Tuesday, July 19, 2022

මගේ මහා වංශය

 

මහා වංශය ශාසන ඉතිහාසය සහ රාජ්‍ය ඉතිහාසය ලේඛන ගත කරන ලද කාව්‍ය සංග්‍රහයකි. මෙය ලියා ඇත්තේ පාලි[1] භාෂාවෙනි. මෙය ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා ගත් විට ක්‍රිස්තු පූර්ව 543 විජය රජ කාලයේ සිට ක්‍රිස්තු වර්ෂ 304 මහසෙන් රජු දක්වා දිවෙයි.

මෙහි පරිච්ඡේද පලමු වැන්නේ සිට පහ දක්වා ඉන්දියාවේ බුද්ධාගමේ ඉතිහාසය, බුදුරදුන්ගේ පිරිනිවන් පෑමේ සිට තුන්වෙනි ධර්ම සංගායනාව අවසන් වෙන තෙක් ඇතුලත් වෙයි.

අනුරාධපුරයේ මහා විහාරයේ ක්‍රිස්තු පූර්ව තුන්වෙනි ශත වර්ෂයේ සිට පවත්වා ගෙන ගිය නොයෙකුත් ලේඛන, ධාතුසේන රජු රාජ්‍ය කල ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ මහානාම හිමිනම විසින් මේ සංග්‍රහයට එකතු කර එය සාදන ලද බව කියවේ.

මතක තබා ගැනීමට පහසුවන ආකාරයෙන් වීර කාව්‍යයක් ලෙසින් කාව්‍යමය භාෂාවෙන් මෙය නිර්මාණය කර ඇත. 1837 දී ලංකා සිවිල් සේවයේ නිලධාරියෙකු හා ඉතිහාසඥයෙකු වූ ජෝර්ජ් ටර්නෝර්[2] විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද මහා වංශය 1912 දී ඉන්දියානු, ඉරාන සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ප්‍රවීනයෙකු වූ ආචාර්ය විල්හෙල්ම් ගයිගර්[3] විසින් ජර්මානු භාෂාවට පරිවර්තනය කරන ලදි. ඔහු පාලි, සිංහල සහ දිවෙහි (මාලදිවයිනේ භාෂාව) භාෂාවන් පිළිබඳ විශේෂඥයෙකුද විය.

ඉන්පසු පාලි සහ සංස්කෘත භාෂාවන් ප්‍රගුණ කල ඉංග්‍රීසි කාන්තාවක වූ ආචාර්ය මේබල් හේන්ස් බෝඩ්[4] මෙනවිය, ආචාර්ය විල්හෙල්ම් ගයිගර් සමග, මහා වංශය ජර්මන් භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කලාය. ඉන්පසු එකල රජයේ වියදමින් පෙරදිග භාෂා විශේෂඥයෙකු වූ ටී.ඩබ්ලිව්.රයිස් ඩේවිඩ්ස් මහතාගේ සභාපතිත්වය යටතේ පත් කරන ලද විශේෂඥ කමිටුවකින් සංස්කරණය කරන ලද්දේය.

මෙම කෘතිය කරන ලද්දේ එම සංස්කරණය කරන ලද ගයිගර්ගේ කෘතිය අනුසාරයෙනි. මෙම කෘතියෙන් බලාපොරොත්තු වන්නේ කියවන්නෙකුට ලංකාවේ ඉතිහාසය සම්බන්ධව පමණක් විස්තර ලබාදීමටය. එමනිසා ශ්‍රී ලංකාවේ  රාජ්‍ය ඉතිහාසයට කෙලින්ම සම්බන්ධ නොවන, ආගමික හා ශාසනික විස්තර මෙහි අඩංගු කර නොමැත. එහෙත් කථාව ගලායාමට සහ එහි අන්තර්ගතයට අත්‍යවශ්‍ය යැයි හැඟෙන එවන් විස්තර මෙයට ඇතුලත් කිරීමට සිදු විය.

[1] මගධ, මාධ්‍ය ඉන්දු ආර්ය භාෂාවක් , වර්තමානයේ පාවිච්චි වන්නේ ථෙරවාද සහ සමහර හින්දු ආගම් වල ලේඛන මෙම භාෂාවෙන් ලියවී ඇති නිසාය

[2] ඉංග්‍රීසි සිවිල් නිලධාරියෙකු වූ මොහු පළමුවෙනි පරිචේද 38 පරිවර්තනය කල පසු වයස 44 දී මියගොස් ඇත.

[3]  විල්හෙල්ම් ලුඩ්විග් ගයිගර් (1856-1943) ජර්මන් ජාතික පෙරදිග ඉන්දු-ඉරාන භාෂා සහ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව හසල දැනුමකින් යුක්ත විය. ඔහු පාලි,සිංහල සහ  දිවෙහි (මාල දිවයිනේ භාෂාව )  පිළිබඳවද විශාරදයකු විය.

