Friday, October 5, 2018

ජපාන සංචාරය 7


හි සිට 



මීට  වසට 15 කට පමණ පෙර ඇමෙරිකානු ගායිකාවක් ජපානයේ සංචාරයක් සඳහා ගොස් ආපසු පැමිණි පසු ඇය සමග ඇමෙරිකානු සඟරාවක් කල සම්මුඛ පරීක්ෂණයක් කියවූවා මට මතකය. එම සාකච්චාවේ ඇය එක තැනක තමන් වැසිකිලියට ගිය විට එහිදී ඇතිවන ශබ්ද පිටතට ඇසෙන එක වැලක්වීමට පොදු වසිකිලිවල අඩුවැඩි කල හැකි සංගීත මෙවලමක් ජපානයේ වැසිකිලි වල තිබෙන බවත් මෙතරම් පුද්ගලිකත්වය නැතිකරගත් රටක තමන්ට නම් ජිවත් වීමට නොහැකි බවත් පවසා සිටියාය.

අපි; බොහෝ ආසියානුවන් , ලැජ්ජාව ලෙස හඳුන්වන්නේ ද මෙය යයි මට සිතේ. බටහිර රටවල එම ස්වභාවිකව ඇතිවෙන වාතයක් යැවීම වැනි ශබ්ද අසල සිටින්නෙකුට ඇසීම පිළිබඳව අපි තරම් ලැජ්ජාවක් ඇතිකර ගන්නී නැත. මෙයට හොඳ උදාහරණයක් මම වරෙක කැලිෆෝනියාවේ රහස් තොරතුරු විශ්ලේෂණය පිලිබඳ  පාටමාලාවක් හදාරද්දී අත්දැක්කෙමි. වරෙක මම එම පාසලේ වැසිකිලිය පාවිච්චි කරමින් සිටියදී අල්ලපු වැසිකිලියේ බොහෝ ශබ්ද නගමින් බඩ බුරුලට වැසිකිලියට යන කෙනෙකු සිටින බව පෙනුනි. මෙය අවසන් වූ පසු මම එම පුද්ගලයාට මා දුටුවිට ලජ්ජා සිතේ යන සැකයෙන් ඔහුගේ ශබ්ද අවසන් වී ටික වෙලාවක් යනතෙක් වැසිකිලිය ඇතුලටම වී සිට ඔහු යන්නටඇතැයි අනුමාන කර විනාඩි කිහිපයක් අර එලියට බැස්සෙමි. අදෝමය ! අසල වැසිකිලියේ සිටි පුද්ගලයාද එලියට අවේ ඒ අවස්තාවෙමය.

එපමණක් නොව එසේ මහත් ශබ්දයෙන් වැඩේ කර ඇත්තේ අප පුහුණුව ලැබූ ආයතනයේ ප්‍රධානියාය. ඔහු ජෙෂ්ට කපිතාන්වරයෙකු වූ අතර මම එකල ඉතාමත් කනිෂ්ට ලුතිනන්  වරයෙකු වුයෙමි. ඔහු මා දැක සිනාසී

“ලකී කොහොමද, මම ඊයේ යාළුවන් සමග මැක්සිකන් ආපනශාලාවකින් රාත්‍රී ආහාර ගත්ත, ඒ ආහාර කොතරම් රස වුනත් ඒවාය මිරිස් සැර  නිසා පහුවෙනිදට බඩ නම් ටිකක් නරක වෙනවා” කියා අත් දෙක ඩ්‍රයර් එකට අල්ලා වේලා ගෙන  යන්නට ගියේය. ඔවුන් එවැනි ස්වභාවික දේවල් සාමාන්‍ය දේවල් ලෙස සලකති.

මම කියන්නට ගියේ ජපානයේ වැසිකිලි ගැනය. මම හිතන විදිහට වැසිකිලි සැලසුම් කිරීම සහ නඩත්තු කිරීම කලාවක් නම් ජපන්නු එහි පිකාසෝ වරුන් විය යුතුය. එහි ඕනෑම තැනක; කුඩා 7/11 එකේ සිට ඇති විශාල joyfull Honda සුපර් මාර්කට් එක දක්වා කිසිම බයක් නොමැතිව වැසිකිලිය පාවිච්චි කරන්නට ඇතුල්විය හැක්කේය. අප ගිය කුඩා කාර් සේල් එකකද මේස දෙක තුනක පාර අයිනේ ආපනශාලවකද ඉතාම පිරිසිදු එමෙන්ම නවතම උපකරණ සහිත වැසිකිලි මම පාවිච්චි කෙරුවෙමි. එපමණක් නොව පාවිච්චි කල භාණ්ඩ අලෙවිකරණ ස්ථානයකද පැමිණෙන්නන් සඳහා පොදු වැසිකිලි සපයා තිබෙන බව මම දුටිමි.

