Saturday, April 3, 2021

ඇවන්ගාඩ් සමාගම විසින් විදේශිකයන්ට වෙඩි පුහුණුව ලබා දීම 3

 


https://lakshmanillangakoon.blogspot.com/2021/04/2.html?m=1

අද එතැන් සිට 

මුත් මෙම නීතිය හඳුන්වා දුන් විගසම වාගේ එංගලන්තයේ සමාගමක් විසින් වෙනත් රටක මෙම පුහුණුව ලබා දෙන්නට පටන් ගන්නා ලදී . මුහුදු ආරක්ෂක නිලධාරීන් නිතරම නෞකා වලට එකතු වන්නේත් නෞකා වලින් බැස යන්නේ ත් ගාල්ලේ නිසා මෙම පුහුණුව ගාල්ලේ යම් ස්ථානයක ඇති කළහොත් ඔවුනට  ගෙදර යන ගමන් හෝ එසේත් නැත්නම් නැවට යන ගමන් මේ පුහුණුව ලබා ගැනීමට හැකියාවක් තිබෙන නිසස් අපට මෙම ව්‍යාපාරය මුළුමනින්ම වාගේ පාලනය කරන්නට පුළුවන් බව අපට හැඟුණි .


ඇමරිකාව වගේ රටකනම් මෙය ඉතාමත් පහසුවෙන් සිදුකල හැකි ව්‍යාපාරයකි . එහි ආයුධ අලෙවිකරණ  කඩවල් තිබේ . එම ආයුධ මිලදී ගැනීමට පෙර පරීක්ෂාකර බැලීමට කඩය යට බිම් මහලේ  කුඩා ඉලක්කයට  වෙඩිතැබීමේ වෙඩි පිටියන් තිබේ . එවැනි පහසුකමක් ගාල්ල කිට්ටුව ඇති කළේ නම් අප සමාගමට ලෙහෙසියෙන්ම ම ව්‍යාපාරය පටන් ගන්නට හැකියාවක් තිබුණි .

නමුත් මේ පිළිබඳව ලංකාවේ නීති බොහෝ තදබල ය . අපි මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශ සමග සාකච්ඡා කර   ගාල්ලට සාමාන්‍යයෙන් කිට්ටුවෙන් තිබුණ විශේෂ පොලිස් අංශයට අයත් වෙඩි පිටියක් සතියකට දිනය බැගින් වෙන් කර ගත්තෙමු .  මෙම පුහුණුව ලබාදීමට ලංකාවේ හමුදාවල වෙඩිතැබීමේ පුහුණුවට දක්ෂ විශ්‍රාමලත්  නිලධාරීන් ද , ක්‍රියාදාමයට යම් අන්තර්ජාතික පෙනුමක් ලබාදීමට එංගලන්තයේ Royal marines  සේවය කර විශ්‍රාම ලත් නිලධාරියෙකු ද එකතු කර ගත්තෙමු . 


මෙහි පුහුණුව ලබා ගනීමට අවශ්‍ය මුහුදු ආරක්ෂක  නිලධාරීන්  එම මුහුදු ආරක්ෂක සමාගම් වල සේවය කරන්නන් විය යුතු වූ අතර එහෙත් සෑම දෙනකු පිළිබඳ ව ම ආරක්ෂක නිෂ්කාශන එම සමාගම්වලින් ඔවුන් සේවයේ යෙදවීම සඳහා ලබා ගත යුතුව තිබුණි . ලංකාවේ මෙලෙස මුහුදු ආරක්ෂකයන් වශයෙන් සේවය යොදවන්නන්ද මෙලෙසම ආරක්ෂක නිෂ්කාශශ්කාෂණ ලබා ගත යුතුය.


ඔවුන්ගේ වෙඩි තැබීම් පුහුණුව පවත්වන ලද්දේ නාවික හමුදාවේ ද අධීක්ෂණය යටතේ ය . අවසානයේ ඒවායේ සහතික නිකුත් කරන ලද්දේ ද නාවික හමුදාව විසිනි .


මෙම පුහුණුව ලෝකය පුරා මුහුදු ආරක්ෂක ආයතන වල ඉතාමත් ජනප්‍රිය වූයේ ඔවුන්ට තමන්ගේ ආරක්ෂකයන් වෙනම ස්ථානයකට නොයවා ගාල්ලේ දී ඔවුන් රාජකාරිය රාජකාරියෙන් රාජකාරියෙන් මුදවන අවස්ථාවෙත් රාජකාරියට එකතු වන අවස්ථාවේ ත් එක් දිනයකින් මෙම පුහුණුව කරගත හැකි වූ නිසාය .මේ පුහුණුවෙන් අප රටට හොඳ විදේශ විනිමයක් ද ලැබුනා පමණක් නොව අපේ රට පිළිබඳව යම් ගෞරවයක් ද ඔවුන් අතර ඇති වුණි. 




 


No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...