Saturday, April 17, 2021

පෝට් සිටි පනත පිළිබඳව මගේ දැකීම

රටේ භෞමික අඛණ්ඩතාවය සඳහා බොහෝ කලක් සටන් කළ පුද්ගලයකු ලෙසට, පෝට් සිටි පනත නිසා නැවතත් එම් අඛණ්ඩතාවයට හානියක් සිදු වන්නට යන බව ිතරම ප්‍රකාශ වන නිසා මම ඊයෙ රෑ පැය තුනක් ගත කර පෝට් සිටි පනත පිටු 76 ම ොහෝ ප්‍රවේශමෙන් කියවා බැලුවෙමි. එහෙත් එය සම්පූර්ණයෙන් කියවා බලා ටික වේලාවක් කල්පනා කළ විට මට වැටහුනේ මෙම පනත පෝර්ට් සිටිය වැනි අන්තර්ජාතික වෙළඳ සහ බැංකු පවත්වාගෙන යාමට යෝජනා කරන ස්ථානයකට ඉතාමත් අවශ්‍ය වූ වැදගත් පනතක් බවය. මෙසේ රටේ සාමාන්‍ය ක්‍රමයෙන් බොහෝ වෙනස් ව පවත්වාගෙන යාමට අදහස් කරන යම් ප්‍රදේශයකට විශේෂ පහසුකම් සහ වෙනස් නීති හඳුන්වා දීම කළ යුත්තක් ම ය. එසේ නොකර එහි ආයෝජනයන්ට සහ වෙනත් වැඩ වලට පැමිණෙන විදේශික මිනිසුන්ට ලංකාවේ රජයේ ආයතන වලින් ඒවා කරගන්න යයි පැවසීම පෝට් සිටියේ නියත මරණය වෙයි. ලංකාවේ යම් රාජ්‍ය ආයතනයකට විශේෂයෙන්ම යම් දේපළ පිළිබඳ අධිකාරි බලතල තිබෙන ආයතනයකට කිසියම් වැඩක් කරගන්නට කිසියම් අනුමැතියක් ලබා ගන්න ගිය ඕනෑම පුරවැසියෙකු මගේ ඉහත කියමන සමග එකඟ වනවා නොඅනුමානය. මෙම පනතේ ඇති අනික් සියලු බලතල සහ අයිතිවාසිකම් ාමාන්‍ය කුඩා නගරයක නාගරික අධිකාරියකට ඇති බලතල වලින් එහා යන ඒවා ලෙසට කිසිලෙසකත් පෙනෙන්නේ නැත. අනෙක මෙම පත් කරන කොමිසම බොහෝ දේවල් පණ තනුවත් කළ යුතු වන්නේ හා සම්බන්ධ රාජ්‍ය ආයතන හා එක්ව කටයුතු කිරීමෙනි. ඒ නිසා මෙම දූපතට පගේ රටේ සාමාන්‍ය නීතිය බලපෑමක් ඇති නොවන බවට යම් මහජන මතයක් ඇති කරන්නට උත්සාහ කරන පිරිස් එවැනි මතයක් ඇති කරන්නට උත්සාහ කරන්නේ කුමන හේතුවක් මත දැයි මට නම් නොතේරේ. ලංකාවේ මෙවැනි විශේෂ කලාප ඇති කිරීම අපට ආගන්තුක කටයුත්තක්ද නොවේ. නොයෙකුත් වකවානුවලදී ඇති කරන ලද නිදහස් වෙළඳ කලාප වලට ද මෙවැනි ටේ සාමාන්‍ය නීතියට තරමක් වෙනස් පහසුකම් ලබා දුන් අතර ම ආයතන තවමත් ඉතා හොඳින් ක්‍රියාත්මක වනු අපට දකින්නට පුළුවන. මෙවැනි අන්තර්ජාතික වෙළෙඳ සහ බැංකු නගරයකට අපගේ කම්කරු නීති බලපැවැත්වෙනවා