Wednesday, May 12, 2021

covid diet plan

 




covid වසංගතය නිසා හැකිතරම් ජන රාශිවලින් දුරස්ථව සිටිය යුතුය. මේ නිසා අප කුමන ආකාර වලින් එම දුරස්ථ වීමට අනුගත විය යුත්තේ දැයි ළඟකදි සාකච්ඡා කළෙමු. වැඩියෙන්ම මිනිසුන් සමග ගැටෙන්නේ නොයෙකුත් ආහාර වර්ග මිලදී ගැනීමට යාමේදී බව අපට පසක් විය. මෙම අවදානම හැකිතාක් අඩු කළ යුතු යැයි අපි තීරණය කළෙමු. මේ සඳහා හොඳම ක්‍රමවේදය නම් හැකිතාක් දුරට කඩවල් වලින් ආහාර මිලදී ගැනීම අඩු කර නිවසේ ආහාර සාදා ගැනීම බව අපට ප්‍රත්‍යක්ෂ විය. අප මෙතෙක් කල් ොහෝ විට රාත්‍රියට සහ උදයට ආහාරයට ගත්තේ වෑන් එකෙන් හෝ කඩයෙන් මිලදී ගන්නා ආහාර වෙයි. අතරෙන් පතරට guilty feeling එක නැති කරගන්නට කොළ කැඳ සහ තම්බාපු ඇට ද ආහාරයට නොගත්තා නොවේ. ඇත්තෙන්ම කියනවා නම් සතියට දවස් දෙකක් උදයට ආහාරයට ගත්තේ කොළ කැඳ ය. දිවුල් දළු වල සිට රණවරා කොළ දක්වා සෑම කොළ වර්ගයක්ම මේ කැද සදහා සොයාගන්නේ අපේම ගෙවත්තෙන් වීම අපට ආඩම්බරයට කරුණකි. බත් සහ කිරි බත් ආහාරයට ගැනීමේදී අපිට කැවෙනවා වැඩි යයි අදහසක් ඇතිවිය. මමත් මුලදී මෙයට එකඟ වුවද මෙය ඇත්තෙන්ම විද්‍යාත්මකව පරීක්ෂාකර බැලිය යුතු යැයි මට සිතුණි. මම සාමාන්‍යයෙන් රාත්‍රියට කෑම කන විට පාන් ආහාරයට තිබේ නම් කෑමට ගන්නේ පාන් ගෙඩියකින් තුනෙන් එකකි. ඒ කියන්නේ පාන් ගෙඩියේ හරි රාත්තල තිබේනම් පාන් ග්‍රෑම් 150 කි. බත් කන විට අපට ඊට වඩා බොහෝ වැඩිපුර කැවෙන බව බිරිඳ මට කීවාය. මම මුලින් ම ාල් ග්‍රෑම් සීයක් බත් බවට පත්කර එය කිරා බැලුවෙමි. එය ග්‍රෑම් දෙසිය අනූවක් වී තිබුණි. ඒ කියන්නේ හාල් බත් වන විට බරින් තුන් ගුණයක් වැඩි වන බවයි.ඉන්පසු මම අද උදයට කෑමට බෙදාගත් කිරිබත් කිරා බැලුවෙමි. එය ග්‍රෑම් 330 ක් විය. ඒ අනුව මෙහි හාල් ප්‍රමාණය ග්‍රෑම් 110 ක් විය යුතුය. මෙයින් පෙනෙනුයේ මම බත් කන විට පාන් කනවාට වඩා අඩුවෙන් පිෂ්ඨය කන බවයි. ආහාර පාලනය කර තමන්ගේ ශරීරය ස්ථූල වෙන්නට නොදී සිටින මගේ මිතුරන්ට මෙය හොඳ සතුටුදායක ආරංචියක් විය යුතුය. අපි දැන් බත් නොයෙක් විදිහට පිස ගන්නට උත්සාහ කරන්නේ මු. ඊයේ රාත්‍රියේ අමු හාල්මැස්සන් සමග පිසගත් බත් කෑවෙමු, එය ඉතාම රසවත් විය.  

5 comments:


  1. ඔබ හිතන තරම් අඩුවෙන් කා නැත.

    සහල් බත් වෙද්දී ජලය පමණක් උරාගනී. එවිට පිෂ්ටයට අමතරව ජලය ද ඇත.

    සාමාන්‍යයෙන් සහල්වල 10-12% තෙතමනයක් පවතී.

    පාන් වල සාමාන්‍යයෙන් 38% තෙතමනයක් පවතී.

    එහෙයින් පාන් ග්‍රෑම් 150 ක වියලි බර ආසන්න වශයෙන් ග්‍රැම් 93 ක් ද සහල් ග්‍රෑම් 100 ක වියලි බර ආසන්න වශයෙන් ග්‍රෑම් 88 ක් ද වේ. එහෙයින් සහල් සහ පාන් දෙකෙහිම ඇත්තේ පිෂ්ටය සහ ජලය පමනක් නම් ඔබ බත් කන විට අඩුවෙන් පිෂ්ටය පරිභෝජනය කරන්නේ ග්‍රෑම් 40-50 ක් නොව ග්‍රෑම් 5 ක් පමණි.

    කිරිබත් වල මෙයට අමතරව පොල්වල අඩංගු මේදය ඇත. කිරිබත් බත් වලට වඩ බර වීමට එය බලපායි.

    Kanishka Tennakoon







    ReplyDelete
    Replies
    1. මගේ ගණනයට අනුව බත් කන එකෙන් පාන් කන තරම් පිෂ්ඨය ඇඟට යන්නේ නැහැ වගෙයි පෙනුනේ, අනෙක බත් වල පහන් වලට වඩා ප්‍රෝටීන් ටිකකුත් තියෙනවා නේද, හාල් පත්වෙනකොට බර තුන් ගුණයකින් පමණ වැඩි වෙනවා කියලා මගේ ගණනයට පෙනුනේ,
      ඒක වැරදිද

      Delete
    2. හාල් බත් බවට පත් වෙනකොට වතුර උරාගන්නවා.

      සංසංදනය කරන්න නම් වියලි බර ගත යුතුයි. තිරිඟු පිටි වලට වඩා සහල් වල අවශෝෂනය නොවූ සෙලුලෝස් තිබිය හැකියි. ඒ නිසා එකම වියලි බර බත් හෝ අනෙක් ධාන්‍ය කන එක කොහොමත් හොඳයි.

      කඩල, මුංඇට, රතු බෝංචි ඇට , කව්පී හොන්ඩටම්ස් හොඳයි. ග්‍රෑම් 100 ක් කන්න මට නම් අමාරුයි

      Delete

අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවක් ඉදිරිපත් කළෙමි

 ශ්‍රී ලංකාවේ වල් අලි සහ මිනිසුන් අතර ඝට්ටනය ඉතා සීඝ්‍ර වශයෙන් තීර්ව වන බව පෙනේ. මේ පිළිබඳව හොඳින්ම පෙන්නා දෙන දර්ශකය නම් දෙපැත්තෙන් කොපමණ ප...