මම පසුගිය
මාසයේ දඹදිව සංචාරයක් සඳහා ගියෙමි. ඒ පිළිබඳව දීර්ඝ ලිපි පෙලක්ද ලිව්වෙමි,
කිහිපයකින් අවසන් කරන්නට සිටියද, දවසින් දවස උනන්දුව වැඩිවූ හෙයින් බ්ලොග් 22 ක්
(වචන 11000 පමණ) ලියා, මෙම විස්තරය අවසන් කලේ තරමක අකමැත්තෙන් වන තරමට, මට එම ගමන්
විස්තරය ලියන්නට උනන්දුවක් ඇතිවී තිබුණි.
මම උපතින්ම
බෞද්ධ පුද්ගලයෙක්මි. එහෙත් ලෝකය ගැන යමක් පිළිගන්නා අවදියට පැමිණි කාලයේම; වයස 14 ක් වන විටම, නැවත
ඉපදීම සිදුවිය නොහැක්කක් බව මට වැටහුණි. එහෙත් එය 100% ක්ම පිළිගැනීමට නොහැකි නිසා,
මම හැකි සෑම අවස්ථාවකම මේ පිළිබඳව කරුණු සෙව්වෙමි. එසේ කරුණු සොයා යාමෙන්ද, මට මගේ
පිළිගැනීම වූ නැවත මිනිසුන් ඉපදීම සිදු නොවන අදහස තවත් පැහැදිලි වුවා මිස, එයට
විරුද්ධ පිළිගත හැකි අදහසක් මා දුටුවෙම නැත.
එහෙත්
බුද්ධාගමේ මුලික ඉගැන්වීම වන චතුරාර්ය සත්‍ය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය, මගේ පරම
පිළිගැනීම වන්නේය. බුදු රජුන් මම මේ ලෝකයේ වඩාත්ම ගෞරව කරන මිනිසාය. මම දඹදිව
සංචාරය සඳහා ගියෙත් බුදුන්ගේ ජීවිතය හා සම්බනන්ධ කරුණු ඇසින්ම දැක ගැනීම සඳහාය.
මම එහි
යනතෙක් මේ සියල්ල සිදුවී ඇත්තේ මෙතරම් කුඩා ප්‍රදේශයක බව සිතා සිටියේ නැත. මා
කලින් බ්ලොග් එකක පෙන්වා දුන් ආකාරයට, බුදු රජුන්ගේ මුළු ජීවිතයම සිදුවී ඇත්තේ කිලෝ
මීටර 300 x 500 භුමි ප්‍රමාණයකය. අපි දඹදිව යනුවෙන් කුඩා කාලයේ අසා ඇති එතුමාගේ
ජීවිතය ගතකල ප්‍රදේශය, මෙතරම් කුඩා ප්‍රදේශයකයි මා කිසිසේත් බලාපොරොත්තු වුයේ නැත.
නමුත් අනික් පැත්තෙන් බලන විට ලොව අනෙක් ප්‍රධාන ආගම් දෙකේ ශාස්තෘන්ද, තම ආගම් ප්‍රචාරය
කලේ මෙවන් භූගෝලීය වශයෙන් කුඩා ප්‍රදේශයන් තුලය.
බුදුන්
ඉපදුනු ශාක්‍ය ලෙස හැඳින්වෙන ජනතාව ඉන්දු ගංගා ශිෂ්ටාචාරය ආක්‍රමණය
කර මෙම ප්‍රදේශ වලට පැමිණ ඇත්තේ ඉරානයෙන් හෝ මධ්‍යම ආසියාවෙන් යයි සිතනු ලැබේ. මෙම
ශාක්‍ය ජනයාගේ පාලක පවුලක බුදුරදුන්
ඉපදෙන්නේ ලුම්බිණි උයනේදිය. ඔහුගේ මව කෝලිය ජනයාගේ දෙව්දහ නගරයේ වන අතර, පියා
කපිලවස්තුවේ සිට ශාක්‍ය ජනපදය පාලනය කරන
ශුද්ධෝදන රජුය. මේ නගර දෙක අයත්වන්නේ ශාක්‍ය සහ කෝලිය
ජනපයන්ටය.
