Tuesday, May 17, 2022

ගාල්ල වරායේ භූගෝලීය වටිනාකම උපායමාර්ගික ලෙස ආර්ථිකයට යොදා ගැනීම- ඇවන්ගාඩ් ව්‍යාපෘති

 



ගාල්ල වරායේ භූගෝලීය වටිනාකම උපායමාර්ගික ලෙස ආර්ථිකයට යොදා ගැනීම- ඇවන්ගාඩ් ව්‍යාපෘති


මම ඇවන්ගාඩ් සමාගමේ උපදේශන කටයුතුවල යෙදෙද්දී, නොයෙකුත් අපට ලැබෙන යෝජනා ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳව අධ්‍යනය කර ඒ පිළිබඳව සභාපතිවරයා දැනුවත් කිරීම මගේ වෘත්තීය කටයුතු වල කොටසක් විය.

අපට වරෙක එංගලන්තයේ ්‍යාපාරික කාර්යාලය පිහිටා තිබුණු ඊශ්‍රායල් සහ ජපාන ව්‍යාපාරිකයන් පිරිසකගෙන් අපූරු ව්‍යාපාර යෝජනාවක් ලැබුණි. සමහරවිට එම යෝජනාව මම එහි සේවය කරන කාලය තුළ දුටු හොඳම යෝජනාව යැයි කියන්නට පුළුවන. එම යෝජනාවේ ඇතුළත් වූයේ ්‍රී ලංකාවේ දකුණු දෙසින් නිතිපතා ගමන් කරන වෙළඳ නෞකා වල ඇති ඒවායේ ඉන්ධන දහනය වන විට අතුරුඵලයක් ලෙස සෑදෙන, sludge oil, නෞකාවලින් ඉවත් කරගෙන ගොඩබිමට ගෙන ඒමයි. 


මෙසේ එම නෞකා වලට sludge oil ඉවත් කර ගැනීමට අවශ්‍යතාවයක් තිබෙන්නේ ඒවා නෞකාවෙන් මුහුදට ඉවත් කිරීමට පරිසර හේතු මත ඉඩ නොලැබෙන නිසාය. එසේ හෙයින් ඔවුන් එලෙස ගමන පුරා එකතු වන එම sludge oil ගමනක අවසානයේ වරායක දී ඉවත් කළ යුතුය. මේ සඳහා දියුණු වරායවල ලොකු මුදලක් ගෙවිය යුතු අතර එයට කාලයක්ද ගත වේ.

මේ නිසා මේවා ගමන අතරමඟ මුහුදෙ ඉවත් කර ගැනීමට හැකි වන්නේ නම් ඔවුනට වාසි දෙකක් අත්වේ. 

එකක් ,ගමන අවසානයේ වරායේදී ඉවත් කිරීමට තිබෙන තෙල් ප්‍රමාණය බොහෝ අඩු වීම වන්නේය. දෙවැන්න එලෙස මගදී නෞකාව සැහැල්ලු කර ගැනීමට හැකි නම්, නැවේ පිළිස්සෙන ඉන්ධන ප්‍රමාණය අඩු කර ගත හැකි වීම ය. 

මෙම වාසි ලැබෙන නිසා ගාල්ලේ දී මෙලෙස ගමන අතරමඟ sludge oil ඉවත් කර ගැනීමට ඔවුනට හැකියාව ලැබෙන්නේ නම් ඉවත් කරන එක ටොන් එකක් සඳහා ඩොලර් පනහකට වැඩි ගාස්තුවක් ගෙවීමට එම නෞකාවලින් ැමැත්ත ප්‍රකාශ කර තිබිණ. 

මෙම ව්‍යාපාරික යෝජනාවේ තිබුනේ කුඩා නැව් දෙකක් පාවිච්චි කර ගමනේ අතරමඟ ගමනේ යෙදෙද්දී ම sledge oil  ගාල්ල වරායට රැගෙනවිත් බවුසර් මගින් ඒවා පිරිපහදු සංකීර්ණයක් වෙත රැගෙන යාමයි. එම පිරිපහදු සංකීර්ණය ගොඩනැගීමද ෙම ව්‍යාපෘතියේ කොටසක් විය. මෙම සංකීර්ණයේ දී  එසේ ලබාගත් පිරිපහදුවට ලක්කර එම sludge oil, diesel oil, cooking gas සහ ශුද්ධ කාබන් බවට පරිවර්තනය කර ගැනීම ්‍යාපාරය ඉතිරි කොටස විය. මේ සඳහා ිරිපහදු යන්ත්‍ර ජපානයෙන් පැමිණීමට නියමිතව තිබුණු අතර ඒවායින් කිසිම පරිසර හානියක් සිදු නොවන බවට ඔවුන් සහතික කර තිබිණ.


අපි මේ සඳහා   යෝජනාවක් සකස් කර, පහත සඳහන් රාජ්‍ය ආයතන වලින් අවසර ලබා ගත්තෙමු. මේ සෑම රාජ්‍ය ආයතනයකින්ම අවසර ලබා ගැනීමට ඒවාට ගැළපෙන අන්දමෙන් වෙන වෙනම යෝජනා සකස් කර ගැනීමට සිදු වූ අතර එම සෑම රාජ්‍ය ආයතනයකම අනුමැතිය ලබාගැනීමට සභාපති වරයා සහ මම පුද්ගලිකවම එම ආයතන වලට කිහිප වතාවක් ගියෙමු.