[4] (1864–1922) මුලින්ම පාලි සංස්කෘත සහ බුද්ධාගම පිලිබඳ අධ්‍යයනයට ඇතුළු වූ බටහිර කාන්තාවන් කිහිපදෙනාගෙන් කෙනෙක්. රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ මුලින්ම ලිපියක් පලකල කාන්තාව

Maha Vamsaya is an anthology of Sasana history of Buddhism and  history of Srilanka.  It was written in Pali[1] language.  This dates back to the history of Sri Lanka from the time of King Vijaya in 543 BC to King Mahasen in 304 AD.

  Chapters one to five of Mahawamsa cover the history of Buddhism in India, from the Buddha's passing to the end of the Third Dharma Sangayana.

It is said that the Mahanama Thera compiled this collection in the fifth century AD during the reign of King Dhatusena, which contained many documents from the third century BC in the Great Temple, the Maha vihara  of Anuradhapura.

  It is composed in poetic language as an epic in a way that is easy to remember.  The book was translated into English in 1837 by Ceylon Civil Service officer and historian George Turnor[2], Mahawamsa was translated into German in 1912 by Dr. Wilhelm Geiger[3], an expert on Indian, Iranian and Sri Lankan history.  He was also an expert in Pali, Sinhala and Divehi (the Maldivian language).

Then Miss Dr. Mabel Haynes Bode[4], an Englishwoman who had mastered Pali and Sanskrit languages, along with Dr. Wilhelm Geiger, translated Mahavamsa from German into English.  Then it was edited by an expert committee appointed under the chairmanship of Mr. T. W. Rhys Davids, an oriental language expert at the expense of the government, at that time.

  This work is based on Geiger's edited work and it  is expected to give details to the reader only regarding the history of Sri Lanka.  Therefore, religious details that are not directly related to the state history of Sri Lanka are not included here.  But naturally, I  had to include such details as felt essential to the flow of the story and its content.

.1] Magadha, a Middle Indo-Aryan language, is used today because the scriptures of Theravada and some Hindu religions are written in this language.

  [2] An English civil servant, he died at the age of 44 after translating the first 38 chapters.

  [3] Wilhelm Ludwig Geiger (1856–1943) A German scholar well versed in the Indo-Iranian languages ​​of the East and the history of India and Sri Lanka.  He was also a scholar of Pali, Sinhala and Diva (the language of the Mala Islands).

  [4] (1864–1922) One of the first Western women to enter the study of Pali Sanskrit and Buddhism.  The first woman to publish an article in the Journal of the Royal Asiatic Society

Tuesday, July 5, 2022

රසදියෙන් ඉන්ධන සෑදීම 🤣

 යුරෝපයේ මධ්‍යතන යුගයේ medival period බොහෝ අය වෙනත් මූලික ලෝහ වර්ග වලින් රත්තරන් සෑදිය හැකි යැයි උමතුවකින් පෙළුණහ.



මේ මධ්‍යතන යුගය ලෙස හැඳින්වෙන්නේ රෝම අධිරාජයේ කඩාවැටීමේ සිට renaissance යුගය දක්වා ය.


මේ සඳහා මූලික ලෝහ වර්ග හයක් යොදාගැනීමට උත්සාහ කළහ. රසායන විද්‍යාවේ පටන්ගැන්ම මෙම විකාරය බව කියනු ලැබේ. 


රත්තරන් හැදීමට අමතරව මෙලෙස එකල පරීක්ෂණ පැවැත්වූ මෙම රසායනික ිද්‍යාඥයන් යැයි කිව හැකි පිරිස තවත් දෙයක් සොයා ගැනීමට උත්සාහ කළහ. ඒ සැමදා ජීවත් වීමට එසේත් නැත්නම් බොහෝ කාලයක් ජීවත් වීමට උපකාරී වන යම් ඖෂධයකි. Elixir නමින් හැඳින්වෙන මෙම ඖෂධය ඉන්දියාවේ තිබෙන බව සැක කළ  ඉන්දියාව ආක්‍රමණය කළ මහා ඇලෙක්සැන්ඩර් පවා ඔහු ගිය සෑම තැනකම මෙය සෙවූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. 

2000 වසර ලබන විට, අප පසුකර පැමිණි පසුගිය අවුරුදු දහසේ මිනිසා ලෙස ටයිම් සඟරාව නම් කළ ගෙන්ගිස් කාන් නැමැති මොංගෝලියානු අධිරාජයා  මේ ඖෂධය සොයා ගැනීමට බොහෝ උත්සාහ ගත් බව කියනු ලැබේ. ඔහු මේ සඳහා චීනයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු ගෙන්වාගෙන උත්සාහ කළ බවත් ඉතිහාසයේ සඳහන් වෙයි.

ය.