එතුමා
හැදෙන්නේ වැඩෙන්නේ කපිලවස්තු නගරයේය. මහාමායා
දේවිය ඉපදුනු දෙව්දහ නගරය තිබෙන්නේ
වර්තමාන නේපාලයේය. එය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පවා තිබෙන දියුණු නගරයකි. එම ප්‍රදේශය
පිහිටා තිබෙන්නේ ලුම්බිණියට තරමක් උතුරට වන්නටය. කපිලවස්තුව මා පෙරත් කී පරිදි
දැන් ඉන්දියාවේ තිබෙන බව සිතා සිටියද, ඇත්තෙන්ම තිබී ඇත්තේ නේපාලයේ බව දැන් සොයා ගනිමින්
පවතී. මටත් හිතෙන්නේ එම ප්‍රදේශය තිබී ඇත්තේ නේපාලයේ කියාය.
මෙම ශාක්‍ය
ජනපදය ක්‍රිස්තු පුර්ව 7 වන සියවසේ පමණ ඇතිවූ වේද, ශිෂ්ටාචාරයේ ජනපද වලින් එකක් බව
පෙනේ. මෙලෙස ඉන්දියාවට උතුරෙන් සංක්‍රමණය වූ එඩේර කණ්ඩායම්, මේ ප්‍රදේශයේ ස්ථිර
පදිංචි කරුවන් වන්නේ බුදුන් ඉපදීමට අවුරුදු 200 කට පමණ පෙරය. ඔවුහු මෙම ප්‍රදේශ වල
පදිංචි වන්නේ මෙය විශාල තැනි තලාවක් නිසාත්, ගංගා කිහිපයක් මේ ප්‍රදේශය හරහා ගලා යාම නිසා ඇති තරම් ජලය
තිබෙන නිසාය.
බුදුන්ගේ ජීවිත
කාලයේම වාගේ මෙම ජනපදය ශ්‍රාවස්තිය අගනුවර කරගත් කෝශල ජනපදයේ බිදුදාබ රජු විසින්
ආක්‍රමණය කර තම රාජ්‍යයට එකතු කරගෙන ඇත.
බොහෝවිට බුදු රජුන් පිරිනිවන් පානා විට බුදුන් තරුණ කල ජීවත්වූ රාජධානිය නොතිබෙන්නට ඇත. මෙලෙස
ආක්‍රමණයෙන් පරාජයට පත්වූ ශාක්‍ය පිරිස් බුරුමයට නේපාලයට සහ ඉන්දියාවේ ඈත පළාත්වලට
පලාගොස් සැඟවී ඇත. නේපාලයේ දැනටත් ශාක්‍ය වාසගම පාවිච්චි කරන එසේම ශාක්‍ය වංශ
යනුවෙන් පාවිච්චි කරන පිරිස් බොහෝ ඇත.
සිද්ධාර්ථ
කුමරුන් ජීවත්වූ කාලයේ මෙම ජනපද අතර බලය ඉඩම් සහ ජලය සඳහා විශාල තරඟයක් තිබෙන්නට
ඇත. බොහෝවිට සුද්ධෝදන රජුන් සිද්ධාර්ථ කුමරු සක්විති රජ කෙනෙකු කරන්නට උත්සාහ කරන
බව බෞද්ධ පොත පතෙහි පෙනෙන්නට තිබෙන්නේද, මේ බල අරගලය නිසා විය හැක.
බුදුන් උපදින
කාලය වනවිට මෙලෙස ජනපද ලෙස පදිංචි වී අවුරුදු 200 ක් පමණ ගතවී ඇත. මෙම සශ්‍රික වූ
භූමියෙන් හොඳ පලදාවක් ලබමින්, සතුන් ඇති කරමින්, පහසු ජිවිත ගත කරති. මේ අතර බොහෝ සශ්‍රික එමෙන්ම සාර්ථක ශිෂ්ටාචාරයන්හි මෙන්ම, මෙහිද තරුණයන් ජීවිතයේ අරුත කුමක්දැයි
සිතන්නට පටන් ගනිති. හැට ගණන් වල බටහිර
හිපි සංස්කෘතිය "sophisticated;
currently fashionable; fully up-to-date ඇති වුයේද, මෙවන් පසුබිමක් තුලය බව අප අමතක කලයුතු
නොවේ.
