Monday, December 31, 2018

සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් ඇතිවිය හැකි වාසි සහ අවාසි


ඉහත පොතෙන් උපුටා ගන්නා ලදී 

10.මෙම ගිවිසුමෙන් සිංගප්පූරු රෝහල් ලංකාවේ පිහිටවීමට ඉඩක් ලැබිය හැකිද ?
මෙම කරුණ ලංකාවේ මෙම ගිවිසුම සඳහා ඇතිවූ විරෝධතා සඳහා මුලික වී ඇති බවක් පෙනෙන්නට තිබෙන නිසා මේ ගැන තරමක් විමසිල්ලෙන් බැලීම කාලානුරුප බව පෙනේ. අප රටේ දේශපාලඥයන් , ඉහල පෙලේ ව්‍යාපාරිකයන් වැනි රජයේ මුදලින් හෝ තම මුදලින් සිංගප්පුරුවේ රෝහල් වලින් ප්‍රතිකාර ලබාගැනීමට හැකියාවක් ඇති පුද්ගලයන් එරටට ඒ සඳහා යන ප්‍රවනතාවයක් රටේ ඇතිවී තිබේ.

අනෙක් සෑම  සේවාවක් මෙන්ම දියුණු රටවල එම ප්‍රතිකාර වල තත්වය මෙරටට වඩා තත්වයෙන් ඉහල නිසාය. මෙම ගිවිසුම නිසා එලෙස සිංගප්පූරු රෝහල් වල ශාඛා මෙරට ඇතිවන්නේ නම් දැන් සිංගප්පුරුවට ප්‍රතිකාර ගැනීමට නොහැකි බොහෝ දෙනෙකුටද එම ඉහල පෙලේ ප්‍රතිකාර ලබාගැනීමට හැකිවනු නොඅනුමානය.
අතරම එම රෝහල්වල සේවය සඳහා එරටින් පැමිණිය හැක්කේ කළමනාකරුවන්ට , විධායකයන්ට සහ විසේසඥයන්ට පමණි. ඉතිරි සියලු රැකියාවන් සඳහා සේවකයන් පත්කර ගත යුත්තේ ලාංකික පුරවසියන්ගෙනි. ඒ අතරම ලංකාවේ පුද්ගලික රෝහල් වලටද මෙම රෝහල් සමග තරඟ  කිරීමට සිදුවනු ඇත.

නිදහස් තරඟය සේවාවේ තත්වය ඉහල දමන අතරම ගාස්තු පහතට දමයි. ඒ මඟින් ඒවායින් ප්‍රතිකාර ගන්නා බොහෝ අයට වඩා හොඳ සේවයක් ලැබෙනු ඇත්තේය. පුද්ගලික රෝහල් අයිතිකරුවනට හැර අනෙක් සියලු දෙනාටම මේ මගින් යහපතක් මිස අයපතක් සිදුවනු පෙනෙන්නට නැත.
දැනටමත් මාලදිවයින සහ සීෂෙල්ස් වැනි රටවලින් ලංකාවේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට පැමිනෙන්නාක්  මෙන් අප්‍රිකානු සහ කලාපයේ දුප්පත් රටවල, මුදල් ඇති අය සිංගප්පූරු තත්වයේ වෛද්‍ය පහසුකම් මෙහිදී ලබාගැනීමට ලංකාවට පැමිණීමෙන් අපට ලෝකේ විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමටද පුළුවන් වනු ඇත.

