Monday, August 17, 2026

කුඹුරු කොම්පැනි කිරීම

 




කෘෂි ඇමතිවරයා කියූ පරිදි ගොවි සමාගම් ඇති කිරීම ඉතාමත් කාලෝචිත වැඩකි. 

එමඟින් පහත සඳහන් ප්‍රයෝජන ලබාගත හැකිය. 

1. කුඹුරු යාය කිහිපයක් එකට එකතු කර අක්කර සීයක පමණ ගොවිතැන් කරන විට මුළු ඒකකයේ කළමනාකරණය කිරීමට එක් දැනුමැත්තෙකු පත් කර ගත හැක. අක්කර එකක් දෙකක් සඳහා මෙවැනි කෙනෙකු ට වැටුප් ගෙවා ලබා ගැනීම තේරුමක් නැති වැඩකි. 


2. නොයෙකුත් අවශ්‍ය දෑ මිලදී ගැනීමේදී තොග ගණනේ මිලදී ගත හැකි නිසා පිරිවැය අඩුවෙයි. 


3. කුඩා ඒකක අයිතිකරුවන් නොයෙකුත් ප්‍රශ්න නිසා වගා කළ යුතු කාල වේලාවන් මගහැරගයි. මෙවැනි ඉඩම් එකතු කිරීමකින් පසු සියල්ල එකවර සිදුවෙයි. 


4. ජලය බෙදා ගැනීමේ දී ආරවුල් ඇති නොවේ. මුළු යායටම ඩාත්ම ප්‍රයෝජනවත් වන ආකාරයෙන් ම ජලය බෙදා ගත හැකිය. 


5. මෙය දීර්ඝ කාලීනව සිදු කරන්නට යොමු වුවහොත් අනවශ්‍ය නියරවල් කපා හැර විශාල ලියදි වගාවට යොදා ගත හැක. එවිට ඉඩම් නාස්තිය අවම වෙයි. නියර බැඳීමත් අවම වෙයි. 


6. මැෂින් හයර් කිරීමේදී එකම කටයුත්ත සෑම තැනම සිදුවන නිසා පිරිවැය සෑහෙන දුරට අඩු වෙයි. 


7. කුඩා ඉඩම් හිමියෙකුට ආයෝජනය කිරීමට නොහැකි සමහර උපකරණ වලට සමාගමක් ලෙස එකතු වී සිටින නිසා ආයෝජනය කළ හැක. 


තව මෙවැනි ප්‍රයෝජන බොහෝ ලියන්නට පුළුවන. මෙහි වඩාත්ම වටිනා ප්‍රයෝජනය මෙය පයිලට් ප්‍රොජෙක්ට් එකක් ලෙස පටන් ගෙන අවුරුදු කිහිපයක් පවත්වාගෙන ගොස් ව්‍යාපෘතිය ඇත්තටම කළ හැක්කක් දැයි පරීක්ෂා කිරීමට හැකිවීමය.

2 comments:

  1. කිරි ගොවිතැන සහ ප්‍රයිවට් බස් වගේ දේවල්වලටත් කරන්න ඕනෙ.

    ReplyDelete
  2. හොඳ යෝජනාවක්. කුඹුරු කෑලි වෙවී කිසි පලදායිතාවයක් නැති බිම් කට්ටි වීම යම් පමණකින් හෝ අඩු කර ගන්න පුලුවන් වෙයි. හැබැයි ලෑන්ඩ් සේල් කාරයො කැමති වෙන එකක් නැහැ.

    ReplyDelete

රොබට් නොක්ස්

  එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව HEREABOUTS DWELT ROBERT KNOX STEPHEN RUTLAND 1670–1679 AND WITH THE...