Thursday, October 29, 2026

වයර් වල් පරාජය කිරීම

 ආක්‍රමණ නොයෙකුත් ආකාරයෙන් සිදු විය හැක. 

මේ දවස්වල මගේ ගෙවත්ත වල් වර්ගයකින් ආක්‍රමණය කර ඇත. බොහෝ දිගට වැවෙන මේ වල් කෙටි කාලයකින් මුළු භූමි ප්‍රදේශයම යට කර ගනී. එසේම කූඩැල්ලන් ඉතාම ඉක්මනින් බෝවෙන්නට පටන් ගනී. 







සාමාන්‍ය උස ප්‍රයෝජනවත් පැළෑටි පඳුරු ඇතුලට වැවී ඒවායේ ඉහළට වැවී එම පැළෑටි යට කරගෙන ඒවාට ආලෝකය නොලැබෙන පරිදි ඒවා උඩ ද මේවාට වර්ධනය වන්නට පුළුවන. 


සාමාන්‍ය බිමක විසිකැත්තකින් ගසා හෝ උදැල්ලකින් සුද්ද කර ගැනීමට පුළුවන්කම තිබුණද පඳුරක් අස්සට ගොස් එහි සැමටම පැටලී වැවෙන්නට පටන් ගත් විට කරන්නට කිසිම දෙයක් නැති තත්ත්වයකට පත්වේ. අතින් ඇද ගලවා දමන්නට උත්සාහ කලත් ලෙමන් වැනි කටු තියෙන පැළෑටිවල එය කිරීම අපහසුය. 


නමුත් මම පේටන්ට් බලපත්‍රයක් හිමි නව නිපැයුම් කරුවෙකි. වසර ගණනාවක් , නාවික හමුදාවේ සැලසුම් සහ ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස පර්යේෂණ සහ නව නිපැයුම් අංශය පිහිටුවා බොහෝ නව නිපැයුම් කළ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ සහ නවනිපැයුම් මෙහෙයුම් කමිටුවේ ද сමාජිකයකුව සිටියෙමි.


වයර්වල්වලට මා පරදවන්නට නොහැක. අද මම මේ සඳහා අලුත් ආම්පන්නයක් නිර්මාණය කළෙමි. මේ එම ආම්පන්නයයි. ඒ වල් වලින් වටවී යටවී තිබුණු ලෙමන් ගසක් ඒ ආම්පන්නය යොදා පිරිසිදු කර ගත් ආකාරය  ඡායාරූපවලින් පෙන්වා ඇත. 

අඩි පහක් පමණ දිග පරණ රීප්ප පටියක කෙළවරට ඇණ දෙකක් ගසා සාදාගත් මෙම උපකරණය, පඳුරේ වල් වැවී ඇති තැන්වලට හෙමින් සීරුවේ යවා ඇනවලට වල්  ටිකක් පටලවා ගෙන අත් දෙකෙන් ලීය කරකැවීමෙන් වල් සෑහෙන ප්‍රමාණයක් ඇඹරෙමින් ගැට ගැසෙමින් ලීයට පටලැවේ. සෑහෙන තරමක් එකතු වූ පසු ලීය ඇදගත්විට ඒ වල් ටික ඉවත් කර ග හැක. ඉන්පසුව එම ක්‍රියාව නැවත නැවතත් ලෙමන් පඳුරේ වල් අවසන් වනතුරු සිදු කළෙමි.

Invasions can take place in various ways.

These days, my home garden has been invaded by a type of weed. Growing very long, these weeds cover the entire land area within a short period. At the same time, leeches start breeding very rapidly.

They can grow deep inside normal-height useful plant bushes, climb to their tops, and grow right over them, blocking sunlight from reaching those plants.

Although it is possible to clear them on normal ground using a scythe or a mammoty (hoe), once they get inside a bush and start growing entangled with everything, you reach a helpless situation. Even if you try to pull and uproot them by hand, it is difficult to do so in plants with lemon-like thorns.

However, I am a patented inventor. Having served for years as the Director of Plans and Projects of the Navy, I established the Research and development Division and created many new inventions. I was also a member of the Research and development steering Committee of the Ministry of Defence.

Vines/weeds cannot defeat me. Today, I designed a brand-new tool for this. These are the photographs of it. It shows how a lemon tree, surrounded and suppressed by those weeds, was cleaned using this tool.

This device, made by driving two nails into the end of an old lath (wooden strip) about five feet long, is gently inserted into the weed-grown areas of the bush. By tangling a portion of the weeds onto the nails and twisting the piece of wood with both hands, a substantial amount of weeds gets twisted, knotted, and wound around the wood. Once a significant amount has gathered, pulling the wood out allows you to remove that batch of weeds. Afterwards, I repeated this process until the weeds in the lemon bush were completely gone.

4 comments:

  1. ඇත්තටම ඉතාම හොඳ උත්සාහයක් ඉලංගකෝන් මහත්මයා. ඔබේ නවෝත්පාදන හැකියාව ඉතාම අගය කරනවා. මම නම් හිතන්නේ අපේ රටට අද වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ නිර්මාණශීලී මිනිස්සු සහ මෙවැනි නව නිපැයුම් තමයි.

