ලොව නොයෙකුත් වර්ගයේ ව්‍යාපාරයන් වෙති.
එයින් බොහෝ ව්‍යාපාරයන් පටන්ගන්නේ පවතින ව්‍යාපාරයන් අනුගමනය කරමිනි. රදාවඩුන්නේ
වේවැල් කර්මාන්තය, ඒ සමගම ඇතිවුනු වේවැල් නිෂ්පාදන වෙළෙඳ සැල් පටන් ගන්නට ඇත්තේද
එක් පුරෝගාමී ව්‍යාපාරිකයෙකු පටන්ගත්තායින් පසුව විය යුතුය. එලෙසම අපේ ඇස් පනාපිටම
සිදුවූ රදාවඩුන්නේ සංගීත භාණ්ඩ වෙළෙඳ සැල් රැල්ල, අනුගාමික වෙළඳාම සඳහා තවත් හොඳ
උදාහරණයකි.
මේ සඳහා බොහෝ තවත් උදාහරණ ලංකාව පුරා තිබේ. මාතලේ සිට දඹුල්ලට යන විට දඹුල්ල
කිට්ටුව හමුවන ,වාහන කවර වෙළඳාමද, මෙලෙස බලා ඉදිද්දී වෙළෙන්දන් එකතු වුනු තවත් වෙළඳපොල
ස්ථානයකි.
එහෙත් මෙම ප්‍රවාහයට තනිකරම වෙනස්, ලෝකයේ
ඇතිවන යම් ගැටලුවකට විසදුමක් ඉදිරිපත් කර, එම විසදුම ව්‍යාපාරයක් ලෙස ගොඩනංවා බොහෝ
රැකියා අවස්ථා ඇති කර, තමන් වාසය කරන දේශයටත් යම් ධනයක් උපයා දෙනවා පමණක් නොව,
එයින් තම දැයට ඉමහත් කීර්තියක් ලබාදෙන ව්‍යාපාරයද නැතිවාම නොවේ. එවැන්නක් දැන් ලංකාවේ ගොඩනැංවෙමින් පවතියි.
දැන් අපි මොහොතකට මේ ගැටලුව කුමක්දැයි විමසා
බලමු.
ලෝකයේ භාණ්ඩ වෙළඳාමෙන් 80% සිදුවන්නේ සාගර
මාර්ගයෙනි. ඉතිරිය ගොඩබිමෙන් හා ගුවනින් ප්‍රවාහනය කෙරෙයි. දැනට වසරකට පෙර කොවිඩ්
වසංගතය ලොව වෙලාගත් පසු මෙම මුහුදු ගමනාගමනයට නොයෙකුත් ප්‍රශ්න ඇතිවිය.
මෙයින් පලවෙනි ප්‍රශ්නය වූයේ වාණිජ නෞකාවල සේවය කරන නාවිකයන් හට නෞකාවලට එකතුවීම සහ නිවාඩු යෑම කරගන්නට නොහැකි
වීමය. බොහෝ ගුවන් තොටුපල වසා දැමීමෙන් සහ නොයෙකුත් රටවල පනවන ලද දීර්ඝ කාලීන
නිරෝධායන අවශ්‍යතාවය නිසා මෙම ගැටලුව තවත් තීව්ර විය. මෙම ගැටලුවට සාර්ථක විසදුමක්
ශ්‍රී ලංකාවේ ඇවන්ගාර්ඩ් මැරිටයිම් සේවා සමාගම ඉදිරිපත් කළේය.
බොහෝ ගැඹුරින් එහෙත් ඉක්මන් අධ්‍යයනයකින් පසුව අන්තර් ජාතිකයට
ඉදිරිපත් කරන ලද මෙම විසදුම සඳහා යොදා ගැනුනේ මාලදිවයිනේ ගුවන්තොටුපල විවෘත කර
තිබීම, එහි සිට මත්තල ගුවන් තොටුපලට සැහැල්ලු ගුවන් යානා ගොඩබෑමේ හැකියාව, මත්තල
ගුවන් තොටුපලේ සිට සම්පුර්ණයෙන් හුදකලා කර සීඝ්‍රගාමී මාර්ගයේ ගාලු වරායට ප්‍රවාහනය
කිරීමේ හැකියාව සහ එතැන් සිට ඒ ආකාරයෙන්ම ගාලු වරායට එපිටෙන් නැංගුරම්ලා තිබෙන
සුඛෝපභෝගී මගී නෞකාවට ගෙනයාමේ ඇති හැකියාව එකට ලඝු කිරීමෙනි. මෙම ක්‍රියාදාමය ගාලු
වරාය අසල කිරීමට හැකියාව ලැබෙන්නේ, එම වරාය අසලින් වැටී ඇති යුරෝපය සහ ආසියාව යා
කරන මුහුදු මාර්ගය නිසාය.