මේ සැම වසිකිලියකම පහත ඡායරුපයේ ආකාරයට කොන්ට්‍රෝල් පැනලයක් වෙයි. මෙම පැනලය මුලික වශයෙන් යොදා ගැනෙන්නේ කෘත්‍ය අවසාන කර අධෝමුඛය සෝදා ගැනීම සඳහා ජලය ජෙට් එකක් විද ගැනීම සඳහාය. එහෙත් එපමණකින් නොනැවතී ජාල පහරේ වේගය ප්‍රමාන කිහිපයකින් වැඩිකර ගැනීමට, සංගීතය දමාගැනීමට, උණුසම් වායු දහරකින් පසුපස වෙලාගනිමට, කවරය ස්වයන්ක්‍රියව වැසීමට, මසාජ් කරගැනීමට  යනාදී නොයෙකුත් උපාංග මෙම කොන්ට්‍රෝල් පැනලයට එකතු කර ඇත. අප පාසල් යන කාලයේ උඩුරාවන විහිලුවක ඔහු වරෙක එංගලන්තයට ගිය විටක මෙවැනි කොන්ට්‍රෝල් පැනලයක් සහිත ටොයිලට් එකක් පාවිච්චි කරන්නට ගොස් සිදුවූ අකරතැබ්බයක්ද මෙය දුටුවිට මට මතක් වී හාස්‍ය මුසු බියක් සිතට නැගිණ.

මටද මෙම කොන්ට්‍රෝල් පැනලයක් ගෙදර මගේ වැසිකිලියේ සවිකරගැනීමට අදහසක් පහල වී joyful Honda සුපර් මාර්කට් එකට ගොස් ඒවායේ මිල ගණන් පරික්ෂාකර බැලුවෙමි. තිබෙන කොමෝඩ් එකකටම සවිකරගත හැකි පැනලය සහ අනෙක් උපාංග පද්ධතියක් යෙන් 20000 ක් පමණ විය. නමුත් එහි බර සහ ගෙනයාමට ඇති අපහසුව සලකා කනගාටුවෙන් හෝ එම අදහස අතහරින්නට සිදුවිය.

මම මේ කතාව පටන්ගත්තේ ටෝකියෝ දුම්රිය නැවතුමේ දුටු ජපනුන්ගේ අමුතු හැසිරීමක් විස්තර කරන සිතින් වුවද ටොයිලට් ගැන කතාකරන්නට පටන්ගත් විට ඒ පිලිබඳ සිතෙහි තිබෙන සියල්ල ලින්නට යෙදුනි. ඒ මම මුත්‍රා කරන්නට එහි වැසිකිලියකට ගියවිට දුටු දෙයකි. එහි දිග පෝලිමක් තිබුණු නිසා මමද පෝලිමට එකතු වුනෙමි. ටිකකින් පෝලිම ගමන් කර මා  සිටි හරිය වැසිකිලිය ඇතුලට පැමිණියේය. ඒ තුල යුරිනල් සියල්ල පිරි තිබුනද ලොකු වැඩය කරන වැසිකිලි කිහිපයක් නිදහස්ව තිබිණ. සාමාන්‍යයෙන් ඕනෑම තැනක යුරිනල් සඳහා පෝලිමක් තිබෙන්නේ නම් අනෙක් වැසිකිලි පාවිච්චි කිරීම පුරුද්දයි. එහෙත් යම් හේතුවක් නිසා ජපනුන් එසේ කරන්නේ නැති බව මට පෙනුනි.

සමහරවිට වැසිකිලි යාමට අතිශයින් අවැසි කෙනෙකුට අවහිරයක් නොකර සිටීමට වන්නට පුළුවන.  අතිශය සංවර ජපානයේ සංවර කම වෙනුවෙන් ඕනෑම දෙයක් සිදුවන්නට පුළුවන!

3 comments:

  1. // අතිශය සංවර ජපානයේ සංවර කම වෙනුවෙන් ඕනෑම දෙයක් සිදුවන්නට පුළුවන//
    --මේක තමයි වටිනාම වාක්‍යය..

    ජපන්නු තාක්ෂනය කකුස්සියටත් ගෙනිහින් තියෙනවා කියන්න උඹේ කතාව වටිනා සාක්ෂියක්...

    --------------
    ඔන්න එහෙනම් ෆස්ට් ටයිම් මෙහෙ ගොඩවුනේ...
    ඊළඟ කතාව කියවන්න ආපහු එන්නම්...

    ReplyDelete
  2. //අපි; බොහෝ ආසියානුවන් , ලැජ්ජාව ලෙස හඳුන්වන්නේ ද මෙය යයි මට සිතේ. // නෑනේ,අපි ඕකට කියන්නේ සදාචාරය කියල, ලෝකෙටම පස්ස පෙන්නන ෆොටෝ එකක් ගහන්නෙත් ඉස්සරහ අතින් වහගෙන.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...