Tuesday, May 31, 2022

දුර්භික්ෂය අභිමුඛව වහාම කළ යුතු දෑ මොනවාද කළ යුත්තේ කවුරුන් විසින්ද

 අප දුර්භික්ෂයක් අභිමුඛයට පැමිණ ඇති බවට පැහැදිලි සාක්ෂි තිබේ. දැන් පෙනෙන විදිහට යල කන්නයත් එතරම් සාර්ථක වන බවක් පෙනෙන්නට නැත.

රජය සහ ඇමතිවරු අපට වවන්නට කියති. ජනාධිපති වරයාද කෘෂිකර්ම නිළධාරීන්ට අපට වවන්නට උදව් කරන ලෙස පවසා සිටියේය.

අර පසුගිය අවුරුදු වල කළා මෙන් පැළ කිහිපයක් නිවෙස් වලට බෙදා දීමෙන් ඇට පැකට් එකක් දීමෙන් නැවතත් කෘෂිකර්මයට උදව් කරන්නට උත්සාහ කරනු ඇත.

නමුත් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක එමෙන්ම ඉතාමත් අකාර්යක්ෂම උදව් කිරීමකි.

ඇත්තෙන්ම ගම්වල; නගර වල කොහොමත් ඒ තරම් ඉඩක් වගාකිරීමට නොමැත, වගා කිරීමට උදවු කිරීමට අවශ්‍ය නම් කළ යුතු වන්නේ අපගේ වගාවන්ට අකුල් හෙලන සතුන්  ඉවත් කර දීමයි. මෙසේ ඉවත් කළ යුතු සතුන් වන්නේ වල් ඌරන් සහ ඉත්තෑවන් සහ රිලවුන් ය. 

මෙම තර්ජනය ොයෙකුත් ප්‍රදේශයන් අනුව අඩු වැඩි වශයෙන් පවතී.

ඇඟෙන්ම ගොවියකු වන මම, මහනුවර අවට ගමක කුඹුරු සහ ගොඩ ගොවිතැන කරන්නෙමි. 

මගේ ගොඩ ගොවිතැනට තිබෙන විශාලම ප්‍රශ්නය ඌරන් සහ ඉත්තෑ වන්ය. ඉඳහිට එන රිලවෙකු දෙන්නෙකු, මගේ බල්ලා විසින් එලවා දමන නිසා ිලවුන්ගේ ප්‍රශ්නය මට බලපාන්නේ නැත. 

නමුත් අපේ ගමේ දවසකට දෙවරක් පමණ ඇසෙන රතිඤ්ඤා සද්ද වලින් ට එසේ නොමැති වුව ද එම ප්‍රශ්නය බලපාන බොහෝ ගෙවතු තිබෙන බව දැන ගන්නට පුලුවන.

මම නොයෙකුත් ක්‍රම යොදාගෙන ඌරන් සහ ඉත්තෑවන් හට ඉඩමට ඇතුළු වීමට අපහසු කිරීමට කටයුතු කරගෙන තිබේ. 

එහෙත් ඔවුන් යම් ක්‍රමයකින්, ඉඩම් වටා ඇතුළුවූ යන්නට විදිහක් සාදා ගත්තොත්, මුළු වගාවම විනාශ කරන්නට ඔවුනට ගත වන්නේ එක් රාත්‍රියක් පමණි.  

මෙයට හොඳ උදාහරණයක් පසුගිය මාසයේ සිදු වුණි. ඒ කෙසේ හෝ රාත්‍රියේ ඉඩමට පැමිණි ඉත්තෑවකු හෝ දෙන්නෙකු, අපේ උද්‍යානයේ වවා තිබුණු ඉතාම සරුවට වැවෙමින් තිබුණුඇම්බන් සහ සුවඳැල් කෙසෙල් පැල හතරක් වටේට හාරා බිමට පෙරළා ඒවායේ අල සියල්ල පතුරු ගසා කා දමා තිබීමය.

මෙ නිසා අල ලබාගත හැකි මඤ්ඤොක්කා බතල අල කොල වැනි බෝග වගා කිරීමට කවුරුත් කැමැත්තක් දක්වන්නේ නැත. මෙතන බෝගය පාඩු වනවාටත් වඩා එම පැළ විනාශ කර තිබෙනවා දකිනවිට ගොවියාට ඇතිවන කණගාටුව ඔහුට ගොවිතැන සම්පූර්ණයෙන්ම එපා කරවයි.

රජයට මේ හදිසියේ ගොවිතැන යම් තත්වයකට හෝ දියුණු කරන්නට ඕනෑ නම් කළ යුතු වන්නේ මේ බාධාව ඉවත් කර දීමයි. රටේ කෘෂිකර්ම නිෂ්පාදනය මේ සතුන් ග්‍රාමීය ප්‍රදේශවලින් ඉවත් කරන්නේ නම්, 20% කින් වත් වැඩිවනු ඇත.

මේ සතුන් ඉවත් කරන්නට කළ හැකි මොනවාද? 

මටනම් හිතෙන්නේ මෙ කටයුත්ත ත්‍රිවිධ හමුදාවට බාර දීමයි. රටේ නොයෙකුත් පරිපාලන ප්‍රදේශ අනුව මෙම කර්තව්‍ය හමුදාවලට භාර දෙන්නෙ නම් මාස කිහිපයකින්ම මෙම කටයුත්ත අවසන් කර ගැනීමට පුළුවන් වනු ඇත. එය ජාතික මෙහෙවරක් ලෙස හමුදාව ද එය ඉටු කරනු ඇත. 

අනෙක එම කාර්යයේ යෙදෙන කිසිම හමුදාවේ නිලධාරියෙකු කිසිම හිතේ දෙගිඩියාවක් නොමැතිව තමන් රටට සේවයක් කරන්නේ යැයි ප්‍රබුද්ධ හැඟීමෙන් එම රාජකාරි යෙදෙන්නට ද පුළුවන. 

හමුදාව දැනට කරන යුදමය නොවන රාජකාරීන් අතරින් මෙය ඩාත්ම ප්‍රයෝජනවත් රාජකාරිය වනු ඇතැයි සිතේ.

2 comments:

  1. ඉතාම හොඳ යෝජනාවකි. බෞහුජ්ජයෝ විරුද්ධ නොවන්නේ නම් පමණක් කළ හැකිය

    ReplyDelete
  2. මේ සත්තු දඩයම් යම් කරන්න බල පත්‍රයක් දෙන්න ඕන
    වඳ නොවෙන ආකාරයට වෙනත් රටවල් කරන විදියට කරන්න ඕනා

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...