Saturday, February 13, 2021

මීමුරේ අධ්‍යාපන ප්‍රශ්න විසඳීම

 


අද මීමුරේ රැස්වීමේදී ජනාධිපතිවරයා විසඳු ප්‍රශ්නයක් පහත  ආකාරයට විසඳුනා නම් හොඳ යයි මට සිතේ . එසේ නැත්නම්  මේ ප්‍රශ්නම අඩු තරම්න්  දහස්වාරයක් වත් විසඳන්නට සිදුවනු ඇත .
ප්‍රශ්නය වූයේ  ගමේ පාසලේ පන්තියේ එකොලහේ වසරෙන් අවසන් වීම ය . එතැන සිටි කෙනකුට අවශ්‍ය වූයේ අපොස උසස් උසස් පෙළ පන්ති ද එම පාසලේම  පැවැත්වීමට ය .

ජනාධිපතිවරයා එසේ පවත්වන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් අතර ඔහු ඒ සඳහා යම් ක්‍රමවේදයක් ඉදිරිපත් කළේය .  මෙම ගම්මානය කෘෂිකාර්මික සහ සංචාරක කර්මාන්තයට යොමු වී ඇති ගමක් නිසා ඒ හා සම්බන්ධ උසස්  පෙළ පන්ති එම පාසලේ පැවැත්වීමට යම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවට ඔහු ප්‍රකාශ කළේය. එලෙස නොයෙකුත් ගම්වල එම ගමේ ආර්ථික රටාවට අනුව උසස්පෙළ පන්ති ඇතිකිරීම අතීතයේ තිබු කුල ක්‍රමයට ආපසු යාමක් දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. අනෙක  ලංකාවේ මෙවැනි පාසල් දහස් ගණනක් තිබෙන්නට පුළුවන. එවිට මේ පාසලේ විතරක් මේ ප්‍රශ්නය විසඳුවිට රටේ එම ප්‍රශ්නය අවසන් වන්නේ නැත . ජනාධිපතිවරයා විසඳිය යුත්තේ ජාතික ප්‍රශ්න මිස ග්‍රාමීය ප්‍රශ්න නොවේ යයි මට සිතේ.

ඇත්තෙන්ම ප්‍රශ්නයට විසඳුම විය යුත්තේ රටේ මෙවැනි පාසල් කොපමණ ප්‍රමාණයක් තිබෙනවා දැයි පරික්ශා පරික්ෂා කර බැලීම ය . ඉන්පසු එම පාසැල් වලින් කොපමණ පාසල් ගණනකට අපොස උසස් පෙළ පන්ති  පවත්වාගැනීමට  අවශ්‍ය තරම් සිසුන් සිටිනවා දැයි සොයා බැලීම ය . එසේ සොයා බලා අඩු තරමින් සිසුන් විස්සක්වත් සිටිනවා නම් පමණක් ඒ සඳහා පන්ති ඇති කිරීමය .
එසේ නොමැතිව සිසුන් දෙදෙනා තුන්දෙනාට අපොස උසස් උසස් පෙළ පන්ති ඇතිකල විට ඒ සඳහා උපාධිධාරී ගුරුවරු හතර පස් දෙනෙක් වත් යෙදවිය යුතුය . ඒ වියදම බලනවිට සමහරවිට එම සිසුන් කිහිප දෙනා නගරයේ අන්තර්ජාතික පාසලකට ඇතුළු කර ඔවුනට අධ්‍යාපනයක් ලබාදීම රජයට ගමේ සෑම පාසලකම උසස්පෙළ පන්ති ඇති කරනවාට වඩා ලාබදායක විය හැක . සිසුන්ටද බලවත් යහපතක් සිදුවේ. එසේ නැත්නම් එම සිසුන්ට නොමිලේ බස් සීසන් පත්‍රයක් ලබාදීම විසඳුම විය හැක.


අනෙක අධ්‍යාපන ලේකම්වරයා කිව් ආකාරයෙන් එය ගම්වල මිනිසුන් ජීවත් වන ආකාරය සහ ආර්ථිකය පරීක්ෂාකර බලා එයට ගැලපෙන උසස් පෙළ පන්තිය ඇති කළ විට ඒ සිසුනට බලවත් අසාධාරණයක් වන්නටත් පුළුවන.
ඒ ගමේ යම්  රොකට් ඉන්ජිනේරුවකු වන්නට අනාගතයේ ඉඩක් තිබෙන සිසුවෙකු ඉන්නට පුලුවන . එසේ නොමැත්තේ නම්  දක්ෂ ඉංජිනේරුවකු වන්නට හැකියාවන් ඇති සිසුවකු ඉන්නට පුලුවන . නමුත් ඔවුනට ගැලපෙන පාඨමාලා  ඒ ගමේ පාසලේ අපොස උසස් පෙල සදහා නොමැති නිසා ඔවුනට  ඔවුන්ගේ විභවයන් සොයාගෙන යන්නට නොහැකි ය .
මේ ප්‍රශ්න විසඳන්නේ කෙසේද මේ ආකාරයට ගමේ ප්‍රශ්න ගැන කතා කළද ප්‍රශ්න සඳහා ජාතික වශයෙන් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම ක්‍රියාත්මක විය යුතු නොවේද .


4 comments:

  1. ඔබ ත්‍රිවිධ හමුදාවක අධිකාරීලත් නිලයක සේවයේ නියුතුව සිටි අයෙකු ලෙස සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන්ගේ ක්‍රියාකලාපය ගැන ප්‍රශ්න නැගීම නුසුදුසු බව අපගේ හැගීමයි. මෙම ලිපිය ඉවත් කරන මෙන් දන්වා සිටිමු.

    -නොදුටු මිතුරෙක්-

    ReplyDelete
    Replies
    1. රෂිනි දුටුවමත් එහෙමයි රසික. ගණිකාවක් අවුරුදු 16 න්. දුව හදාගන්න බැරි නොන්ජලයෙක් ගැන වෙන මොන කතාද

      Delete
  2. මෙවැනි ගොං පාර්ට් (බටහිර යෙදුමෙන් ටවුන් හෝල් මීටින්)වල අදහස ලෝකල් ජනයාට පොඩි ආතල් එකක් ලබා දීම මිස රටේ ප්‍රතිපත්ති සැළසුම නොවේ.

    අනික මෙහි කියවෙන පරිදි එකී අධ්‍යාපන අධ්‍යක්‍ෂකයා කියන්නේ මේ පලාතේ මිනිසුන්ට සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්ණ හෝ රෝගාබාධ නෑ කියාද? ඒ ප්‍රශ්ණ තියේනම් මේ ප්‍රදේශයේ ජීව විද්‍යා පන්ති අරඹා කොතලාවල ඩිෆෙන්ස් වෛද පීඨයට සිසුන් යැවීමට කටයුතු නොකරන්නේ ඇයි?

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...