ලෝකයේ වෙනත් කලාප වල මෙලෙස අමරණීයත්වය ලබා දෙන ඖෂධය බොහෝ බලගතු පුද්ගලයන් විසින් සොයා ගන්නට උත්සාහ කළ ද පැරණි ශිෂ්ටාචාරයක් වන ඉන්දියාවේ මේ සඳහා එතරම් උනන්දුවක් ඇතිවූයේ නැත. මේ බොහෝ විට ේ ප්‍රදේශයේ ආගම් පුනරුත්පත්තිය තදින් විශ්වාස කළ නිසා විය හැක. එසේම නැවත ඉපදී අලුත් ජීවිතයක් ආරම්භ කළ හැකි යැයි ඔබ විශ්වාස කරනවා නම් ේ ජීවිතයේ ම ඉන්න තිබෙන අවශ්‍යතාවය කුමක්ද? වැඩිපුර පින් ටිකක් කරගෙන, දෙවියන්ට ස්තෝත්‍ර කියා, එසේත් නැත්නම් ආගමික ස්ථාන ගොඩ නංවා, බණ භාවනාවන් කරගෙන, රැස් කරගත් පින් වලින් ඊළඟ ආත්මය අවුරුදු කෝටි ගන්නත් ඇසූපිරූ සැප ඇති ිව්‍යලෝක ජීවත්වීමට පුලුවන්නම්, මේ පෘථිවිය මත දුක්ඛිත ජීවිතය තව තවත් දීර්ඝ කර ගන්නේ ඇයි?


ඉතිහාසය පුරා ඉන්දියාවත් සමග ජීවත් වූ ආගම් භාෂාව යනාදී සියල්ල ඉන්දියාවෙන් ලබාගත් අපේ සංස්කෘතියටත් මේ අදහස් ඇතුළු වන්නට ඇත.


මට මේ අදහස් සියල්ල ඔළුවට ආවේ මේ දිනවල දකින රසදිය පාවිච්චි කර න්ධන හදා ගැනීමේ යම් පරීක්ෂණයක් නිසාය.


සමහරවිට, කාර්මික යුගය පටන් ගන්නා විට අතහැර දමන ලද, රසදියෙන් රත්‍රං හදාගැනීම පිළිබඳව මේ පරීක්ෂකයාට කියවන්නට හෝ කෙනෙකුගෙන් හට ලැබී තිබෙන්නට පුළුවන.


දැන් ලංකාවේ ඉන්ධන රත්තරන් හා සමාන කිරීමට කෙනෙකු සිතට නැගීමේ වරදක් නැත. මක්නිසාද රටේ ඉන්ධන ඒතරමටම දුර්ලභ වී ඇත්තේය. 

මගේ යාළුවෙක්  මිය ගිය ආරංචිය ලැබී, ඔහුට අවසාන ගෞරවය පුද කරන්නට  යාමට මම ඊයේ සිට, ඉන්ධන ටිකක් හෝ කුලී රථයක් සෙව්වෙමි. තවමත් සොයාගැනීමට නොහැකි වුනු අතර, මම බොහෝ කණගාටුවෙන් සිටිද්දී, වෙන වැඩකට දුරකතනෙන් කතා කළ මිතුරෙකු අද හවස මා සමග යාමට පොරොන්දු විය.


මේ පරීක්ෂනයට අපි උසුළු විසුළු කරන්නට හොඳ නැත. කරන්නටම නොහැකි යයි අපි හොඳින්ම දන්නා දෙයක් වුවත් වෙන කරන්නට දෙයක් නැත්නම් උත්සාහ කර බලන එකේ වරදක් නැත.

මක්නිසාද 1895 බ්‍රිතාන්‍ය රාජකීය විද්‍යා සංගමයේ සභාපති වරයා වූ ඉංග්‍රිසි ජාතික ෞතික විද්‍යාඥ සහ ගණිතඥ lord විලියම් thomson කෙල්වින් මෙසේ කියා ඇත්තේ ය.


"වාතයට වඩා බර, කිසිම යන්ත්‍රයකට ගුවනේ ගමන් කරන්නට නොහැක"


1903 වසරේ ාසල් අධ්‍යාපනය වත් හරියට නිමා නොකළ රයිට් සහෝදරයන් වාතයට වඩා බර යන්ත්‍රයක් ගුවන් ගත කළා පමණක් නොව අඩි 120 ක ගුවන් ගමනක් ද කළහ.



Sunday, July 3, 2022

සිංගප්පූරුවේ වැසියෝ 16

 

https://lakshmanillangakoon.blogspot.com/2022/07/blog-post.html?m=1


මේ නිලධාරියා මාත් සමග මා අණදුන් නෞකාවේ මට මතක හැටියට මාස හයක පමණ කාලයක් අතිරේක නිලධාරියකු ලෙස සේවය කළේය. නාවික හමුදාවේ අතිරේක නිලධාරියෙකු කියන්නේ extra කියන එක නොවේ, additional කියන එකය. 

ඒ ුද නැවක තිබෙන සාමාන්‍ය standard නිලයන්ට අමතරව ැවේ සිටින නිලධාරීන් ද සාමාන්‍යයෙන් භාවිත වන යෙදුමයි.

ඔහු රාජකීය නාවික හමුදාවේ සේවය කරද්දී විනෝදාංශයට දඩයම් කර ඇති අතර එම කතා ඇතුළු වෙනත් බොහෝ කතා අප සතුටු සාමීචියේ යෙදී සිටියදී මා සමග කියන්නට පුරුදුව සිටියේය. 