1.වරාය සහ නාවික අමාත්‍යාංශය

 2. සභාපති ්‍රී ලංකා වරාය අධිකාරිය

 3. ශ්‍රී ලංකා රේගුව

 4. ශ්‍රී ලංකා සාගර ආරක්ෂක ආයතනය

 5.  මධ්යම පරිසර අධිකාරිය

මෙම ආයතන වල පස් වෙනි එක ඇරෙන්නට, අනෙක් ආයතන වල අනුමැතිය ලබා ගැනීමට අපට හැකි විය. මධ්යම පරිසර අධිකාරිය මේ සඳහා අනුමැතිය ලබාදීමට මෙහි පිරිපහදුව පවත්වාගෙන යන ස්ථානය ඔවුනට දැනගැනීමට අවශ්‍ය බව, කියා සිටියහ. 

මේ පිළිබඳව කටයුතු කරගෙන යාමේදී ්‍රශ්නයක් පැන නැගිණි.......


ලංකාවේ සෑම දිනකම පාහේ පැවැත්වෙන විරෝධතා සහ පෙළපාලි නිසා මෙම ආයෝජකයන් අපගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණි. ඒ මෙම පිරිපහදුව ගොඩනැඟීමට ඒ සඳහා විශේෂයෙන් වෙන් කළ රජයේ යම් කර්මාන්ත කලාපයක් තුළ, භූමියක් ලබා ගත යුතු බවයි. එසේ නොමැති නම් අප පිරිපහදුව ගොඩනැගීමට ලබා ගන්නා ඉඩම අවට ගම්වල මිනිසුන් විශේෂයෙන්ම මෙය විදේශීය සමාගමක් විසින් කරන නිසා විරෝධතා දැක්වීමට බොහෝ ඉඩකඩ තිබෙන බවයි. 

මේ සඳහා ඉඩම ලබා ගැනීමට ගාල්ල අසල පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කාර්මික කලාපයක ඉඩමක් ලබා ගැනීමට අපි තීරණය කළෙමු. අප සමාගමේ සේවය කරන මීට පෙර ඇමතිවරයෙකුගේ පුද්ගලික ලේකම් වරයෙකුව සිටි මෙවැනි වැඩ වලට ඉතාමත් දක්ෂ නිලධාරියෙකු ේ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයට යැව්වෙමු. ඔහු අප වෙත රැගෙන ආවේ කනගාටුදායක ආරංචියකි. ඒ ,එම කර්මාන්ත කලාපය අවට ගම්වාසින් විසින් අල්ලාගෙන ඇති නිසා එයින් ඉඩමක් ලබාගැනීමට හැකියාවක් නොමැති බවය. 

ඉන්පසු මේ සඳහා ආයෝජන මණ්ඩලයේ ගාල්ල අවට තිබෙන කලාපයේ මේ සඳහා ඉඩමක් ඉල්ලා ගැනීමට, මේ නිලධාරියා ම පිටත් කළෙමු. 

ඔවුන් කියා සිටියේ මෙම කර්මාන්තයෙන් නිපදවෙන නිෂ්පාදන බොහොමයක් පිටරටට අපනයනය නොකරන නිසා ඔවුන්ට මේ සඳහා වෙළඳ කලාපයේ ඉඩමක් ලබා දීමට නොහැකි බවය. අපනයනය කරන්නේ නිෂ්පාදනයෙන් සුළු කොටසක් වන ශුද්ධ වූ කාබන් පමණක් වුව ද ඉතිරි නිෂ්පාදන සියල්ල, ලංකාවට පිටරටින් විදේශ විනිමය වැය කර ගෙන්වන, අමුද්‍රව්‍ය නිසා මෙම ව්‍යාපෘතිය විදේශ විනිමය ඉතිරි කිරීමෙන්, ප්‍රතිඵල ගත් විට, අපනයනකට  හා සමාන බව අප කියා සිටියද එය පිළි ගැනුණේ නැත.


විදේශීය ආයෝජකයන් යම් ්‍යාපෘතියක මුදල් යෙදවීමට පැමිණෙන්නේ එය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙන බවට බලාපොරොත්තු තබා ගනිමිනි. මක්නිසාද ඒ මුදල් ආයෝජනය කිරීමට බලාපොරොත්තුව සිටින්නන්  ආයෝජනයක මුදලේ යෙදවීමට පරක්කු වන්නේ නම් එම මුදල් වෙනත් ආයෝජනයක යෙදවීමට ඔවුන්ට ඉඩ තිබෙන නිසා ය. 

දැන් අපි මෙසේ පරක්කු වන විට ම ආයෝජකයන්ගේ උනන්දුව ක්‍රමයෙන් අඩු විය. අවසානයේ අපට යමක් කර ගන්නට බැරි පුද්ගලයන් පිරිසක් යැයි ඔවුන් සිතුවා වෙන්නටත් පුළුවන. කෙසේ හෝ කල් ගතවන විට එම ආයෝජකයන්ගේ මෙය ව්‍යාපෘතියට තිබුණ උනන්දුව අඩුවී ගියේය.

 





Tuesday, May 3, 2022

ඇවන්ගාඩ් ව්යාපෘති 2

 යෝජනාව සකස් කර අවසන් වූ පසු එය ිදුලිබල අමාත්‍යාංශයට සහ පුනර්ජීවන විදුලිබල අමාත්‍යංශය ට ඉදිරිපත් කළෙමු. ලංකාවේ විදුලි බල පද්ධතියට පසුගිය දශකයේ පමණ විදුලි බල ජනකයන් එකතු නොකිරීම නිසා අප විදුලිබල හිඟයකට ඉක්මනින්ම මුහුණපාන්නට සිදුවන බවට බොහෝ දෙනා එකල කියමින් සිටි නිසා මේ යෝජනාව, විශේෂයෙන්ම රජයේ මුදල් ද වැය නොවන නිසා, දුටු සැනින් ක්‍රියාත්මක කරනු ඇතැයි අපි බලාපොරොත්තු වූයෙමු. 

