Sunday, November 30, 2025

නවතා තිබූ රජයේ වාහන ගංවතුරට අසුවීම

 ඊයේ ප්‍රවෘත්තිවලට ේරාදෙණිය ප්‍රදේශයේ ගංවතුරට අසු වූ වටිනා රජයේ වාහන කිහිපයක් සෑහෙන දුරට විනාශ වී තිබෙන දර්ශනයක් දුටුවෙමි. 


මේ තරම් ගංවතුර තර්ජනයක් තියෙද්දි රජයෙන්ම එය පැහැදිලිවම පුරෝකතනය කරද්දී රජයේ දේපළ මෙලෙස විනාශ වන්නට හැරීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයකි. 


ජල මට්ටම් ක්‍රමයෙන් වැඩිවන විට වත් මේවා වෙනත් ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට කටයුතු නොකලේ මන්ද 


මෙවැනි අවස්ථාවන් සඳහා මුහුණ දෙන ආකාරය සඳහා රජයේ SOP (standard operating procedure) නොමැත්තේ ද? 


එසේ නොමැත්තේ නම් අනාගතයේදීවත් රටේ හදිසියේ සිදුවිය හැකි ්‍යසනයන අවස්ථාවන්හිදී රාජ්‍ය දේපළ ආරක්ෂා කර ගැනීම පිළිබඳව sop දැන්වත් සාදා තබා ගැනීම ඉතාම වැදගත් යැයි සිතේ. 

Sunday, November 23, 2025

Kadugannawa

 කලකට පෙර සටනේ දිවි පූජා කළ හමුදා සමාජිකයන්ගේ දරුවන්ට ිෂ්‍යත්ව දීමේ උත්සවයකට නාවික හමුදාව වෙනුවෙන් මම සහභාගි වුණෙමි. මේ උත්සවයේ ප්‍රධාන අමුත්තා  ලෙස පැමිණ සිටියේ ජනරාල් සිරිල් රණතුංග මහතාය. ඔහු එදින සභාව අමතද්දී කඳුළු සැලෙනූ මට මතකය.


උත්සවය අවසානයේ තේ පැන් සංග්‍රහයේ දී ඔහු මාත් සමග  කඩුගන්නාව ගැන  යම් අත්දැකීමක් කීවේය.  කඩුගන්නාව යම් හේතුවක් නිසා එතනට මාතෘකාවක් වන්නට ඇත. 

කඩුගන්නාවේ කඩවල් බොහෝ ගණනක් එකල පාරේ තිබුනේ බෑවුම පැත්තට වන්නටය. එය මටත් තවමත් මතක තිබේ. 


මහාවනැල්ල තමන්ගේ ගම නිසා කඩුගන්නාව පැත්තේ ඇවිදින්නට යද්දී ඔහු මේ පිළිබඳව එම කඩා අයිතිකරුවන් සමග කතා කර ඇත. 

ටික දිනක් මෙසේ කතා කිරීමෙන් පසුව ඔහුට එම කඩා අයිතිකරුවන්ට එසේ පාරේ බෑවුම පැත්තට වන්නට කඩ සාදා ගෙන සිටීම නිසා ඒ හරියේ දෙවනගල පැත්තේ දර්ශනය සංචාරකයන්ට බලන්නට අපහසු වන බව ්‍යාපාරිකයින්ට පෙන්නා දීමට  හැකියාව ලැබී තිබේ. එසේ දර්ශනය අවහිර වන විට ඒ හරියේ වාහන නවත්වන්නට සංචාරකයන් අකමැති වන බවද ඔහු පෙන්වා දී ඇත.

මේ අනුව ඔහුගේ මග පෙන්වීම නිසා පාරේ බෑවුම පැත්තේ තිබූ කඩවල් කන්ද පැත්තට ගෙන ගිය බව ඔහු මට පැවසුවේය. 


අද මට මේ කතාව මතක් වූයේ කන්ද පැත්තේ හෝටලයක් මතට ගලක් පෙරලීම නිසා ඇතිවූ ශෝකජනක සිද්ධිය  දුටු විටය.


මමත්  කොළඹ යන හැම විටකම බෑවුම පැත්තේ වාහනය නවතා ටිකක් ඒ දර්ශනය දෙස බලා ඉන්නට පුරුදු වී ඇත්තෙමි.