යැයි සිතමු. කෙනෙකු රැකියාවේ වැඩ හොද නැති නිසා රැකියාවෙන් ඉවත් කළ පසු කච්චේරියේ කම්කරු විනිශ්චය සභාවට ගොස් එම ආයතනයට විරුද්ධව නඩුවක් පවරනවා යැයි සිතමු. මේවා වැල්වටාරම් වී අවුරුදු ගණන් ගත වන විට කුමන අසීරුතාවයකට පත් වන්නට පුලුවන්ද, එවන් අත්දැකීම් ඇති, හෝ ඒ පිළිබඳව අසා ඇති ආයෝජකයන් ලංකාවේ මෙවැනි ස්ථානයක ආයෝජනය කිරීමට පැමිණිය හැකි දැයි අපට සිතිය හැකිද, දැන් අප මෙවැනි ආයෝජන සඳහා තරඟ කරන්නේ සිංගප්පූරුව ඉන්දියාව මලයාසියාව වැනි අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බොහෝ අදහස් වලින් නූතන රටවල් සමග ය. එවැනි රටවල් සමග තරග කිරීමේ දී අපේ මේ යල්පැන ගිය නීතිරීති සහ රාජ්‍ය ආයතන මගින් කළමනාකරණය වළ සහ පාලනය වන ක්‍රමවේදයක් තුළ කිසිසේත්ම කළ නොහැකි වෙයි. ඒ සඳහා එම තරඟ කිරීමට අපට යම් හැකියාවක් ලබාදෙන ුත් ක්‍රමවේද සහ පහසුකම් සපයන ක්‍රම අප විසින් සාදාගත යුතුය, මේ පනතින් කරන්නට හදන්නේ එය බව පැහැදිලිවම පෙනේ. එහෙත් පනතේ මට පෙනෙන එකම වැරැද්ද ජනාධිපතිවරයා විසින් පත් කරන කොමිසම පිළිබඳවයි. ඔහූ ඒ සඳහා හොඳ අවබෝධයක් ඇති දක්ෂ සාමාජිකයින් පත් කරන බව පනතේ කියනු ලැබේ. නමුත් ඒ සඳහා යම් නියාමකයන් අතුලු කර නොමැත. අපගේ අත්දැකීම් අනුව ලංකාවේ දේශපාලකයන් පිළිබඳ එතරම් විශ්වාසයක් අපට තියන්නට ද නුපුළුවන මෙවැනි කටයුත්තකදී නියාමන වශයෙන් උපාධියක් පශ්චාත් උපාධියක් අවුරුදු 10ක අත්දැකීමි වැනි දේවල් ඇතුළු කිරීම එතරම් අලංකාර නොවන බව සත්‍යය. නමුත් ඒ අතරම ජනාධිපතිවරයාට මේ තරම් අන්තෝ මතික බලයක් දීම ද එතරම් සුදුසු නැත. මෙම කොමිසම පත් කිරීමෙන් පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් පැත්තකට දැමීමද සුදුසු නැති බව මගේ හැඟීමයි. එහෙයින් එම කොමිසම ජනාධිපතිවරයා විසින් නම් කළ පසු පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් මගින් ඔවුන්ගේ සුදුසුකම් අත්දැකීම් සහ පෙර වැරදි පිළිබඳව මහජනතාව බලා සිටියදී, විවෘත පරීක්ෂණයක් පවත්වන්නේ නම් පනතේ ඇති මෙම අඩුව ද ඉවත් කර ගත හැකි බව මට සිතේ.

