Tuesday, December 18, 2018

ධනපතියන් යනු කවරහුද ?


අපේ දේශපාලනයේ බොහෝ විට ධනපති පන්තිය යන වචනය පාව්ච්චි කරනු දක්නට ලැබේ. මට අද උදේ පාන්දර 5 ට පමණ ඇහැරී ඇඳට වි උදේ 4 ට පමණ අපේ නිවසට දකුණු පැත්තෙන් ලවුඩ් ස්පිකර් එකෙන් ඇසෙන්නට පටන්ගන්නා නොයෙකුත් ආගමික ප්‍රචාරනයන්ට කන්දිහාගෙන සිටියෙමි. හැමදාම යන්නේ එකම හඬ පටියක් නිසා එයට ටික වෙලාවකට පසු කන් යොමාගෙන සිටීමට කිසිවක් නැත්තේය. ඊළඟ ශබ්ධ විකාශනය පටන්ගන්නේ උදේ 5 ට දකුණු පැත්තෙනි. එය සිදුවන්නේ පාන්දට 5 ටය. මම 05.45 ට කොහොමටත් එලාර්ම් එක තබා තිබේ. ඒ  ටෙනිස් ක්‍රීඩා කිරීමට නගරයට  යාම සඳහාය.

දැන් එතකන් කරන්නට දෙයක් නැති නිසා කල්පනා කිරීමට පටන් ගත්තෙමි. මුලින්ම ඊයේ මැල්සිරිපුර ගොස් කුරුඳු වගාවේ කල වැඩ සිහියට ආවර්ජනය විය. වැඩකළ මිනිසුන්ගේ කතාකල නොයෙකුත් ප්‍රශ්න සහ ඔවුන්ගේ; විශේෂයෙන් එම ළමයින්ගේ දුෂ්කරතා සහ ප්‍රශ්න, ඔවුන් විඳිනා දුක ගැන කල්පනා කලෙමි. අවුරුදු 11 ක් මැදපෙරදිග රැකියාව කරන මවක් සිටින දරුවෙකු මට එහිදී මුණ ගැසිණ. ඔහුගේ මව අවසාන වරට ලංකාවට පැමිණියේ කවරදාක දැයි ඇසුවෙමි. වයස 12 ක් පමණ වු හොඳ බුද්ධිමත් ළමයෙකු වුවද ඔහුට එය මතක නැත. බොහෝ කලකට පෙර යැයි ඔහු පැවසීය.

“අවුරුද්දකට ඉස්සර?” මම ඔහුට මතක කරගන්නට උදව්වක් කරන්නට හැදුවෙමි.
“ඊටත් වැඩියි” ඔහු කීවේය.
“ගීය අළුත් අවුරුද්දට පස්සෙද?” මම ඇසුවෙමි. ඔහුට එයද මතක නැත.
 “ අළුත් අවුරුද්දට පස්සෙනේ ආවේ” අසල සිටි වැඩිහිට කාන්තාවක් ඔහුට මතක් කලාය. ඔහු එයට එකඟ විය.