මට මතක හැටියට බ්‍රිතාන්‍ය නාවිකයන් ්‍රිකුණාමලය නාවික තටාකාංගනය ලක් රජයට භාරදෙන විට ඔහු සේවය කර ඇත්තේ තටාකාංගනයේ යුද්ධායුධ ගබඩාවේය.  royal ceylon navy කාලයේ එහි සිදු වූ බොහෝ සිත්ගන්නා කතාවන් ඔහු මට කීවේය.

ඔහුගේ අර මා මුලින් කියූ කතාව මෙලෙසය. 


එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක එකල ඩී එස් සේනානායක අගමැතිවරයා යටතේ පළාත් පාලන ඇමතිවරයා විය. මට ඔහු කිවූ වසර මතක නැති උනත්, බොහෝ විට පනස් ගණන්වල මුල් කාලයේ . 

ඇමතිවරයා යම් වැඩකට තමන්ගේ රාජකාරි රථයෙන් ්‍රිකුණාමලයට පැමිණියේය. මෙහිදී ඔහුට නාවික හමුදා තටාංගනය තුළට යාමට සිතුනි.

ඔහු අවශ්‍ය පුද්ගලයන්ට දන්වා තටාකාංගණය වෙත ගියේය. 

තටාංගනය ගේට්ටුව අසලදී ඔහු පිළිගත් ඒ ගේට්ටුවෙ රාජකාරි කළ යම් නිලධාරියෙකු, ඔහුට ඇතුලට යාමට ඉඩ දුන් පසු, එම වාහනයේ යම් ධජයක්, දැක තටාකාංගණය බ්‍රිතාන්‍ය ාජ්‍ය කොටසක් නිසා මෙසේ වෙනත් ධජයක් සවිකර ගෙන ගෙන ඇතුලට යාමට නොහැකි බව ඔහුට දන්වා ඇත. ඔහුට ඇතුලට යාමට අවශ්‍ය නම් එම ධජය ගලවා ඇතුළට ගිය හැකි බවද පවසා ඇත.

මෙයින් කෝපයට පත් වූ ඇමතිවරයා තටාකාංගණය ඇතුලට නොයා ආපසු ගොස් ඇත. මෙම සිද්ධිය සිතේ තබාගෙන සිටි අප බණ්ඩාරනායක සිරිමතානෝ පනස් හය වසරේ අගමැති වූ වහාම බ්‍රි‍රිතාන්‍යට ත්‍රිකුණාමලයේ නාවික කදවුර සහ කටුනායක ගුවන් කදවුර ආපසු භාර දී රටින් පිටවන ලෙස ඉල්ලා සිටියේල.


සංසන්දනාත්මකව සිංගප්පූරුවේ ද මෙවැනි තත්ත්වයක් ඇති විය. සිංගප්පූරුවට  එංගලන්තයෙන් නිදහස ලැබුනේ  1959 වුවද ැලේසියාවෙනුත් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූයේ 1965 දීය.  යුද්ධයෙන් විශාල ආර්ථික අහේනියකට පත්ව සිටී එංගලන්තයට හැකි ඉක්මනින් රටෙන් පිට හමුදා කඳවුරු ඉවත් කරගෙන මුදල් ඉතිරිකර ගැනීමට ඕනෑ විය. 

එහෙත් එහි තිබුණු නාවික කදවුර සහ අනෙකුත් හමුදා පහසුකම් ඉවත් කරගෙන යනවට ස්වාධීන වූ රාජ්‍යයේ අගමැති වූ lee kuan yew තදින්ම අකමැති විය. එයට හේතු වූයේ එයින් ලැබෙන ආරක්ෂාවක් එසේම ආදායමත් කරුණු කොට ගෙන ය. 


ඔහු කීප වරක් එංගලන්තයට ගියේය. ඒ රාජ්‍ය නායකයන් මුණගැසී සාකච්ඡා කළේය. ඒ සියල්ලෙන් ම උත්සාහ කළේ හැකි තරම් කාලයක් බ්‍රිතාන්‍ය හමුදාවන් සිංගප්පූරුවේ තබා ගැනීම සඳහාය. 


එහෙත් තමන්ගේ අධිරාජ්‍ය වකවානුව දැන් අවසන් වී ඇති බව සහ ලෝකයේ අධිරාජයන් පවත්වා ගැනීමේ කාලය අවසන් වී ඇති බව අව

බෝධ කරගත් බ්‍රිතාන්‍ය එයට කෙලෙසකවත් කැමති වූයේ නැත.



සිංගප්පූරු රජය වහාම එම නාවික කදවුර සහ එහි තිබූ පහසුකම් Sembawang Shipyard Pte Ltd, ලෙස ්‍යාපාරයක් ආරම්භ කළ අතර එය කළමනාකරනය කිරීමට පත් කරන ලද්දේ ද ඒ සඳහා පුරුද්ද තිබූ බ්‍රිතාන්‍ය සමාගමකි.