11.රටකට නිදහස් වෙළඳ ගිවිසුමකින් ඇතිවිය හැකි අවාසි මොනවාද?
සාමාන්‍යයෙන් නිදහස් වෙළඳ ගිවිසුමකින් සිදුවිය හැකි අවාසි ජාත්‍යන්තර වශයෙන් පොදුවේ  පහත ආකාරයෙන් විය හැකි යයි ඒ සම්බන්ධ විවේචනයනය කරන්නන්ගේ  අදහස බව පෙනේ.
1.     රැකියා අවස්ථා අනෙක් රට වෙත යාම -
2.     බුද්ධිමය දේපල සොරාගැනීම -
3.     කුඩා ගොවිපලවලට විශාල අන්තර්ජාතික සමාගම් සඳහා තරඟ කිරීමට නොහැකි වී වසා දැමීමට සිදුවීම -
4.     ආර්ථික වශයෙන් පහතින් සිටින රටේ දුෂ්කර රැකියා පරිසරයන් ඇතිවීම -
5.     ස්වභාවික සම්පත් විනාශ වීම -
6.     රටේ සංස්කෘතිය තර්ජනයට ලක් වීම -
7.     රජයට තීරු බදු ආදායම අඩුවීම -
8.      බලගතු ආර්ථිකයන් විසින් දුර්වල ආර්ථිකයන් මත තමන්ගේ බලය පැතිරවීමට මෙය ඉවල්විය හැකි බවයි.
9.     දෙරටේ ආර්ථික ප්‍රයෝජනවලට වඩා බලගතු රාජ්‍යයන්ගේ විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට  නිදහස් වෙළඳ ගිවිසුම් පාවිච්චි කිරීම.
10.                         ද්විපාර්ෂික  නිදහස් වෙළඳ ගිවිසුම්,  වෙළඳාම ලිබරල් කිරීමට බහු නිදහස් වෙළඳ ගිවිසුම් මෙන්ම උදව්වන්නේ නැති බවට චෝදනාවක්ද තිබේ.

දැන් අපි මෙම එක් එක් අවාසිය අප රටට මෙම ගිවිසුම හරහා කෙසේ බලපෑ හැකිදැයි සොයා බලමු.
1.රැකියා අවස්ථා අනෙක් රට වෙත යාම - මෙය සිදුවිය හැකි නම් සිදුවන්නේ වඩාත් ධනවත් එමෙන්ම වඩාත් දියුණු රාජ්‍යයේ සිට දුප්පත් එමෙන්ම නොදියුණු රාජ්‍යය වෙතටය. මක්නිසාද, කර්මාන්තශාලා විවෘත කරන සමාගම් එය සිදුකරන්නේ වෙනත් අවශේෂ කාරනා හැරුණු විට , වැඩි වැටුප් රටේ නොව සංසන්දනාත්මකව අඩුවෙන් වැටුප් ගෙවන රටේය. අප රටවල් දෙක අතුරින් අපගේ වැටුප් දල වශයෙන් සිංගප්පූරුවේ මෙන් හත් ගුණයක් වත් අඩුවෙයි.
එසේනම් යම් කෙනෙකු මෙහි තිබෙන කර්මාන්තශාලාවක් සිංගප්පුරුවට ගෙනයන්නට එහි සේවකයන් අප රටේ සේවකයන් මෙන් හත් අට ගුණයකටත් වඩා නිෂ්පාදන දක්ෂතාවයක් තිබිය යුතුය. ඒ නිසාවෙන් අප මේ කරුණ ගැන නම් බියක් ඇතිකර ගත යුතු නොවේ. ඇත්තෙන්ම පරීක්ෂා කර බලනවිට එම සංසන්දනයේ  වැඩි වෙනසක්  නොවන බව පෙනී යයි. 2013 වසරේ ගණනය කිරීම් වලට අනුව සිංගප්පුරුවේ පැයක් වැඩ කරන විට දල ජාතික නිෂ්පාදනයට එකතුවන ඩොලර් අගයෙන් ලෝකයේ 22 වන රට වෙයි. එහි එම අගය ඩොලර් 41.46 කි. ලංකාවේ එම අගය ඩොලර් 6.85 කි. අපි පසු වන්නේ 60 වන ස්ථානයේය. කෙසේ වුවත් අපට සැනසිල්ලක් ලබාගත හැකි කාරනාවක් ද මෙම ලයිස්තුවේ තිබේ. ඒ අපට පසුව සිටින බංග්ලාදේශය සහ ඉන්දියාවයි. ඔවුන්ගේ මෙම අගයන් 1.98 සහ 3.40 කි. අපට වඩා බොහෝ අඩු අගයන් වෙයි.
ඇත්තෙන්ම ප්‍රවනතාවය තිබෙන්නේ වඩා දියුණු ආර්ථිකයේ සිට දියුණුවෙන් අඩු ආර්ථිකය වෙත කර්මාන්ත ශාලා ගෙනයාමටය. විශේෂයෙන් මෙලෙස ගෙනයනු ලබන්නේ ශ්‍රමය යෙදීම මත පදනම් වුනු කර්මාන්තයන්ය. එවැනි කර්මාන්ත ශාලා අප දෙරට අතර මෙම ගිවිසුම නිසා ගෙනයන්නේ නම් සියලු කරුණු සලකා බැලු විට පැමිණිය යුත්තේ අප රටටය. ඒ නිසා මේ කරුණ සම්බන්ධයෙන් අප බියක් ඇති කර ගත යුතු නොවේ.
2.බුද්ධිමය දේපල සොරාගැනීම - මෙම අවාසිය වැඩියෙන් බලපවත්වන්නේ තාක්ෂණිකව වඩා දියුණු පාර්ශවයටය. අනෙක් වර්තමානයේ බුද්ධිමය දේපල පිළිබඳව බොහෝ නීති රීති අන්තර්ජාතිකව ඇතිවී ඇති බැවින් මෙම කරුණ එතරම් ලොකු බලපෑමක් අප දෙරට අතර ව්‍යාපාර සඳහා බලපෑමක් ඇති නොකරනු ඇත.
3.කුඩා ගොවිපලවලට විශාල අන්තර්ජාතික සමාගම් සඳහා තරඟ කිරීමට නොහැකි වී වසා දැමීමට සිදුවීම - සිංගප්පූරුව විශාල වශයෙන් ගොවිතැන් කරන රටක් නොවේ. ඔවුනට වෙනත් රටවල නිෂ්පාදන මෙම ගිවිසුම යටතේ මෙරටට එවීමද කල නොහැකිය. අනෙක් කාරණය ආහාර ද්‍රව්‍ය  ඒ නිසා මෙම කාරණය අප රටවල් දෙක අතර ගිවිසුමකට බල පෑමක් ඇති නොකරයි...........
ඉතිරිය පසුවට 