ටික කලක් බලා සිටියද කිසිදු පිළිතුරක් නොලැබුණි. 

මෙයින් විශ්මයට පත් වුණු අපි මේ ගැන සාකච්ඡා කළෙමු. ඉන්පසු නිශ්ශංක දිනයක් සහ වේලාවක් යොදාගෙන මමත් සමඟ සුවිනීත බල ඇමතිවරයා හමුවීමට ගියේය. 

ඔහු ඉතා සාදරයෙන් අප පිළිගත්තේය. ඒ කාලේ ප්‍රධාන මාතෘකාවක් ව තිබුණු ධම්මික පැණිය ගැන අප බොහෝ වෙලාවක් කතා කළෙමු. ඉන්පසු අපේ යෝජනාව ගැන කතා කළ අතර ඔහු ඒ ගැන බලවත් උනන්දුවක් දැක්වීය. 

නිලධාරීන් කිහිපදෙනකු ද ගෙන්වා මේ පිළිබඳව සාකච්ඡා කළ ඔහු දුරකතනයකින් තවත් නිලධාරියෙකුට ද මේ පිළිබඳව පැහැදිලි කළේය.

ඉන් පසු කාන්තාවක් එතැනට ගෙන්වා, අපත් සමග මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරන ලෙසට ඇයට දන්වා සිටියේය.

මේ අතර මෙම ව්යාපෘතියේ අප සමාගමට ලැබෙන්නා වූ කොටස 10% ක් බව ඊශ්රායල සමාගම ප්‍රකාශ කර සිටියද අප සාකච්ඡා කර එය සියයට 15 දක්වා වැඩි කර ගත්තෙමු.


මෙවැනි ව්‍යාපෘති අනුමත කරන්නේ සහ ඒවා සම්බන්ධීකරණය කරන්නේ සුවිනීත බලාධිකාරිය නිසා ෙම ව්‍යාපෘතිය ඒ හරහා යා යුතු බව පැවසූ එම සම්බන්ධීකාරක අපගේ යෝජනාව ඔවුනටද ඉදිරිපත් කරන ලෙස මට දන්වා සිටියාය. අප එසේ කළ ද කිසිවක් සිදු වනවා පෙනෙන්නට තිබුණේ නැත. කිහිප වරක් මතක් කිරීමෙන් පසුව, මට එම සභාපති වරයා සමග මුණගැසීමත් පිළියෙල කරන්න බව මෙම කාන්තාව මට දන්වා සිටියාය. ඇයද මා සමග එතැනට යාමට එන බවද පැවසුවාය.

දින කිහිපයකට පසුව මම එම සාකච්ඡාව සඳහා එතනට පැමිණිය නමුදු එම සම්බන්ධීකාරක සාකච්ඡාවට පැමිණ සිටියේ නැත. මම ගොස් එහි සභාපති වරයා මුණ ගැසුනෙමි. ඔහු සාකච්ඡාවේදී මට කියා සිටියේ මේ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරන්නට ඔවුන් බලාපොරොත්තු වන බවත් එසේ ටෙන්ඩර් කැඳවන විට අපට ඔහු දන්වා සිටින බවත්ය. 

එසේ සූර්ය බල ශක්තිය ජනනය සඳහා ටෙන්ඩර් කැඳවන්නේ නම්, අඩු තරමෙන් මුහුදු රැල්ලෙන් විදුලිය ජනනය කිරීමේ ියමු ව්‍යාපෘතියට වත් ඉඩක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටියෙමි. 

එහෙත් එයට වත් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණේ නැත. නිස්සංක මේ පිළිබඳව රජයේ නොයෙකුත් පුද්ගලයන්ට කතා කළ ද මාස ගණනක් තිස්සේ සිය ගණනකට මේ පිළිබඳව පැහැදිලි කර සිටියද, අපට සිතාගත නොහැකි හේතු නිසා ෙම ව්‍යාපෘතියට කොල එලියක් ලැබුණේ නැත. 

අපගේ මෙම ව්‍යාපෘතිය සාර්ථක  වුවා නම්, අද අපේ ජාතික විදුලි ධාරිතාවය මෙගාවොට් 500 කින් වැඩිවනු අතර බොහෝ දිනවල ලංකාවේ විදුලිය කපන්නට සිදු වන්නේත් නැත. එය නැති කර ගත්තේ රජයේ සහ නිලධාරීන්ගේ උනන්දුවක් නැතිකම නිසාය, එසේත් නැත්නම් උනන්දුව ඇති කරන යමක් අප විසින් ඔවුනට පෙන්වූයේ නැති නිසාය. 

මේ පාඩුවට අමතර ව, මෙගාවොට් 25 ුහුදු රැල්ලෙන් ක්‍රියාකරන ජනකය නියමු ව්‍යාපෘතියක් ලෙස ්‍රියාත්මක කළේ නම්, එහි සාර්ථකත්වය මත අපට ඒ පැත්තෙනුත් බොහෝ දුරක් යාමට අවස්ථාවක් මේ හරහා ලබා ගැනීමට ඉඩ තිබුණි. 