Tuesday, August 19, 2025

ගංජා වෙළඳාම

 කොණ්ඩයකපන්න ගිය විට සැලුන් හොඳ කතා කාරයෙක් නම් කොණ්ඩය කපන්ට වෙලාව යනවා දැනෙන්නේ නැත. මගේ රෙගියුලර්  මෑන් ඒ ජාතියේ කෙනෙකි. 

ඔහුගේ ජීවිතයත් හිතන්නට බැරි තරම් අත්දැකීම් තියෙන දුලබ ජීවිතයකි. මීට කලින් දවසක ්‍රියා සූරියසේන  ගේ වත්තේ, පොල් රා කැපූ කතාවක් ඔහු මට කීවේය. 

සාමාන්‍යයෙන් කතාවට වැටෙන්නේ ඒ කාලයේ රටේ  ්‍රසිද්ධ සාකච්ඡාවට බඳුන්වන කාරණයකි. 


පෙරේදා ඒ අනුව කතාවට වැටුණේ ගංජා වැවීම පිළිබඳවය. අප කතා නායකයා පොඩි කාලේ හැදී වැඩී ඇත්තේ තනමල් විල පැත්තේය. 

ගංජා පිළිබඳව, පානම පැත්තේ බයියන් පිළිබඳව, ගංජා වැවීම වෙළඳාම පිළිබඳව බොහෝ රසවත් කතා ඔහු මට කීවේය. 

වරෙක ඔහු  ඔහුගේ මස්සිනා සමග හැත්තෑ ගණන්වල   ගම්පැත්තෙන්  රුපියල් 20 ගණනේ ගංජා රාත්තල් විස්සක් ද රැගෙන විකිණීමට මහනුවරට පැමිණ ඇත. ඒ බසයේ ඔවුන් හඳුන්වන පොලිස් රාළහාමි කෙනෙකුද සිට ඇත. 

සැලොන් එය රැගෙන පැමිණ ඇත්තේ නිදාගන්නා කොට්ටයක් ලෙස සකස් කරගෙනය. 


මහනුවරට පැමිණි පසු ඔහුගේ මස්සිනා, හොඳින් දන්නා හඳුනන මිතුරෙකුට සැලූන් එපා කියද්දී ගංජා ටික විකිණීම සඳහා භාරදී ඇත. 

ඉන්පසු දවස් දෙකක් නගරයේ රැඳී  මිතුරා සෙවූ නමුත් ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇත. නැති වී ඇත්තේ ගංජා නිසා පොලිසියට කියන්නටත් නොහැක.


ඔවුන් දෙදෙන  මාමා කෙනෙකුගේ නිවසට ගොස් බස් එකේ යාමට මුදල් ඉල්ලාගෙන  ආපසු මොණරාගල බස් එකක නැගී ගෙදර ගොස් ඇත.


Monday, July 14, 2025

SLIIT අම්මා

 SLIIT විශ්ව විද්‍යාලය  ලංකාවේ බොහෝ තරුණ තරුණියන්ට

 විශාල සේවාවක් කරන ආයතනයකි. ඉහළම ලකුණු ලබාගෙන රජයේ විශ්ව විද්‍යාල වලට ච නොමිලේ අධ්‍යාපනය සඳහා ඇතුලත් වීමට නොහැකි බොහෝ දරුවන් මෙම ආයතනයට එකතු වී හොඳ අධ්‍යාපනයක් ලබා දුන් ලෝකය පිළිගන්නා සුදුසුකම් ලබාගෙන රැකියාවල් වල නිරත වෙති. 

මා දන්නා පවුල් කිහිපයකද  එවැනි දරුවන් මෙයින් ඉගෙන ගෙන වෙනත් රටවල පවා ඉහළ තාක්ෂණික  රැකියාවල් කරති. 


එම විශ්ව විද්‍යාලය මගින් මහනුවර ප්‍රදේශයේ පටන්ගත්  අලුත් මණ්ඩපයද ඉතාමත් සාර්ථකව  පවත්වාගෙන යනු පෙනේ. එහි බොහෝ විදේශික ශිෂ්‍යයන් ද ඉගෙන ගන්නා බව මට දැනගන්නට ලැබුණී.


මෙම ආයතනය යම් වංචාකාරී ලෙසකට පුද්ගලික කණ්ඩායමක් මගින් ලබාගෙන අයුතු අයිතිවාසිකම් සහ ලාභ ලබාගන්නා බවට ්‍රවෘත්තියක් දැක්කෙමි 

 ඒ නිසා මේ රජයට පවරා ගත යුතු යැයි ද  කෙනෙකු කියනවා පෙනේ. 


