Tuesday, December 4, 2018

2- ටොම් සෝයර් සහ මැල්සිරිපුර කුරුඳු වැවීම - 2




අවුල් ඇතිකර අඩපන කිරීමේ සැලසුම හරිනොයන බව දුටු ඔහු ටික වෙලාවකින් එම ප්‍රයත්නය අතහැර දමා බැකෝ එක මත නැග එහි උදව්කරුවා ලෙස රඟපෑම කරගෙන ගියේය.

ළමයින් වැඩකරන ආකාරය බලාසිටිමත් ඔවුන් කතාකරන දෑ අසා සිටීමත් ඉතාම ප්‍රිය උපදවන සුළු විය. එහි ඇතිවූ සංවිධානයද අපුරුය. තරමක් ලොකු පිරිමි ළමයෙකු විල්බැරෝ එකෙන් පැල රැගෙන ආවේය. ඊට කුඩා බොහෝ කඩිසර ළමයෙකු පැල බෙදන්නට බාරගත්තේය. ගැහැණු ළමයින් දෙදෙනා පැල සිටුවිම කළහ. ඔවුන් මේ සියල්ලක්ම කලේ එකිනෙකාට විහිලු කරගනිමින් කුඩා ක්‍රීඩාවන්ද කරමිනි. ඔවුන් පස් වැටි මතින් පැලත් රැගෙන දුවපැන වැඩයේ යෙදෙන අන්දම දුටු මට කිහිපවතාවක්ම සිතුනේ මෙවැනි දරුවන් අප රටේ ක්‍රිකට් වැනි ක්‍රීඩාවන්ට ඒමට ඉඩක් නොමැතිවීම අපගේ රටේ ක්‍රිකට් මේ වැටි ඇති තත්වයට ප්‍රධානම සාධකයක් බවයි. ඒ දරුවන් දුවපැන කඩියන් මෙන් මෙම වැඩය කරන ආකාරය බලා සිටීමත් ඇසට රසවත් දසුනකි.

ළමයිනටද දවල් ආහාර වත්තේ සිටින පවුලෙන් ලබාදී අපත් ආහාර ගෙන සවස 3 පමණ විට අවසන් කළෙමු. මක්නිසාද අපටත් වත්තේ සිට නිවාස බලයාමට පැය දෙකක් ගතවන බැවිනි. මෙවර ප්‍රථම වතාවට අප මාවතගම සරහා නොයා දොඩම්ගස්ලන්ද පාරෙන් මාතලේට ගොස් වත්තේගම හරහා යාමට පාරක් සොයාගෙන තිබු නිසා පැය දෙකක් වුවද මිට පෙර මෙම ගමනට පැය 21/2 ක් ගතවිය.
ළමයින්ටම ඔවුන් පැලකර ඇති වලවල් ගණන ගණන් කරන ලෙස කීවෙමු. ඔවුන් පැල  305 ක් සිටුවා ඇති බව ඔවුන් කීවහ. දැන් අප ගෙවිය යුතු ගණන රුපියල් 1505 ක් වුවද ළමය 4 දෙනා අතර එය බෙදීමට අපහසු නිසා ඔවුන්ට එක ළමයෙකුට රුපියල් 400 ගන්නේ රුපියල් 1600 ක් ගෙව්වෙමු.
ඔවුන් දහවල් එකට ගැසීමට සිටි, ඊයේ සිට ක්‍රීඩා කරමින් සිටින ක්‍රිකට් මැච් එක අද දහවල් එකට පටන් ගැනීමට සිටියද අද එය ඔවුන් 4 වනතුරු කල්තැබූ බවත් දැන් වහා ගොස් එය පටන්ගත යුතු බවත් කියා ඉක්මනින්ම පිටව ගියහ.

අප ආපසු දොඩම්ගස්ලන්ද පාරෙන්ම මාතලේට ගියෙමු. මෙම පාර ලංකාවේ ඇති සුන්දරම එසේම වංගු වැඩිම පාරක් වෙයි. මීටර් සියයකට වඩා කෙලින් දුරක් පෙනෙන පාරේ කොටසක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ගෙවල් ඉතාමත් අඩු එම ප්‍රදේශයේම වාගේ අක්කර දෙදාහක පමණ රජයේ වත්තක් විහිදී ඇති නිසාද එසේත් නැත්නම් එම ප්‍රදේශයේ හුණු පොරනුවල හුණු පිලිස්සිම නිසා ඇතිවන දුමාරය සෞඛ්‍යට අහිතකර නිසා ප්‍රදේශයේ මිනිසුන් පලාගොස් ඇති නිසාදැයි මම කල්පනා කලෙමි.

