Saturday, May 6, 2017

චීනය හරහා දින 10 කින් - 1







පසුගිය අප්‍රේල් මස 21 වනදා මම චීනය බලා පිටත්වුනෙමි. 10 ක පමණ කණ්ඩායමක් සමග එක් පුද්ගලයෙකු සදහා රුපියල් 1,69000 ක් ගෙවා පිටත්වූ අපට සංචාරය සංවිධායක දන්වා තිබුනේ බීමට, ලොන්ඩ්‍රි, ටෙලිෂෝන්, ටිප් වැනි වියදම් හැරෙන්නට අනෙක් සියලු වියදම් මෙම ගාස්තුවේ අඩංගු වන බවය. 

අපි ගමනේ යෙදුනේ මැලේසියාවේ ගුවන් සමාගමේ ගුවන් යානයකිනි. මැලේසියානු ගුවන් සමාගමේ ගුවන් යානයකින් මේ ගමන යෙදෙන බව කිවූ විට මිතුරන් කිහිප දෙනෙකුම එය ප්‍රශ්න කිරීම එතනින්ම නවතන්නට ක්‍රියා කලේ එම ගුවන් සමාගමේ ආරක්ෂා ඉතිහාසය එතරම් හොඳ එකක් නොවුනු නිසාය. ඇත්තෙන්ම තාමත් හරි හෝඩුවාවක් නැති MH 370 ගුවන් ගමන හැරෙන්නට සිදු වූ අනෙක් අවාසනාවන්ත අනතුරු ඔවුන්ගේ කාර්යමංඩල වරදකින් සිදුවූ ඒවා නොවේ යැයි මතක් කර මම හිත හදා ගත්තෙමි. විශේෂයෙන්ම 2014 යුක්‍රේනයේ අහසේ සිදු වූ MH 17 ගුවන් යානය මිසයිල ප්‍රහාරයකින් බිම හෙලීම වැරදි තැන සිටිමෙන් සිදු වූ අභාග්‍යසම්පන්න සිදුවීමක් මිස ගුවන් සමාගමේ වැරැද්දක් නොවේ. 

බොහොමයක් සංචාරක සංවිධායකයින් මේ ගුවන් සමාගම දැන් තෝරා ගන්නේ වෙනත් සමාගම් වලට වඩා ගුවන් ටිකට් එක රුපියල් 20,000 කින් පමණ අඩු නිසා බව මට දැනගන්නට ලැබුණි. 

නමුත් මෙතන පොඩි පැටලීමක් තිබුනේත් අපගේ එදින ගමනාන්තය වූ ෂැංහයි නගරය කොරියාවට ඉතා ලගින් පිහිටා තිබීමය. කොරියාවෙත් මේ දිනවල 2014 යුක්‍රේනයේ තිබුනාක් මෙන් යුධ වාතාවරණයක් නිර්මානය වෙමින් තිබේ. එහෙත් කෙසේ හෝ අපි මැලේසියානු ගුවන් සමාගමේ යානයකින්ම ෂැංහයි වෙත ගියෙමු. 

ගමන යාමට පෙර මම එහි ගෙන යාමට චීන මුදල් ටිකක් මාරුකර ගැනීමට කල්පනා කලෙමි. චීනයේ විප්ලවය ඇතිවීමට පෙර සිටම මුදල් ඒකක වී ඇත්තේ යුආන්ය. යුආන් නොයෙකුත් කාල වකවානුවල නොයෙකුත් විශේෂණ පද වලින් හැදින්වී ඇත. 1949 කොමියුනිස්ට් විප්ලවයෙන් පසු මෙම මුදල් ‘ජනතාවගේ මුදල්‘ රෙන්මින්බී යනුවෙන් හැදින්වුවද තවමත් සාමාන්‍ය භාවිතයේ හැදින්වෙන්නේ යුආන් කියාය. 

