Friday, April 2, 2021

ඇවන්ගාඩ් සමාගමෙන් විදේශිකයන්ට අවි පුහුණුව ලබා දීම 2

 https://lakshmanillangakoon.blogspot.com/2021/03/blog-post_31.html?m=1

අද එතැන් සිට 

මමත්  දකුණු ප්‍රදේශයෙන් පසුව නැඟෙනහිර ප්‍රදේශයේ ආඥාපතිවරයා වශවෙන් මාරුවීමක් ලැබුවෙමි . එහි ගොස් ටික කලකින් වසර 55 සම්පූර්ණ වූ නිසා නාවික හමුදාවෙන් විශ්‍රාම ලැබුවෙමි . 


විශ්‍රාම ලැබ දින කිහිපයකින්ම ඇවන්ගාඩ් සමාගමේ  උපදේශකවරයෙකු වශයෙන් සේවය කළ මා මිත්‍ර නාවික හමුදා නිලධාරියෙකුගේ ආරාධනය පරිදි ඇවන්ගාඩ් සමාගමේ උපදේශකවරයෙකු වශයෙන් සේවයට බැඳුනෙමි . 


මේ වන විට ඇවන්ගාඩ් සමාගම ගාලු වරායේ , රතු මුහුදේ සහ වෙනත් නොයෙකුත් ඉන්දියානු සාගරයේ මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජන ඇති ප්‍රදේශයන්ට  ඇතුළු වන සහ පිටවන ස්ථානවල මුහුදු ආරක්ෂකයන්ට ආයුධ ලබාදීම සහ ඔවුන්ගේ ආයුධ ආරක්ෂා කිරීමේ පහසුකම් සැලසීම සඳහා නොයෙකුත් ක්‍රමවේද , මහා සාගරයේ සහ ගොඩබිම ඇතිකරමින් සිටියහ .


අප මේ රටවල් වලට ගුවනින් ගොස් එම රටවල රජයන් සහ නොයෙකුත් අපත් සමග වැඩ කරන සමාගම්  සමඟ මේ පහසුකම් ලබාදීම සඳහාත්  ඒවාගේ අනුමැතියන් සහ වෙනත් නොයෙකුත් ප්‍රශ්න විසඳීම සඳහා නිරන්තරයෙන් සාකච්ඡා කළෙමු . ඇවන්ගාඩ් ආයතනයේ මේ කාලයේ තිබූ ව්‍යාපාර ආකෘතිය  ඉතාමත් සංකීර්ණ වූ අන්තර්ජාතික ආකෘතියක් විය . ලෝකයේ නොයෙකුත් රටවල නීති ,අන්තර්ජාතික  නීති සහ සම්බන්ධතා , අන්තර්ජාතික සාගරික ආයෙ තනය සහ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ නීතිරීති වල සම්මිශ්‍රණයකට යටත්ව  ඉතාමත් ප්‍රවේශමෙන්  කටයුතු කරන්නට සිදුවිය .


 නොයෙකුත් බටහිර රටවල  මුහුදු  ආරක්ෂක සමාගම් මුලින් මෙම ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටියද ඇවන්ගාඩ් සමාගමේ agressive (ආක්‍රමණශීලී )  සහ  සෑම පැතිකඩකටම  විහිද යන ක්‍රමවේද නිසා ඉක්මනින්ම  සාගර ආරක්ෂා වේ ලෝකයේ ප්‍රධානතම සමාගමක් වෙන්නට පුළුවන් විය . එසේම මුහුදු කොල්ලකරුවන් තර්ජනය ඇති ප්‍රදේශවල ඇතුළුවන  සහ පිටවන සෑම ස්ථානයකම වාගේ ආයුධ ආරක්ෂා කරන ගබඩා තැබීමෙන් සහ මුහුදු ආරක්ෂකයන් නැවතී සිටීමට ඉඩ පහසුකම් සැපයීමෙන් මෙම  සම්පූර්ණ ක්‍රියාන්විතයට ඇවන්ගාඩ් සමාගම නැතුවම බැරි කොටසක් බවට පත් විය .


මෙලෙස මුහුදු කොල්ලකරුවන්ගේ  තර්ජන ඇති ප්‍රදේශවල ගමන් කරන වෙළඳ නෞකා වලට මුහුදෙ ආරක්ෂාව සැපයිය යුතු වන්නේ  එසේ ආරක්ෂාව නොමැතිව ගමනේ යෙදෙන  නෞකා වලට  රක්ෂණ ආවරණය සඳහා වැඩිපුර මුදලක් ගෙවන්නට සිදුවන නිසාය . ඒ නිසා මෙම ප්‍රදේශය තුළ ගමන් කරන සෑම නැවක් ම පාහේ ආරක්ෂාවට ආයුධ සන්නද්ධ මුහුදු ආරක්ෂකයන් රැගෙන ගියහ . 


මෙලෙස මෙම ක්‍රියාන්විතය සිදුවද්දී මේ ක්‍රියාදාමය වඩාත් ක්‍රමවත්ව සහ නීත්‍යානුකූලව සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ මණ්ඩලය සහ එයට අනුබද්ධිත අන්තර්ජාතික සාගර සංවිධානය නොයෙකුත් අධ්‍යනයන් කරමින් අලුත් නීති රීති මෙම ක්‍රියාදාමයට එකතු කළහ . 


අර මම මුලින් කියූ පරිදි යම් කාලපරිච්ඡේදයක් කාලපරිච්ඡේදයක්  තුළ ආයුධ ඉලක්කයට වෙඩි තබා ඒ පිළිබඳව සහතිකයක් තිබිය යුතුය යන්න ද එවැනි ඇති කරන ලද නීතියකි . මෙලෙසම මෙම සංවිධාන  සාගර ආරක්ෂා වේ යෙදෙන්නන් යම් කාලපරිච්ඡේදයක් තුළ ප්‍රායෝගිකව වෙඩිතැබීම් වල යෙදී ඒ සඳහා පුහුණුවීම් කර සහතික ලබා තිබිය යුතු බවත් එසේ නොමැති නම් ඔවුන්ට එම රාජකාරියේ යෙදීමට නොහැකි බවත්  නීතිගත  කළහ .


මේ අවස්ථාව, මෙම ව්‍යාපාරය , අපගේ යුරෝපීය තරඟකරුවන්ට ඉහළින් ගොස් ,අපට පාලනය කිරීමට  අපට ලැබුණු රන්වන් අවස්ථාවක් බව අපට පෙනුනි .

තෙවන කොටස හෙට https://www.blogger.com/blog/post/edit/5060024932032172786/5966940907563362483


No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...