    එදිනෙදා ජීවිතයේ අපට මුහුණ දෙන්න සිදුවෙන ප්‍රශ්නවලට විසඳුම් විදියට සරල උපකරණ නිර්මාණය කිරීම ඉතාම වටිනා දෙයක්. අවාසනාවකට අපේ රටේ මෙවැනි දේවල් දකින්න ලැබෙන්නේ බොහොම අඩුවෙන්. ඕස්ට්‍රේලියාවේ හෝ යුරෝපයේ වගේ රටක විශාල හාඩ්වෙයාර් සාප්පුවකට ගියොත්, ගෙදර දොරේ එදිනෙදා වැඩ පහසු කරගන්න නිර්මාණය කරපු පුංචි පුංචි උපකරණ කොච්චර තියෙනවද කියලා බලාගන්න පුළුවන්. ඒ බොහොමයක් මහා සංකීර්ණ තාක්ෂණික නිර්මාණ නෙවෙයි. සරල ඉංජිනේරු සංකල්ප ප්‍රායෝගිකව යොදාගත්තු නිර්මාණ.

    මම නිතරම කියන කාරණයක් තියෙනවා. අපේ ඉංජිනේරු පීඨවල පළවෙනි අවුරුද්දේ ඉඳන්ම මෝටරය, එන්ජිම වගේ දේවල් ගැන මාර ගැඹුරට උගන්වනවා. ඒවායේ ක්‍රියාකාරිත්වය, සිද්ධාන්ත, ගණිතමය විශ්ලේෂණ ඔක්කොම අපි ඉගෙන ගන්නවා. අන්තිමට බැලුවම මෝටරයයි එන්ජිමයි ගැන නොදන්න මඟුලක් නැහැ! 😄

    හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ඒ ඉගෙන ගත්තු දැනුම පාවිච්චි කරලා සාමාන්‍ය මිනිස්සුන්ගේ වැඩ පහසු කරන අලුත් උපකරණ, යන්ත්‍ර සූත්‍ර සහ නිෂ්පාදන බිහි කිරීමේදී අපි තවමත් බොහොම පසුපසින් ඉන්න එකයි.

    යුරෝපීයයන් සහ චීන ජාතිකයන් ඔය මෝටරයයි එන්ජිමයි පාවිච්චි කරලා කොච්චර නම් විවිධ උපකරණ නිර්මාණය කරනවද? පුංචි ගෙවතු උපකරණයක ඉඳලා දැවැන්ත කාර්මික යන්ත්‍රයක් දක්වා ඒ දැනුම නිෂ්පාදන බවට පරිවර්තනය කරනවා.

    අපේ රටෙත් එවැනි නිර්මාණ බිහිවෙලා තියෙනවා. රේ විජේවර්ධන මහත්මයාගේ කෘෂිකාර්මික යන්ත්‍ර නිර්මාණ ඒකට හොඳ උදාහරණයක්. නමුත් ඒ වගේ උත්සාහයන් තව තවත් වර්ධනය වෙලා, වාණිජ නිෂ්පාදන බවට පත්වෙන ක්‍රමවේදයක් අපි තවමත් ප්‍රමාණවත් තරමින් ගොඩනඟාගෙන නැහැ.

    මම නම් හිතන්නේ අපේ ඉංජිනේරු අධ්‍යාපනයේත් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ මේ පැත්තට. සිද්ධාන්ත දැනුම විතරක් නෙවෙයි, ඒ දැනුම පාවිච්චි කරලා මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් නිර්මාණය කරන්න පුළුවන් ඉංජිනේරුවන් බිහි කිරීම තමයි වැදගත්.

    ඒ අතින් ඉලංගකෝන් මහත්මයාගේ මේ උත්සාහය ඇත්තටම අගය කළ යුතුයි. ඔබට තවත් මෙවැනි නිර්මාණ බිහි කරන්න ශක්තිය සහ ධෛර්යය ලැබේවා!

    ReplyDelete
    Replies
    1. වැදගත් පොයින්ට් එකක් මයියා. අපි මම හිතන්නෙ න්‍යායාත්මක ඉංජිනේරු දැනුම ලබාදීමට තරම් ප්‍රමාණාත්මක උනන්දුවක් දක්වන්නෙ නැහැ මම හිතන්නෙ ප්‍රායෝගික ඉංජිනේරු අංශය ගැන. ඒකට හේතුව මට තේරෙන විදියට රටේ ඉංජිනේරු ආර්ථිකය නව නිපැයුම් දිරිගන්වන මානයකට හැඩ ගැහිල නැති එක. මමත් ඉලංගකෝන් මහතාගේ මේ ලිපිය ඉතාමත් රස වින්ඳා. මෙතන ප්‍රශ්නය, ප්‍රශ්නයේ මූල බීජ හඳුනාගැනීම සහ සරළ සහ ප්‍රායෝගික ඇටවුමක් මගින් එය නිරාවරණය කර ගැනීම ඉතාම හොඳින් දක්වා තිබෙනවා. ඉලංගකෝන් මහතාට මේ උත්සාහය වෙනුවෙන් මමත් සුභ පතන්නට එක් වෙනවා.

      Delete
  2. Thank you මයියා, pra jay and කෞශල්‍යා

    ReplyDelete

From the canopy, a short story

  From the Canopy: Podda’s Little Harvest They say a village has many faces, but you only truly learn them when you are seeing them sixty fe...