Friday, November 8, 2019

20 මගේ දඹදිව වන්දනාව 20



"සර්ලා, සිංහල මිනිස්සු ලංකාවට ඇවිල්ල තියෙන්නෙ ඔරිස්සා ප්‍රාන්තයෙන් කියලා මට හොඳටම විශ්වාසයි"

ඔහු මාදෙස ටිකක් වෙලා හොඳින්  බලා සිට කීවේය. ඔහු එසේ කියන්නේ ඇයිදැයි මා ඔහුගෙන් ඇසුවෙමි.
"සර්ලගෙ පෙනුමත් ඔරිස්සා වල මිනිස්සු වගේ, කතා කරන්නෙත් ඒ විදියට, භාෂාවත් ඒ වගේමයි, උදාහරණයකට ලුණුවලට කියන්නේ ලුණු මයි" ඔහු කීවේය

මට අපේ මාර්ගෝපදේශක ඔරිස්සා වල ඉගෙන ගත් බව ඇසූ පසු, මෙම සංවාදය මතක් විය.
මට මෙම කාරණය සාක්ෂාත් කරගනු සඳහා ඔහුගෙන් යමක් අසන්නට සිතුනි.
සාමාන්‍යයෙන් භාෂාවකින් තවත් භාෂාවක් ඇතිවූයේ නම්, තවමත් සමාන වචන ඉතිරි වෙනවා නම්, ඉතිරි විය යුත්තේ බොහොමයක් සරල සහ මූලික  වචනය. ඒ නිසාම මම ඔහුගෙන් මේ වාක්‍ය ඔරියා භාෂාවෙන් කියන්නට කීවෙමි.
I eat rice


ඔහුගේ පිළිතුර එතන අසා සිටි අප සියලු දෙනාම පුදුමයට පත් කළේය.

"මා බත කනා"

BASICS OF ORIYA LANGUAGE

I-mai-mu.

we-hu-ame.

you-tum-tame.

mine or mine-mera-mora.

yours-tumhaara-tamara.

they-tumlog-tama.

theirs-unka-tankoro.

to me-mujhe-mote

මේ ඔරියා භාෂාවේ සමහර මූලික වචනයන්ය.

දැන් නැවත වරක් අපේ ගමන් කතාවට යමු,
'හ්වෙන් ත්සෑන්ග් ආපසු චීනයට යන ගමන්, බර පැටවූ අලියන් කිහිප දෙනකුද ඔහු සමඟ ගියහ. ඔහු තක්ෂිලා සිට ඔහින්ඩ් දක්වා දවස් තුනකින් ගිය ගමනේ දුර, වර්තමානයත් සමග වෙනස් වන්නට පුළුවන්කමක් නැත. ඒ නිසා තක්ෂිලා නටඹුන් තිබෙන තැන සොයන විට ඒ ප්‍රදේශයේ සෙවිය යුතුය. මෙම ස්ථානය ශා - දේරි ප්‍රදේශය තිබෙන බව පෙනේ. හරියටම කලා -කා- සරයි සිට  ගිනිකොනට සැතපුමක් දුරින් මේ නටඹුන් නටබුන් දකින්නට පුළුවන. මෙය විශාල වශයෙන් ආරක්ෂාව සඳහා ප්‍රාකාර ගොඩනැගූ  නගරයක නටබුන් වෙයි. මෙම නටඹුන් අතර වෙහෙර 55 කට වැඩියෙන්ද, ආරාම 28 ක්ද විහාර නමයක්ද ඇත්තේය'
තක්ෂිලා නගරය කුමන ස්ථානයක ඇත් දැයි cunningham ඔහුගේ ගවේෂණ වාර්තාවක අනුමාන කරන්නේ මෙලෙසය. 
දැන් පාකිස්තානේ තිබෙන එම තක්ෂිලා නටඹුන් පවා හඳුනා ගෙන ඇත්තේ මොහු විසිනි. තක්ෂිලා යන්නෙහි තේරුම කැපූ ගල් වලින් සෑදු නගරය යන්නයි.
මෙය දැනගත් පසු මගේ සිතේ පොඩි ප්‍රශ්නයක් මතුවිය. ඒ හොරණ තක්ෂිලා නම් වූ අධ්‍යාපන ආයතනයට ඒ නම ලැබුනේ කෙසේද යන්නයි. ඉන්දියාවේ තක්ෂිලා කියන්නේ විශ්ව විද්‍යාලයකට යනුවෙන් වැරදි ලෙස සිතාගෙන වත්ද?

