Tuesday, January 31, 2017

විලංගු ගැලවුණි. මඟ හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ.






ඊයේ නැවත වරක් ශ්‍රී ලංකාවේ අධිකරණය ජනතාවාදීභාවය ඉස්මතු වුනි. ඔවූහු නිවැරදි එමෙන්ම පැහැදිලි තීරනයක් දුන්නහ. 

මුළු ලෝකයේම රජයේ නොවන විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනයෙහි ඉහලම ආයතන බිහි කරමින් ඒවා දැනුමේ කේන්ද්‍රස්ථාන බවට පත් කරමින් විශ්ව ගම්මානාය් දිනෙන් දින ඉදිරියට ගෙන යද්දී අපි වලේ වැටී මේ මඩ වල ලෝකය යැයි සිතා ගෙන සිටියෙමු. 

අපේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිවීම නවතා අපේ දුප්පත් අම්මලා ගෘහ සේවිකාවන් ලෙස හම්බ කරමින් රටට එවන ඩොලර් කෝටි ගනන් පිටරට යවමින් මධ්‍යම පන්තියේ දරුවන් පිටරට වලට යවා ඉගැන්නුවෙමු. දියුණු රටවලට පමණක් නොව බංගලාදේශය, නේපාලය වැනි අපට වඩා දියුණුවෙන් බොහෝ පහතින් සිටින රටවලට පවා සිසුවෙකුට කෝටියක් පමන මුදලක් ගෙවා සිසුන් යැව්වෙමු. 

සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම තැනක වඩාත් කාර්යක්ෂමව සේවා සපයන්නේ පුද්ගලික අංශය බව සියලු දෙනා පිලි ගනිති. හොඳම උදාහරණ දෙකක් ඇස් පනා පිටම තිබේ. ස.තො.ස සහ ෂුඩ්සිටි එක, සී.අයි.සී සහ රජයේ ගොවිපළත් හොදම උදාහරණය.  

අපට, ජනතාවට අවශ්‍ය දොස්තරවරුන්ය. රජයේ වෛද්‍ය විද්‍යාල හරහා ලැබෙන විට එක් වෛද්‍යවරයෙකුට රුපියල් කෝටියක් පමන අපේ අහිංසක ජනතාවගේ මුදලින් ගෙවිය යුතුය. පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හරහා ලබා ගන්නා විට අපට දොස්තරවරු ලැබෙන්නේ නොමිලේය. 

මෙම ප්‍රශ්නයේදී ජනතාවට උදව් කරන්නට ඕනෑ නම්; වාමාංශික දේශපාලන පක්ෂ වේවා. වෘතීය සමිති වේවා, දේශමාමකයන් වේවා, වියෝවෘධ කොමියුනිස්ට්කාරයන් වේවා, සටන් කල යුත්තේ රජයේ සෞඛ්‍ය සේවයට එක්වන වෛද්‍යවරුන් වැඩිකර ගැනීමටය. අපේ ජනතාවගේ සීමිත සම්පත් වියදම් නොකර නොමිලේ වැඩිකර ගන්නට පුලුවන් නම් එය වඩාත් හොදය. ඇත්තෙන්ම අප ඉල්ලා සිටිය යුත්තේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වසා දැමීම නොවේ. ඒවායෙන් බිහිවන වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ලංකාවේ හැටියට හැකි තරම් ඉහලින් තබා ගැනීමටය. 

දැන් අධ්‍යාපනය නොයෙකුත් විකාර අදහස් දරන්නන් ගෙන් උසාවිය විසින් නිදහස් කර දී ඇති හෙයින් ඇත්තෙන්ම ජනතාවගේ සෞඛ්‍ය සේවය පිළිබඳව ඇත්තෙන්ම උනන්දු වන්නන් විසින් කල යුත්තේ කුමක්ද? 

මා හිතන්නේ පහත සදහන් පියවර කාලෝචිත වන බවය. 

