Tuesday, May 11, 2021

කොවිඩ් මැඩපැවැත්වීම සහ war of attrition


නොයෙකුත් යුද්ධ වර්ග තිබේ. යුද්ධ කරන ආකාරයේ වර්ගීකරණයට අනුව war  of attrition යන යුධ වර්ගය එවැනි යුද්ධ කරන ආකාරයේ වර්ගීකරණයකි.
මෙම වර්ගීකරණයෙන් අදහස් කරනුයේ යුධ වදින කණ්ඩායම් දෙක හැකි තරම් තමන්ගේ විරුද්ධවාදියා ගේ සම්පත් විනාශ කිරීමයි. සතුරාගේ මිනිස් බලය අවි බලය සහ වෙනත් සංග්‍රාමික හැකියාවන් හැකි තරම් විනාශ කිරීම එක් එක් පාර්ශවයේ ප්‍රධාන අරමුණ වෙයි.
මෙවැනි යුද්ධ වසර ගණනාවක් ඇදී යයි.
මෙහි අනිත් කෙලවරේ තිබෙන යුද්ධ වර්ගය සම්පූර්ණ යුද්ධය වෙයි. මෙහිදී තමන්ට තියන සියලු සම්පත් උපයෝගී කරගෙන සතුරා විනාශ කරනා අරමුණින් සටන් වදිති. යුද්ධය ඉක්මනින් අවසන් වන අතර ඒ කාලය තුළ විනාශයත් උපරිම තත්ත්වයට සිදුවෙයි. එහෙත් මුලින් විස්තර කළ යුද්ධ වර්ගය මෙන් නොව ඉක්මනින් අවසන් වීමෙන් අවසාන ප්‍රතිඵලය බැලූ විට, සියලු දෑ සංසන්දනය කර බැලූ විට සම්පූර්ණ යුද්ධය වඩා හොඳ යයි අවසාන ගණනයේදී පෙනෙනු ඇත.
එයට, ඒ කියන්නේ war of attrition වර්ගයට අන්තර්ජාතික වශයෙන් හොඳම උදාහරණයක් වන්නේ  පළමුවන ලෝක මහා යුද්ධ යයි.  එය අවුරුදු හයක් තිස්සේ ලොව පුරා විශාල විනාශයක් කරමින් සතුරාගේ බලය අඩු කරන්නට සටන්කල යුද්ධයක් විය.
මෙලෙසටම අපට බොහෝ ළඟින් තිබෙන උදාහරණයක් වනුයේ අපගේ ම අවුරුදු 30 යුද්ධයයි. යුද්ධයක් අවුරුදු තිහක් කරනවා කියනුයේ war of attrition එකේ හොඳම එක විය යුතුය. මේ අවුරුදු 30 ම වගේ මමත් නාවික හමුදාවේ සේවය කළ නිසා මේ පිළිබඳව හොඳට අත්දැකීම් තිබේ.
මට හොඳින්ම අත්දැකීම් ඇති මුහුදු යුද්ධය පැවැත්වුන ආකාරය එයට හොඳම උදාහරණයකි. මුලින්ම කොටි ඉන්දියාවේ සිට කුඩා බෝට්ටු වලින් horsepower 8  10 15 පිටත යන්ත්‍ර සවි කර ගත් ඩිංගි යාත්‍රා වලින් ආයුධ සහ මිනිස්සුන් ප්‍රවාහනය කළහ. අප මෙම යාත්‍රා විනාශ කරන්නට හෝ අල්ලා ගන්නට පාවිච්චි කළේ වේගය පැයට මුහුදු හැතැක්ම  10 ක් පමණ වන cheverton  නමැති යාත්‍රා වර්ගයකි. ඉතාමත් කලාතුරකින් යම් වාසනාවක් තිබුණු අවස්ථාවක හැරුණුකොට අපගේ යාත්‍රාවලට ඒවාට වඩා තරමක් වේගයෙන් යන කොටි බෝට්ටු අල්ලා ගැනීමට නොහැකි විය. පසුපස හඹා ගොස් වෙඩි තැබීම් නිතරම සිදු වුව ද වේගයේ මදකම නිසා ඉන්දියාව සහ ලංකාව අතර කොටින්ගේ ගමනාගමනයට ලොකු බාධාවක් කරන්නට පුළුවන් වුයේ නැත. සමහර රාත්‍රිය වන කොටි බෝට්ටු හතක් අටක් පසුපස ලුහුබැඳ එකක්වත් අල්ලා ගැනීමට නොහැකි අවස්ථා බොහෝ විය.
මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස නාවික හමුදාව කොළඹ dock yard සමාගමෙන් ඒ සඳහාම නිපදවූ cheverton වලට වඩා තරමක් ලොකු එමෙන්ම තරමක් වේගයෙන් වැඩි නාවික හමුදාවේ LPB නමින් හැඳින්වූ යාත්‍රා වර්ගය සේවයට එක් කළේය. මේ යාත්‍රා වර්ගය cheverton යාත්‍රා වලට වඩා තරමක් පහසුකම්වලින් යුක්ත වූ අතර මුහුද රළු වූ විට ද පාවිච්චි කරන්නට හැකියාවක් ලැබුණි. එහෙත් ඒවායේ වේගය එතරම් වැඩි වූයේ නැත. පැයකට මුහුදු සැතපුම් විස්සක් පමණ වූ එම වේගය කල් ගතවත්ම තවත් අඩුවන්නට විය. මෙම තරමක් වැඩි බෝට්ටු සේවයට පැමිණි විට කොටින් ද ඒවාට ඔවුන්ගේ බෝට්ටු අල්ලා ගැනීමට නොහැකි වන සේ  ඔවුන්ගේ වේගය වැඩි කළහ. මේ සඳහා වැඩි බලයක් ඇති එන්ජින් පාවිච්චි කිරීම ද, එවැනි වැඩි බල එන්ජින් කිහිපයක් එකට සවිකර පාවිච්චි කිරීම ද ඔවුන් යොදා ගත්හ.
මේ එල් පී ඛි යාත්‍රා සේවයට පැමිණි අලුත සිදු වූ කුඩා හාස්‍ය ජනක සිද්ධියක් මට මතක් වෙයි. ......

ඉතිරි කොටස හෙට

No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...