බුදුන්ගේ
කාලයේද මෙවන් ‘තිබෙන සංස්කෘතියට විරුද්ධ සංස්කෘතියක්’ බිහිවෙමින් තිබුණි. වේද (දැනුම)
මත පදනම් වූ සංස්කෘතියක ජීවත් වූ මෙම පවතින සංස්කෘතිය පිළිනොගන්නා එසේත් නොමැතිනම්,
වෙනත් සත්‍යයක් තිබිය යුතු යැයි සිතා එය කුමක්දැයි සොයා බැලීමට උත්සාහ කරන තරුණ
කණ්ඩායමක් ඇතිවෙයි. මෙම නව පරම්පරාව හඳුවුනේ ‘ශ්‍රමණ’ යන නාමයෙනි.
මෙය වේද
සංස්කෘතියට වෙනස් සහ විරුද්ධ සංස්කෘතියක්
වූ අතර පසුකලෙක බුද්ධාගම ජෛන ආගම සහ යෝගාවචාරයට මෙම ශ්‍රමණ රැල්ල මඟ පැදු බව පෙනේ. බහුතරයක් මෙම
සත්‍ය සෙවීමේ උත්සයන්හි අරමුණ වුයේ මෝක්ෂය එසේත් නැත්නම් මෙම සසර ජිවිතයෙන් ගැලවීම
බව පෙනේ.
බුදුන් ශ්‍රමණයෙකු
වීම සඳහා කපිලවස්තු නගරයෙන් පිටත්ව යන්නේ ගයා ප්‍රදේශයටය. ඒ වර්තමාන ඉන්දියාවේ
බිහාර් ප්‍රාන්තයේ පිහිටි ගයා නගරය ආශ්‍රිත ප්‍රදේශයටය. බුදුන් මේ සත්‍ය සොයා ගමන්
කරන්නේ ඉන් ටික කලකට පසු ඔහු ජීවත්වූ කපිලවස්තු දෙව්දහ ඇතුළු ශාක්‍ය ප්‍රදේශ ආක්‍රමණය
කර අල්ලා ගන්නා කෝසල රාජධානිය වෙතටය...................
මහත්මයා ස්තූතියි ඔබේ ලිපි මාලාවට. ඔබ තුමා විචක්ශනශීලීව බුදුසමය දෙස බැලීම ඉතා හොදයි. ඔබතුමාට හැකිනම් විශුද්ධි මාර්ගය හෝ අභිධර්මය පිලිබද ඉගෙන ගන්න. සත්තකින්ම බුද්ධ දර්ශනයේ පුනරුත්පත්තියක් ගැන කියවෙන්නේ නෑ. එහි කියවෙන්නේ පුනර්භවයක් ගැනයි. අභිධර්මය තුල එය විස්තර වෙන ආකාරය ඉතාම තාර්කිකයි....මමත් කලකට ඉහත දඹදිව ගියා...ඒ ගැන ලියන්ඩ හිතුනේ ඔබේ ලිපි මාලාව දැක්කම...බුද්ධ දර්ශනය හා බුද්ධාගම අතර තියෙන වෙනස බලන්ඩ නං දඹදිවට යන්ඩ ඕන කියලයි මට හිතෙන්නේ..
ReplyDeleteවිශුද්ධි මාර්ගය වැනි අභිධර්මය ගැන ලියවුනු පොතක් පරිශීලනය කරන්න....ලෙස ඉහත වැකිය නිවැරදි විය යුතුය..
ReplyDeleteස්තූතියි ඔබේ ලිපි මාලාවට !!
ReplyDeleteපයින් යත හැකි දුරට සීමා වීම පුදුමයක් නොවේ.
ReplyDeleteවිවිධ දේශපාලනික හේතු නිසා බුදුන් ලංකාවට ද පැමිණිය බවට විවිධ ප්‍රබන්ධ කතා හාමුදුරුවරුන් විසින් ලියා ඇත. අද අපි ඒවා ඉතිහාසය ලෙස සළකමු.