මෙම
මුහුදු මාර්ගය ඉතා ඈත අතීතයේ සිටම ලෝකයේ ප්‍රධානතම භාණ්ඩ ප්‍රවාහන මාර්ගයක් වූ අතර,
සේද මාවත යනුවෙන් එකල හැදින්වුණු වෙළෙඳ මාර්ගයේද ප්‍රධාන පුරුකක් වූ බව මෙතැනදී
කිව යුතුය.
පසුගිය මස පමණක් මෙම ඇවන්ගාර්ඩ් සමාගමෙන්
ස්ථාපිත කරන ලද වෙළෙඳ නෞකා නාවිකයන්ගේ නෞකාවලට එකතුවීමේ සහ බැහැරවීමේ මෙතෙක් ලොව
නොවූ විරූ ක්‍රමවේදය හොඳින් සිදුවන අතර, පසුගිය මාසයේ පමණක් 1000 ක පමණ නාවිකයන් මෙම
පහසුකම් පාවිච්චි කර තමන්ගේ රාජකාරියට වාර්තා කිරීම් සහ නෞකාවලින් ඉවත්වීමේ කටයුතු
කරගෙන ඇත.
මෙම පහසුකම් ඇති කිරීමට ශ්‍රීලංකා රජයෙන්
අනුමැතිය ගනිද්දී, සමාගමේ සභාපතිවර මේජර් නිශ්ශංක සේනාධිපතිට සහ ඔහුත් සමඟ සේවය කරන අද්මිරල් සහ ජෙනරල්වරුන්ට රජයේ බොහෝ ආයතන වලින් අවසර ගැනීමට සිදු විය. ඒ අතර ආරක්ෂක
අමාත්‍යංශය, විදේශ අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී
ලංකා රේගුව මුලික විය. එසේ කරන්නට සිදු
වූයේ මේ ක්‍රියාදාමයේ තැනින් තැන, නොයෙකුත් පුරුක්වල මෙම ආයතනවල යම් පාලනයක් හෝ සම්බන්ධතාවයක් තිබෙන නිසාය.
මෙලෙස හුවමාරුවන අන්තර්ජාතික නැවියන් රටට ප්‍රවිෂ්ඨ
වීමට පෙරත්, නැවට ගොඩවීමට පෙරත්, තම නැවෙන් බැස ඇවන්ගාර්ඩ් මගින් ස්ථාපිත කර ඇති
ගාල්ල අසල සුඛෝපභෝගී නෞකාවට එකතු වෙද්දීත්, PCR පරීක්ෂණ සිදුකල යුතුය. මෙම
පරීක්ෂණයකදී යම් නාවිකයෙකු පරීක්ෂණයේ පොසිටිව් වුවහොත් කුමක් සිදුකල යුතුද? මෙය
දුෂ්කර ප්‍රශ්නයක් වූයේ එලෙස කොවිඩ් පොසිටිව් වන නාවිකයෙකු ලංකාව තුලට ගෙන ඒමට ඉඩ
දීමට නියමිත රාජ්‍ය ආයතන අකමැති වීම නිසාය. මෙම ප්‍රශ්නයට විසදුමක් ලෙස ඇවන්ගාර්ඩ්
සමාගම පාවෙන ආරෝග්‍ය ශාලාවක් නිර්මාණය කළේය. වෛද්‍ය කාර්ය මණ්ඩලයක්, ICU ඇඳවල්
දෙකක් සහිතව රෝගී ඇඳවල් අටක්, යනාදී සියලු උපාංග වලින් සමන්විත මෙම නෞකාව සති
දෙකකින් ක්‍රියාන්විත තත්වයට පත්විය. සමහර විට යුධ කාලයෙන් පසුව මෙලෙස අංග
සම්පුර්ණ පාවෙන ආරෝග්‍යශාලාවක් සෑදෙන්නට ඇත්තේ, ප්‍රථම වතාවට වන්නට පුළුවන. ඒ හැට
ගණන්වල ඇමෙරිකාව හෝප් නෞකාව මුහුදට දැම්මායින් පසුව විය යුතුය.