කෙසේ වුවද එම කඳු සහ වංගු බොහෝදුර දිස්වන අතිශය අලංකාර දර්ශන බව නොයාම බැරිය. ලොකු වංගු කිහිපයකම පාර අයිනේ රොටි කඩ දමා තිබෙන අතර අපි එකක් අසල නවත්වා සැර සම්බෝලයක් සමග රොටි කා හකුරු සමග කහට බිව්වෙමු. හකුරු 75% පමණ කිතුල් හකුරු රසය දුන්නේය. එම කඩය ළඟ සිටුවා තිබු බෝඩ් එකකින් එම ස්ථානයට තරමක් පහලින් කොරොස්ස රජ මහා විහාරය නම් පෞරාණික පන්සලක් තිබෙන බව දැක ඊළඟ වාරයේදී ටිකක් කලින් ආපසු පැමිණ එය බලන්නට යන්නට ඉටා ගත්තෙමි.
අප පසුදිනද එන බව ළමයිනට කියා පැමිණියද මට වෙනත් වැඩක් යෙදීම නිසා යාමට නොහැකි විය. ඊට පසුදින අපි නැවත වත්තට ගියෙමු. අප 9 ට පමණ වත්තට යනවිට ළමයින් පැමිණ නොසිටි නිසා අප වැඩ පටන් ගත්තෙමු. පැය බාගයකට පමණ පසු තිදෙනෙකු පැමිණ වැඩට උදව් වන්නට පටන් ගත්තහ.  දෙදෙනෙකුට; සහෝදරයෙකුට සහ සහෝදරියකට ඔවුන්ගේ ආච්චි එන්නට නොදෙන බව පැමිණි තිදෙනා පැවසූහ.
ටික වෙලාවකින් ඒ දෙදෙනාගේ බාල සහෝදරයා වේගයෙන් දුවවිත් කණ්ඩායමට එකතු වුවද ආච්චි කෝටුවක් රැගෙන ඔහු පසුපස හඹා ආවාය.  ඔහු ඉඩමේ පහලටම දිවූ නිසා අල්ලපු වත්තේ වැඩකරමින් සිටි ආච්චිට මෙම හඹායාම සඳහා බොහෝ වෙලාවක් ගතකල නොහැකි නිසාත් ඇය ඔහුට බැන ආපසු ගියාය.
500 ට පැමිණි නිසා පෝස් කලෙමි. ඉතිරිය හෙට




























































     

9 comments:

  1. http://www.exportagridept.gov.lk/web/index.php?option=com_content&view=article&id=128&Itemid=159&lang=en

    ReplyDelete
    Replies
    1. ඔව්ව කියව කියව කුරුදු වවන්න බෑ බොස්. ලක්ෂ්මන් මාමේ මෙයාවත් ගන්න වැඩට. ඔය පාරේ නිතරම සෙල්ලං කරන්න යන කොල්ලෙක් මේ.

      Delete
  2. සික්. වැඩිපුර 95 යි දීල තියෙන්නෙ. ලෝභ මසුරා. හැක්.

    ReplyDelete
  3. lamayekuta 1000k wath gewanna thibba neda

    ReplyDelete
    Replies
    1. ඒ හරියේ වැඩිහිටියෙකුට දවසක් වදකරහම ගෙවන්නෙත් රුපියල් 1300 යි.

      Delete
  4. lamayanwa rawatana eka weera kriyawak da ?

    ReplyDelete
    Replies
    1. මෙතන රැවටීමක් කෙසේවත් සිදුවී නොමැත. දියුණු රටවල සමර් ජොබ්ස් කියන්නේ මෙවැනි උදව්කිරීම් වලට මුදලක් ගෙවීමය. රැවටීමක් වන්නේ පොරොන්දු වූ මුදල නොගෙවා සිටියානම්ය. ඇත්තෙන්ම මෙවැනි ක්‍රියාකාරකම් ළමයිනට අධ්‍යාපනයකි.අත්දැකීමකි. මම දෙවැනි දින අවසානයේ ඔවුනට ළමා කතා පොත් දෙක බැගින්ද ගෙනගොස් දුන්නෙමි.

      Delete
    2. හවදුරටත් මෙම දරුවන් ගැන මට කොතරම් කරුණාවක් ඇතිවුවේද යත් මම ඔවුන් ඉගෙනගන්නා පාසල පටන්ගත් පසු එම පාසලට ගොස් එහි යම් පුස්තකාලයක් පටන්ගැන්ම වැනි කටයුත්තකටත් ඇත ගසන්නට සිතාගෙන සිටිමි

      Delete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...