සෙම්බ්කෝප් මැරීන් සමාගමය යනුවෙන් අද හැඳින්වෙන එම ්‍යාපාරය දැන් ඉන්දුනීසියාවේ ඉන්දියාවේ බ්‍රසීලයේ වැනි රටවල පවා තටාකාංගන පවත්වාගෙන යන සිංගප්පූරු රජයට අයිති සමාගමකි.

අප බ්‍රිතාන්‍යයන්ගෙන් ්‍රිකණාමලේ නාවික පහසුකම් ලබාගෙන දැන් අවුරුදු හැත්තෑවක් පමණ වෙයි, අපි තවමත් ඒ ආශ්‍රිතව සුද්දන් සෑදූ ගබඩා සංකීර්ණයට කුමක් කරන්නේදැයි පොරකමින් සිටින්නෙමු.


අප රටවල් දෙකේ වෙනස පටන් ගැනුණේ ඒ ආකාරයටය.








Friday, July 1, 2022

සිංගප්පූරුවේ වැසියෝ 15 හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනේ

 https://lakshmanillangakoon.blogspot.com/2022/06/he-news.html?m=1

මම මේ ලඟදි සිංගප්පූරුවේ සති දෙකක් ගත කළෙමි. ඒ පිළිබඳව බ්ලොග් දුසිමක් පමණ ලිව්වෙමි. සිංගප්පූරුව සහ ලංකාව බොහෝවිට සංසන්දනය කරනු අප දැක ඇත්තෙමු.

සිංගප්පූරුව ලංකාව  තරමටම දියුණු රටක් බවට පත් කිරීමට එරට පාලකයන් හැට ගණන් වල උත්සාහ කළ බවත් අවුරුදු විස්සකට පමණ පසුව ලංකාව සිංගප්පූරුවේ තත්වයට ගෙන ඒමට අප නායකයන් උත්සාහ කළ බවත් අප අසා ඇත්තෙමු. 

මේ තරමටම සිංගප්පූරුව අප පසුකරගෙන දියුණු වන්නට ප්‍රධාන හේතු මොනවාද මම බොහෝ විට කල්පනා කරන්නෙමි.

හැට ගණන් වල අප වගේ වෙන්නට සිතූ සිංගප්පූරුව දැන් වන විට ලෝකයේ දෙවනියට පොහොසත් රට බවට පත්වූයේ කෙසේද?

ඔවුනට 1965 වසරේ නිදහස ලැබෙන විට, සිංගප්පූරුවට ලෝකේ රටකට තිබිය හැකි හැම ප්‍රශ්නයක්ම වාගේ තිබුණි. නොයෙකුත් රටවල බොහෝ දැන උගත් දේශපාලන විචාරකයන් සිංගප්පූරුවට වැඩිකාලයක් ස්වාධීන රාජ්‍යයක් ලෙස ජීවත්වීමට නොව ඉඩ නොලැබෙන බවට කැට තැබූහ. 

කොමියුනිස්ට් වෘත්තීය සමිති, ඒවාට උදව් කරන මාඕ සේතුංගේ මුළු ආසියාවම කොමියුනිස්ට් වියයුතුයැයි සිතූ චීන රාජ්‍යය, කොයි මොහොතේ හෝඇවිලෙන්නට බලා සිටී චීන මැලේ සහ දකුණු ඉන්දියානු ජන කොට්ඨාස, අපරාධ කල්ලි වලින් අනූන වූ චීන මාෆියා කණ්ඩායම්, මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ තදින්ම ක්‍රියාකාරී වූ කොමියුනිස්ට් විප්ලවීය කණ්ඩායම් සිංගප්පූරුවට එකල තිබූ ප්‍රශ්න වලින් කිහිපයක් විය. ඔවුනට කියන්නට තරම් අපට මෙන් තේ පොල් රබර් වැනි ආර්ථිකයක් තිබුණේත් නැත.


නමුත් ඔවුන් පටන් ගන්නා විටම අප පටන් ගන්නා විට කළ දෙයක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත කළේය. ඒ ඒ වන විට රටේ සිටී බ්‍රිතාන්‍යය යුද හා නාවික හමුදා පිළිබඳවය.


ලංකාව නිදහස ලබා ගෙන අවුරුදු දහයක් පමණ යන විට බ්‍රිතාන්‍යය හමුදාවන්, ලංකාවෙන් පිටත් කර හැරියේය. ත්‍රීකුණාමලේ සහ කටුනායක තිබුණා බ්‍රිතාන්‍ය හමුදාවන් මෙසේ පිටත්කර හරින ලද්දේ, පනස් හයේ බණ්ඩාරනායක රජය විසිනි. 


මේ සඳහා හේතුව කුමක් විය හැකිද?


දැන් අවුරුදු විස්සකට පමණ පෙර නාවික හමුදාව නොයෙකුත් මෙහෙයුම් කිරීමට නිලධාරීන් මදි නිසා ිශ්‍රාම ගෙන සිටි නිලධාරීන් පිරිසක් නැවත සේවයට කැඳවන ලදී. මම මේ කාලයේ ඉන්දියාවේ සිට ලංකාවට කොටි බෝට්ටු පැමිණීම වළක්වා ලීමට ආරම්භ කරන ලද කොටි පොල්ල නැමැති මෙහෙයුමේ යොදවා තිබුණු පැරණි වෙළඳ නෞකාවක අණභාර නිලධාරියා වශයෙන් සිටියෙමි. මගේ නෞකාවට ද, මෙලෙස විශ්‍රාම ගත් නිලධාරියෙකු අනුයුක්ත කරන ලදී. 

