Saturday, May 1, 2021

රසායනික පොහොර සහ කාබනික පොහොර

   ලංකාවේ රසායනික යන වචනයට බොහෝ දෙනෙක් බියක් දක්වති. මට හිතෙන්නේ මේ පරිවර්තනයේ දී ඇතිවූ යම් පටලැවිල්ල කි. රසායන විද්‍යාව මූලික විද්‍යාවේ ප්‍රධාන කොටසකි. එම තද ක්ෂේත්‍රයේ අධ්‍යයනය කෙරෙන්නේ පදාර්ථයන්ගේ සංයුතිය, ව්‍යුහය සහ නොයෙකුත් ගුණයි. අප රසායන එසේත් නැත්නම් රසායනික දේවලට බියවිය යුතු නැත. ලෝකයේ තිබෙන සෑම දෙයක්ම රසායනික සංයුතියකින් යුක්ත ඒවා වෙයි. අප බොන කසාය පවා රසායනික මූල ද්‍රව්‍ය වලින් සෑදී තිබේ. ඒ නිසා ඒවායේ රසායනික යමක් නැත්තේ යැයි සතුටු වන්නට නුපුළුවන. මේ පොහොර ප්‍රශ්නයේදීත් එම පැටළුම එසේම තිබෙන බව පෙනේ. පොහොර දෙයාකාරයක් ඇත. ඒවා නම් කාබනික සහ අකාබනික පොහොර යි. කාබනික පොහොර යනු ජීවී කොටස් වලින් සෑදෙන පොහොර ය. අකාබනික පොහොර යනු අනිත් සියළුම වර්ගයේ පොහොර වෙයි. උදාහරණයක් වශයෙන් පොළොවෙන් හාරා ගන්නා පොස්පරස් සොබාවික පොහොර ක් වන අතර ඒවා ඒකා ආකාරයෙන්ම පැළෑටි වලට උරා ගත නොහැක. මේ නිසා අප, පසුව අපට ආහාර කර ගැනීම සඳහා පැළෑටි වර්ධනය කර ගැනීමට, පැළෑටිවලට ඒවා උරා ගැනීමට උදවු කළ යුත්තේය. ඒ ඒවා ජලයේ දියවන ලෙසට සාදා දීමයි. අප ආහාරයට ගන්නා සෑම දෙයකින්ම පෝෂ ද්‍රව්‍ය ලබා ගන්නෙමු. මේ පෝෂ්‍ය ද්‍රව්‍ය අපට සියයට සියයක්ම ලැබෙන්නේ පැළෑටි වලිනි. නමුත් අප ට එම පෝෂ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයම ආපසු පොළොවට කාබනික වශයෙන් ලබාදීමට හැකියාවක් නොමැත. ඒ කොටසක් පොළොවට නොයා විනාශ වීමේ හේතුවෙනි. මෙයට හොඳම උදාහරණයක් ලෙස අපි මිය ගිය පසු අපගේ ශරීර පුළුස්සා දැමීම ගත හැක. එසේ පුළුස්සා දමන විට අප ශරීරය ලබාගත් පෝෂ්‍ය ද්‍රව්‍ය සියල්ල විනාශ වී යයි. එවිට ඒවා ආපසු නැවත ගොවිපල වලට යන්නේ කෙසේද? තවත් බොහෝ පෝෂ්‍ය ද්‍රව්‍ය එලෙස අපගේ ජීවිත කාලයේ නාස්ති වන්නේ ියලුම ක්‍රියාවන් 100% කාර්යක්ෂමතාවයෙන් සිදු නොවන නිසා ය. මිනිස් අපද්‍රව්‍ය ද මෙහි විශාල කොටසකි. ඒ නාස්ති වන පෝෂ්‍ය ද්‍රව්‍යත් නැවත යම් ක්‍රමයකින්, ගොවිපල වලට අප විසින් ගෙන යා යුතුය. අප කාබනික පොහොර වශයෙන් ගොවිපල වලට ආපසු ලබා දෙන්නේ අප ාගත් කෝෂ ද්‍රව්‍යයන්ගෙන් ඉතා සුළු කොටසකි. ඉතිරිය වෙනත් මාර්ගයකින් ගොවිපළවල ට ගියේ නැත්නම් වසරින් වසර අපේ ගොවිතැන අපට ලබාදෙන අස්වැන්න අඩුවෙයි. ඒ අතරේ ලොව ජනගහනය එන්න එන්නම වැඩිවෙයි. මේ නිසා කාබනික පොහොරවලට අමතරව වෙනත් ූල ද්‍රවය ලබාදෙන පෝෂක කොටස් ගොවිපල වලට ඇතුළු විය යුතුය. ඒ කාබනික නොවන පොහොරයි.