ඔවුන් ටෙන්ඩර් කැඳවා හෝ නොමැතිව ිශාල සූර්‍ය බල පද්දති එකක්වත් සිදුකර ඇත්දැයි මට නම් දැනගන්නට ලැබී නැත. මේ ලඟදි මගේ මිතුරකු ඔහුගේ ඇමරිකාවේ සිටින මිතුරෙකු මෙලෙසම රජයට ඉදිරිපත් කළ සූර්ය බල ජනන පද්ධතියක යෝජනාවක් මා වෙත එව්වෙ මේ පිළිබඳව මා උනන්දුවක් දක්වන බව දැනගෙනය. ඒවාටත් කිසිම ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නොමැත.

මේ අපේ ලොකුම ප්‍රශ්නයයි, හොඳ දෙයක් හරි දෙයක් දුටු විට බොහෝ හේතු කියමින් රතු පටි ඇත්තේ නැත්නම් අලුතෙන් වියමන් කර හෝ ඒවා ට පුළුවන් තරම් බාධා ඇති කිරීමයි.

ඇවන්ගාඩ් ව්‍යාපෘති

 මම නාවික හමුදාවෙන් ිශ්‍රාම ගෙන ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් ඇමති සමාගමේ උපදේශකවරයෙකු වශයෙන් සේවයට එක් වුණෙමි.


අවුරුදු දෙකක් කොළඹ නැවතී සේවය කළ අතර ඉන්පසු සමාගමේ මගේ, පූර්ණ කාලීන සේවයේ අවශ්‍යතා අඩුවූ හෙයින් සහ මගේ ස්ථිර වාසස්ථානය මහනුවර වූ බැවින් ම නිවසේ සිට අවශ්‍යතාවයක් ඇති වූ විට පමණක් කොළඹට පැමිණ සේවය කිරීමට පටන්ගත්තෙමි. 


එසේ මගේ  සේවයෙ යම් අවශ්‍යතාවයක් පැමිණ ඇති බව තීරණය කළේ නිස්සංක වූ අතර ඔහු මා එවර පැමිණ කොළඹ සිටිය යුත්තේ දවස් කීයක් ද යන්න ද මට දන්වා මට කොළඹ යාමට වාහනයක් එව්වේය.



මෙවැනි අවස්ථාවල මම වැඩ කළේ ඔහුගේ නිවසේ සිට: නිවාස සංකීර්ණයේ කීවොත් වඩා සුදුසු යැයි සිතේ, ඔහු මට කොළඹ නැවතීමට ද සුදුසු ස්ථානයක් පිළියෙල කර දුන්නේ ය. මෙවැනි අවස්ථාවල බොහෝ විට මම දවල්ට කෑවේ ඔහුත් සමග ය. කොස් පොලොස් දෙල් කරෝල හොදි ,ගැමි එළවළු වලින් මේ ආහාර මේසය සංයුක්ත වී තිබුණු අතර, "කොච්චර සල්ලි තිබ්බත් දවසකට කන්ඩ පුළුවන් වේල් තුනයි" ඔහුගෙන් ආහාර ගනිද්දී නිතර කියවුණු වදනක් විය.


මම මේ ලියන්න යන කතාවට මුල්වූ එදින මම ඔහුගේ නිවසට යන විට ඔහු මා එනතුරු බලා සිටියේය. ඔහුගේ නිවසේ ඇති කාර්‍යාලයට මාව රැගෙන ගියේ ය. එහි කාන්තාවක් වාඩිවී සිටියාය. ඔහු මට ඇය හඳුන්වා දී, මා සමග ඇයගේ යෝජනාව පිළිබඳව සාකච්ඡා කරන ලෙස ඇයට දන්වා, වෙනත් වැඩකට එතැනින් නික්ම ගියේය.

ඇය ඊශ්‍රායල් ජාතික කාන්තාවක් වූ අතර, ඇය පැමිණ සිටියේ යෝජනා කිහිපයක් රැගෙන ය. එයින් පළමුවැන්න වූයේ ගාල්ල වරායේ භූගෝලීය පිහිටීම පාවිච්චිකර එතනින් ගමන් කරන නෞකා හා සම්බන්ධව ව්‍යාපාරයක් පිළිබඳව ය. දෙවැන්න සුනීත බල ජනනය කිරීම සඳහා වූ ව්‍යාපෘති දෙකකි. 


ගාල්ලේ වරාය හා සම්බන්ධ වූ සාගරික ව්‍යාපෘතිය ඉතා දීර්ඝ සහ සංකීර්ණ වූ එකක් බැවින් මම මෙහි පළමුවෙන්, සුනීත බල ව්‍යාපෘති පිළිබඳව ලියන්නට සිතුවෙමි.

ඇයගේ එම යෝජනාවේ පළමු වැන්න ලංකාවේ වියළි කලාපයේ තිබෙන, වැව් කිහිපයක සූර්ය කෝෂ එලා, ඒවායින් සූර්ය බලය ජනනය කිරීමයි. අනෙක් ව්‍යාපෘතිය වූයේ මුහුදු ජලයේ ස්වභාවික චලනයෙන්, විදුලි බලය නිපදවීමයි.


මෙම ව්‍යාපෘති දෙකටම සම්පූර්ණ ආයෝජනය ඔවුන් විසින් කරනු ලබන අතර අපෙන් ඔවුනට අවශ්‍ය වූයේ, එම විදුලි බලය දැන් පුද්ගලික අංශයට විදුලිය සඳහා ගෙවන මුදලට, මිලට ගැනීම සඳහා අවුරුදු 25කට ගිවිසුම්ගත වීම සහ ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබා දීම පමණි.