මහනුවර HNB එකට ගොස් මුදල් මාරු කිරිමට ඇසූ විට ඔවුන් කියා සිටියේ යුආනයක් රුපියල් 22.85 ට මිලදී ගත හැකි බවත්, එයට තව 3% ක කොමිස් එකක් එකතුවන බවත්ය. එහෙත් අවාසනාවකට, මගේ වාසනාවකට ඔවුන් ලග එදින යුආන් නොමැති බවද මට ඕනෑනම් දවස් තුනකින් ගෙන්වා දිය හැකි බව කියා සිටියේය. මම පසුව මගේ කොළඹ මිතුරෙකුට මේ පිළිබඳව දැන්වූ විට ඔහු සොයා බලා මට යුආන් 22.50 ගණනේ මිලදී ගතහැකි බව දැන්වීය. නිල විදේශ මුදල් වටිනාකම 22.01 ක් වූ හෙයින් මෙම වටිනාකම ඉතාම සාධාරණ බව මම එසේ සිතුවද, මා සමග චීනයට ගිය අප කණ්ඩායමේ කෙනෙකු පසුව කථාබහකදී ඔහු පිටකොටුවේ යුආන් මිලදී ගත්තේ රුපියල් 22 ට බව කී විට මට තරමක කනගාටුවක් ඇතිවිය.   

අප 22 වන දින දහවල් ෂැංහයි ගුවන් තොටුපලට ලගා වූ පසු අපගේ ශ්‍රී ලාංකික සංවිධායකවරයා ගුවන් තොටුපලේදී අප පිලිගෙන ගුවන් තොටුපලට පැයක් පමණ දුරින් තිබූ හෝටලයකට රැගෙන ගියේය. මීට ටික කලකට පෙර පොහොසත් හෝටලයක්ව තිබූ බව පෙනුන මෙම හෝටලය බොහෝ විට දැන් පාවිච්චි වන්නේ චීනයේ නොයෙකුත් ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයේ සංචාරය සදහා පැමිණෙන චීන ජාතිකයින් බව පෙනුනි. දුම් නොබන කාමර වලද කිසිසේත් ඉවත්කල නොහැකි තද දුම් සැරකින් කාමර පිරි තිබුනි. දුම් බීම කොතරම් චීන ජාතියට බැදී ඇත්දැයි මට තේරුනේ එදිනමය. 

කාමරයේ ටික වේලාවක් සිට වයිෆයි පාස්වර්ඩ් එක ඉල්ලා ගැනීමට පහල කවුන්ටරයේ සිටි පුද්ගලයා වෙත මා ගිය විට ඔහු මුලින්ම කලේ ඔහුගේ සිගරට් පැකට්ටුව ඇර එයින් සිගරට් දෙකක් එළියට ගෙන එය මට දීමට තැත් කිරිමයි. මම දුම් නොබන බව කී විට ඔහු තරමක් මවිතයට පත්වූ බවක් මට පෙනුනි. 

අප රාත්‍රියේ  ආහාර හෝටලයේ ආපනශාලාවෙන් ගැනීමට තීරණය කර දෙවන තට්ටුවේ තිබූ ආපනශාලාව වෙත ගිය විට එය අප පුදුමයට පත් කලේය. 

එහි කාන්තාවන් දෙදෙනෙකු බාරයේ මනරම් බීම හලක් තිබුන අතර නානා වර්ගවල ඉතාම සාධාරණ ලෙස මිළ කර තිබූ චීන ඒ බීම වර්ග වලට අමතරව බ්ලැක් ලේබල් වැනි අන්තර් ජාතික බීම වර්ගද සාමාන්‍යයෙන් ඩියුටි ෆී මිළ ගණන් වලට එහි තිබිණ. අහම්බෙන් මේ දිනවල චීන සැරබීම ඉතිහාසයද විශේෂ සිදුවීමක් අපි චීනයට යාමට සතියකට පෙර චීනයේ මෝතායි බීම වර්ගය නිපදවන ක්විචෝයි මෝතායි ව්‍යාපාරය ඩොලර් බිලියන 71.5 ක වෙළඳපොල වටිනාකමක් සහිතව ලෝකයේ ලොකුම මධ්‍යසාර ව්‍යාපාරය බවට පත්විය.ඔවුන් දෙවැනි තැනට ඇද දැමූවේ ජොනීවෝකර් ආයතනයයි. චීනයේ හෝටල්වල පමණක් නොව සාමාන්‍යයෙන් බොහෝ කඩවල වෙනත් නොයෙකුත් වෙළඳ ස්ථාන වලද සැර බීම වර්ග කිසිදු බාධාවකින් තොරව මෙලෙස විකුණන බව අපට සංචාරය පුරාම පෙනෙන්නට තිබුනි. 

