා නාට්‍යයේ all the world is a stage කියන්නට ඇත්තේ ද මේ නිසාය

Thursday, January 28, 2021

3 මහාවංශය 3

 




මේ අතර සිංහයා ආපසු ලෙනට පැමිණ, ඔහුගේ පවුලේ සාමාජිකයින් නොමැති බව දැක, බලවත් ශෝකයට පත්විය. ඌ කෑම බීම ප්‍රතික්ෂේප කලේය. ඌගේ දරුවන් සොයා, අසල ගම්මාන වලට පැමිණෙන්නට පටන් ගත්තේය. මෙම ගම්මාන වල වැසියන් භීතියට පත්ව, රජුට මේ පිලිබඳව දන්වා සිටියහ.

 

“මහ රජුනි, සිංහයෙකු ඔබගේ රාජ්‍ය  විනාශ කරයි. එයින් අපව වහාම බේරා දෙනු මැනව.” ඔවූහූ පැවසූහ.

 

 එහෙත් රජුට සිංහයා එලවා දැමීමට, හැකි පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි වූ නිසා, ඒ සඳහා යැවීමට, පුද්ගලයෙකු සොයා ගැනීමට, අලියෙකුගේ පිටේ මසුරන්  දහසක් තබා,

 

 “සිංහයා අල්ලා රැගෙන එන කෙනෙකුට, මෙම මසුරන්  දහස ත්‍යාග  වනු ඇත.”

යනුවෙන් ප්‍රසිද්ධ කලේය.

 

 කිසිවෙකු ඉදිරිපත් නොවුනු නිසා රජු තෑගි මුදල 2000 සහ 3000 දක්වා ක්‍රමයෙන් වැඩි කලේය. සිංහබාහු මේ සඳහා ඉදිරිපත් වීමට උත්සාහ කලද ඔහුගේ මව මුල් දෙවතාවේදී ඔහුට ඉදිරිපත් වීමට ඉඩ දුන්නේ නැත. තෙවැනි වර ඔහු මවට නොදන්වා ඉදිරිපත් වී තමන්ගේම පියා මරා දැමීමට පොරොන්දු වී, රන් කහවනු 3000 ලබා ගත්තේය.

 

රාජ පුරුෂයෝ තරුණයා රජු බැහැ දැකීමට රැගෙන ගියහ.

 

“ඔබ සිංහයා විනාශ කලහොත් මම ඔබට මගේ රාජHම දෙන්නෙමි,” රජු ඔහුට පොරොන්දු විය[1].

 

සිංහබාහු දුනු ඊතල ගෙන ගල් ගුහාව වෙත ගියේය. ඔහු දැක සිංහයා ඔහුට ඇති ආදරය නිසා ඔහු වෙතට පැමිණෙන්නට පටන් ගත්තේය. කුමරු සිංහයා වෙත ඊතලයක් විද්දේය. හාස්කම් කිහිපයකින් පසු  විදින ලද ඊතලය සිංහයාගේ ශරීරය පසාරු කරගෙන ගොස් ඌ මරණයට පත් කලේය. සිංහබාහු කේශර සහිත සිංහ ඔලුව රැගෙන ආපසු අගනුවරට පැමිණියේය. ඔහු ආපසු අගනුවරට පැමිණෙන විට මහ රජු මියගොස් සත් දිනක් ගතවී තිබිණ.

 

 සිංහබාහුගේ වීර ක්‍රියාව නිසා සහ ඔහු මියගිය රජුගේ මුනුබුරා බවත් දැනගත් පසු මහ රජුට පිරිමි දරුවන් නොසිටි බැවින්, ඇමති මංඩලය සිංහබාහු ගෙන්  වගු රටෙහි රජකම බාර ගන්නා ලෙස ඉල්ලා සිටියහ.