මම ව්යාපෘති තුන සඳහා ම ඇය සමග එකතුවී යෝජනා සකස් කළෙමි. මේ සඳහා ඇය නිතරම ඊශ්‍රායල් එංගලන්තයේ සහ ජපානයේ ඇයගේ ආයෝජන හවුල්කරුවන් සමඟ සන්නිවේදනය කල අතර මමත් ඒවාට බොහෝවිට හවුල් කර ගත්තාය.


මේ වන විට ලංකාවට නිවාඩුවකට පැමිණ සිටි ඔස්ට්‍රේලියාවේ විදුලි ඉංජිනේරුවකු ලෙස කටයුතු කරන නිශ්ශංකගේ ඥාති සහෝදරයෙකු ද මේ වැඩ කටයුතු වලට මට බොහෝ උපකාරී විය. ...............

හෙට මෙතැන් සිටhttp://lakshmanillangakoon.blogspot.com/?m=1

Saturday, April 30, 2022

නාමලා නම් වු සොර

 මම කුඩා කාලයේ පාසල් වේලාවෙන් පසු බොහෝවිට සිටියේ අපේ අත්තම්මලාගේ ගෙදර ය. බොහෝ ලිබරල් අදහස් තිබූ ඇය හතර පෝයට සිල් ගත්තත් නැවත ඉපදීම දිව්‍යලෝක යනාදිය පිළිගත්තේ නැත. එවැනි අදහස් වලට සිනාසුනාය.

විදුහල්පතිවරයකු වූ තමන්ගේ සැමියාගෙන් දික්කසාද වී සිටි ඇය ප්‍රසිද්ධ දේශීය ඇස් වෛද්‍යවරියක වූවාය.


එකල බොහෝ ගෙවල්වල මෙන් අපේ ගෙදරත් අපටම ආවේණික වූ වචන කිහිපයක් තිබිණ. එයින් එක යෙදුමක් මට අද උදේ මතක් උනේ, යාළුවෙකුගේ පෝස්ට් එකක් දැකීමෙනි.


ඒ මතක් වූ යෙදුම යම් හොරෙකු ගැන විශේෂිතයකින් කතා කරන විට "ඌ නම් මහ නාමල් හොරෙක්" යනුවෙන් පැවසීම ය.


මම බොහෝ කලක් යනතුරු සමහරවිට හයේ හතේ පන්ති වලට යනකම්ම වාගේ නාමල් හොරෙකු යන්නෙහි තේරුම පල් හොරෙකු වැනි තේරුමක් බව සිතා සිටියෙමි. එහෙත් එවැනි වචනයක් අවට ලෝකයේ පාවිච්චි නොවන නිසා මම දවසක් අත්තම්මාගෙන් මෙහි තේරුම ඇසුවෙමි.

ඇයගේ නැගණියක් විවාහ වී සිටි ගමේ කලකට පෙර සොරෙකු වාසය කර ඇත. මට හිතෙන විදියට මේ හතළිස් හෝ පනස් ගණන් වල විය යුතුය.

මේ හොරාගෙ නම නාමලා විය. 

මොහු සොරකම් කර පොලිසියට අල්ලාගෙන යන විට, පාර කිට්ටුව නිවසක් අසළට පැමිණි විට, නිවසේ වාසය කරන්නාගේ නම හේරත්හාමි යයි සිතමු

" හේරත් හාමි මම ගියා කියලා වැඩේ නවත්තන්න එපා දිගටම කරගෙන පලයන්" යනුවෙන් කෑගසමින් තවත් කිහිප දෙනෙකු මාට්ටු කරන්නට, කටයුතු කළේය. සමහරවිට එවිට ඔහුට විරුද්ධව ඇති චෝදනා අවුල් වී ඔහුට නඩුවෙන් බේරීමට යම් අවස්ථාවක් ලැබෙන්නට පුළුවන් යැයි ඔහු සිතුවා වන්නට පුළුවන.


කාලයකට පසුව  මොහු සොරකමක් කර, පොලිසියෙන් අල්ලා ගන්නට පැමිණි විට, ඔය අසල විශාල මාර ගසකට නැග පොලිසිය ඉවත්ව ගියේ නැත්නම් තමන් මාර ගසින් බිමට පැන මිය යන බවට තර්ජනය කරමින් දවසක් පමණ ඒ ගස මත සිට ඇත.


හවස් වනතුරු පොලිසිය නොයෙක් ක්‍රමවලින් මොහු පහලට ගැනීමට උත්සාහ කර ඇත. අවසානයේ හවස්වරුවේ ඔහු ඒ ගල් තලාව මතට පැන සියදිවි නසාගෙන ඇත.


මට මේ කතාව මතක් වූයේ තමන් ප්‍රියකරන හොරුන්ගේ හොරකම් තනුක කරන්නට වටේ ඉන්න සියලු දෙනාම හොරු බව සමහරුන් දැන් කියන්නට පටන් ගෙන ඇති නිසාය.

මේ කතාව මතක් වුණු අද දුටු පෝස්ට් එකත් ඒ වගේ එකකි.


Monday, April 25, 2022

පානම වැවේ ඉතිහාසය

 










මම 2011 2012 වසර වන ාවික හමුදාවේ දකුණු ප්‍රදේශයේ ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළෙමි. අලුත්ගම සිට පොතුවිල් දක්වා දිවෙන වෙරළ ප්‍රදේශය සහ මුහුද මෙම ආඥාවට අයිති ප්‍රදේශය වෙයි. මේ කාලයේ පානම ප්‍රදේශයේ අලුතින් පිහිටුවන ලද නාවික හමුදා කදවුර අතිශය දුෂ්කර ජල ප්‍රශ්නයකට මුහුණ දුන්නේ ය.


