Friday, May 28, 2021

එන්නත ලබා ගත්තාට පසු බීම

 

සාමාන්‍යයෙන් පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න කෙනෙකුට කොරෝනා වෛරස් එකට එන්නත ගත්තට පස්සේ ‍ඩ්රින්ක් එකක් ගන්න පුළුවන්ද කොච්චර කල් ඉන්න ඕනද වගේ ප්‍රශ්න ඇති වෙන එක ස්වභාවිකයි

මොකද මටත් ඒවා ඇති වුණා,


කරුණු කාරණා හොයල බලපුහාම මට තේරුණා  ප්‍රශ්නය තියෙන්නෙ බොන්ට පුළුවන්ද බැරිද ප්‍රශ්නයට වඩා කොච්චරක් බොන එකද කියන එක


පොඩි ෂොට් දෙකක් විතර දාන්න එකෙන් කොහොමටවත් ශරීරයේ කොවිඩ් වලට තියෙන ප්‍රතිශක්තිය ට හානියක් වෙන්නේ නැහැ කියලා තමයි පරීක්ෂණවලින් පෙනිලා තිබෙන්නේ, ඇත්තෙන්ම කියනවා නම් ඒ වගේ පරීක්ෂණවලින් මීට පෙරත් තේරිලා තිබෙනවා ා හෝ මධ්‍යම ප්‍රමාණයට බොන අයට ශරීරයේ වෛරස් බැක්ටීරියා වගේ දේවල් වලට තියෙන ප්‍රතිශක්තිය තරමක් වැඩියි කියලා. නමුත් මෙතැනදී ප්‍රවේශම් වෙන්න ඕනෑ. දීර්ඝකාලීනව ගොඩක් බොන අයගෙ නම් ඇඟේ ප්‍රතිශක්තිය බොහෝ අඩු වෙනවා පමණක් නොවෙයි අපට එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තියක් හරි තරමටම ලැබෙන්නේ නැහැ කියලා පරීක්ෂණවලින් වැටහිලා තියෙනවා. ඒ නිසා එන්නත ලබාගෙන මාසයක්වත් යනකං ලොකු drink දාන එකනම් හොද නෑ. මොකද එන්නත ලබා ගෙනත් මාසයකට වැඩි කාලයක් ගත වෙනවා අපේ ඇඟේ ප්‍රතිශක්තිය වර්ධනය වෙන්න.

මේ පිළිබඳව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ කරල තියෙන පරීක්ෂණයක දී පැහැදිලි වෙලා තිබෙනවා සාමාන්‍යයෙන් දවසකට drink දෙකක් වගේ ගන්න අයට ඇත්තෙන්ම නොබොන අයටත් වඩා virus සඳහා ශරීරයේ ප්‍රතිශක්තිකරණයක් තිබෙනවා කියලා.

මේ drink එකක් කියලා කියන්නේ wine අවුන්ස  පහක් බියර් අවුන්ස 12ක් එහෙම නැත්තං  සැර මත්පැන් oz 1.5 ක්.. එතකොට දවසකට drinks දෙකක් කියන්නේ ඒ වගේ දෙගුණයක්.

.



 covid 9 එන්නත හා සම්බන්ධව ඇල්කොහොල් පානය කිරීමෙන් සිදුවන වෙනස්කම් පිළිබඳව එතරම් පරීක්ෂණ සිදු කර නැති නමුත් වෙනත් වෛරස හා සම්බන්ධ ප්‍රතිශක්ති ශරීරය තුළ සිදුවීම පිළිබඳව කරන ලද පරීක්ෂණ ඉතාමත් සිත්ගන්නා සුලු වෙයි.  ලොකු ප්‍රමාණයක් දීර්ඝ කාලයක් තිස්සේ බොන කෙනෙකුගේ ශරීරයේ ැක්ටීරියා හෝ වෛරස් සඳහා ප්‍රතිශක්තිය ඉතාමත් දුර්වල වන බව එම පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත. එසේ බොන කෙනෙකුගේ ශරීරයේ වෛරස් හෝ බැක්ටීරියා සමග සටන් කිරීමට ඇති ප්‍රතිදේහ සටන් කිරීමට අවශ්‍ය තැනට යාමට දුෂ්කර වන බව පෙනී ගොස් ඇත. එවිට එම බැක්ටීරියා වලට හෝ වෛරස් වලට අපේ සෛල ආක්‍රමණය කිරීමට පහසු වෙයි.

අනෙක් අතට මධ්‍යම ප්‍රතිපදාවෙන් බොන අයට එම ප්‍රතිශක්තිය නොබොන අයටත් වඩා වැඩි බව පෙනී ගොස් ඇත. පුද්ගලයන් 390ක් දෙනෙකු යොදාගෙන කරන ලද  ස්වසන පද්ධතියේ වයිරස් සම්බන්ධව පරීක්ෂණයකදී මැදි පිළිවෙතට බොන අයට සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම අඩු බව සොයා ගෙන ඇත, නමුත් ඒ ඔවුන් දුම්පානය නොකරන්නන් නම් පමණි.


තවත් මෙවැනි පරීක්ෂණයකදී රෙසූස් වඳුරන් කණ්ඩායමක් මාස 7ක පමණ දීර්ඝ කාලයකට මත්පැන් පානය කරන්නට ඉඩ ලබා දුනි. ඉන්පසු ඔවුන්ගේ ශරීර virus එන්නත් වලට කෙසේ මුහුණ දෙන්නේ දැයි පරික්ෂා කරන ලදහ.

අප වගේම එම වඳුරන් ගේ ද සමහර වඳුරන් ීම ඉතා ප්‍රිය කළ අතර සමහරු එතරම් උනන්දුවක් දැක්වූයේ නැත.

මේ අතරින් ම ත්පැන් වලට බොහෝ ප්‍රිය කර එයට ඇබ්බැහි වුන වඳුරන්ට එන්නත් වලින් ඇති කරන ශරීරයන්හි ප්‍රතිශක්ති ඉතා දුර්වල බව පෙනුණි.

ඔවුන්ගේ ශරීරවල ඇත්තෙන්ම එන්නත් මගින් ප්‍රතිශක්තියක් ඇති කරන්නට හැකියාවක් ලැබුණේ ම නැති තරම් ය.

නමුත් සතුටු දායකම ආරංචිය ලැබෙන්නේ මීළඟට ය. ඒ කණ්ඩායමේ නොබී සිටි වඳුරන්ටත් වඩා මද පමණින්  ඇල්කොහොල් පානය කළ වදුරන්ට එන්නතින් ශරීරයට ශක්තිමත්ම ්‍රතිශක්තිය ලැබුණු බවය.


සැලකිය යුතුයි 40% මද්‍යසාර අවුන්ස  එකහමාරක් යනු මිලි ලීටර් 50ක් පමණ වෙයි.









1 comment:

  1. එහෙමත් කාලයක් තිබුණා!
    ඒ කියන්නේ වීදුරුවෙන් සෙන්ටිමීටරයක් හෙවත් 50ml බීලා සතුටෙන් හිටිය කාලයක්.

    දැන් නම් ඉතිං 200ml වත් ඕනෑ!

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...