ඡන්දයක ප්‍රතිඵල
නිකුත් වූ පසු ඒ ප්‍රතිඵල සිතින් විශ්ලේෂණය කිරීම අප බොහෝ දෙනෙකු කරනවා ඇතැයි මම
සිතමි. මමත් මේ වර
ප්‍රතිඵල පිළිබඳව විශ්ලේෂණයක් කරන්නට සිතුවේ ඒ නිසා වන්නට පුළුවන. ඒ ඇරත් මට big data පිළිබඳව ඉතාමත්ම ලොකු උනන්දුවක් තිබේ. යම්
ඡන්දයක් වැනි ඉලක්කම් බොහෝ ගණනක් තිබෙන, එසේම යම්
යම් පුද්ගලයන් නිසා සහ වෙනත් සාධක මගින් ප්‍රතිඵල වෙනස් වී ඇති ආකාරය, එසේම ගියවර
ප්‍රතිඵල හා සංසන්දනය කිරීම, කුමන හේතූන් නිසා මෙලෙස ප්‍රතිඵලය වෙනස්
වන්නට ඇත්දැයි සොයා බැලීම, මෙවැනි විශ්ලේෂණයකදී සිදුවිය යුතු
කරුණුය.
මගේ මේ විශ්ලේෂණය සඳහා මා මූලික වශයෙන් යොදා ගන්නේ 2015 සහ 2019 ජනාධිපති මැතිවරණයේ ප්‍රතිඵලයන්ය.
2015 මැතිවරණයේ ලියා පදිංචි වූ ඡන්ද සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන පහළොවක් වූ අතර, ඡන්දය ලබා දී ඇත්තේ මිලියන 12.123 කි. ඒ කියන්නේ ඡන්දය දමා ඇත්තේ 81.52% කි.
2019 මැතිවරණයේ ලියාපදිංචි වූ මුළු ඡන්ද ප්‍රමාණය ආසන්න වශයෙන් ඡන්ද මිලියන දාසයක් විය. එයින් ඡන්දය දී ඇත්තේ මිලියන 13.252 කි. ඡන්දය ලබා දී ඇත්තේ 83.72% කි. ඒ අනුව මෙවර 2% කට කිට්ටු ප්‍රමාණයකින් ඡන්දය ලබා දීමේ ප්‍රතිශතය වැඩි වී ඇත. මෙය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඉතාමත් හොඳ ප්‍රවණතාවයකි.
උදාහරණයකට 2016 වසරේ අමෙරිකානු ජනාධිපති ඡන්දයේදී ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 55.5% පමණි. එහෙත් මේ පිළිබඳව තවත් කරුණක් ඇමරිකානු ඉතිහාසයේ තිබේ. ඒ 1876 වසරේ ඇමරිකානු ජනාධිපති ඡන්දයේ දී ඡන්දය ලබා දීමේ ප්‍රතිශතය 81.6 % මේ ඉන් පසුව ක්‍රමයෙන් අඩු වී ඇති බවය. එයින් කියැවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩෙන විට, එසේත් නැත්නම් මුහුකුරන විට ඡන්දය ලබා දීමේ ප්‍රතිශතය ක්‍රමයෙන් අඩු වෙනවා යැයි තවත් පැත්තකින් සිතන්නට පුළුවන් බවය.
නැවතත් අපි දැන් අපේ ඡන්දය දෙස බලමු. පැරදුණු අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල මුලින් බලා ඒවා මුලින් විශ්ලේෂණය කර, ඉන්පසු ජයග්‍රාහක අපේක්ෂකයාගේ ජයග්‍රහනය ලැබුණේ කුමන සාධක වලින් දැයි පරීක්ෂා කිරීම වඩාත් පහසු යැයි මට සිතේ.
