ගාල්ල වරායේ භූගෝලීය වටිනාකම උපායමාර්ගික ලෙස ආර්ථිකයට යොදා ගැනීම- ඇවන්ගාඩ් ව්‍යාපෘති
මම ඇවන්ගාඩ් සමාගමේ උපදේශන කටයුතුවල යෙදෙද්දී, නොයෙකුත් අපට ලැබෙන යෝජනා ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳව අධ්‍යනය කර ඒ පිළිබඳව සභාපතිවරයා දැනුවත් කිරීම මගේ වෘත්තීය කටයුතු වල කොටසක් විය.
අපට වරෙක එංගලන්තයේ ්‍යාපාරික කාර්යාලය පිහිටා තිබුණු ඊශ්‍රායල් සහ ජපාන ව්‍යාපාරිකයන් පිරිසකගෙන් අපූරු ව්‍යාපාර යෝජනාවක් ලැබුණි. සමහරවිට එම යෝජනාව මම එහි සේවය කරන කාලය තුළ දුටු හොඳම යෝජනාව යැයි කියන්නට පුළුවන. එම යෝජනාවේ ඇතුළත් වූයේ ්‍රී ලංකාවේ දකුණු දෙසින් නිතිපතා ගමන් කරන වෙළඳ නෞකා වල ඇති ඒවායේ ඉන්ධන දහනය වන විට අතුරුඵලයක් ලෙස සෑදෙන, sludge oil, නෞකාවලින් ඉවත් කරගෙන ගොඩබිමට ගෙන ඒමයි.
මෙසේ එම නෞකා වලට sludge oil ඉවත් කර ගැනීමට අවශ්‍යතාවයක් තිබෙන්නේ ඒවා නෞකාවෙන් මුහුදට ඉවත් කිරීමට පරිසර හේතු මත ඉඩ නොලැබෙන නිසාය. එසේ හෙයින් ඔවුන් එලෙස ගමන පුරා එකතු වන එම sludge oil ගමනක අවසානයේ වරායක දී ඉවත් කළ යුතුය. මේ සඳහා දියුණු වරායවල ලොකු මුදලක් ගෙවිය යුතු අතර එයට කාලයක්ද ගත වේ.
මේ නිසා මේවා ගමන අතරමඟ මුහුදෙ ඉවත් කර ගැනීමට හැකි වන්නේ නම් ඔවුනට වාසි දෙකක් අත්වේ.
එකක් ,ගමන අවසානයේ වරායේදී ඉවත් කිරීමට තිබෙන තෙල් ප්‍රමාණය බොහෝ අඩු වීම වන්නේය. දෙවැන්න එලෙස මගදී නෞකාව සැහැල්ලු කර ගැනීමට හැකි නම්, නැවේ පිළිස්සෙන ඉන්ධන ප්‍රමාණය අඩු කර ගත හැකි වීම ය.
මෙම වාසි ලැබෙන නිසා ගාල්ලේ දී මෙලෙස ගමන අතරමඟ sludge oil ඉවත් කර ගැනීමට ඔවුනට හැකියාව ලැබෙන්නේ නම් ඉවත් කරන එක ටොන් එකක් සඳහා ඩොලර් පනහකට වැඩි ගාස්තුවක් ගෙවීමට එම නෞකාවලින් ැමැත්ත ප්‍රකාශ කර තිබිණ.
මෙම ව්‍යාපාරික යෝජනාවේ තිබුනේ කුඩා නැව් දෙකක් පාවිච්චි කර ගමනේ අතරමඟ ගමනේ යෙදෙද්දී ම sledge oil ගාල්ල වරායට රැගෙනවිත් බවුසර් මගින් ඒවා පිරිපහදු සංකීර්ණයක් වෙත රැගෙන යාමයි. එම පිරිපහදු සංකීර්ණය ගොඩනැගීමද ෙම ව්‍යාපෘතියේ කොටසක් විය. මෙම සංකීර්ණයේ දී එසේ ලබාගත් පිරිපහදුවට ලක්කර එම sludge oil, diesel oil, cooking gas සහ ශුද්ධ කාබන් බවට පරිවර්තනය කර ගැනීම ්‍යාපාරය ඉතිරි කොටස විය. මේ සඳහා ිරිපහදු යන්ත්‍ර ජපානයෙන් පැමිණීමට නියමිතව තිබුණු අතර ඒවායින් කිසිම පරිසර හානියක් සිදු නොවන බවට ඔවුන් සහතික කර තිබිණ.
අපි මේ සඳහා යෝජනාවක් සකස් කර, පහත සඳහන් රාජ්‍ය ආයතන වලින් අවසර ලබා ගත්තෙමු. මේ සෑම රාජ්‍ය ආයතනයකින්ම අවසර ලබා ගැනීමට ඒවාට ගැළපෙන අන්දමෙන් වෙන වෙනම යෝජනා සකස් කර ගැනීමට සිදු වූ අතර එම සෑම රාජ්‍ය ආයතනයකම අනුමැතිය ලබාගැනීමට සභාපති වරයා සහ මම පුද්ගලිකවම එම ආයතන වලට කිහිප වතාවක් ගියෙමු.