ඔහු ාවිකයෙකු වශයෙන් රෝයල් සිලෝන්  නාවික හමුදාවට බැඳී කාලයක් ගත වූ පසු ලුතිනන්වරයකු බවට පත්ව විශ්‍රාම ගෙන සිටියේය.

මේ සම්බන්ධයෙන් ඔහු මට ලස්සන කතාවක් කීවේය.......... ඉතිරි කොටස හෙට

Tuesday, June 28, 2022

covid 19 එන්නත් ියන්මාරයට පරිත්‍යාග කිරීමට සිදු වූයේ ඇයි

 ලංකාවේ සෞඛ්‍යය අමාත්‍යංශය, ඩොලර් ණයට ගෙන මිලදීගත් covid 19 එන්නත් විශාල තොගයක් දැන් නොමිලේම ියන්මාරයට පරිත්‍යාග කිරීමට සංවිධානය කරමින් තිබෙන බවට ප්‍රවෘත්තියක් දැක්කෙමි. 

මෙසේ මේ තරම් ආර්ථික දුෂ්කරතාවන්ගෙන් දුක් විඳින ලංකාව ඩොලර් ණයට ගෙන මිලදී ගත් එන්නත් තොගයක් වෙනත් රටකට දීමට සිදුවීම ඉතාමත් කණගාටුදායක තත්වයකි.


එසේ සිදුව ඇත්තේ අපට නියමිත ක්‍රමවේදයකට එම එන්නත් ජනතාවට ලබාදීමට නොහැකි වූ නිසාද, එසේත් නැත්නම් අපට හරියට එන්නම් අවශ්‍යතාවය ගණන් කර ගැනීමට බැරි වූ නිසා ද? යනුවෙන් ප්‍රශ්නයක් පැනනගී.


කෙසේ වුවත් මෙම නොහැකියාව නිසා අප රටේ පුරවැසියන්ට මහත් පාඩුවක් සිදුව තිබේ. ඩොලර් නොමැතිව අන්ත දුෂ්කර තත්ත්වයට වැටී ඇති අපි දැන් ඩොලර් ණයට ගෙන මිලදීගෙන ඇති එන්නත් කල් ඉකුත් වීමට ආසන්න වීම නිසා වෙනත් රටකට නොමිලේ දීමට සිදුව ඇත්තේය.


මෙයට මාස කිහිපයකට පෙර මා උපදේශකයෙකු වශයෙන් කටයුතු කළ, සැමවිටම ලංකාව අසලින් වැටී ඇති මුහුදු මාර්ගයෙන් ්‍යාපාර කටයුතු කිරීමට උත්සුක වන, ඇවන්ට්-ගාර්ඩ් මැරිටයිම් සමාගම, මෙසේ එන්නත් තොගයක් කල් ඉකුත් වීමට යන බව දැනගන්නට ලැබී එම එන්නත් රජයෙන් මිලදී ගැනීමට සැලසුම් කරන ලද ආකාරයත්, ඒ සඳහා වැඩ කළ  ආකාරයත් මම ළඟින්ම දැක්කෙමි.


එසේ එන්නත් තොගය හා මිලදී ගැනීමට සැලසුම් කළේ ඒවා වෙළඳ නෞකාවල සේවය කරන නාවිකයන්ට ගාල්ලේ දී ලබාදීමට සැලසුමක් සකස් කර ය.


මෙම සැලසුම සකස් කරන ලද්දේ එකල covid 19 පැතිරීම නිසා, වෙළඳ නෞකාවල ගමනාගමනයට ඇතිවී තිබූ මහත් දුෂ්කරතාවයන් වැළැක්වීම සඳහාය. කලින් කතා කරගත් පරිදි ලංකාවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලය නියමිත වෙළඳ නෞකාවට නැගීමටත් එහිදී කාර්යමණ්ඩලයේ එන්නත ලබා නොගෙන ඇති සියලුම දෙනාට ලබාදීමටත්ය. නෞකාවට නැගී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ එක සාමාජිකයෙකු නෞකාව ගමන අවසානය වන වරායට ගොස් එහිදී දෙවන එන්නත ද ලබා දී ආපසු ගුවනින් පැමිණීමටද සැලසුම් කෙරුණි.


මෙම අදහස නියමිත ආකාරයට සැලසුම් කර එම සැලසුම එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ අන්තර්ජාතික සාගර සංවිධානය (international maritime organisation) වෙත දන්වන ලදුව මෙම මහඟු ්‍රියාදාමයට ඔවුන්ගේ අනුමැතිය සහ ආශිර්වාදයද ලබා දුනි. මෙවැනි වැඩ පිළිවෙලකින් රටට ලැබෙන ජාත්‍යන්තර කීර්තිය ගැන විශේෂයෙන් කිව යුතු නොවේ.