වර්තමානයේ වුවත් බුදුන්ගේ එම ඓතිහාසික ස්ථාන හරියටම තිබෙන්නේ කුමන ස්ථාන වලද යන්න ගවේශකයන් බොහෝදෙනෙකු පරීක්ෂා කරනු ලැබේ. මම එක් ඉතිහාසඥයෙකු විසින් ලියන ලද පර්යේෂණාත්මක ලිපියක මුචලින්ද පොකුණ යයි සැකකළ හැකි පොකුණු, ගයා ප්‍රදේශයේම තුනක් තිබෙන බවට සාධක සමග පෙන්වා දී ඇති ආකාරය කියෙව්වෙමි.

තවත් මෙහි වැදගත් කාරණයක් නම් මහායාන බුද්ධාගම අදහන බොහෝ රටවල, බුදුරජුන්ගේ දුෂ්කර ක්‍රියා කළ කාලය පිළිබඳව විශේෂ උනන්දුවකින් කරුණු සොයන බවය. දැනට ඒ ඇයි සැක කරන රත්නගිරි පර්වතයමද යන්න සැක කරන පර්යේෂකයන් සිටිති. එය බොහෝවිට සුජාතා වෙනුවෙන් සාදා ඇති කෝවිලක් වැනි ආගමික ස්ථානය විය හැකි යැයි සිතන පර්යේෂකයෙකුගේ ලිපියක් මට කියවන්නටද ලැබුණි.

සියලු තැන් ඇවිද පසු මටත් හිතෙන්නේ, එම ස්ථානය දුෂ්කර ක්‍රියා කිරීමට වඩාත්ම ඉඩ තිබූ ස්ථානය බවයි.

අප ඊළඟට නරඹන්නට ගියේ බුදුරදුන් පස්වග මහණුන්ට ධර්මචක්‍ර සූත්‍රය දේශනා කළ සාරනාත් නම් සිද්ධස්ථානයයි. මෙම ප්‍රදේශය බුදුන්ගේ කාලයේ මුවන් දඩයම් කිරීමට තහනම් කළ, මුවන් සඳහා අභය භූමියක් බව කියනු ලැබේ. පස්වග මහණුන් මෙහි වාසය කරන බව දැනගෙන බුදුන් එතැනට පැමිණ, ධම්මචක්ක පවත්තන සුත්‍රය සහ අනාත්ම ලක්ඛණ සූත්‍රය ඔවුනට දේශනා කර, ඔවුන්ට තමා අවබෝධ කරගත් ධර්මය පැහැදිලි කර දුන් බව කියනු ලැබේ.

3 comments:

  1. ඔබගේ දේශාටන (භාරතයේ ) තොරතුරු මේ දක්වා සියල්ලම කියවූවා. ඒ සියල්ල අපුරුයි. පැරණි නටබුන් සහ වර්තමාන විස්තර බලන්නට යන කෙනෙකුට වටිනා උපදෙස් රාශියක් දී තිබෙනවා.
    /හොරණ තක්ෂිලා නම් වූ අධ්‍යාපන ආයතනයට ඒ නම ලැබුනේ කෙසේද?/
    ඔබ නගා තිබෙන්නේ වැදගත් ප්‍රශ්නයක්. මෙම විදුහලේ ගුරුවරයෙකු ලෙස කලක් සේවය කළ කෙනෙකු සහ ඒ පළාතේ ජීවත්වූ කෙනෙකු හැටියට මෙය මග හරින්නට බැහැ.
    කවුරුත් සිතාගෙන සිටින්නේ 'තක්සිලා' යන නම ඉන්දියාවේ 'තක්සලා' නමින් තිබුණු විශ්ව විද්‍යාලයක් අනුව තබන ලද නමක් බවයි. ඒ නම දමා තිබෙන්නේ දැනට දශක අටකට පමණ ඉහතදී.

    ReplyDelete
  2. බරණැස් නුවර සිට කුමාරවරු ඉගෙනුඟට ගියේ තක්සලා නුවර දිසාපාමොක් ලඟට නිසා, තමයි හොරණ තක්ෂිලාවට ඒ නගරයේ නම දාලා තියෙන්නේ. ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් යනාදී ඉගෙනුම්-නගර නම් අනුසාරයෙන්!

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...