Tuesday, March 30, 2021

මගේ ගුරු ගීතය 2

 

අද එතැන් සිට 
වැඩියෙන්ම සිසුන් සිටියේ කලා අංශයේ ය. ඊළඟට වාණිජ අංශය වූ අතර ුඩාම පන්තිය විද්‍යා පන්තිය විය. පන්ති තුනේම ගුරුවරු දහ දෙනෙක් පමණ වූ අතර පන්සලෙන් ශාලාව කුලියට ගෙන ඒ කළමනාකරණය කරන ලද්දේ රාජපක්ෂ නැමැති මහත්මයෙකු විසිනි.

මට මතක හැටියට ඔහු ද කලා පන්තියේ යම් විෂයක් ඉගැන්වූයේය. ගුරුවරයෙකු නොපැමිණි අවස්ථාවල කලා අංශයේ පන්තියට ගණිතය ඉගැන්වීමට ද මට යම් දිනවල සිදු විය. අප ගුරුවරුන් ඉතාමත් මිත්‍රශීලීව කාලය ගත කළෙමු. සිකුරාදා දිනවල  අප ගුරුවරු පස් දෙනෙකු පමණ u k  de silva බාර් එකට ගොස් ඩ්‍රාෆ්ට් බියර් පානය කිරීමේ පුරුද්දක් ද ඇතිවිය.

මෙසේ මාස කිහිපයක් ගත වෙද්දී එක් දිනක මට රාජපක්ෂ මහත්මයා කතා කර එකල ප්‍රසිද්ධ ජීව විද්‍යා ගුරුවරයෙකු ගේ පුෂ්පදාන ශාලාවේ පැවැත්වෙන පන්තිය සඳහා ඔහුට එදින කොළඹ සිට ඒමට නොහැකි වන නිසා එම පන්තියට ඉගැන්විය හැකි දැයි මගෙන් විමසා සිටියේය.
ඔහුගේ නම k ariyasinghe බව මට මතකය. මේ ඉතා විශාල පන්තියක් බව දන්නා හෙයින් මට යම් සබකෝලයක් වැන්නත් ඇති වුවද රාජපක්ෂ මහතා ඉදිරියේ ලැජ්ජා වීමට නොහැකි නිසා මා එයට එකඟ වුණෙමි. මට මේ පන්තිය සඳහා රුපියල් සීයක් හෝ 150 ක් ගෙවන බවද කියන ලද අතර මේ මුදල ඒ කාලේ සෑහෙන මුදලක් වූ නිසා මට තවත් එඩිතර කමක් ලැබෙන්නට ඇත.

මම නියමිත දින පන්තිය  සඳහා ගියෙමි. pushpadana ශාලාවේ ඉහළ මාලයේ පැවති මේ පන්තිය ළමුන් පන්සීයක ගෙන් පමණ සමන්විත විය. ගුරුවරයා පන්තියට උගන්වන ලද්දේ වේදිකාවක සිට මයික්‍රෆෝනයක් අත තබාගෙනය. මා එලෙස මයික්‍රෆෝනයක් පාවිච්චි කළ පළමු වතාව එදින වීම නිසා මට තරමක් අපහසු තාවයක් වේදිකාව මතදී දැනුණි.

එදින මට උගන්වන්නට ලැබුණේ පරිණාමය විශය විය. මේ පන්තියේ සිසුවෙකුට යම් ප්‍රශ්නයක් ඇති වූ විට ය කුඩා කොළ කැබැල්ලක ලියා ගුරුවරයා වෙත එවන ක්‍රමයක් තිබුණි. ටික වේලාවකින් මට මෙවැනි කොළ කිහිපයක් ලැබුණු අතර එයින් දෙවැන්නේ ලියා තිබුණේ ගුරුවරයකු මයික් එක තබාගන්නේ කටට ටිකක් ඈතින් බවත් මා මයික් එක අල්ලාගෙන ඉන්නේ ගායකයකු අල්ලාගෙන සිටින ආකාරයට බවත්ය.
මම වහාම මයික් එක කටින් දුරින් තබා ගෙන කතා කරන්නට පටන් ගත්තෙමි.
පැය දෙකක පන්තියෙ අවසානයේ ිසුන්ගේ ප්‍රතිචාරවලින් මට හැඟුණේ මම හිතූ තරම් මගේ දින ඉගැන්වීම දුර්වල නැති බවය.

ටික කලකට පසු අපේ පාසලේ පොඩි ආරවුලක් ඇති විය. ඒ පන්තිය කළමනාකරණය තුළ රාජපක්ෂ මහතා සහ මගේ මිතුරු lakshman දසනායක අතරය.  මේ පන්තියේ අප වැටුප් ලබාගත්තේ නොයෙකුත් වේලාවට අපට අවශ්‍යතාවයක් ඇති වූ විට ය. එම අවස්ථාවල දී රුපියල් පනහක් සීයක් වැනි මුදලක් ලබාගත් අතර පොතක සටහන් කරන්නට යෙදුනි.
මාසයක ලබාගත් මුදල් ප්‍රමාණය පිළිබඳව රාජපක්ෂ මහතා සහ මා මිතුරා අතර විරසකයක් ඇති විය. මෙයින් කෝපයට පත් මා මිතුරා තමන් පන්තියෙන් ඉවත් වන බව කියා යන්නට ගොස් ඇත. ඒ අවස්ථාවේ මා එහි නොසිටි අතර පසුදින මා පන්තියට ගිය විට රාජපක්ෂ මහතා මේ පිළිබඳව මට පවසා >ඔබ වත් ඉතිරි ව්‍ර එක ලොකු දෙයක්, නැත්නම් මට  මේ අවස්ථාවේ ගුරුවරු හොයා ගන්නට ලොකු ප්‍රශ්නයක් වෙනවා යනුවෙන් මට කීවේය.  ඊලග කොටස අනිද්දා 

No comments:

Post a Comment

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...