ආහාර ඇණවුම් කිරිමට ගිය විට එහි විකිණීමට තිබෙන සියලුම ආහාර දීසි ඡායාරූප වලින් පෙන්නා තිබූ නිසා මිස, එසේ නොමැති නම් ආහාර තෝරා ගැනීමට අපට කිසිසේත්ම නොහැකි වනවා නොවනුමානය. මක් නිසාද එහි සිටි කිසිම චීන ජාතිකයෙකු ඉංග්‍රීසි වචනයක්වත් බැරිවා සේම අප සමග සිටි කිසි කෙනෙකුට චීන භාෂාව පිළිබඳවද කිසිම අවබෝධයක් නොතිබීමය. 

චීන භාෂාව එහෙන් මෙහෙන් ලේසියෙන් ඉගෙන ගැනීමට පුලුවන් භාෂාවකුත් නොවන බව මා අසා තිබේ. ඇත්තෙන්ම චීන භාෂාවේ හෝඩියක් අපේ භාෂාවේ මෙන් නැත්තේය. එම භාෂාවේ සෑම දෙයක්ම එක් සම්මත චිත්‍රයකින් පෙන්වා දෙයි. උදාහරණයක් වශයෙන් විදුලිය හෝ කිසිවක් නොමැති යන වචන දෙක පෙන්වන්නේ පහත රූප මගිනි. 


ChineseJapanesemeaning
TraditionalSimplified
Simplified in mainland China, not Japan
(Some radicals were simplified)
電电電electricity
買买買buy
開开開open
東东東east
車车車car, vehicle
紅红紅red (crimson in Japanese)
馬马馬horse
無无無nothing
鳥鸟鳥bird
ඉතින් භාෂාව හැසිරවීමට කොතරම් එවැනි රූප මතක තබා ගත යුතුද? ඇත්තෙන්ම චීන ජාතිකයෙකුට යම් අපහසු කාර්යයක් කරන්නට ලැබුනු විට මේක අපේ භාෂාවටත් වඩා අමාරු එකක් බව කියනවා මා අසා තිබේ. 

චීන භාෂාවේ මෙවැනි රූප 50,000 ක් පමණ තිබුනද වර්තමානයේ ශබ්දකෝෂවල පෙන්වා දෙන්නේ 20,000 ක් පමණය. ඉගෙන ගත් චීන ජාතිකයෙකු රූප 8000 ක් පමණ මතකයේ තබා ගන්නා අතර 2500 ක් පමණ මතක නම් චීන පත්තරයක් කියවන්නට පුලුවන් බව දැක්වේ. 

 ආපන ශාලාවේ තිබූ අප පුදුමයට පත් කල අනෙක් උපාංගය නම් එහි විකුනන්නට තබා තිබුනු පණ පිටින් සිටි නොයෙකුත් මාළු වර්ග සහ ඉබ්බන් වර්ගය. ජලය පිරවූ වතුර ටැංකි 50 ක පමණ නොයෙකුත් වර්ගවල මාළුවන් සහ ඉබ්බන් පණ පිටින් දමා සිටි අතර, ඒ සෑම ටැංකියකම එම ටැංකියේ සිටින සතුන්ගේ මස් ග්‍රෑම් 100 ක මිළද සටහන් කර තිබුණි. 

අපි නොයෙකුත් වර්ගවල ආහාර ඇණවුම් කර චීනයේ මෙතරම් සැර බීම ලාභයැයි නොදැන මැලේසියාවේ සිට ඔසවාගෙන ගිය බ්ලැක් ලේබල් බෝතලයක්ද සමග ආහාර ගත්තෙමු. අවසානයේ ආහාර බිල අපට හිතා ගන්නටත් බැරි යුආන් 250 ක් පමණ විය. ලංකාවේ එම ආහාර වේල අපි මිලට ගත්තේ නම් අඩු තරමේ ඒවාගේ තුන් ගුණයක්වත් ගෙවිය යුතුය. අපේ බීම පාවිච්චි කරනවාට හෝ වෙනත් කිසිම දෙයකට ඔවුන්ගේ කිසිම බාධාවක් ඇති නොවුනි. අපගේ ගමන් සංවිධායක වරයාගේ මිතුරෙකු වූ චීනයේ වෛද්‍ය විද්‍යා ඉගෙන ගන්නා සිසුවෙකුට දුරකථනයෙන් කතාකර ඔහු ලවා පරිවර්තනය කරවා අවසානයේ අපි ආපන ශාලාවෙන් චීලීපේස්ට්ද සාදවා ගැනීමට සමර්ථ වූයෙමු. 

