Monday, April 25, 2022

පානම වැවේ ඉතිහාසය

 










මම 2011 2012 වසර වන ාවික හමුදාවේ දකුණු ප්‍රදේශයේ ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළෙමි. අලුත්ගම සිට පොතුවිල් දක්වා දිවෙන වෙරළ ප්‍රදේශය සහ මුහුද මෙම ආඥාවට අයිති ප්‍රදේශය වෙයි. මේ කාලයේ පානම ප්‍රදේශයේ අලුතින් පිහිටුවන ලද නාවික හමුදා කදවුර අතිශය දුෂ්කර ජල ප්‍රශ්නයකට මුහුණ දුන්නේ ය.


විශාල කඳවුරක් වූ මෙම කදවුර මට මතක හැටියට ඇති කරන ලද්දේ ගාල්ලේ වරායට කොටින් විසින් පහර දුන් අවස්ථාවෙන් පසුව විය යුතුය. ඒමේ ප්‍රදේශයේ මුහුදේ ආරක්ෂාව තර කිරීමට ුර සංචාරක යාත්‍රා ක්‍රියාත්මක කිරීමේ අදහසිනි.


ජල ප්‍රශ්නය ඉතා උග්‍ර ව තිබූ හෙයිනි ලය ලබා ගැනීමට ක්‍රමයක් ද සොයා ගැනීමට නොහැකි වූ හෙයින් සහ යුද්ධය අවසන් වී ඇති නිසා මේ කදවුර වසා දැමීමට ද මම යෝජනා කළෙමි. එහෙත් එසේ කඳවුරු වසා දැමීම සුදුසු නැති යැයි එකල සිතූ නිසා මේ යෝජනාව උපන්ගෙයිම අවසන් විය.


මෙම ජල ප්‍රශ්නය විසඳීමට ඒ අවට ඇති ලවණ ජලය පිරිසුදු කර ගැනීමට මිලියන් සිය ගණනක් වියදම් කර ලවණ ජලය පිරිසිදු කරන reverse osmosis උපකරණ ගෙන්වීමේ යෝජනාවක් ඉදිරිපත් වුනු අතර ඒ සඳහා කටයුතු පිළියෙල කෙරිණ.


මේ අතර එම කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ගිය මට ෙම ප්‍රශ්නයට එතරම් වියදම් නොකර විසඳුමක් කදවුර තුළම තිබෙන බව පෙනුණි. ඒ කදවුර තුළ ජලාශයක් සෑදීමයි. මේ පිළිබඳව තරමක් පරීක්ෂාකර බැලීමේදී, එම කදවුර තුළ බොහෝ පැරණි කැඩී ගිය බැව් බැම්මක කොටස් කිහිපයක් දකින්නට පුළුවන් විය.


මම නාවික හමුදා මූලස්ථානයත් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර බැකෝ යන්ත්‍ර යෙකුත් ඉල්ලාගෙන, වැඩේ පටන් ගත්තෙමි. කඳවුරේ තිබෙන සියලුම සම්පත් යොදා ගෙන ියලු දෙනාගේ ශ්‍රම දායකත්වයෙන්, මාසයක් පමණ ඇතුලත වැව් බැම්ම සාදා ගත්තෙමි. ඒ කාලේ වැඩි දින ගණනක් මම ද පානම නැවතී සිටිය අතර  මා, ගාල්ලේ මගේ කාර්යාලයට හෝ වෙනත් රාජකාරියකට ගියවිට අඩු තරමින් මගේ ධජ නිලධාරියා හෝ ඒ වැඩේ කරන්නට අධීක්ෂණය කරන්නට එම කඳවුරේ රඳවා තැබුවෙමි.

මාස දෙකක් ගත වීමට පෙර වැව් බැම්ම සම්පූර්ණයෙන් වැඩ අවසන් කර වැව් ජලයෙන් කඳවුරේ ියලු ජල අවශ්‍යතා සම්පූර්ණ කරන්නට හැකියාව ලැබුණි.


එකල නව්ක හමුදාපතිවරයා ව සිටී අද්මිරාල් දිසානායක මේ ජලාශයට මගේ නම යොදන්නට යෝජනා කළ ද මම එයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. 

කෙනෙකුට එවැනි ජලාශයක් සාදන්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකිනි. ඒ සතුට මගේ සිතේ සැමදා තිබේ.

1 comment:

  1. අපේ කාලයේ වීරයෝ.... අනාගතයට වැදගත් ඉතිරි කරන විශිෂ්ඨ.... අනර්ඝ පුන්‍යකර්මයක් සර්.....

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...