  • සියලුම රජයේ වෛද්‍ය විද්‍යාල සහ දැනට තිබෙන හා ඉදිරියේදී ඇතිවන පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට පොදු අවසාන පරීක්ෂනයක් පැවැත්වීම. 
  • තවත් මෙය සරල කිරීමට විදේශීය පුහුණුව ලබා පැමිණෙන සිසුන්ටද මේ විභාගයටම පෙනී සිටීමට සැලැස්වීම. 
  • සෑම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකටම ප්‍රධාන රෝහලක් සම්බන්ධ කර එම රෝහලේ සාමාන්‍ය නඩත්තු කටයුතු එම පුද්ගලික රෝහල ලවා කරවීම. 
  • විදේශීය සිසුන් ඇතිවන පුද්ගලික විශ්ව විද්‍යාල වලට ගෙන්වා ගැනීම ධෛර්යමත් කිරීම. 
  • පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට යන්නට ඕනෑකම සහ සුදුසුකම් තිබෙන එහෙත් මුදල් නොමැති සිසුන්ට බැංකු වලින් ණය යෝජනා ක්‍රමයක් ඇතිකිරීම සහ රැකියාව ලැබුනු පසු එම ණය මුදල ගෙවා අවසාන වනතෙක් රජයේ රැකියා අනිවාර්යය කිරීම. 


මෙම වැඩ පිලිවෙල අනුගමනය කලහොත් අපේ රටේ දළ වාර්ෂික ජාතික ආර්ථික වර්ධනය අඩුම තරමින් 5% කින් වත් වැඩිවනු ඇත. ඩොලර් බිලියනයකටත් වැඩියෙන් විදේශ විනිමය අමතරව ලැබෙනු හෝ ඉතිරිවනු ඇත. 

ඇතතෙන්ම අධ්‍යාපනය නිදහස් කල පියා කවුරුදැයි අපට සොයන්නට සිදුවන්නේ එවිටය.   

5 comments:

  1. තීන්දුව ඉතා ප්‍රගතිශීලී එකක්.

    ReplyDelete
  2. yes it clearly showed that courts dont get influenced by cheap street protests

    ReplyDelete
  3. මේව්වා වළකවන්න නෙමෙයි ඒවයේ තත්වය හදාගන්නයි උත්සාහ කරන්න ඕන..

    ReplyDelete
  4. ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල මුදල් අය කර ඉගැන්විය යුතුයි. ආදායම් ඇති අයගෙන් ගන්නා මුදල්වලින් අඩු ආදායම් අය වැඩි ගණනකට නොමිලේ ඉගැන්විය හැකියි. ඇත්ත නිදහස් අධ්‍යාපනය වියයුත්තේ දිස්ත්‍රික් ක්‍රමයකට තෝරාගන්නා හැම එකාටම නොමිලේ ඉගැන්වීමෙන් නොව විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලබන සියලුදෙනාට අධ්‍යාපනය ලැබීමට සැලැස්වීමයි. එය කල හැක්කේ මුදල් ඇති අයගෙන් අය කර නැති අයට නොමිලේ හා සාමාන්ය අයට සහන ක්‍රමයකට ඉගැන්වීමෙන් පමණි. දැන් උසස් පෙල පාස්වෙන අයගෙන් සමහරකට පමණක් නොමිලේ රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගැන්වීම නිදහස් අධ්‍යාපනයක් නොවේ. එය අසාධාරන අද්‍යාපනයකි. පෞද්ගලිකව ඉගන ගැනීමට ආර්ථික ශක්තියක් නැති දිස්ත්‍රික් ක්‍රමයට නොතේරෙන අයට යාමට තැනක් නැත. එවැනි දුප්පත් අයට සාධාරණයක් කිරීමට නම් ඇති හැකි අයට රජයේ විශ්වවිද්යාලවල මුදල් අය කර උගන්වා දුප්පත් අයට නොමිලේ අද්යාපනය ලැබීමට ඇති අවස්ථා වැඩි කලහැකි ක්‍රමයක් ඇති කල යුතුය. එය මේ යල් පැන ගිය නිදහස් අජ්ජාපන මන්තරේ මතුරමින් බැරිය.

    ReplyDelete
    Replies
    1. ඉතාම නිවරැදියි... දැං කැම්පස් වලින් එළියට එන එවුන් බාලාංසේ උන් තරං වත් රට ජාතිය සමාජය පරිසරය ගැන ආකල්ප ඇති උන් නෙමෙයි.. අනන් ඒවයි හදන්න ඕන.. හොස්ටල් නිකම්ම දුන්නම ඒක විනාස කරනවා. කෙල්ලොද කොල්ලද නෑ.. නිකං දෙන හැමදේම උන්ට ලියල දුන්න කියලයි හිතන්නේ.. ජල විදුලිය නාස්තිය නවත්නන්න ඕන නෑ. අයන් එකේ රොටි පිච්චුවා.. දැන් නං ඒවා අඩුයි.. මේ යල්පැනපු ක්‍රමය අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕන

      Delete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...