මේ රජයට පවරා ගතහොත් එයත් ජපුරම්මා වැනි අම්මා කෙනකු බවට පත්වනු ඇත. 

ඔවුනට අධ්‍යාපනය මාසික ගාස්තු වක් නවාතැන් පහසුකම් වැනි කටයුතු සඳහා රටේ ජනතාවගේ බදු මුදල් වැය වනු ඇත. 


එවැනි තවත් බරක් ජනතාව මත පටවන්නේ නැතිව  යම් වැරැද්දක් වී ඇත්න  ඒ වැරැද්ද කළ පිරිස් හට නිසි දඬුවම් දී  ඒ ලබාගත් අයුතු ලාභද ඔවුන්ගේ දේපලින් අයකර යුතුය. 


එහෙත් මෙය  රජයට පවරා ගන්නේ නැතිව  එය යම් ක්‍රමවේදයකින් ; විවෘත ටෙන්ඩරයක් හෝ කොටස් වෙළඳපොළට ඇතුළු කිරීමෙන්, රජයේ නොවන කළමනාකරණයට ලබාදී රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාගත හැක 

ලෝකයේ තිබෙන ඉහළ පෙළේ ප්‍රමුඛ විශ්ව විද්‍යාල බොහොමයක්ම රජයේ නොවන ඒවා බවත් අප මෙහිදී සිහි තබාගත යුතුය.

රජයේ පාලනයට ගතහොත් ඔවුන්ට ද  අපේ බදු මුදල්වලින් රැකියා සැපයිය යුතු වන බවද මතක තබාගත යුතුය.

 


Friday, March 28, 2025

රිළා ප්‍රශ්නයට දූපත් සෙවීම

 රිලා ප්‍රශ්නය  අතිමහත් ජාතික ප්‍රශ්නයකි. ඊයේ මම මැල්සිරිපුර වත්තට ගියෙමි. අල්ලපු වත්තේ කොටසක පැපොල් වවා ඇති අතර  රිලවුන් එලවීමට දෙදෙනෙකු මුරට දමා තිබේ. ඔවුන් කරන්නේ රිලව් දකින විට කෑ ගැසීමයි. 

අනික රිලවුන් ගෙඩියක් දෙකක් කඩාගෙන යන්නේ නැත අවස්ථාවක් අහුවුනොත් මුළු වගාවම විනාශ කර දමති. 


සමහර ගම්වල ගෙවතුවල කිසිම දෙයක් වගා කර ගන්නට බැරි තරමට මෙය ලොකු ප්‍රශ්නයක් වී තිබේ. මම නම් වායු රයිෆලයකින් මගේ ගෙවත්ත  ආරක්ෂා කරගෙන සිටිමි.

ලංකාවේ පොල් මිල මේ තරම් ඉහළ යන්නට ප්‍රධාන හේතු තුනෙන් එකක් වන්නේ රිලවුන්ය. 

මෙතෙක් කල් සාකච්ඡා කරමින් පමණක් තිබුණු මේ ප්‍රශ්නයට මණූවරණ මන්ත්‍රීවරයා යමක් ප්‍රායෝගිකව කරන්න උත්සාහ කිරීම අගය කළ යුතුය. 


එහෙත් දූපතකට දමා සිරකිරීම ප්‍රශ්නයට විසඳුම දැයි කෙනෙකුට සැකයක් ඇතිවීම ස්වභාවිකය. 

දැනට මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ඉදිරිපත් වී හෝ සාකච්ඡා වී ඇති විසඳුම් මොනවාද? 


 1.  වඳ කිරීම- නිදහසේ සිටින රිලවුන් මිලියන ගණනක්, වඳ භාවයට පත් කිරීම පහසු වැඩක් නොවේ. මේ රිලව් ප්‍රමාණයෙන් සියයට දහයක් වඳ කරන්නටත් අවුරුදු පනහකට වැඩිය ගතවිය හැක. එසේම රිලවෙකු  වඳ භාවයට පත් කළ විට , එය ජනගහන පාලනයට උදව් 

වීමට තවත් කාලයක් ගතවේ.

