මහනුවර බැප්ටිස්ට් පල්ලියේ වල්ඩොක් පාදිලි තුමාගේ කතාව
උතුවන සරදියෙල් නමැති හොරදෙටුවා පහුගිය
අවුරුදු 2 ක පමණ කාලයක්, විජිතයේ සැම තැනකම පාහේ විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශයේ
යුරෝපීයයන් සහ ස්වාදේශකයන් අතර, මහත් ප්‍රසිද්ධියක් ඉසිලිය. ඒ මහනුවරට එන මඟී සහ
තැපැල් අශ්ව කරත්ත සහ මහනුවරින් කොළඹ වරායට යන කෝපි කරත්ත කොල්ලකෑම නිසාය.
මෙම හොරදෙටුවා 1864 වර්ෂයේ මාර්තු මස 21 වන
දින කෑගල්ල උප දිසාපති එෆ් ආර් සෝන්ඩර්ස් මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලදුව, රයිෆල්
හමුදාවේ සොල්දාදුවෙකුගේ ආරක්ෂාව යටතේ කුඩා ඇමෙරිකානු පන්නයේ අශ්ව කරත්තයක, ඔහුගේ
සගයකු වූ මම්මලේ නමැති මුසල්මානුවාද සමග මහනුවරට රැගෙන එන ලදී.
ඔහු රඳවා තබනු ලැබුවේ බෝගම්බර පිහිටා තිබු
රයිෆල් රෙජිමේන්තුවේ මැලේ භටයන්ගේ බැරැක්ක වල, රජගෙදර පැත්තට වන කෙලවරේ පිහිටා
තිබු සිරමැදිරි පේලියේ එක කුටියකය.
මම පසුදිනම ඔවුන් බලන්නට ගියෙමි. ඒ සඳහා මහනුවර
ප්‍රදේශ පාලනය කල ඉංග්‍රීසි නේවාසික ප්‍රධානියා මුණගැසී අවසර ගන්නට මට සිදුවිය. අතක
ඉහල කොටසේ සහ තට්ටමක තුවාල තිබුනද, ඔහු හොඳ
සිහියෙන් සහ විශේෂ කලබලයකින් තොරව සිටින
බව පෙනුනි. එහෙත් මම්මලේ නමැති අනික් සිරකරුවා බොහෝ කනගාටුවෙන් එමෙන්ම බියකින්
පසුවන බව පෙනුනි.
අපගේ බැප්ටිස්ට් පල්ලිය පිළිබඳව මෙතැනදී
යමක් කිවයුතුය. මෙම ආගමික නිකාය පටන්ගෙන ඇත්තේ 1609 වසරේ ඕලන්දයේ ඇම්ස්ටර්ඩැම්
හිදී වන අතර, එය මුලින්ම පටන් ගෙන ඇත්තේ තමනට එංගලන්තයේ, එංගලන්ත සභාව පිළිගත
නොහැකි යයි කියූ ක්‍රිස්තියානි භක්තිකයන්
විසිනි. සමහරවිට මේ හේතුව නිසා මහනුවරදී අපට වඩා රාජ්‍යයේ කරුණාව ලැබුනේ කතෝලික පූජකයන්ටය.
මේ හේතුව නිසා සිරකරුවා මුලින්ම බලන්නට
ලැබුනේද නුවර කතෝලික පල්ලියේ පුජක වරයා වූ ඩුෆෝ පුජක වරයාටය. මෙවැනි ප්‍රසිද්ධ
සිරකරුවෙකු මුලින්ම මුණගැසීමට ලැබීමෙන් අප වැනි ආගම ප්‍රචාරය කරන්නට උත්සාහ කරන
ආගමික පූජකයෙකුට, මහත් ප්‍රයෝජනයක් ලැබිය හැකි බව කිවයුතු කාරණයක් නොවේ. යම්
හෙයකින් එම ප්‍රසිද්ධ පුද්ගලයා අප ආගමට හරවා ගැනීමට හැකි වුවහොත්, එය වෙනත් සාමාන්‍ය
ජනතාව අතර අපගේ ආගම ව්‍යාප්ත කිරීමට, මහත් පිටුවහලක් වන බව නොකිවමනාය.