විශාල කඳවුරක් වූ මෙම කදවුර මට මතක හැටියට ඇති කරන ලද්දේ ගාල්ලේ වරායට කොටින් විසින් පහර දුන් අවස්ථාවෙන් පසුව විය යුතුය. ඒමේ ප්‍රදේශයේ මුහුදේ ආරක්ෂාව තර කිරීමට ුර සංචාරක යාත්‍රා ක්‍රියාත්මක කිරීමේ අදහසිනි.


ජල ප්‍රශ්නය ඉතා උග්‍ර ව තිබූ හෙයිනි ලය ලබා ගැනීමට ක්‍රමයක් ද සොයා ගැනීමට නොහැකි වූ හෙයින් සහ යුද්ධය අවසන් වී ඇති නිසා මේ කදවුර වසා දැමීමට ද මම යෝජනා කළෙමි. එහෙත් එසේ කඳවුරු වසා දැමීම සුදුසු නැති යැයි එකල සිතූ නිසා මේ යෝජනාව උපන්ගෙයිම අවසන් විය.


මෙම ජල ප්‍රශ්නය විසඳීමට ඒ අවට ඇති ලවණ ජලය පිරිසුදු කර ගැනීමට මිලියන් සිය ගණනක් වියදම් කර ලවණ ජලය පිරිසිදු කරන reverse osmosis උපකරණ ගෙන්වීමේ යෝජනාවක් ඉදිරිපත් වුනු අතර ඒ සඳහා කටයුතු පිළියෙල කෙරිණ.


මේ අතර එම කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ගිය මට ෙම ප්‍රශ්නයට එතරම් වියදම් නොකර විසඳුමක් කදවුර තුළම තිබෙන බව පෙනුණි. ඒ කදවුර තුළ ජලාශයක් සෑදීමයි. මේ පිළිබඳව තරමක් පරීක්ෂාකර බැලීමේදී, එම කදවුර තුළ බොහෝ පැරණි කැඩී ගිය බැව් බැම්මක කොටස් කිහිපයක් දකින්නට පුළුවන් විය.


මම නාවික හමුදා මූලස්ථානයත් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර බැකෝ යන්ත්‍ර යෙකුත් ඉල්ලාගෙන, වැඩේ පටන් ගත්තෙමි. කඳවුරේ තිබෙන සියලුම සම්පත් යොදා ගෙන ියලු දෙනාගේ ශ්‍රම දායකත්වයෙන්, මාසයක් පමණ ඇතුලත වැව් බැම්ම සාදා ගත්තෙමි. ඒ කාලේ වැඩි දින ගණනක් මම ද පානම නැවතී සිටිය අතර  මා, ගාල්ලේ මගේ කාර්යාලයට හෝ වෙනත් රාජකාරියකට ගියවිට අඩු තරමින් මගේ ධජ නිලධාරියා හෝ ඒ වැඩේ කරන්නට අධීක්ෂණය කරන්නට එම කඳවුරේ රඳවා තැබුවෙමි.

මාස දෙකක් ගත වීමට පෙර වැව් බැම්ම සම්පූර්ණයෙන් වැඩ අවසන් කර වැව් ජලයෙන් කඳවුරේ ියලු ජල අවශ්‍යතා සම්පූර්ණ කරන්නට හැකියාව ලැබුණි.


එකල නව්ක හමුදාපතිවරයා ව සිටී අද්මිරාල් දිසානායක මේ ජලාශයට මගේ නම යොදන්නට යෝජනා කළ ද මම එයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. 

කෙනෙකුට එවැනි ජලාශයක් සාදන්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකිනි. ඒ සතුට මගේ සිතේ සැමදා තිබේ.

Wednesday, April 13, 2022

19 වන සියවසේ අලුත් අවුරුදු

 



තව සති දෙකකින් පමණ සරසවි වෙතින් නිකුත්වන ඉහත පොතෙන් උපුටාගන්නා ලදී.

සාමාන්‍ය ගැමි ජීවිතය කිසිම විනෝදයක් නැති එකකි. ඔවුනට යම් හෝ සතුටක් ලැබෙන්නේ අසනීප සඳහා කෙරෙන බලි තොවිල්, ඉඳහිට ඇතිවන නඩු හබ සහ විවාහ මංගල්‍ය වලිනි. විවාහ උත්සව හොඳ ආහාර වේලක් ගන්නට, ඇඳුම් සහ ආභරණ ප්‍රදර්ශනය කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ වුවද, කුල ප්‍රශ්න සහ පවුල් අතර ඊර්ෂ්‍යාව නිසා ආරවුල් ඇති නොවන්නේද නොවේ.

ප්‍රසිද්ධ විහාරස්ථාන වලට වන්දනාවේ යාමද කණ්ඩායම් වශයෙන් සිදු කරයි. එංගලන්තයේ මෙන්ම එවැනි කණ්ඩායමක දහයෙන් නමයක් පමණ කාන්තාවන් වෙයි.