2 comments:

  1. කාලීන වැදගත් ඉදිරිපත් කිරීමකි. ස්තුතියි

    ReplyDelete
  2. ඔබ තවත් ලිපියට එකතු කල යුතු දැ
    1. අනවශ්‍ය කම්කරු අයිතීන් ඉවත් කිරීම ( වැඩි චන්දෙ නිසා වියවසායකයන් ආරක්ෂා නොවී කම්කරුවන් ආරක්ෂාවන නිතියක් ඇතිකර ඇත මේ තුල ආයතනවල පැවැත්මට තරජනයක් වීම , අංකුර ආයතන විනාශ වීම , කම්කරුවන් කිසි වගකීමක් නැති පිරිසක් වීම වැනි රටට අභාගයක් සිදුවී ඇත , එය මගහරවා නොගතහොත් ඉන්වෙස්ටර්ස්ලා දුවලා රටෙන් යන්නේ )
    2. වියවසායකයන් , පුද්ගලික ආයතන දෙස බහුතරයක් නිලධාරීන් රිනාත්මක අකල්පයෙන්ම සියලු තීරණ ගැනීම . ඔවුන් හිතන්නේ පුද්ගලික ආයතන හොර වංචා කිරීමටම සැදී පැහැදී ඉන්න බවයි , නමුත් සිදු වන්නේ නිලධාරීන් ඔවුන්ගේ වෙනත් උවමනා නිසා (කම්මැලිකම වැනි ) දුර්වල සේවා සැපයීමේදී පුද්ගලික ආයතන උපක්ක්‍රම ශීලි වීමට දරන උත්සාහය වැරදියට අර්ථ කථනය කිරීමයි , තවත් හේතුවක් වන්නේ විශාල ලාබ ලැබිය හැකි අවස්ථාවන් සියල්ලක්ම දේශපාලක සම්බන්දතා වලට අයත්වී නොහොබිනා බිස්නස් කිරීමත් ඒවාට නිලධාරීන් නීති වැටවල් බැදීමට අසමත් වීමයත් ඒ බලු නාමය ඔක්කොටම දීමත්ය . උදාහරණයක් ලෙස බාර් හිමියන්ට සමාජ වගකීම පිළිබද දැනීමක් තිබේදැයි නොබැලීම.
    3. රුපියල් 50කට කොටි ගණන් වටිනා බිස්නස් තර්ජනයට ලක්වීම , එක මෙහෙමයි සමහර ආයතන ඔක්කොම නිලධාරිලා දැනුවත්වම රුපියල් 50 , 100 පගාවට රාජකාරි පිඩනයට ලක් කරනවා , ඔවුන්ට ඍජුව මේ රුපියල් 50 ඉල්ලීමට කොන්ද පනත් නැ දෙන කෙනා මේක දෙන්නේ කොහොමද කියලා දන්නෙත් නැ , රුපියල් 50 දෙයි කියලා අරු බනිනවා වැරදි කියනවා රවනවා , ගස්සනවා රුපියල් 50 ගත්තත් වැඩක් නැ ඉතිං . හැබැයි මේ රුපියල් 50 දීලා ක‍ර ගන්නා වැඩේ එක්කෝ කොටි ගානක් වටිනා වැඩක මුල් පියවර . අර රුපියල් 50ට ඒ වැඩේ හබක් වෙලා යනවා . අරු අන්තිමට රටිනුත් යනවා .
    4. මහාචාර්ය නිලධාරීන් සිටීම , අපේ බහුතරයක් නිලධාරීන් මහාචාර්ය වරුන්ය , ඊටත් එහාය , මිට අමතරව ඔවුන් රහස් පරික්ෂකයන්ද වෙයි අතිශය දක්ෂ රහස්පරික්ෂකවරුන් FBI , CIA එකේ ඉදලා පැන්ෂන් ගත්ත දැනුම තියන්නේ , නිලධාරීන් නිලධාරීන් කුටු කුටු ගලා කථා කරලා ටිකක් ඉන්ඩ කියනවා බය හිතෙනවා ඉතිං . ඒ තීක්ෂණ දැනුමට හා බැල්මට අපි කරවෙලා යන්නේ . ඉතිං මම හිතන්නේ නැ මේ වය්වසයකයෝ හතරේ තට්ටුවට ගියා වාගේ තත්වයකට මුණ දෙන්ඩ කැමති වෙයි කියලා.