 

ඔහු රජකම බාරගෙන එය තමන්ගේ මවගේ ස්වාමියාට ලබා දී, සිංහසීවලී සොහොයුරියද රැගෙන තමන් උපන් වනයට ගියේය. ඔහු එහි සිංහපුර නමින් නගරයක් ඉදිකලේය. එම නගරය වටා යොදුන් සියයක දුරට ජනාවාස ඇති කලේය. එම ලාල රටෙහි පිහිටි සිංහපුර නගරයෙහි සිට තම රට පාලනය කල සිංහබාහු, සිංහසීවලී ඔහුගේ මෙහෙසිය කර ගත්තේය. ඔහුගේ මෙහෙසිය 16 වරක් නිවුන් පිරිමි දරුවන් බිහි කලාය. වැඩිමලා විජය ලෙසද, දෙවනියා සුමිත්ත ලෙසද, නම් කරන ලදි. නිසි වයසට පැමිණි පසු මහ රජු, විජය කුමරු යුව රජ බවට පත් කලේය.

 

විජය කුමරු ඉතා නොහික්මුනු දාමරික ගති ඇති  පුද්ගලයෙකු විය. ඔහු, ඔහුගේ අනුගාමිකයන් සමඟ රටේ ජනයාට නොයෙකුත් කරදර කලේය. කෝපයට පත් ජනයා රජු වෙත පැමිණ මේ පිලිබඳව රජුට පැමිණිලි කලහ. රජතුමා පිරිස සන්සුන් කර යවා විජය හා අනුගාමිකයන්ට තදින් අවවාද කලේය. මෙලෙස තෙවරක් අවවාද කලද විජය කුමරු නැවත නැවතත් පරණ පුරුදු ලෙසටම නොකටයුතුකම් කරනු ඉවසනු බැරි ජනයා රජු වෙත හතරවෙනි වරටත් පැමිණ,

 

“ඔහු දුසිරිතෙන් මිදෙන්නේ නැත. ඔහු ජීවිතක්ෂයට පත් කරනු මැනවි” යනුවෙන් රජුගෙන් ඉල්ලා සිටියහ.

 

රජු, විජය සහ ඔහුගේ අනුගාමිකයන් හත්සීය දෙනෙකු හිස අඩක් මුඩු කොට[2] නැවකට නංවා මුහුදට යැවීය. එලෙසම එම පිරිසේ බිරින්දෑවරුන් එක් නැවකටද, දරුවන් තවත් නැවකටද දමා පා කර හැරියේය. දරුවන් සිටි නැව හා බිරින්දෑවරුන් සිටි නැව වෙන වෙනම දූපත් දෙකකට සේන්දු වූ අතර, දරුවන් පැමිණි දූපත පසුව නග්නද්වීප යනුවෙන්ද, කාන්තාවන් පැමිණි දිවයින මහිලා ද්වීප යනුවෙන්ද ප්‍රසිද්ධ විය. විජය කුමරු රැගත් නැව සුප්පාරක වරායට[3] පැමිණියද, එහිදීද ඔහුගේ අනුගාමිකයන්ගේ නොමනා හැසිරීම නිසා එම ස්ථානයෙන්ද නැවත නැව් නැඟ පිටවිමට සිදුවිය.

 

 

 

 

විජය කුමරු තම අනුගාමිකයන් සමඟ බුදු රජුන් සල් ගස් දෙක මැද පරිනිර්වාන සිදු වූ දිනයේ, ශ්‍රී  ලංකාවේ තම්බපන්නී නම ස්ථානයට ගොඩ බැස්සේය[4].

 

 


                                             

                 

 

 

 



[1] රජයට විරුද්ධව කැරැල්ලක් ඇති වූවේදැයි සැක සිතන්නටද  පුලුවන. 

[2] මෙයින් අදහස් වන්නේ නිදහස නැති බවයි, වහලෙකු හා සමාන බවයි.

[3] වර්තමාන මුම්බායි නගරයට උතුරින් පිහිටි ඉන්දියාවේ තාන දිස්ත්‍රික්කයේ දැන් සෝපාර නම් වන එකල සුප්පාරක වරාය. 

[4]  ඉන්දියානු අර්ධද්වීපයේ දකුණු කෙලවර පසුකරනතෙක් දකුණට පැමිණ ආපසු ඊසාන දෙසට හැරී  මන්නාරම පැත්තට ගමන් කිරීමෙන් මෙය අහඹු ගමනකට වඩා සැලසුම් කල ගමනක් ලෙස පෙනේ.


Voluntary patrol - a short story

  2. Voluntary Patrol During the 1960s, a wave of crime was reported all across Sri Lanka. Housebreakings, murders, bank robberies, and shop...