ගැමි ජීවිතයේ එක් ප්‍රසන්නම අවස්තාවක් වනුයේ පවුල එකට එකතු වීමය. මෙය සිදුවනුයේ අප්‍රේල් මස 11 හෝ 12 වන දිනය. මේ සඳහා සියලු දෙන තමන්ගේ මහගෙදරට එකතු වෙති. ඒ සමගම ත්‍යාග හුවමාරු කර ගනිති. ඔවුන්ගේ මිතුරන් සහ නෑදෑයන් ගේ නිවෙස් වලට අලුත් ඇඳුමෙන් සැරසී යති. පිරිමි මෙලෙසටම තම ගම ප්‍රධානින් හමුවන්නටද, ගම මුලාදැනින් තමන්ගේ ඉහල නිලධාරින් හමුවන්නටද යති. සැතපුම් 90 ක් දුර දුවිලි සහිත මාර්ගයේ මෙවැනි හමුවක් සඳහා පවුල් පිටින් පයින් ගමන් කරන, පවුල් මම දැක ඇත්තෙමි.

උත්සවයට සති 3 කට පමණ පෙර සිට, මුළු ගමම මේ සඳහා ලක ලෑස්ති වෙයි. නිවෙස් අලුත්වැඩියා කෙරෙති, කෙසෙල් කන් සහ පැණි ; සමහරවිට බොහෝ දුර සිට, එකතු කෙරෙයි. දෛනික වැඩ කටයුතු සියල්ල යටපත් වී, සියලු දෙන සිතන්නේ මෙම පැමිණෙන උත්සවය පිලිබඳවය. මේ කාලය නැකත් බලන්නන්ටද වැඩ අධික කාලයකි. ඔවුහු ලිප ගිනි මෙලවිමට, ආහාර පිසීමට සහ දවස් තුන හතරකට පසුව හිස තෙල් ගෑමට දිනයන් සහ වේලාවන් ගණනය කල යුතුය. මෙම උත්සවයට පිළියෙළ වෙද්දී වෙනත් කිසිම වැඩක් හෝ ගමනක් ආරම්භ කරන්නේ නැත.

බොහෝ ගම් වල කාන්තාවන් අඳුරු සැගවුම් ස්ථානයකින්, මේ කාලයට, කුඩා අවපාත 14 ක් ඇති ලෑල්ලක් එලියට ගනිති. මෙම අවපාත සාදා තිබෙන්නේ 7 බැගින් පේලි දෙකකටය. පෞරාණික ක්‍රීඩාවක් වන ඔලිඳ ක්‍රීඩා කරන්නේ මෙම ලෑල්ල මතය. ලෑල්ල දෙපස ඉඳ ගන්නා කාන්තාවන් දෙදෙනෙක්; මෙම ක්‍රීඩාව කරන්නේ කාන්තාවන් පමණි, රතු ඔලිඳ ඇට මෙම අවපාත මත දමති. ඔවුන් මෙම ක්‍රීඩාවේ අති දක්ෂ වන අතර, සමහර විට පැය 4 ක් පමණ එක දිගටම ක්‍රීඩා කරති. අවුරුදු උත්සවය අවසන් වූ පසු එම ලෑල්ල සඟවන ස්ථානයට ආපසු යන අතර, නැවත එලියට එන්නේ ඊළඟ අවුරුද්දටය. පහත රට බලපෑම ඇතිවී ඇති ගම්වල දැන් සුදු කෙලිම පැතිරී ඇති අතර, පිරිමි මෙයින් මහත් ආශ්වාදයක් ලබති.

අවුරුදු දෙකකට පමණ වරක් තෙලිඟු, කැඩිච්ච සිංහල සහ දෙමල කතා කරන අහිකුන්ටක කණ්ඩායමක් මාර්ගයේ පැමිණ, පාර අයිනේ වැවක් අසල එලිමහනක කඳවුරු බඳිති. ඔවුන්ගේ කුඩා කුඩාරම් සැදීම සඳහා යොදාගන්නා වේවැල් සහ තල් අතු, බූරුවන් පිට රැගෙන එන අතර, අනෙකුත් ඉවුම් පිහුම් උපකරණ කාන්තාවන් සහ ළමයින්ගේ ඔලු උඩ ගෙනෙති. මෙවැනි සමහර කණ්ඩායම් එළුවන් රංචුවක්ද රැගෙන පැමිණෙති.

ඔවුහු අඩි 4/5 පමණ උස කුඩාරම් කිහිපයක් හදාගෙන ඉවරවූ පසු, තම දරුවන්, ළමයින්ගේ සහ වයසක කාන්තාවන්ගේ බාරයේ තබා මුදල් සහ ආහාර එකතු කරන්නට අවට ගම් වලට යති. පිරිමි කළු පාට වේවැල් පෙට්ටියක් රෙද්දකින් කරේ එල්ල ගෙන යති. එහි නයෙකු හෝ දෙදෙනෙකු දමාගෙන යන්නේ නැටවීම සඳහාය. නටන බව කීවද එම නයි රවුම් ගැසී අඟල් 15 ක් පමණ තම පෙනය ඔසවාගෙන, නලාවක් පිඹිමින් ඉඳගෙන සිටින අයිතිකරු ගේ රිද්මයකට සොලවන දනිහට හෝ අතට පෙනයෙන් පහරදීමට උත්සාහ කරති. කාන්තාවන් මේ අතර අල්ලේ රේඛා කියවමින් මිනිසුන්ගේ වාසනාව කියති.