සියලු දෙයින් සර්ව සම්පුර්ණව දැන් මෙම ව්‍යාපාරික
ක්‍රියාදාමය මනාලෙස සිදුවෙයි. කිසිම ආකාරයකින් මෙම ක්‍රියාදාමය අතරතුර රට තුලට
කොවිඩ් වසංගතය පැතිරීමට ඉඩක් නැත. සියල්ල සිදුවන්නේ අන්තර්ජාතික කොවිඩ් වසංගත වැළක්වීමේ
ක්‍රියා පිළිවෙතට අනුවය. ඇත්තෙන්ම ඊටත් එහාගිය, කොවිඩ් වැලැක්වීමේ ජාතික වැඩ
පිළිවෙලේ සීමාවන් අන්තර්ජාතික සිමාවන්ටත් වඩා දරදඬු ඒවාය. ඇවර්නගාර්ඩ් සමාගමේ මෙම
ව්‍යාපෘතිය අතිශයින්ම fool – proof ආකාරයට සිදුවෙමින් පවතින බව කියන්නටත් තරම් නොවේ.
මෙම ව්‍යාපාරය සිදුවෙමින් පවතිද්දී, කොවිඩ්
වසංගතය නිසා නාවික අන්තර්ජාතික වෙළෙඳ නාවික ප්‍රවාහනයට අතිශය බලවත් දුෂ්කරතාවයක්
ඇතිවිය.
ඒ, මුහුදේ තිබෙන
වෙළෙඳ නෞකාවල කාර්යමණ්ඩලයේ කෙනෙකුට කොවිඩ් රෝග ලක්ෂණ ඇතිවීමයි. එසේත් නැත්නම්
වරායකින් පිටවීමට පෙර PCR පරීක්ෂණ කරන ලද කාර්යමණ්ඩල සාමාජිකයෙකුට පොසිටිව් වී ඇති
බව මුහුදේදී දැනගැන්මට ලැබීමයි. බොහෝ රටවල වරාය වලට මෙවැනි නෞකාවන් ඇතුලත්කර ගන්නේ
නැත. මෙවැනි අවස්ථාවකදී නෞකාවට කරන්නට කිසිම දෙයක් කරන්නට නොමැති වන අතර, බොහෝ දින
ගණනක් මහ මුහුදේ රස්තියාදු වෙන්නට සිදුවෙයි.
නූතන ලෝකයේ භාවිත වන වෙළෙඳ නෞකාවන් මෑත
ඉතිහාසයේ විශාල පරිවර්තනයකට ලක් වී ඇත. භාණ්ඩ
ටොන් 5000 ක් 10000 ක් ප්‍රවාහනය කල නෞකාවන්, දැන් බොහෝ ඈත ප්‍රදේශවල කුඩා
වරායන්වලට සිමා වී ඇත්තේය. වසරින් වසර විශාල වූ වෙළෙඳ නැව් දැන් නැව් යෝධයන් බවට
පත්ව තිබේ. ලෝකයේ ලොකුම බහලුම් නෞකාවට කන්ටේනර් 24000 ක් පැටවිය හැක. මෙම නෞකාව
අයිති සමාගම පසුගිය වසරේ මෙවැනි නෞකාවන් 12 ක් ලෝක වෙළෙඳ නෞකා ප්‍රජාවට එකතු කළේය.
මේ තරම් විශාල නෞකාවක ගමන විනාඩි 5 කින් පරක්කු වුවහොත් කොතරම් පාඩුවක් සිදුවන්නේ
දැයි අපට සිතාගත හැකිය. එම පරක්කුව දවස් ගණනක් වුවහොත් පාඩුව ඩොලර් මිලියන ගණනක්
වන බව නොවනුමානය.
මෙම උභතෝකෝටික ප්‍රශ්නය සහ එක්සත් ජාතීන්ගේ
මණ්ඩලය පසුගිය දෙසැම්බරයේ සම්මත කර ගන්නා ලද වෙළෙඳ නෞකාවල නාවිකයන් ‘key workers’
ලෙස පිළිගැනීම යන කාරනා දෙක පිළිබඳව අධ්‍යයනයක් කර, ඇවන්ගාර්ඩ් සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ රණවිරුවන්මේ සඳහා
නිර්මානාත්මක විසදුමක් ඉදිරිපත් කළහ. ඒ එලෙස වෙළෙඳ නෞකාවක කොවිඩ් රෝගියෙකු වාර්තා
වූ විට ඔහු එම නෞකාවෙන් ඉවත්කර, ඉතිරි කාර්යමණ්ඩලයේ PCR පරීක්ෂණ කර, නෞකාව
විෂබීජහරණය කර අඩු වූ කාර්යමණ්ඩල සාමාජිකයා/සාමාජිකයන් වෙනුවට සුදුසුකම් ඇති
නාවිකයන් ලංකාවෙන් යොදවා, වෙළෙඳ නෞකාවට ඇයගේ ගමන සම්පුර්ණ කර ගැනීමට පහසුකම් සලසා
දීමයි.