 2.  දූපතකට දමා කොටුකර දැමීම- රිලව් අල්ලා ගැනීමම ලොකු ප්‍රශ්නයක් විය හැක. ඔවුන් දූපතට අල්ලා ගත් පසු රැගෙන ගොස් දැමීමත් ලොකු මුදලක් වැය වන කටයුත්තක් වේ. රිලවුන් ජීවත් වන්නේ මිනිසුන් වවන දේවල් කෑමෙනි. ඉස්සර අපි පොඩි කාලේ උඩ වත්ත කැලේ සිටි රිලවුන්ද  කෑම හොයාගන්නට එන්නේ මිනිසුන් සිටින ස්ථානවලටය. එසේ නම් දූපතක කොටු කර දැමූ රිලවුන් පිරිසක් ජීවිතය ගැට ගසා ගන්නේ කෙසේද? ඔවුන් පරිණාමය වී  ගොවිතැන් කරන්නට පටන් ගන්නට තරම් කාලය මදි වුනොත් ඔවුන්ගෙන් සියයට අනූවක් පමණ  බොහෝවිට සියලු දෙනාම අවුරුද්දක් ඇතුළත මිය යනු ඇත. 

 3. තුන්වන විසඳුම ලෙස ඉදිරිපත් වූයේ රිලවුන් අල්ලා චීනයට පැටවීමය. ඔවුන් චීනයේ දී ආහාරයට ගන්නා බව කියා කොටසක් මෙයට විරුද්ධ වූහ. නමුත් මට නම් පෙනෙන්නේ ඉදිරිපත්ව ඇති විසඳුම්වලින් යම් තරමකට හෝ ප්‍රායෝගික විසඳුම වන්නේ මෙය බවය. අනෙක මුහුදට ගොස් මාළු අල්ලාගෙනවිත් කන, ගෙදර කුකුලන් ඇතිකර කුකුල් මස් කන  අප, කැලයෙන් අල්ලා ගත් රිලවුන් වෙන රටක මිනිසුන් මරාගෙන කනවාට මේ තරම් විරුද්ධ වන්නේ ඇයි දැයි  සිතාගන්නටත් බැරිය. 


ඒ නිසා මේ විසඳුම් තුනෙන් නම් හොඳම විසඳුම  රිලව් චීනයට පැටවීමයි.


Saturday, March 15, 2025

ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කුමක් කළ යුතුද

 “No refunds!”, as a tourist in Sri Lanka - a personal experience report

By Frank-Reg. Wolff, Kandy

My family and I will not necessarily be representative of the average tourist in Sri Lanka, but I would still like to share our personal experiences as German travelers - as we see ourselfs primarily - here. We will be staying for two and a half months, flying back to Germany via Doha at the end of March. Unfortunately, we were still among the Sri Lankan visitors who had to apply for a visa at the island's embassy beforehand - which cost around 300 euros for two adults. That's why it's good that the visa requirement has now been abolished. 

As it is difficult to travel permanently across the country with children, we decided not to do this and mainly stayed in Kandy and went on day trips from here or stayed in other accommodation for one or two nights. We had the worst possible experience with trains, especially as we initially bought 3rd and 2nd class train tickets and found that as many tickets were sold as were requested and always with the note: “No refunds!" As the trains were then always so overcrowded in 2nd and 3rd class, we couldn't get inside the train at all with the children and then decided not to travel by train! This brings to mind a comparison I made when reading the Sunday Observer from March 9 in the Explorer section, where the article “SUN SHINES ON SRI LANKAS TOURISM” states that the government is aiming for three million tourists by 2025. But isn't that similar to selling tickets at the train station, where more tickets are sold than there are seats available? Doesn't the tourism infrastructure need to be developed better and more effectively before then? I would hope that those responsible would carry out a precise analysis before selling more tickets than there are seats available, figuratively speaking, with the terse remark: “No refunds!”