අනුර කුමාර දිසානායක ගේ ප්‍රතිඵල දෙස මුලින්ම බලමු. ඔහු මෙවර ලබාගෙන ඇත්තේ ඡන්ද 418553 කි. ඒ කියන්නේ ඡන්දය දුන් ප්‍රමාණයෙන් 3.16% කි. එම පක්ෂයෙන් 2015 ඡන්දය ඉල්ලුවේ නැති නිසා ඊට පෙර ජනාධිපතිවරණයකදී ඔවුන් ලබා ගත් ඡන්ද ප්‍රමාණය පමණක් සාකච්ඡාවට බඳුන් කිරීම ප්‍රමාණවත් යැයි සිතේ. ඔවුන් මීට පෙර ජනාධිපති ඡන්දයට මුහුණ දී ඇත්තේ දෙවරක් පමණි. 1982 ඒ සහ 1999 වසර වලදීය. ඒ දෙවරම ඔවුන් මීට වඩා ඡන්ද ලබාගෙන ඇත. ප්‍රතිශතයක් වශයෙන් ඔවුන් ලබාගෙන ඇති චන්ද්‍ර සංඛ්‍යාව 4.19 සහ 4.08 කි. මෙවර අඩුවීම 25% ක් පමණ වෙයි. ඒ කියන්නේ එය ගණනින් සුළු බවක් පෙනුනද ප්‍රතිශතයක් වශයෙන් ලොකු අඩුවීමකි.
2015 වසරේ හංසයා හෝ එසේත් නැත්නම් රාජපක්ෂ අපේක්ෂකත්වයට විරුද්ධව ඡන්දය ඉල්ලූ ප්‍රධාන අපේක්ෂකයා සිරිසේන මහතාය. ඔහු එවර ලබා ගත් ඡන්ද සංඛ්‍යාව මිලියන 6.21 ක් වූ අතර, එය මුළු ඡන්ද වලින් 51.28% ක් විය. සජිත්ගේ අපේක්ෂකත්වයට වඩා ඔහුගේ අපේක්ෂකයන්ගේ තිබූ එකම ප්‍රධාන වෙනස නම්, ඔහු සඳහා එක්රැස් වූ පෙරමුණෙහි ජනතා විමුක්ති පෙරමුණද සිටීමයි. ඒ කියන්නේ ඔහුට ලැබුණු ඡන්ද ප්‍රමාණයෙන් ලක්ෂ හතරක් පමණ අඩුවෙන් සජිත් ප්‍රේමදාසට ලැබිය යුතු බවයි. එහෙත් සජිත් ප්‍රේමදාසට මෙවර ලැබී ඇත්තේ ඡන්ද ලක්ෂ 551/2 ක් පමණි.
ඒ කියන්නේ 2015 සිරිසේනගේ සිට 2019 සජිත් වෙත එන විට ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ලක්ෂ හතර ඉවත් කළද, සජිත්ට ලැබුණු ඡන්ද ප්‍රමාණයේ ලක්ෂ තුනහමාරක පමණ අඩුවක් තිබෙන බවයි.
මේ ලක්ෂ 3 1/2අඩුවී ඇත්තේ මුළු ඡන්ද ප්‍රමාණයට අලුත් ඡන්ද මිලියනයක් පමණ එකතු වී තිබියදීත්ය. එහෙත් සජිත්ට මෙවර තිබුණ ඡන්ද ප්‍රමාණයටත් වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් වැටී තිබීමෙන් පෙනෙන්නේ එම අලුතෙන් ලැබුනු ඡන්ද වලින් කුඩා කොටසක් වත් ඔහුට ලැබී නැති බවයි. ඒවාත් නොලැබී තවත් ඡන්ද ලක්ෂ තුනහමාරක් අඩුවී ඇති නිසා පෙනෙන්නේ, මේ 3 1/2 සාමාන්‍යයෙන් ලංකාවේ පාවෙන ඡන්ද විය යුතු බවයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ඡන්ද ලක්ෂ හැට නමයකට ටිකක් වැඩියෙන් ලබාගෙන ඇත. ඒ 2015 මහින්ද රාජපක්ෂ ලබාගත් ඡන්ද වලට වඩා ලක්ෂ 12 ක වැඩිවීමකි. මෙම 12 තුළ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ පාවෙන ඡන්ද ලක්ෂ තුනහමාරත්, අලුතින් ලියාපදිංචි වූ ඡන්ද ලක්ෂ 10 ම වගේද තිබෙන බව පෙනේ.

ඊළඟ බ්ලොග් එකෙන් මෙම ප්‍රවණතාවයන්ට හේතු වූ සාධක
https://lakshmanillangakoon.blogspot.com/2019/11/2-2.html

No comments:
Post a Comment