Monday, June 8, 2020

අනුන්ගේ පොරවට වඩා තමන්ගේ විදුරුමහ හොඳලු


හොඳ උපහැරණ ටිකක් හම්බවුනා පරණ පොතක තිබිල , සමහර ඒවා මෙච්චර කල් අහලත් නැහැ 




අකලට පලගත් ගෙඩිය වාගේ

අට වම්බටු නව උංගං දුන්නා වාගේ

අඩියෙන් අඩියත් ගමටලු

නොමනා දොඩවා වනම් පනම් අහගත්තා වාගේ

අනුන්ගේ පොරවට වඩා තමන්ගේ විදුරුමහ හොඳලු  

අනුන්ගේ මඟුල්දාට තමන්ගේ ආදරයේ පෙන්වන්නා වගෙයි

අන්ධයාට මොන පහන් එළිද

අතේ හකුරු ඇත්නම් කොයි ලිදෙත් දිය ඇත්ලු

අමු කල කෙනෙක් අමු ගෙනියත්, වී කල කෙනෙක් වී ගෙනයත්

අම්බලම කැඩුනත් ගව්ව් කුඩා නොවෙයි

අලට වැඩිලු කොස්, ඊටත් වැඩිලු හිසරදේ

අලි විකුණ බැරි වෙලා තම්පලා විකුණ හරියයිද

අලුත් පිටට ගෝනිය කැඳලූවා වගෙයි

අලේ ලොකුවට බැස්සොත් ඉන්දු එකාටත් උගේ අඹුටත් හොදයිලු

අහසටත් වැදු  මවටත් හොදක් නැත්ලු

ආදා මාළු , ඉරටුවෙන් කන්නා වගෙයි

ඉක්මන් වැඩ ගත්තයි කියා බඩාලාට පියා ගැහුවා වගෙයි

ඉස අතගා ඇස උලුප්පන්නා වගෙයි

ඉඟි කලාම නොදෑනන්නාට කෙලමොලෙන් ඇන්නත් නොදෑනෙයිලු

ඉසිරෙන දෙය ලෙව කෑවත් ලාබලු

ඉබි කබලුත් බෙහෙතට ඕනෑ වෙනවලු

ඉබ්බන්ගේ පිස්මේන්තු ඉල්ලන්නා වගෙයි

ඉලිප්පෙන ලීය ගේ ගත්තා වගෙයි

ඉදිකටුවත් රත්තරනෙන්  හදලා මොටද

ඉඳ  ඇඩුවන්ට ඉඳ ඇඩිමත් හිට ඇඩුවන්ට හිටඇඩිමත් නිසිලු   


4 comments:

  1. මේ අ සිට ඉ දක්වා විතරයි නේද?
    ලයිස්තුව සෑහෙන්න දිගයි වගේ.
    පොතේ නම කුමක්දැයි කියන්න. මා කුඩා කළ තේනබදු නම් අයෙකු සැකසූ සිංහල භාෂා පොතක් කියවා තියෙනවා. එහිත් ඔවැනි කියමන් රාශියක් තිබුණා!

    ReplyDelete
  2. නියමයි
    විචාරක දියණිය

    ReplyDelete
  3. සමහර පරණ ප්‍රස්තා පිරුළු අළුත්වෙලා තියෙනවා මෙන්නෙ මේ වගේ.
    1. අක්කව පෙන්නල නංගි දුන්නා වගේ - තණමල්විල කොල්ලෙක් පෙන්නලා හම්ගන්තොට කොල්ලා දුන්නා වගේ
    2. යන්නෙ කොහෙද මල්ලෙ පොල් - සැමන් පරිප්පු අඩු කලා වගේ

    ReplyDelete

My house is my castle

 මේ මගේ කාර්සල් එකට( my house is  my castle යන අර්ථයෙන්)ප්‍රවිශ්ට මාර්ගයයි. එහි එක් කෙළවරක් ද්විත්වාකාලයේ කඩාගෙන වැටුණි.  සතියකට පමණ පෙර එතන...