මෙවැනි හොරුන් අනාගතයේ ඇතිවීම අධෛර්යමත්
කිරීමට එය වඩාත් යෝග්‍ය නිසා, මෙම සිරකරුවන්ගේ නඩු විභාගය ඉක්මනින්ම පැවැත්වීමට
තීරණය කර ඇති බව මට හිරගෙදරදී දැනගන්නට ලැබුණි.
නඩුව පැවතුන කාලයේද මම කිහිප වතාවක්
සිරකරුවන් මුණගැසීමට ගියෙමි. එහෙත් ඩුෆෝ පියනම සරදියෙල් ආගමට හරවාගැනීම පිළිබඳව මට
පෙර සාර්ථක වී ඇතිබව පෙනුනි. සරදියෙල් රෝමානු කතෝලික ආගමට හරවාගෙන, ඔහුගේ නමද
ඇන්තනි ලෙස වෙනස් කිරීමට ඩුෆෝ පියතුමාට හැකිවිය. සිරකරුට ලියන්නට කියවන්නට හැකියාව
තිබුණු නිසා ඔහුට කතෝලික ආගමේ පාඨයන් කියවන්නටද, ඩුෆෝ පියතුමා පුහුණු කළේය. එහෙත්
මම්මලේ සම්බන්ධයෙන් නම් පියතුමා එතරම් සාර්ථක වුයේ නැත්තේ, සමහරවිට ඔහු මුළු කාලයම
නිශ්ශබ්දව හුදකලාව කාලය ගත කිරීමට ප්‍රිය කල නිසා විය හැක.
ඉංග්‍රීසි කතා කරන ජූරියක් ඉදිරියේ නඩුව
දවස් 4 ක් විමසන්නට යෙදුනි. විත්තිකරුවන් වෙනුවෙන්, රජයෙන් පත් කරන ලද නීතිඥයන් දෙදෙනෙකු පෙනී සිටියහ. විත්තිකරුවන් දෙදෙනාට
විරුද්ධව මිනීමැරීම් චෝදනා වලට අමතරව, මංකොල්ල කෑම් සියයකට වැඩි ගණනකට චෝදනා
ගොනුකර තිබුණි. අවසාන ජුරි සභාවේ ඒකමතික තීන්දුව මත, සැක කරුවන් දෙදෙනාම එල්ලා
මැරීමට නියම කෙරින.
වෙනත් විශේෂයෙන් කරන්නට දෙයක් නොතිබුණු නිසාත්, මෙම සිද්ධිය පිළිබඳව මගේ බොහෝ උනන්දුවක් ඇතිවී තිබු නිසාත්, එදින මම උසාවියට වී නඩුව පැවැත්වෙන අයුරු බලාගෙන සිටියෙමි. එම දර්ශනය කිසිමදාක අමතක නොවන බව මට සිතේ. නඩුව පැවැත්වුනේ දළදා මාලිගාවට නැගෙනහිර පැත්තෙන් තිබෙන 1815 ට පෙර රාජ සභාව පැවැත්වූ, සිංහලයන් මඟුල් මඬුව යැයි කියනු ලබන ශාලාවේය. මෙහි එකල සිංහලේ රජතුමා විදේශීය තානාපතින් මුණගැසුනේ, රාත්‍රියේ විලක්කු එළියෙන් යයි කියනු ලැබේ. ශාලාව ඉතා දීර්ඝ විවෘත එකක් වූ අතර, කැටයම් කරන ලද කළු පැහැති ලී කණු පේලි දෙකක් දෙපැත්තේ වහලයේ කෙලවරට තරමක් ඇතුලෙන් තිබුණි. ඒවායින් සහ ගොඩනැගිලි දෙපැත්තේ ලී කැටයම් වලින් ශාලාවට අලංකාර ප්‍රොඩත්වයක් ගෙන දුන්නේය.........දෙවෙනි සහ අවසාන කොටස හෙට
සරදියෙල්ට එදා රාජ දඬ්‍රවම ක්‍රියාත්මක උණා නමුත් ඔහු සාමාන්‍ය ජනතාව අතර විරයෙක් අද ඔයිට වැඩිය ලොකු හොරු ඉන්නවා බොහොම නිදහසේ
ReplyDeleteවිචාරක දියණිය
අම්මපා ඇත්ත
Delete