මේ අතර තරුණ ලඳුන් හතරවෙනි හෝ පස්වෙනි වතාවට තමන්ට කඩවසම් හරකාබාන යහමින් ඇති කඩවසම් තරුණ සැමියෙකු ලැබෙන බව අසාගන්නට, ඔවුන්ට ගෙවිය යුතු පැන්ස බාගයක් සොයති. වැඩිහිටියන් නයි නැටුම බලා සහල් ටිකක් දෙති. අසල ගම් වලින් යමක් එකතුකර ගැනීමේ හැකියාව අවසන් වූ පසු අහිගුන්ටකයන් පීරිස, වෙනත් තැනකට පිටත්වෙති. ආහාර සඳහා සතුන් අල්ලා ගැනීමට ඔවුනට උදව්වන බල්ලන් කිහිප දෙනෙකු ඔවුන් සමග සිටිති. කකුල් ඇති හෝ නැති කන්නට පුළුවන් ඕනෑම සතෙකු ඔවුන් ආහාරයට නොගෙන ඉන්නේ නැත. ලොකු කූඹින්, මීයන්, බකමුනන්, මුගටියන් සහ ගමකින් එලියට පැමිණි අවස්තාවක හොරෙන් අල්ලා ගන්නා කුකුලන්ද මේ අතර වෙයි..........

Saturday, April 2, 2022

අමුතු සිදුවීම්

 

ඊයෙ ලංකාවේ උතුරු මැද ප්‍රදේශයේ, බොහෝ අස්වාභාවික සිදුවීම්  සිදුවී ඇති බවට වාර්තා ලැබී තිබේ.
මෙයින් ප්‍රධානතම වාර්තා වීම සිදුව ඇත්තේ මරිකා එක්සත් ජනපදයේ හවායි ප්‍රාන්තයේ පිහිටි

Pacific Tsunami Warning Center, නමැති ලෝකයේ සුනාමියක් ඇතිවීමට මූලිකවන මුහුද යට භූකම්පන පිළිබඳ විමසිල්ලෙන් සිටීමට පිහිටුවා ඇති ආයතනය විසිනි.
ශ්‍රී ලංකාවේ උතුරු මැද පලාත් කුමන හේතුවක් නිසා ඇති උනාදැයි ිද්‍යාත්මකව පැහැදිලි කළ නොහැකි අතිමහත් කම්පනයක්, වැනි යමක් වාර්තා වී ඇත. ඔවුන් විද්‍යාඥයින් යොදාගෙන මේ පිළිබඳව කොතරම් පරීක්ෂා කළ ද මෙයට හරි පැහැදිලි කිරීමක් තවමත් ගොඩ නගා ගන්න පුළුවන්කමක් ලැබී නැත.

අනෙක් වාර්තාව ලැබී ඇත්තේ එක්සත් ජනපද National Aeronautics and Space Administration විසින් අභ්‍යවකාශයේ පවත්වාගෙන යන, international space station විසිනි. ඔවුන් වාර්තා කර ඇති අද්භූත යම් බලයක් ංකාවේ උතුරු මැද ප්‍රදේශයේ සිට අභ්‍යවකාශය වෙත සහ අභ්‍යවකාශයේ සිට එම ස්ථානය වෙතට ගමන් කරනවා දැකීමයි. මුලින්ම විශ්වයේ යම් බලගතු කළු කුහරයක සිට පැමිණෙන බවට සැක කර ලෝක විනාශයක් සිදු වන්නට ඉඩ තිබේ යැයි කල්පනා කළ ද, එසේ නොවුන හෙයින් මේවා කුමන ආකාරයේ බලයන් ද ඒවා කුමන වර්ගීකරණයකට දැමිය හැකිද යන්න පිළිබඳව ඔවුන් තවමත් පරීක්ෂා කරගෙන යන බවද වාර්තා කර තිබේ.

තුන්වන වාර්තාව ලැබී ඇත්තේ, ඉන්දියානු ගුවන් පථය පරික්ෂා කිරීමට සවිකර තිබෙන රේඩාර් පද්ධතිය මගිනි. ලංකාවේ උතුරු මැද ප්‍රදේශයේ සිට ලෝකයේ ලොකුම ගුවන් යානය වන Antonov AN-225 වැනි ගුවන්යානා දහයක් පමණ ප්‍රමාණයක් හිමාලය කඳු මුදුනට ගමන් කරන බවක් සටහන් වුවද, ඔවුන්ගේ radar  tracking පද්ධතියට යම් පැහැදිලි කළ නොහැකි හේතුවක් නිසා, ඒවා track කිරීමට නොහැකි බව පෙනී ගොස් ඇත. ඔවුන් මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති බව වාර්තා වේ.

පිටසක්වල ජීවීන් පිළිබඳව විමසිල්ලෙන් සිටින ඇමරිකාවේ national security agency ආයතනය ද මේ පිළිබඳ වාර්තාවක් පරික්ෂා කරමින් සිටින බව දැනගන්නට ලැබේ. වාර්තා වල හැටියට ඔවුන් පරික්ෂා කරන්නේ  ලංකාවේ උතුරු මැද ප්‍රදේශයෙන්, අභ්‍යවකාශයට යම් වස්තුවක් මහත් බලයකින් යුක්ත ව එක්වරම ගමන් කළ ආකාරය පිළිබඳව බව දැනගන්නට තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර
https://www.nsa.gov/Helpful-Links/NSA-FOIA/Frequently-Requested-Information/Unidentified-Flying-Objects-UFOs/#/

නැමැති ලින්කුවෙන් ලබාගත හැක.

මෙය හාස්‍ය රසය සඳහා ලියන ලද්දක් බව සලකන්න.

Fighting invasions

. Trading with the World, Preserving a Kingdom: What Sri Lanka Can Learn from Thailand Travelling through Thailand, I was struck by somethin...