https://www.blogger.com/blog/post/edit/5060024932032172786/1139490685535323929
එතැන් සිට
“මාගේ මිනිසුන් මහත් බඩගින්නෙන් පෙලෙති”, විජය කුමරු ඇයට දැන්වූයේය. ඉන්පසු ඇය විසින් කොල්ල
කන ලද වෙළද නෞකාවල තිබූ ආහාර ගබඩාවන් විජය කුමරුට දුන්නාය.[1]
විජයගේ පිරිස බත් සහ අනෙකුත් මාලු පිනි පිළියෙල කලහ. ඔවුන් පලමුව විජය කුමරුට ආහාර පිලිගන්වා ඔවුන්ද ආහාර ගත්හ.
විජය කුමරු කුවේනියටද ආහාර පිලිගැන්වූයේය. එම ආහාර අනුභව කල ඈ මහත් සතුටට පත්විය[2]. වයස දහසයක පමණ රූමත් තරුණියකගේ පෙනුමක් ආවේශ කරගත් ඇය මනා ආභරණයන් ගෙන් සැරසී විජය වෙත ආවාය. ලොකු ගසක් මුල ඇය මනරම් යහනක් තබා එය වටා සහ උඩින් අලංකාර වියනකින් ආවරණය කලාය. විජය කුමරු එය දැක අනාගත අභිවෟද්ධිය තකා ඇය සමග යහන් ගතවිය. පිරිවර ජනයා එම කූඩාරම වටා ලැගුම් ගත්හ.
රාතී%යෙහි විජයට සංගීතයත් සමග ගී හඩක් ඇසී “ඒ ඇසෙන්නේ කවර ශබ්දයක්ද? කුවේනිය ගෙන් ඇසීය.
“සියලු යක්ෂයන් මරවා ලංකා රජය මා ස්වාමියාට දිය යුත්තේය. එසේ නොකල හොත් මේ මිනිසුන් සමග වාසය කල නිසා මගේ නෑයන් විසින් මා මරා දමනු නොඅනුමානය”. යැයි සිතූ කුවේනිය
“මෙහි ශීර්ෂ වස්තු නම් නුවරක් වෙයි. ලංකා නමැති නගරයෙහි නායකයාගේ දියණිය, ශීර්ෂ වස්තු නගරයෙහි කුමාරයෙකු හා විවාහය සඳහා මේ නගරයට පැමිණ ඇත. ඇයගේ මවද මෙහි පැමිණීමට නියමිතය. එම විවාහය සැමරීමට සත් දිනක් පැවැත්වෙන එම උත්සවය අදත් සිදුවේ. බොහෝ පිරිස් ඒ සදහා මෙහි පැමිණ ඇත. අද දින ඔවුන් විනාශ කලේ නැත්නම්, නැවත ඔවුන් විනාශ කිරීමට මෙතරම් පහසු අවස්ථාවක් නොලැබෙන්නේය.” යැයි පැවසුවාය.
“ඇහැට නොපෙනෙන ඒ යකුන් මම මරන්නේ කෙසේද?” විජය ඇසුවේය[3].
“ මම නොයෙකුත් තැන සිට
කෑ ගසමි, යම් තැනකින් ශබ්දය ඇසෙන්නේ නම්, ඒ හඩට පහර දෙනු මැනව, ආයුධය මගේ බලයෙන් ඉලක්කය වෙත යනු ඇත.” ඇය පිළිතුරු දුන්නාය.
මේ උපදේශයට අනුව කටයුතු කර විජය කුමරු, තම සේනාව සමග නගරයට පහර දී සියලු යකුන් මරා ජය ගත්තේය. මියගිය යක්ෂ රජුගේ ආභරණ තමන් පැලඳ අනෙකුත් ආභරණ තම සේනාවට ලබා දුන්නේය. කීප දවසක් එම නගරයේ වාසය කර ආපසු තම්බපන්නී[4] පෙදෙසට ගොස්, එහි තම්බපන්නී නම් නගරයක් ඉඳිකර කුවේනියත් සමග එහි වාසය කලේය[5].
මෙලෙස මේ පලාතට සහ මුලු රටටම තම්බපන්නී යන නම ඇතිවූයේ, විජය සහ පිරිස මුලින්ම වෙරළට පැමිණ විවේක ගැනීමට බිම ඉඳගෙන අත් බිම තැබූ පසු, නැවත නැගිටින විට අත් රතු පසෙන් රත්පැහැ ගැන්වී තිබුන නිසාය. සිංහබාහු රජු සිංහයා මැරූ හෙයින් ඔහුගෙන් පැවත එන විජය ඇතුලු පිරිස, සිහල ජාතිය ලෙස හැදින්වේ.
රටේ නොයෙකුත් ස්ථාන වල විජයගේ ඇමතිවරු ජනාවාස පිහිටුවන ලදි. අනුරාධ නම් ඇමතියෙකු කඩම්බ ගඟ[6] අසල අනුරාධ ගම නමින් ජනාවාසයක්ද, විජයගේ පූජකයා වූ උපතිස්ස ගම්භීර ගඟ[7] අසල උපතිස්ස ගම නම් ජනාවාසයක්ද, පිහිට වූ අතර උජේනි උරුවෙල සහ විජිත[8] ඇමතියෝ ඔවුන්ගේ නම් වලින් ගම්මාන පිහිටවූහ. මෙසේ ජනපද පිහිටුවා අවසන,
ඇමතිවරු විජය කුමරුන් ගෙන් රාජාභිෂේක වන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් විජය කුමරු රාජ වංශයේ මෙහෙසියක නොමැතිව ඔටුනු පැලදීමට නොකැමති විය.
[1]
යක්ෂනියක් කෙසේ වුවත්
මැය මුහුදු අයිනේ ජීවත්වූ, මුහුදු බත් වූ නැව්
කොල්ලකන්නන් පිරිසකගේ නායිකාව බව පෙනේ.
[2] ඉන්දියානු
රසයන්ට අනුව පිලියෙල කල ආහාර ඇයට විශේෂයෙන් රසවත් වන්නට ඇත.
[3] රෑ පහර දෙන නිසා විය හැක.
[4]
සතුරු නගරය ජයගත් පසු
එය අතහැර අලුතින් පිහිටුවා ගත් ස්ථානයකට යාම පුදුම සහගතය.
[5] මෙම නගරය අනුරාධපුරයට සැතපුම් විසි හතරක් උතුරෙන් පිහිටවූයේ යැයි ටෙනන්ට් ඇතුලු එකල ඉතිහාසඥයන් සිතූහ.
[6]
මල්වතු ඔය.
[7]
බොහෝ විට මල්වතු ඔයේ
අනුරාධපුර නගරයට සැතපුම් 8 ක් පමණ උතුරෙන් පිහිටි
දකුණු ශාඛාවක්.
[8]
අනුරාධපුර නගරයට සැතපුම් විසි හතරක් පමණ දකුණෙන් තිබෙන කලා වැව අසල
පිහිටි ස්ථානය.
No comments:
Post a Comment