2


අප අස්වැන්න කපා ගන්නා විට හෝ කඩා ගන්නා විට පෝෂණ ද්‍රව්‍ය අපේ ගොවිපළ භූමියෙන් එළියට ගනිමු. ඒවා කෙළවර වන්නේ අපේ කෑම මේසයේ ය. එම පෝෂ්‍ය ද්‍රව්‍ය නැවත භූමියට පොහොර ලෙසින් අපි එක් කළේ නැත්නම් අපගේ අස්වැන්න කලක් ගත වන විට ඉතාමත් දුර්වල තත්ත්වයට පත්වේ. පෝෂ්‍ය ද්‍රව්‍ය පස සරු කරයි. පස් එම පෝෂ්‍ය ද්‍රව්‍ය ගස් වලට ලබා දෙයි. ගස් සහ පැළෑටි මිනිසුන් සහ සතුන්ට ආහාර ලබා දෙයි. මෙයින් ප්‍රධානතම ඛනිජ ද්‍රව්‍ය 3 පොටෑසියම් නයිට්‍රජන් සහ පොස්පරස් වෙයි. ලෝකයේ තිබෙන ගොවිපලවල් වලින් 85% ක් නයිට්‍රජන් හිඟයෙන් පෙළෙයි. මෙ ලෙසටම වගාබිම් වලින් සියයට හැත්තෑ තුනක් පොස්පරස් හිඟයෙන් පෙළෙයි. එලෙසම ලෝක වගාබිම් වලින් සියයට 55 ක පොටෑසියම් හිඟයක් ඇත. පොහොර වලින් කෙරෙන්නේ මේ අඩුපාඩුව සම්පූර්ණ කිරීමය. මෙලෙස පොහොර නොයොදා සිටියොත් බොහෝ පැලෑටි වලට පෝෂ්‍ය ද්‍රව්‍ය හිඟයක් ඇති වනවා නොඅනුමානය. මේ පිළිබඳව ටිකක් ප්‍රවේශමෙන් පරික්ෂා කලහොත්, පැළෑටි වලට නයිට්‍රිජන් වාතයෙන් ලබා ගැනීමට නොහැකි අතර පැළෑටි නයිට්‍රජන් ලබාගත යුත්තේ පස් තුළිනි. එසේ ලබාගැනීමට පසෙහි නයිට්‍රජන් ඇති තරම් නොමැත්තේ නම් පසට එම නයිට්‍රජන් ලබාදිය යුතුය. එලෙසම පොටෑසියම් ඛනිජය වැඩිපුරම දකින්නට ලැබෙන්නේ පොළොවේ බොහෝ ගැඹුරින්ය. බොහෝ විට මෙම ඛණිජය හමුවෙන්නෙ පොළොවේ මතුපිට සිට කිලෝමීටරයක් පමණ ඇතුලිනුයි. ඒ තරම් ඇතුලට මුල් යවා අප වගාකරන පැළෑටි වලට පොටෑසියම් ලබා ගැනීමට නොහැකි බව පැහැදිලිය. මෙම පොටෑසියම් මතුපිටට ගෙන ඒවා පසට යෙදීමෙන් අප වවන පැළෑටි වලට පොටෑසියම් ලබා ගැනීමට හැකි වෙයි. පොස්පරස් අපට හමුවන්නේ කඳු සහ ගල් වලය. එහෙත් ඒවා පැලෑටි වලට උරා ගැනීමට නම් ඒවා ජලයේ දියවන ආකාරයෙන් තිබිය යුතුය. එම තත්වයට පොස්පරස් වෙනස් කළ යුත්තේ අප විසිනි. පැළෑටියකට හොඳින් වර්ධනය වී හැදෙන්නට ස්වාභාවිකව තිබෙන ඛනිජ වර්ග 17ක් අත්‍යවශ්‍ය බව විද්‍යාත්මකව සොයාගෙන තිබේ. පසට අප දැමිය යුත්තේ මොන වගේ පොහොර වර්ගයක් ද යන්න තීරණය වන්නේ අප එම පසේ වවන පැළෑටිය සහ පසේ අඩුපාඩු තියෙන්නෙ කුමන ඛනිජ ද්‍රව්‍ය ද යන කරුණු දෙක මතය. පැළෑටි වල විවිධත්වය අනුව පසෙන් උරාගන්නා ඛනිජ ද්‍රව්‍ය වල ප්‍රමාණයන් සහ වර්ගයන් වෙනස් වෙයි. බොහෝ ගොවියන් Npk පොහොර සංයෝගය නොයෙකුත් සංයුති යන්ගෙන් තම ගොවිතැන් වලට යොදති. ශතවර්ෂ ගණනාවක සිට අපි සතූන්ගේ අපද්‍රව්‍ය සහ කොම්පෝස්ට් පොහොර පසේ සාරවත් බව වැඩි කිරීමට යෙදූ වෙමු. එහෙත් විසිවන සියවසේ සිට ඉතා වේගයෙන් වැඩිවන ලෝක ජනගහනයට ආහාර සැපයීමට අස්වැන්න වැඩි කර ගතයුතු නිසා කෘතිම එසේත් නැත්නම් රසායනික පොහොර අපි වගාවන්ට යොදන්නට පටන් ගත්තෙමු. මෙවැනි කාබනික පොහොර වල තිබෙන ලොකුම ප්‍රශ්නය ඒවායෙ අඩංගු ඛනිජ ද්‍රව්‍ය ප්‍රතිශතය ඉතා අඩු වීමයි. උදාහරණයක් වශයෙන් ජපන් ජබර වලින් කාබනික පොහොර කොම්පෝස්ට් හැදුවොත් තිබෙන්නේ නයිට්‍රිජන් ප්‍රතිශතය සියයට තුනහමාරක් පමණි. ඒ කියන්නේ නයිට්‍රජන් පමණක් තිබෙන පොහොර ටොන් එකක් දමන ගොවිපලකට ම එම නයිට්‍රිජන් ප්‍රමාණය ම ලබා දීමට ජපන් ජබර වලින් සාදන කොම්පෝස්ට් පොහොර ටොන් තිහක් වත් යෙදිය යුතුය. මෙම කොම්පෝස්ට් පොහොර සෑදීම, ඒවා ගබඩා කිරීම සහ ප්‍රවාහනය කිරීමේ ගැටලු ගැන සිතා බලන්න. 


No comments:

Post a Comment

කොවිඩ් මැඩපැවැත්වීම සහ war of attrition

නොයෙකුත් යුද්ධ වර්ග තිබේ. යුද්ධ කරන ආකාරයේ වර්ගීකරණයට අනුව war  of attrition යන යුධ වර්ගය එවැනි යුද්ධ කරන ආකාරයේ වර්ගීකරණයකි. මෙම වර්ගීකරණයෙ...