Also with the garbage problem on the island something has to change radically, because this garbage disfigures all parts of the once paradisiacal island and also the bad habit of burning your own household waste (including plastic and other toxic substances) does not exactly support tourist goals! The local population should also be protected from all the self-generated and sometimes very toxic exhaust fumes and as a first measure I suggest a bottle deposit system! You should also think about what kind of tourism you would like to have in Sri Lanka: mass tourism or individual tourism? I was in Sri Lanka for the first time in 1997 and still remember that everything was much quieter and there were fewer exhaust fumes in the air. It would be nice to create job opportunities in tourism for the island's young people in order to stop the fatal brain drain, as many of the island's children, once they have gained a foothold abroad, stay abroad and only return to their homeland as visitors. I intend to return to Sri Lanka in October with my family, two adults and two children aged 3 and 5, in order to personally participate in the hoped-for change in conditions here, and I hope that many locals will do the same to work actively towards a better and more beautiful Sri Lanka! That is why I have also attached our self-made poster: “Keep your Sri Lanka clean!” With best wishes and see you soon

Frank-Reg. Wolff and family from Germany

Monday, February 24, 2025

බදුලු බස් එකේදී අල්ලා ගත් ජීවඋණ්ඩ

 ඊයේ ප්‍රවෘත්තිවල දුටු බදුල්ලට යන බස් රථයක තිබී  උණ්ඩ විශාල ප්‍රමාණයක් අල්ලා ගත් සිදුවීම ඉතාම වැදගත්ය. 

එය අල්ලාගෙන තිබුණේ ිශ්‍රාමික පොලිස් නිලධාරියකු ට මෙම ගමන් මල්ලේ අයිතිකරු හැසිරෙන ආකාරය දැක සැක සිතී පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදීමෙනි. 

මේ ඉතාමත් වැදගත් එසේම රටේ ජාතිකාරක්ෂාවට යොදාගත හැකි ්‍රයෝජනවත් කාරණයකි. 


මෙම නිලධාරියා දුරකථන ඇමතුම ලබා දී ම පරීක්ෂා කිරීමට කල්ගත වන විට ආයුධ රැගෙන ආ පුද්ගලයා පැන ගොස් ඇත. මෙයත් මේ කතාවේ වැදගත් සිදුවීමකි. 


මෙලෙස බස්වල ින් වෙනත් වාහනවල ින් පාරේ ඇවිදින විශ්‍රාමලත් පොලිස් නිලධාරීන්, දස දහස් ගණනක් අපේ ජාතික  ආරක්ෂාවේ ඇස් ලෙස පාවිච්චි කරන්නට පුළුවන.


විශ්‍රාම ගිය පොලිස් නිලධාරී දහස් ගණනක් බස් රථවල ගමන් කරනවා ඇත. තවත් බොහෝ ගණනක් වෙනත් වාහන වල සහ පාරේ ගමන් කරනවා ඇත. තවත් දහස් ගණනක් පාරේ සිදුවන දෑ නිරීක්ෂණය කරමින් පසු වන්නන් විය යුතුය.

මෙම පොලිස් නිලධාරීන් පොලිස් කොට්ඨාස මට්ටමෙන් දවසක පොලිසියට කැඳවා ඔවුනට speed dial ක්‍රමයක් යම් නිශ්චිත අංකයකට හඳුන්වා දී, එවැනි යම් අසාමාන්‍ය  හැසිරීමක් දුටු විට එම ස්පීඩ් ඩයල්  අංකයට ඩයල් කිරීමටත්, ඉඩ ප්‍රස්ථාවක් ඇත්නම් එම අසාමාන්‍ය සිදුවීම පිළිබඳව විස්තරයක් ලබාදීමටත් උනන්දු කර විය හැක.

එසේම  ඩිජිටල් ාජ්‍ය ගැන බොහෝ උනන්දුවෙන් වැඩ කරන මේ කාලයේ එම නිලධාරීන්ට යම් අංකයක් එබීමෙන් පමණක්ම, යම් අසාමාන්‍ය දෙයක් සිදුවන බවත් තමන්ගේ ලෝකේෂන් එක මෙතන බවත් විශේෂිත අංකයට දැනුම් දීමට හැකියාවක් තිබෙන්නේ නම් ෙම ක්‍රමවේදය මහත් මිය පලදායි වනු ඇත. මක්නිසාද එවිට ඔවුනට කිසිම ජීවිත තර්ජනයක් නොමැතිව ඒ වැඩේ කරන්නට පුළුවන.

නවතා තිබූ රජයේ වාහන ගංවතුරට අසුවීම

 ඊයේ ප්‍රවෘත්තිවලට ේරාදෙණිය ප්‍රදේශයේ ගංවතුරට අසු වූ වටිනා රජයේ වාහන කිහිපයක් සෑහෙන දුරට විනාශ වී තිබෙන දර්ශනයක් දුටුවෙමි.  මේ තරම් ගංවතුර ත...