next leg

http://lakshmanillangakoon.blogspot.com/2017/05/10-2.html






13 comments:

  1. චීන බ්‍රැන්ඩි...මම ජීවිතේටම බීපු හොඳම ඩ්‍රින්ක්එක...බෝතලයක් ලංකාවෙ මුදලින් රුපියල් 920යි !

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙ බ්‍රැන්ඩිවල රහ ඇල්ලුවේ නැහැ සරත්.

      Delete
  2. Replies
    1. දැන් පලයන් චීනේ

      Delete
  3. අම්මට සිරි එච්චර අඩුවට?

    ReplyDelete
  4. එච්චර අඩුනම් මෙහෙන් චිනේ ගිහින් බිලා අවත ලාබයි

    ReplyDelete
  5. එහේ කෑම මිල ගොඩාක් අඩු තමයි. ඔය හොටල් වල වැසිකිලියක් පැත්තේ එහෙම ගියේ නැතෙයි? නහයක් තියෙන මෙලෝ එකෙකුට නම් ඒවායට යන්න බෑ. ලංකාවේ මහජන වැසිකිලි තත්වයට වඩා නරකයි. දවසක් රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා කෑමට පෙර වැසිකිලියට ගිහිල්ලා ආපු මගේ යාළුවෙක් ඒ රෙස්ටුරන්ට් එකෙන් කෑම කෑමත් එපා කියලා බඩගින්නේම හිටියා.

    ReplyDelete
    Replies
    1. ඔය බැලැක් ලේබල් රෙඩ් ලේබල් අඩුවට තිබ්බාට එවා චින උන් හොරට හදලා බොතල් වලට පුරවන එවා. චින බ‍්‍රැන්ඩි නම් අඩුවට ගන්න පුලුවන් උනත් ඒවායේ කොලිටිය ගැන නම් සහතිකයක් දෙන්න බෑ. ඒ නිසාම දෙතුන් ගමනකට වඩා චින බ‍්‍රන්ඩි බීලා නෑ. හැබැයි tsingtao කියන බියර් නම් බීලා තියේනවා.

      Delete
    2. ඔබ ලගදිද චීනයේ ගියේ, මට නම් ලෝකේ දැකපු පිරිසිදුම ඒවාගේම ඉතාමත් ඉඩ පහසුකම් ඇති වැසිකිලි පද්ධතියක් දැකලා නැහැ. ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයක හොදටම පිරිසිදු ස්ථානයට ගැලපෙන වැසිතිලියක් අනිවාර්යයෙන්ම තිබෙනවා. සමහර විට මෙය අලුතෙන් සිදුවන දෙයක් බවට මට හැගීමක් ආවා, මොකද ඒවායින් බොහොමයක්ම අලුතෙන් සාදන ලද ඒවා බව පෙනෙන්නට තිබුනා. මුලු ගමනේදිම අපිරිසිදු යැයි කියන්නට පුලුවන් වැසිකිලියක් මා දැක්කේම නැහැ. ඇත්තෙන්ම අපි බොහෝ දෙනෙක්ගේ ප්‍රශංසාවට ලක්වුන කාරණයක් මේක.

      Delete
    3. බේජිං ඔලිම්පික් වලට පෙර චින්නුන්ට වැසිකිලි පිරිසිදුව පාවිච්චි කරන්න පුරුදුකලා කියලා පත්තර වල ගියා.

      Delete
  6. බ්ලොග් එකේ අග ඇති ලින්ක් එකක්ලික් කරන්න

    ReplyDelete

The government printer'

  The Government Printer In Aluthwattha, Digana, a man could spend twenty years learning a trade and still earn less than someone who could ...