Thursday, May 19, 2022

Lost in banks බැංකු තුළ අතරමං වී

 දැන් බොහෝ වැඩ කර ගන්නේ දුරකථනයෙන් online නිසා, මම බැංකුවලට යන්නේ ඉතාමත් කලාතුරකිනි. නමුත් අද උදේ මගේ සාමාන්‍ය බැංකුවට නොව, වෙනත් රජයේ බැංකුවකට යාමට සිදුවිය.


මම එතන ලයින් එකේ සිටියදී මට ඉදිරියෙන් සිටී මැදිවියේ කාන්තාවක් බිල් දෙකක් ගෙවීමට උත්සාහ කළාය.


බැංකු නිලධාරිනිය ඇයට එම මුදල් ාර්යාලය ඉදිරිපස තිබෙන යන්ත්‍රයෙන් ගෙවන ලෙසට උපදෙස් දුන්නාය. එසේ මුදල් ගෙවීමට ඇයට තේරුමක් නොමැති බව එම කාන්තාව බැංකුවේ තරුණියට කියා සිටියාය.


බැංකු නිලධාරිනිය ඉදිරියේ සිටින ආරක්ෂක නිලධාරියා ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසට ඇයට කීවාය. ඇය ආරක්ෂක නිලධාරියා වෙතට ගොස් ඔහුගෙන් උපදෙස් ඉල්ලා සිටියද ඔහු ඇයට උපදෙස් දීම ප්‍රතික්ෂේප කළේය.

ඇය නැවත පෝලිම වෙත පැමිණ බැංකු නිලධාරිනියට මේ බව පවසා මුදල් ගෙවීමට උත්සාහ කළාය. 


නමුත් ඇය කියා සිටියේ, යන්ත්‍රයෙන් මුදල් ගෙවන ලෙස ය. කාන්තාව මහත් අසරණ තත්ත්වයට පත්ව සිටියාය. මේ සිද්ධිය දෙස බලා සිටි මම ඇයට උදව්වක් කරන්නට සිතා මා එනතුරු බැංකුවේ ඉදිරිපස බලා සිටි මගේ මිතුරාට, ඇයට උදව් කරන ලෙසට කිව්වෙමි.

එහෙත් ඔහුත් එයට මැලි කළේ සමහරවිට පුරුදු නැති දෙයක් කරන්නට ගොස් මුදල් නැති වීම වැනි යම් අකරතැබ්බයක් සිදුවූවොත්, ඔහුටත් එයට මුහුණ දෙන්නට සිදුවන බව සිතා විය යුතුය.


මම මගේ වැඩේ කරගෙන එළියට ආපසු මගේ මිතුරා මට ඔහුට ආරක්ෂක නිලධාරියා කියූ දෙයක් මට කීවේය. 

පසුගිය සතිය වන තෙක්, එම බැංකුවේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සේවය කර ඇත. එහෙත් පසුගිය දිනක බැංකුවේ මූලස්ථානයෙන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ගෙන් එක් අයෙකු අඩු කරන ලෙස දැනුම් දී ඇත. 


දෙදෙනෙකු සිටින කාලයේ එවැනි කුඩා උපකාර බැංකුවට කළ ද තනියම සිටින විට එසේ කරන්නට යාම සුදුසු නැති බව දැන් මෙතන සිටින ආරක්ෂක නිලධාරියා සිතයි, එයත් සාධාරණය.

ඔහු මගේ මිතුරා වෙත තවත් කාරණයක් කියා ඇත. 

එනම් ඒ කාන්තාව තැපැල් කන්තෝරුවක් වෙත ගියේ නම් එම බිල් ගෙවීම නොමිලේම කරගත හැකි බවය. බැංකුවේ ගෙවන බිල්පත් සෑම එකකටම රුපියල් 12ක් ද අය වෙන බවය.


සුළු තාක්ෂණයන් වත් පාවිච්චි කරන්නට නොහැකිව සෑම තැනම හිරවන, පරම්පරාවක් දැන් අපේ සමාජයේ ඇති වී ඇති බව පෙනේ.


එසේම බැංකු ීට වඩා ගනුදෙනුකරුවන්ට මිත්‍රශීලී වී , මෙවැනි අවස්ථාවල දී ක්‍රියා කළ යුතු අන්දම, යන්ත්‍ර භාවිතා කිරීමට නොදන්නේ නම් තැපැල් කන්තෝරුවකට යායුතු බව වත්, දැන්වීම් මගින් කියා දිය යුතු නේද? 


4 comments:

  1. Thay can simply post a work instruction near the machine.

    ReplyDelete
  2. රාජ්‍ය බැංකු වල ඉන්න නෝනා මහත්වරු හිතාගෙන ඉන්නේ අපි එන්නේ ඔවුන්ගේ පුද්ගලික මුදලින් අපේ වැඩ කරගන්න එනවා කියලා

    ReplyDelete
  3. ඇයට දරුවන්ගෙන් උදව්වක් නැතිව ඇති. තාක්ෂණික හැකියාව නැති ගොඩ දෙනෙක් තමන්ගේ දරුවන් හරහා ඔන්ලයින් ගෙවීම් කරගන්නවා කියා මට හිතෙනවා. එහෙම නැත්නම් හොඳ දේ සුපර්මාර්කට් එකකට යන එක.

    ReplyDelete
  4. කොහොමටත් ඉතින් ක්‍රම සහ විධි සෑදිය යුත්තේ මිනිසුන්ගේ වැඩ ලේසි කිරීමට නොව තව තවත් අපහසු කිරීමට නේ

    ReplyDelete

The Gentleman in the Cave

Every afternoon, when the shadows of the tea bushes lengthened across the road, the planter walked his dog past Dingiri’s house. The planter...