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට සිතුවිලි පහල වන්නේ කුමන සිතිවිල්ලක් නිසාදැයි බොහෝවිට අමතක වන නමුදු, ඇත්තෙන්ම මෙම ලංකාවේ නිතර දේශපාලනයේ කතාවෙන ධනපති පංතිය කතාව මගේ සිහියට වැටුනේ මෙම කතාව සිහිවූ විට බව මට සිතේ. ලංකාවේ ධනපතියන් යනුවෙන් අපට වර්ගීකරණය කල හැක්කේ කුමන දෑ ඇති පුද්ගලයන්ද, යනුවෙන් මට සිතුවිල්ලක් පැමිණියේය. ධනපතියෙකු ලෙස සැලකීම සඳහා කෙනෙකු පහත තත්වයන් ගෙන ඇත්තෙන්ම කොතනින් එහා සිටිය යුතුද?
1.     නිවසක් සහ වාහනයක් අයිති පවුල්
2.     නිවසක් වාහනයක් ණය නොමැතිව අයිති පුද්ගලයන්
3.     2+ තරමක මුදලක්; මිලියන 5 ක් පමණ බැංකුවක ඇති පුද්ගලයන්
4.     2+ යම් ව්‍යාපාරයකින් හෝ රැකියාවකින් මසකට රුපියල් 150000 ක් පමණ ආදායමක් ලබාගන්නා පුද්ගලයන්
5.     2+ තමන්ගේ දරුවෙකු පුද්ගලික විශ්ව විද්‍යාලයකට අධ්‍යාපනය සඳහා හැකියාව ඇත්තන්
6.     2+ තමන්ගේ දරුවෙකු වෙනත් කෙනෙකුගේ මුදල් බැංකුවේ නොපෙන්වා පිටරට උසස් අධ්‍යාපනය සඳහා යැවිය හැකි අයවලුන්
7.     2+ වසරකට අඩු ගනනේ එක වරක් වත් පිටරට නිවාඩුවකට යන්නන්
මෙම ලයිස්තුවේ අඩු 3 වන වර්ගීකරණයෙන් පහලට එන්නන් ධනපතියන් ලෙස සැලකිය හැකිද?
එසේත් නැත්නම් භෞතිකව ධනපතියන් හැරෙන්නට capitalist එසේත් නැත්නම් සිතින් ප්‍රාග්ධන (ධනවාදී යයි අපි වැරදි ලෙස පරිවර්තනය කරගෙන ඇති); එලෙස සිතන්නන් එසේත් නැත්නම් ඒ ක්‍රමය ලෝකයට වඩා ප්‍රයෝගික යයි සිතන්නන් අප ධනපතියන් ලෙස වර්ගීකරණය කල යුතුද?
ප්‍රාග්ධන න්‍යාය අනුව සිතන එහෙත් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් සිටිය හැකිද? අනෙක් පැත්තෙන් කොමියුනිස්ට් විදිහට සිතන එහෙත් ප්‍රාග්ධන න්‍යායට අනුව කටයුතු කරන පක්ෂ වලට ඡන්දය දෙන්නන් සිටිය හැකිද?
මේ සියලු සිතිවිලි එකින් එක මොලය හරහා යමින් සිටියදී 05.45 සඳහා තබා තිබු එලාර්ම් එක වැදුනි. දැන් නැගිට ලැහැස්ති විය යුතුය.

6 comments:

  1. මම ළමා කාලේ හිතපු විදිහට ධනපති වර්ගයේ පහල සීමාව ඉවරවුනේ අල්ලපු ගෙදර හිටපු සමුපකාර මැනේජර් ගෙන්, එතනින් පහල යුඑන්පි කාරයෝ හොරිකඩයෝ. එසේ වර්ග කරගන්න මට මගපෙන්වීම ලබාදුන්නේ කොමිනිස්කාරයෙක් වුනු තාත්ත ගෙන ඇත්ත පත්තර සහ සෝවියට් සාහිත්‍ය.

    ReplyDelete
  2. මෙම ගම්මානයේ ඉතා කුඩා කඩයක් තිබුනේය​. වරක් පෑනක් මිලදී ගැනීමට මම එම කඩයට ගියෙමි. මැදි වියේ මුදලාලි මාව සාදරයෙන් පිළිගත් අතර කඩය පුරා තිබෙන දිළිඳුකම මම නිරීක්‍ෂනය කලෙමි. එහි වූ එක් මැස්සක ලොසිංජර අඩංගු වීදුරු බෝතල් කීපයක් විය​. එම කඩයේ තිබූ එකම බෝල්පොයින්ට් පෑන මම මිලට ගත්තෙමි. යළි රෝහලට පැමිණි මම බෝල්පොයින්ට් පෑනේ කතාව රෝහලේ කම්කරුවෙකුට කීවෙමි. "අපෝ සර් ඕකා ධනපතියා" කියා රෝහල් කම්කරුවා මුදලාලිව හෙලා දැක්කේය​. කොලඹට දිලිඳු කඩ හිමියා ගමේදී ධනපතියන් ලෙස සැලෙකෙන බව මම එදින වටහා ගත්තෙමි.

    Read More : http://transyl2014.blogspot.com/2016/03/blog-post_20.html

    ReplyDelete
  3. ධනපතියන්, නිර්ධනපතියන් ඔක්කොම එක්කහුවෙලා ලවුඩ්ස්පීකර්පතියන්ව හම ගහනවනම් ලොකු දෙයක්

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...