    5. හතර බිරි නීති රීති , කුකුළා නැතුව බිත්තරේ , බිත්තරේ නැතුව කුකුළා සිද්දි , ව්‍යාපාර උපක්ක්‍රමයකට කෑගල්ලෙන් නාවික ඉංජිනේරු ආයතනයක් ලියාපදිංචි කලා ඒ නිලධරියාට තිබ්බ ප්‍රස්නේ කෑගල්ලේ කෝ මුහුදක් කියලායි සුදුසුකම් මොනවද කියලයි , එතකොට එයා ලංකා එක ලියාපදිංචි කරන්නේ අහසේද හා නවලෝක මුදලාලි දොස්තර කෙනෙක්ද කියලා අහවුවම තමයි බාදාව ඉවත් උනේ.
    6. සිංහලෙන් හිතමින් ඉංග්‍රීසි ලිවිමේ ප්‍රශ්නය , විදේශිකයන් හෝ ලිංගික වෙනස අනුව සිදුවෙන මානසික කික් එක නිසා අතපසු වීම හෝ බදාවන් මගහරවා ගැනීමට අපෝසත් වීම.
    7. පොර්ට් සිටිය නිසා ඇතිවන වාසි - ඉක්මනට හා ලස්සනට වැඩ කිරීම හා වීම සමග රට තුල අපිත් වෙනස් විය යුතුය කියලා තරගකාරී උද්යෝගයක් ඇතිවීම. / පොර්ට් සිටියට වැඩි ආයෝජනයක් දීලා ආවට කර්මාන්ත කිරීමට බැරි නිසා රට තුල කර්මාන්ත වලට ඉල්ලුමක් ඇතිවීම. / මිලදී ගන්නා අය ලගම පොර්ට් සිටිය තුල සිටීම නිසා ඔවුන්ටම ඇවිත් කොලිටි බැලීමට හැකිවීම සල්ලි නොදී පැනයා හැකි නොවීම LC ඇර ඇර ඉන්න උවමනා නැති වීම අලුත් සිස්ටම් බ්‍රෑන්ඩ් හදුන්වා දීම් වැනි වාසි රැසකි.
    8. අවාසි , සමහර සේවා වල මිල ඉහල යෑම , සමහර නිච් සේවා සපයන්නන් එතනට රොක් වී රටතුල හිගවිය හැකි වීම , පඩි වැඩිවීමේ ට්‍රෙන්ඩ් එක හෝ සමහර රැකියා සදහා ඩිමාන්ඩ්වීම නිසා ඔවුන්ගේ මිල වැඩිවීම , කර්මාන්ත කිරීමට ඉඩක් නැති නිසා ඒ ආයෝජකයන් මුලය උපක්ක්‍රම හා රැකට් (ධම්මික පැණිය වැනි ) බාවිතා කර රටේ සල්ලි ඇදීම. අපි තාම අලුත් සිස්ටම් හා බ්‍රෑන්ඩ් වලට අනුගත් නොවීමේ අවාසිය.
    9. ලහි ලහියේ කලයුතු දේවල් - චීන බාෂාව දන්නා පොලිස් , නීති නිලධාරීන් , දොස්තරවරු , ලියන්නන් , සහ තවත් අය ඇතිකිරීම , වාහන ඇතුල් වීමේදී අය කරන ඉලෙක්ට්‍රොනික් ක්‍රමය දැන්ම හයි වේ එකේ පුරුදු වීමට ඉඩ හැරීම. ලංකාවේ සියළු ව්‍යවසායකයන්ගේ ස්කෝප් සමග නාමාවලියක් ප්‍රචලිත කිරීම. අඩුවෙන් බදු ගන්නා නිසා පොර්ට් සිටියේ ඉන්නා උදවියට රට තුලට එවිත් වියදම් කිරීමට උත්තේජනයක් සැලසෙන උපක්ක්‍රම යෙදීම. රටේ සල්ලි පොර්ට් සිටියේදී සුදූ කෙලිමට යෙදවීම වැනි (සක්විතියා වාගේ ගිහිං කාබාසිනියා වෙලා එන්නේ නැතුව) දේවල් සදහා බදාවන් කිරීම.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...