Sunday, May 30, 2021

ඔබ මට වඩා දක්ෂ බව මම පිළිගනිමි- ජනාධිපති ලින්කන්

 


මම මේ දවස් වල ජනාධිපති Lincoln පිළිබඳව පොතක් කියවමින් සිටින්නෙමි. ඔහුගේ හාස්‍ය රසය සහ  හාස්‍ය නොයෙකුත් අවස්ථාවල කතාන්දර ලෙස පවසා තමන් සමග වැඩ කරන්නන් යම් අදහසකට යොමු කරවා ගැනීමට ඔහුට විශිෂ්ට හැකියාවක් තිබුණේ ය.

මේ කතාව හාස්‍ය උපදවන්නක් නොවුනද ඔහුගේ තිබූ මනුස්සකම මනරම් ලෙස විදහා පාන්නකි.

ඇමරිකාවේ උතුරු දකුණු සිවිල් යුද්ධයේදී (1861-65), ඔහු ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය. ඔහු යටතේ සිටි ජෙනරාල්වරුන් ගෙන් යුද්ධයට ඉතාමත් දක්ෂ ජනරාල්වරයෙකු වූයේ general Grant නැමැත්තාය.

ඔහු කොතරම් යුද්ධයට දක්ෂ වුවත් ිතරම තමා ක්‍රියාන්විතයන් පිළිබඳව ජනාධිපතිවරයාට ලීවේ නැත. වාර්තා කළේ නැත. 

මේ පිළිබඳව ලින්කන් ජනාධිපතිවරයා වරෙක තවත් general වරයෙකුට මෙසේ ලීවේය. "general Grant වැඩට දක්ෂ හොඳ සටන් ජෙනරාල්වරයෙක්, එහෙත් ඔහු  telegraph කරන්නේ සහ ලියන්නේ ඉතාමත් අල්ප වශයෙනි"


general Grant සටන අවසාන වන තෙක් වාර්තා නොලී ජෙනරාල් වරයෙක් ලෙස ප්‍රසිද්ධව සිටියේය.

ජනාධිපතිවරයා 1863 ජූලි මස 13 වන දින general Grant වෙතට පහත ලිපිය ලියා යැව්වේ ය.

"අප දෙදෙනා එක් වරක් හෝ මුණගැසුනු බවක් මට මතක නැත, මම මේ ලිපිය ලියන්නේ  විසින් මේ රටට කරන ලද ශ්‍රේෂ්ඨ සේවය අගයනු පිණිස ය.

මේ සමග

මම තවත් යමක් ඔබ වෙත ලියනු කැමැත්තෙමි,

සංග්‍රාමයේදී ඔබ වික්ස්බර්ග් අසලට පැමිණි විට, ඔබ අවසානයේ දී කරන ලද්ද, එහි පටු ප්‍රදේශය හරහා හමුදාව අනික් පැත්තට ගෙනයාම, කාල තුවක්කු රැගෙන පහතට ගොස් සටනේ යෙදීම, මගේ හිතේ ද තිබුණ නමුත්, මට ,ඔබ මට වඩා හොඳින් සැලසුම් කරන්නෙක් බවත් ඔබ මා බලාපොරොත්තු වූ ආකාරයෙන් කරන බවටත් විශ්වාසයක් තිබුණේ නැත. තිබුණේ එසේ සිදුවේ යැයි සුළු සාමාන්‍ය බලාපොරොත්තුවක් පමණි.

එසේම ඔබ ජයග්‍රහණය කළ යසූ දුර්ගය හරහා සටන ජය ගැනීමට හැකි වේ යයි මා කිසි විටෙක සිතුවේ නැත.

එසේම ඔබ Gibson වරාය අල්ලා ගත් විට මම හිතුවේ ඔබ ගඟ දිගේ පහළට ගොස් general Banks හා එකතු විය යුතු බවය. නමුත් ඔබ එසේ නොකර ඔබගේ හමුදාව උතුරට රැගෙන යන විට මා හිතුවේ ඔබ ලොකු වැරැද්දක් කරන බවය.

නමුත් දැන්, මම ඒ සෑම අවස්ථාවෙම ඔබ නිවැරදි බවත් මට වැරදුණු බවත් පුද්ගලිකවම පිළිගැනීමට කැමැත්තෙමි"

2 comments:

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...