වෙළඳ නෞකා සමග යම් වැඩක් කරන විට ඒවාට ගාස්තු ලැබෙන්නේ ඩොලර් වලිනි. එපමණක් නොව එම ගෙවීම් ෝකයේ සාමාන්‍යයෙන් එවැනි කටයුතු වල දී ගෙවන ඉහළම ගෙවීම් පරාස වල පවතී. එසේම covid-19 ලෝක ආර්ථිකය ගිල ගනිද්දී, එක්සත් ජාතීන්ගේ මණ්ඩලය කිහිපයක් key workers ලෙසට නම් කළේ ඒවා නැවතුනොත් ලෝක ආර්ථිකය විශාල බිඳවැටීමකට ලක් වන නිසාය. වෙළඳ නෞකා වල නාවිකයන් ද මේ ගණයට ඇතුල් කරන ලදී.

2021 වසර ගනන් බැලීම් වලට අනුව ලෝකයේ වෙළඳ නැව් 74 දාහක, නාවිකයන් මිලියන 1.8 ක් සේවය කරති. මේ සේවාව අපට කර ගන්නට ලැබුනේ නම් ලබාගත හැකිව තිබුණු ගාස්තුව ගැන යම් අදහසක් මෙයින්ම ලබාගත හැකිය. 


දැන් මේ සියල්ල සැලසුම් කරගෙන ඒවා සඳහා අනුමැතියන් ලබාගෙන, ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම , මෙසේ එන්නත් කල් ඉකුත් වීමට යන බව පෙන්වා දී, එක් එන්නතක් $50 ගණනේ අත්පිට මුදලට මිලදී ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කළේය. සමාගම යෝජනා කළේ කල් ඉකුත් වීමට කිට්ටුවන එන්නත් 750000 මිලදී ගැනීමටය. අඩු තරමින් මෙයින් යම් කොටසක්, ලක්ෂයක් පමණ වත් මේ සඳහා නිදහස් කළේ නම් ඒ සඳහා රජයට ලැබෙන මුළු මුදල ඩොලර් මිලියන පහකි. දැන් රජය ගෑස් නැවකට ඩොලර් මිලියන 2.5 ක් ගෙවා ගන්න බැරිව ලත වෙන සැටි අපි මේ ලඟදි ප්‍රවෘත්ති වල දුටුවෙමු.

අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මේ වැඩපිළිවෙල අසාර්ථක කිරීමට තමනට හැකි සෑම උත්සාහයක්ම ගත්හ.

එසේ අකුල් හෙලා දැන් අපි ඩොලර් ගෙවා මිලදී ගත් එන්නත් වෙනත් රටකට නොමිලේ දෙන්නට සිදුවීම කොතරම් ශෝකජනකද?


මේසා විශාල පහසුවෙන්ම භාණ්ඩාගාරයට ලබා ගැනීමට හැකියාව තිබියදී එසේ නොකරන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ පිළිබඳ වගකිව යුතු නිලධාරීන් විසිනි. 


තමන්ට යම් ගණනය කිරීමක් වරදින්නට පුළුවන එහෙත් පාඩුවක් රටට නොකර එම වරද නිවැරදි කර ගන්නටත් දැක්මක් තිබිය යුතුය.






Monday, June 27, 2022

සිංගප්පූරුවේ වැසියෝ 14



 හදිසියේ සිංගප්පූරුව ගැන ලියද්දි සිහියට ආ නිසා අන්දමන් නිකොබාර් දූපත් වල පැවැත්වුනු ඉන්දියානු සාගරයේ නාවික හමුදා සුහද හමුව, පිළිබඳ මතකයන් ටිකක් ලියන්නට මට සිතුනි. 

නමුත් සිංගප්පූරුව ගැන තවත් ලියන්නට හිතේ තිබෙන නිසා මෙයත් ඒ සීරීස් එකේ ම අඩංගු කිරීමේ වරදක් නැතැයි සිතමි.



මේ සඳහා පකිස්තානය හැරෙන්නට ඉන්දියානු සාගරය අවට සෑම රටකින් ම පාහේ යුද නෞකාවන් පැමිණ තිබුණි.


කලින් කී පරිදි ශක්ති නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස ට මම ද මෙයට සහභාගි වුණෙමි.

හමුවීම යන අදහස ඇතිව ඔවුන් මෙය නම් කර තිබුනේ මිලාන් යන නමිනි. avid හින්දි චිත්‍රපට නරඹන්නෙකු මම ඔවුන් ඒ කියන්නටත් පෙර තේරුම් ගෙන නොදන්නවා සේ සිටියේ අප හින්දි ආධිපත්‍යයට යට වී ඇතැයි ඔවුන් සිතන්නට ඉඩ තිබෙන නිසා ය. 😂


කොළඹ සිට මෙම දූපත් සමූහයේ අගනුවර වෙත යාමට කිලෝමීටර් 1600ක් තිබේ. අපට මේ ගමන සඳහා දවස් හතරක් ගත විය. මෙය ඉන්දියාවෙන් බොහෝ දුරින් තිබුණ ද ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තය ට තිබෙන්නේ කිලෝ මීටර් 150 ක් පමණ දුරිනි.

