Wednesday, January 18, 2017

.... බිම් බෝම්බ සංඥා අපිම නිකුත් කිරීම.






මම 2001 වවුනියාවේ පූනෑව නාවික ආධුනික පුහුණු මධ්‍යස්ථානයේ ආඥාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියෙමි. මෙම පුහුණු මධ්‍යස්ථානය ඒ නමින් තිබුනද වෙනත් ගොඩ සටන් පුහුණු කිරීම් සදහාද යොදවා ගැණින. මේ අවධිය යුද්ධයේ බිම් බෝම්බ වැඩියෙන්ම පාවිච්චි වූ කාලයක් විය.

මුලින්ම බිම් බෝම්බ, විශේෂයෙන්ම වාහන බෝම්බ වාහනයේ යමක් වැදී එයින් බෝම්බය ක්‍රියාත්මක වන්නට සාදා තිබුනද එලෙස බෝම්බය පුපුරවන්නට යොදා ගැනීමේ තිබූ ප්‍රධානම අඩු පාඩුව ඉලක්ක ගත වාහනයට අමතරව ඊට කලින් වාහනයක් පැමිණිය හොත් එයින් බෝම්බය ක්‍රියාත්මක කිරිමට ඉඩ තිබීමයි. මේ නිසා බෝම්බය පිපිරවීම අවස්ථාව දක්වාම එය තම පාලනයේ තබා ගැනීමට ත්‍රස්තවාදීන්ට වුවමනා වීම ස්වාභාවිකය.

මේ හේතුව නිසා ත්‍රස්තවාදීන් ඊලගට මෙම බෝම්බ ක්‍රියාත්මක කිරීම සදහා එය වයර් එකකින් සුවිචයකට සවිකර ඉලක්ක ගත වාහනය හරියටම බෝම්බය උඩින් යන විටම සුවිචය සමග නුදුරු කැළයේ හෝ වෙනත් නොපෙනෙන ස්ථානයක සැඟවී සිටින පුද්ගලයෙකු විසින් හරියටම වේලාවට සුවිචය පණ ගන්වා බෝම්බය පිපිර වීමට කටයුතු කලහ.

මෙම ක්‍රමයේ තිබුණු ප්‍රධාන අඩු පාඩු නම්


  • සැඟවී සිටින සුවිච්චකරු සහ ඔහුගේ සගයන් හමුදාවලට අසු වීමට ඉඩ තිබේ. 
  • පාර අයින දිගේ වයර් තිබේදැයි සොයමින් කොකු අදිමින් ගමන් කරන clearing . කණ්යඩාමකට වයරය අසුවී සම්පූර්ණ සැලැස්මම ව්‍යවර්ථ වීමට ඉඩ තිබේ.  


මේ අතර ලෝකය වයර්ලස් වෙන්නට පටන් ගත්තේය. ත්‍රස්තවාදීහුද වයර්ලස් තාක්ෂණය බෝම්බ පිපිරවීමට යොදා ගත්හ. මෙහිදී සිදු වුනේ බෝම්බයට දැන් පිපිර විය යුතු යැයි සංඥාව බොහෝ විට නියමිත .... සංඛ්‍යාතයක තරංගයක් මගින් බෝම්බය වෙත ලබාදීමයි.  ඉලක්ක ගත වාහනය බෝම්බය උඩට පැමිණෙන විටම බෝම්බය පිපිරවීමට නියමිත  VHF සංඛ්‍යාතය සහිතව තරංගයක් අසලක සිටින ත්‍රස්තවාදියෙකු විසින් ඔහු ලඟ ඇති උපකරණයකින් නිකුත් කිරීමයි.

මෙම ක්‍රමය අතිශයින් සාර්ථක වූ අතර එය පිපිරවීමට පෙර අසුවීමට තිබූ ඉඩ කඩ මීට පෙර වාහන බෝම්බ පරම්පරා දෙකටම (භෞතිකව ගැටිය යුතු, වයර් සහිත) වඩා බොහෝ අඩුවිය. මේ නිසා බොහෝ හමුදා වාහන මෙම තර්ජනයට ගොදුරු විය.

