Friday, June 5, 2020

2 සරදියෙල් එල්ලා මැරීම 2








රතු පැහැති කබායක් පැළඳ සිටි තොම්සන් විනිශ්චය කරුට ඉහලින් පංකා දෙකක්සවිකර තිබු අතර, ඒවා ක්‍රියා කරවන්නන් සිටියේ ඔහුට ඈතින් දෙපැත්තේය. මෙලෙස යටත් වැසියන් දෙදෙනෙකු විසින් යටහත් පහත්ව පංකා කරකවමින් සිටීමෙන්, විනිසුරුවරයා අමුතු ගාම්භීරත්වයකින් ඔප වැටුණු බව මට සිතුනි.
විත්ති කරුවන් දෙදෙනා විත්ති කුඩුවේ සිටගෙන සිටියහ. දෙදෙනාගේ ඉදිරිපස පපුවේ අංක 1 සහ 2 ක ලියූ රෙදි කැබලි එල්ලා තිබුණි. විත්තිකරුවන්ට පිටුපසින් දමා තිබු බාධකය අසල සිට පිටුපසට වන්නට, විනිශ්චය කරුගේ වම් පැත්තෙන් ඔවුන්ගේ නෑදෑයන් සහ ගමේ මිනිසුන් එහි දමා තිබු බංකු  ඉඳගෙන බලාගෙන සිටියේ, හරියටම පල්ලියේ පූජාවට පැමිණ සිටින පිරිසක් ලෙසිනි. විනිශ්චයකරු ගේ දකුණු පැත්තේ ජූරි සභාවේ දහදෙනා එකක් පසුව එකක් ලෙසට තබා තිබු මේස දෙකකට පිටුපසින්, පස් දෙනා බැගින් ඉඳ ගෙන සිටියහ. ජූරි සභාවේ සිටි සියලු දෙනාම ඉංග්‍රීසි ජාතිකයන් වූහ. එසේම නඩුව මෙහෙය වැව්වේද ඉංගිසි ජාතික රිචාර්ඩ් මෝර්ගන් රැජිනගේ අද්වකාත් වරයා විසිනි.
විනිශ්චයකරු අසන ප්‍රශ්න තෝල්ක මුදලි වරයා විසින් සිංහලට නගන ලදුව, විත්ති කරුවන් පිළිතුරු දුන්හ. නඩුකාරයාට තරමක් දුරට සිංහල භාෂාව තේරෙන නිසා, තෝල්කයා විත්තිකරුවන්ගේ පිළිතුරු පරිවර්තනය කළේ නැත. විත්ති කරුවන් ඔවුන් ගේ පිළිතුරු දෙද්දී  කිසිම උනන්දුවකින් එම පිළිතුරු ලබා දුන්නේ නොමැති බව පෙනුණි. බොහෝ විට ඔවුන් තම ජීවිතය පිළිබඳව බලාපොරොත්තු අතහැර දා සිටිනවා වෙන්නට පුළුවන.

ඉන් පසුව ඔවුන් වෙනුවෙන් පත් කළ ඉංග්‍රීසි නීතිඥයකු බොහෝ වේලාවක් කතා කළ අතර, ඔහු ඉල්ලා සිටියේ ඔවුනට යම් ලිහිල් දඬුවමක් ලබා දෙන්නට මිස, ඔවුන් නිවැරදි කරුවන් යැයි පෙන්වා දීමට නොවේ. සමහර විට සාක්ෂි අනුව එසේ පෙන්වා දීමෙන් වැඩක් නොමැති බව ඔහු සිතුවා වන්නට පුළුවන.
එම දේශනයෙන් පසු විනිශ්චය කරු ජූරියට කරුණු පැහැදිලි කර, ඔවුන්ගෙන් තීන්දුවක් ඉල්ලා සිටියේය. ඇතුලට ගිය ඔවුන් ඉතාමත් ඉක්මනින්ම එළියට පැමිණ, විත්තිකරුවන් දෙදෙනා වැරදි කරුවන් බව කියා සිටියහ. ඒ අසා විනිශ්චයකරු ඔවුන් දෙදෙනා එල්ලා මරන්නට නියම කළේය.    
දවස් කිහිපයක් දීර්ඝ ලෙස කතා කිරීමට ඉඩ ලැබීම නිසා, මට මෙම සිරකරුවා සහ ඔහු ගත කර ඇති ජීවිතය පිළිබඳව මහත් කනගාටුවක් ඇති වී තිබුණි. ඔහු හොඳ මොලයක් ඇති එලෙසම යමක් ඉක්මනින් තේරුම් ගැනීමට හැකියාවක් ඇති තරුණයකු බව, ඕනෑම කෙනෙකුට ඔහු සමග විනාඩි කිහිපයක් ගතකල විට වැටහේ.
සරදියෙල්ද ඔහු ගතකල ජීවිතය පිළිබඳව ඇත්තෙන්ම කනගාටු වන බවත්, නැවත වරක් ඔහුට ඔහුගේ ජීවිතය කුඩා කල සිට පටන් ගන්නට ලැබුනහොත්, ඔහු කිසි ලෙසකින්වත් මෙවැනි නොපනත් කම් වල නොයෙදෙන බව, මට හොඳින්ම පැහැදිලි විය.
මැයි 7 වන දින සිරගෙදර සිට ඔවුන් දෙදෙනා එල්ලා මරන්නට ගෙනයන ලද්දේ මහනුවර නගරය මැදින් කුඩා පෙළපාලියක් ලෙසටය. ඔවුන් දෙදෙනාම  සැරසී සිටියේ බුරුල් කලිසමක්, බැනියමක් සහ රෙදි කැප් තොප්පියකිනි. මේ සියල්ල සුදු පාට විය. මොවුන් ගැලෝව්ස් හිල් කන්දේ පිහිටි පෝරකය වෙත රැගෙන යනවිට, මමත් ඒ සමග ගිය කණ්ඩායමේ ගමන් කලෙමි. ඔවුන් දෙදෙනාම එකා පසුපස එකෙකු ලෙස ඉතාමත් හෙමින් ගමන් කල අතර, සරදියෙල් මුළු ගමනේදීම මහා හඬින් ඔහු අත තිබූ පොතින් ආගමික පාඨ කියවමින් ගිය අතර, මම්මලේ කිසිම ශබ්දයක් නොමැතිව ගමන් කළේය........ හෙට 3 කොටස 

2 comments:

  1. මේ කාලේ සිංහලයන්ට වෙච්ච ලොකුම අසාධාරණය තමයි ඉංග්‍රීසියෙන් නඩු ඇසීම අහිංසතක දුප්පත් මිනිස්සු ඉංග්‍රිසි දැන උන්නෙ නෑ දැනගනහිටිය අපේ සිංහල මිනිස්සු තමන්ගෙ වැදිවලට පවුකාරකම්වලට මේ අහිංසක මිනිස්සු පාවලා දුන්නා බැද්දේගම ඉටි පහන් වැනි කාතිවල මේවා බාහොම ලස්සනට විග්‍රහ කරනවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔව්ව එච්චර ගනංගන්න එපා, මිනිස්සුන්ගේ දුක නැති කිරීම උදේසාම කැපවෙලා ඉන්න උන්නාන්සේලාත් මිනිස්සු දන්නා භාෂා වලින් සිරියස් සච්ඡායනා නොකරන්නේ එහෙම උනොත් ඒව්වයේ අගය වටිනාකම නැතිවෙන නිසානේ.

      Delete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...