දූපත් පන්සිය ගණනකින් යුත් මෙම දුපත් සමූහය තුළ ගෝත්‍ර දෙකක් ඇතුළුව ලක්ෂ තුනක පමණ ජනගහනයක් ජීවත් වෙයි.


සතියක් පමණ කල් පැවැත්වුණු මෙම සුහද හමුවේ දී  කලා සන්දර්ශන ක්‍රීඩා තරඟ සංගීත සංදර්ශන වෘතීය සාකච්ඡා නෞකා අතර අණදෙන නිලධාරීන්ගේ සංචාර සහ භෝජන සංග්‍රහ වලින් ඒ ගත කළ කාලය පිරී ඉතිරී ගියේය.


අපගේ ශක්ති නෞකාව විශාල උභයාකාර නෞකාවක් නිසා බොහෝ ඉඩ තිබුනෙන් අප මේ සුහද හමුවේ තිබෙන නොයෙකුත් අංගයන්ට ගැලපෙන පරිදි නෞකා කණ්ඩායමට අමතරව එහි තිබෙන්නට නියමිත ක්‍රීඩා අංගයන්ට ගැලපෙන පරිදි නාවික හමුදා කණ්ඩායම් වල ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ද රැගෙන ගියෙමු. ඉඩ තිබෙන පරිදි නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ දක්ෂයන් කිහිප දෙනෙකු ද මෙයට එකතු කර ගත්තෙමු.


මෙහි දී පැවැත්වුණු සෑම තරඟයක දී ම අප ඉහළින්ම ජයග්‍රහණය කරන්නට අපගේ සහජ දක්ෂකම් හැරෙන්නට ඉහත හේතුවත් පිටුවහල් වන්නට ඇත. අනෙක් රටවල නැව් වලින් පැමිණ සිටියේ නැව් කණ්ඩායම පමණක් වීම නිසා මට සමහර තරඟ නරඹද්දී ඔවුන් ගැන කනගාටුවක් ද ඇති විය.


අවසාන දිනයේ තිබූ අන්තර්ජාතික සංස්කෘතික සංදර්ශනය පෙරහුරුවට අපගේ කණ්ඩායමක සමඟ මමත් එය තිබූ තැනට ගියෙමි සමහර රටවලින් පැමිණ සිටි නැව් වල නැවියන් විසින් ඉතාමත් ආධුනික ආකාරයෙන් ලී කෙළි නැටුම් සංදර්ශන යනාදිය ඉදිරිපත් කළහ. අප කණ්ඩායම වෙස් නැටුමක් සහ සළුපාලිය අංගයක් ඉදිරිපත් කළ විට සියලු බලා සිටින්නන් මවිතයට පත්විය. ෙරහුරු වේ සංවිධාන කටයුතු භාරව සිටියේ ඉන්දියානු නාවික හමුදාවේ කපිතාන් නිලයේ වෛද්‍යවරියකි. ඇය පෙරහුරුව අවසානයේ තේ සංග්‍රහයේදී මා සමඟ මෙසේ කීවාය.

"ඔබගේ සංදර්ශනයේ ඔබ සනත් ජයසූරියගේ සියලුම හතර සහ හයේ පාරවල් එකට එකතු කර තිබෙනවා"


 එකල සනත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම දක්ෂකම් පෙන්වූ අවධිය විය යුතු බව මෙතනදී නොකිව මනාය.

මෙම බ්ලොග් එකෙහි  ඇති ඡායාරූපය අඩංගු පුවත්පත් වාර්තා වේ සිත්ගන්නාසුලු යමක් මම මෙවර එය කියවද්දී දුටුවෙමි. එහි කියා තිබුනේ පැමිණ සිටි ලංකාවේ නිලධාරීන්ගේ නම් දුටුවිට ලේඛකයාට සිතුනේ කොතරම් දෙමළ ආභාෂයක් එම නම් වලට ලැබී තිබේද යන්නයි.

මම හොඳ වෙලාවට ඒ දවස් වල මේක සම්පූර්ණයෙන් කියෙව්වේ නැත. එසේ කියෙව්වා නම් මට තරහ යාමටත් ඉඩ තිබිණ. නං නමුත් දැන් තමිල්නාඩුවේ මිනිස්සු අමාරුවෙන් සල්ලි එකතු කර අපිට කෑමේ වන නිසා ඔවුන්ගේ වාගේ නම් තිබෙන එක ගැන පොඩි සතුටක් ඇතිවන බවක් පෙනෙන්නට තිබේ.


මන්ත්‍රී වැටුප

 අර්චුනාගේ මන්ත්‍රී පඩි පිළිබඳ ප්‍රකාශය ගැන මා පළකළ පෝස්ට් එකකින් පසුව කියවූ නොයෙකුත් කොමෙන්ට් නිසා මට ඇත්තටම මන්ත්‍රී කෙනෙකුට කීයක විතර වැට...