මේ සඳහාද පාවෙන රෝහලක්, පෙර ව්‍යාපෘතියට
නිර්මාණය කරන ලද රෝහලට වඩා විශාලත්වයෙන් සහ පහසුකම් වලින් වැඩි, නිර්මාණය කර
මුහුදේ පවත්වාගෙන යායුතුය. මෙම පාවෙන රෝහල දැන් සකස්වෙමින් පවතී.
මේ අදහස බොහෝ වාද විවාද වලින් පසුව,
අන්තර්ජාතික සාගරික සංවිධානය (IMO) වෙත ලියා යැවිණ. මෙම අදහස පැහැදිලි කර ක්‍රියාත්මක
කිරීමට බලාපොරොත්තු වන ආකාරය එම ලිපියෙන් දන්වන ලදී.
එම යෝජනාවේ තවත් විශේෂ සිත්ගන්නා සුළු
කාරණයක් අඩංගු විය. ඒ මෙම ව්‍යාපෘතියේ ආරක්ෂාව ලබා ගන්නට කැමති වාණිජ නෞකාවන්ට
රක්ෂණ ක්‍රමවේදයක් වැනි ආවරණයක් ලබා ගැනීමට ඇති හැකියාවයි. වාණිජ නෞකාවකට ඩොලර්
500 ක් පමණ වන ත්‍රයි මාසික වාරිකයකින් මෙම ව්‍යාපෘතියේ ආරක්ෂාව ලබාගත හැකිය.
මෙලෙස නාවික කර්මාන්තයේ සුළු මුදල් ප්‍රමාණයක් සේ පෙනෙන මුදල් ප්‍රමාණයකට මේ සා
දුෂ්කර අවස්තාවක් සඳහා ආවරණයක් ලබා ගැනීම, ඉන්දියන් සාගරයේ උතුරු දකුණු සාගර මාධ්‍යයේ
ගමන් කරන නෞකා වලට ඉමහත් පහසුවක් බව නොකිවමනාය.
මෙම දුෂ්කර අවස්ථාවේ මේ ප්‍රශ්නයට හරි
විසදුමක් සොයා ගැනීමට නොහැකිව සිටි අන්තර්ජාතික සාගරික සංවිධානයට මෙම ඉදිරිපත්වීම බලවත් අස්වැසිල්ලක් විය.
ඔවුහු වහාම මෙම ව්‍යාපෘතිය පිළබඳව සතුට පලකර
නිශ්ශංක සේනාධිපතිට ලිපියක් එවූහ. එයින් වැඩි දුරටත් කියවුනේ මෙම යෝජනාව ඔවුන්
ඉතාමත් අගය කරන බවත්, ව්‍යාපෘතිය පවත්වාගෙන යන අතර තුර ඇවන්ගාර්ඩ් මැරිටයිම්
සමාගමට ලැබෙන අත්දැකීම් සම්භාරය ඔවුන්ටත් දන්වන්නේ නම් ඔවුන් ඉතාමත් ස්තුතිවන්ත වන
බවය. ඇත්තෙන්ම එම අත්දැකීම් අන්තර්ජාතික නාවික ක්ෂේත්‍රයටම ඉතාමත් වටිනා එමෙන්ම ප්‍රයෝජනවත්
අත්දැකීම් සම්බාරයක් වනු ඇත. ඒ මෙම ව්‍යාපෘතියට පූර්වාදර්ශයක් නොමැති නිසාය. මෙවැනි
පුරෝගාමී ව්‍යාපෘති ඉදිරියේදී මෙලෙස ඇතිවන දුෂ්කර ප්‍රශ්නයන්ට විසඳුම් සෙවීමේදී
පිටුවහලක් වනු ඇත.
හරිම වැදගත් ලිපියක්. ඔබතුමාගේ සරල පැහැදිලි කිරීම් සහ ලිවීමේ රටාව මේ විෂය නොදන්නා අයට ඒ ගැන කියවන්න ආසා කරනවා.
ReplyDelete