7 comments:

  1. ඈ ඔය ටිකට ඕක ගැන පොතකුත් ලිව්වද? පලකරන්න පෙර GMOA සහ වයිමන් මහතාගේ අනුමැතිය හා හැදින්වීමක් ගත්තද? නැතිනම් අහයි මේ මහත්තයාට තියන සුදුසුකම් මොනවාද මේ විෂය ගැන කියල.

    ReplyDelete
    Replies
    1. කවුරුහරි කැමති නම් මම කැමතියි ප්‍රසිද්ධ විවාදයක් වුනත් කරන්න මේ බොරු කාරයන්ට විරුද්ධව

      Delete
  2. දැනුමෙන් සහ දක්ෂතාවයෙන් අඩු විශේසඥ දොස්තර ලට විතරයි මේකෙන් කෙලවෙන්නේ. අනික විශේසඥ පුහුණුවක් නැතුව පොල් කඩන අයටත් තරමක් කෙලවෙයි. ඒ නිසා තමයි උන්ටික විරුද්ධ.

    මගේ වෘත්තියේ මට වඩා පළපුරුද්ද තියෙන අයටත් එන්න පුළුවන් වෙයි. එහෙම වුණාම මගේ වෘත්තියේ මේ රටේ තත්ත්වය ඉහල යයි. ඒක රටට හොඳයි. මගේ දැනීම වැඩි කර ගන්නත් හොඳයි.

    ReplyDelete
  3. ඒ උනාට මේක රාවණ ගෙ රට...ඒ මදිවට අවුරුදු දෙදාස් පන්සීයක ඉතිහාසේ...සිංගප්පූරුවට එව්ව මොනවත් නෑ....ඉතිං අපිට මදිකමක් නේ ඒ අයත් එක්ක ගිවිසුම් ගහන එක....රට දුප්පත් උනාට කමක් නෑ අපි ජී.එම්.ඕ.ඒ එක කියන විදිහට කරමු...ඔබතුමාත් ඔය පොත ඒකට යවලා අනුමැතිය ගත්තොත් හොදයි...නැත්නං ඔබ තුමා හිටියෙ කොටි හමුදාවෙ කියන්ඩත් බැරි නෑ...

    ReplyDelete
  4. ඒ වුනත් ඒ සිංහයා අපේ සිංහයාගේ කඩුව හොර ගත්තොතින් ...

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...