1.වරාය සහ නාවික අමාත්‍යාංශය
2. සභාපති ්‍රී ලංකා වරාය අධිකාරිය
3. ශ්‍රී ලංකා රේගුව
4. ශ්‍රී ලංකා සාගර ආරක්ෂක ආයතනය
5. මධ්යම පරිසර අධිකාරිය
මෙම ආයතන වල පස් වෙනි එක ඇරෙන්නට, අනෙක් ආයතන වල අනුමැතිය ලබා ගැනීමට අපට හැකි විය. මධ්යම පරිසර අධිකාරිය මේ සඳහා අනුමැතිය ලබාදීමට මෙහි පිරිපහදුව පවත්වාගෙන යන ස්ථානය ඔවුනට දැනගැනීමට අවශ්‍ය බව, කියා සිටියහ.
මේ පිළිබඳව කටයුතු කරගෙන යාමේදී ්‍රශ්නයක් පැන නැගිණි.......
ලංකාවේ සෑම දිනකම පාහේ පැවැත්වෙන විරෝධතා සහ පෙළපාලි නිසා මෙම ආයෝජකයන් අපගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණි. ඒ මෙම පිරිපහදුව ගොඩනැඟීමට ඒ සඳහා විශේෂයෙන් වෙන් කළ රජයේ යම් කර්මාන්ත කලාපයක් තුළ, භූමියක් ලබා ගත යුතු බවයි. එසේ නොමැති නම් අප පිරිපහදුව ගොඩනැගීමට ලබා ගන්නා ඉඩම අවට ගම්වල මිනිසුන් විශේෂයෙන්ම මෙය විදේශීය සමාගමක් විසින් කරන නිසා විරෝධතා දැක්වීමට බොහෝ ඉඩකඩ තිබෙන බවයි.
මේ සඳහා ඉඩම ලබා ගැනීමට ගාල්ල අසල පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කාර්මික කලාපයක ඉඩමක් ලබා ගැනීමට අපි තීරණය කළෙමු. අප සමාගමේ සේවය කරන මීට පෙර ඇමතිවරයෙකුගේ පුද්ගලික ලේකම් වරයෙකුව සිටි මෙවැනි වැඩ වලට ඉතාමත් දක්ෂ නිලධාරියෙකු ේ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයට යැව්වෙමු. ඔහු අප වෙත රැගෙන ආවේ කනගාටුදායක ආරංචියකි. ඒ ,එම කර්මාන්ත කලාපය අවට ගම්වාසින් විසින් අල්ලාගෙන ඇති නිසා එයින් ඉඩමක් ලබාගැනීමට හැකියාවක් නොමැති බවය.
ඉන්පසු මේ සඳහා ආයෝජන මණ්ඩලයේ ගාල්ල අවට තිබෙන කලාපයේ මේ සඳහා ඉඩමක් ඉල්ලා ගැනීමට, මේ නිලධාරියා ම පිටත් කළෙමු.
ඔවුන් කියා සිටියේ මෙම කර්මාන්තයෙන් නිපදවෙන නිෂ්පාදන බොහොමයක් පිටරටට අපනයනය නොකරන නිසා ඔවුන්ට මේ සඳහා වෙළඳ කලාපයේ ඉඩමක් ලබා දීමට නොහැකි බවය. අපනයනය කරන්නේ නිෂ්පාදනයෙන් සුළු කොටසක් වන ශුද්ධ වූ කාබන් පමණක් වුව ද ඉතිරි නිෂ්පාදන සියල්ල, ලංකාවට පිටරටින් විදේශ විනිමය වැය කර ගෙන්වන, අමුද්‍රව්‍ය නිසා මෙම ව්‍යාපෘතිය විදේශ විනිමය ඉතිරි කිරීමෙන්, ප්‍රතිඵල ගත් විට, අපනයනකට හා සමාන බව අප කියා සිටියද එය පිළි ගැනුණේ නැත.
විදේශීය ආයෝජකයන් යම් ්‍යාපෘතියක මුදල් යෙදවීමට පැමිණෙන්නේ එය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙන බවට බලාපොරොත්තු තබා ගනිමිනි. මක්නිසාද ඒ මුදල් ආයෝජනය කිරීමට බලාපොරොත්තුව සිටින්නන් ආයෝජනයක මුදලේ යෙදවීමට පරක්කු වන්නේ නම් එම මුදල් වෙනත් ආයෝජනයක යෙදවීමට ඔවුන්ට ඉඩ තිබෙන නිසා ය.
දැන් අපි මෙසේ පරක්කු වන විට ම ආයෝජකයන්ගේ උනන්දුව ක්‍රමයෙන් අඩු විය. අවසානයේ අපට යමක් කර ගන්නට බැරි පුද්ගලයන් පිරිසක් යැයි ඔවුන් සිතුවා වෙන්නටත් පුළුවන. කෙසේ හෝ කල් ගතවන විට එම ආයෝජකයන්ගේ මෙය ව්‍යාපෘතියට තිබුණ උනන්දුව අඩුවී ගියේය.
This is a brilliant proposal
ReplyDelete