මම අයත්ව සිටි උතුරු මැද නාවික විධානයට අයත් වාහනයක් හෝ දෙකක්ද එකල මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුන දුන් නිසාත් මම මෙය නවත්වා ගන්නේ කෙසේදැයි බොහෝ දුරට සොයා බැලුවෙමි. සොයා බැලීමෙන් පසු මේ සදහා හොඳම ක්‍රමවේදය මෙම සංඛ්‍යා පරාසය පීරීම බව මට වැටහුණි. මම වහාම පහත යෝජනාව ලියා නාවික හමුදා මූලස්ථානය වෙත ඉදිරිපත් කෙරුවෙමි. පීරීම යනු ඒ පාවිච්චියට හැකි යැයි සැක කරන සංඛ්‍යාත පරාසයම ආවරණය වන පරිදි බලයෙන් වැඩි සංඥා නිකුත් කිරීමයි. මෙයින් බෝම්බය ඉලක්ක ගත වාහනය බෝම්බය උඩින් යාමට පෙර පිපිරේ.




මෙයට එතරම් සතුටුදායක පිළිතුරක් ලැබුනේ නැත්තේ කුමන හේතුවක් නිසාදැයි මා දන්නේ නැත. මෙම තනතුරෙන් පසු මම තවත් රාජකාරී ස්ථාන හතකට පසුව 2005 සැප්තැම්බර් මස උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය ආඥාපති වශයෙන් කන්කසන්තුරේ රාජකාරීයට පැමිණියෙමි. මා එහි ගිය පසු එවකට සිටි ආඥාපතිවරයා මාස තුනක පුහුණුවක් සදහා විදේශ ගත වූ අතර ඔහු ආපසු එනතෙක් ආඥාපතිවරයෙකු පත් නොකල හෙයින් මා එහි වැඩ බලන තත්වයකට පත්විය.

මෙම අවුරුද්දේම එවකට ජනරාල් සරත් ෆොන්සේකා හමුදාපතිවරයා වශයෙන් පත්වුනි. ඔහු එවකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන වූ අද්මිරිල් සඳගිරිද සමග ඔහුගේ හමුදාපති ලෙස ප්‍රථම සංචාරය සදහා යාපනයට පැමිණියේය. මෙම සංචාරය දිනට පෙරදින එවකට සිටි නාවික හමුදාපතිවරයාද කන්කසන්තුරය වෙත පැමිණ අප සමග නොයෙකුත් සාකච්ඡා ආදිය පවත්වා පසුදින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිගේ රැස්වීම සදහා පලාලි වෙත ගියෙමි. අප ගිය වාහනය මා එලවාගෙන ගිය අතර ආරක්ෂක වාහනය පසු පසින් පැමිණින.

මෙහිදී හමුදාවල ජේෂ්ඨ නිලධාරීන් සමග දීර්ඝ සාකච්ඡාවක් පැවතිණ. සාකච්ඡාව අවසානයේදී රිමෝට් වාහන බෝම්බ පිපිරවීම හමුදා ක්‍රියාන්විතයන්ට බොහෝ සේ බලපා ඇති බවට නිලධාරීන් කිහිප දෙනෙකු අදහස් දැක්වූහ. මේ සදහා කුමක් කල හැක්කේදැයි හමුදාපතිවරයා විමසුවද පැහැදිලි පිළිතුරක් සභාවෙන් ලැබුනේ නැත.

ඒ අවස්ථාවේ මට මගේ යෝජනාව මතක් වී රිමෝට් බෝම්බ ක්‍රියාත්මක කෙරෙන සංඛ්‍යාතයන් පිටකරන උපකරණයක් සෑදීමෙන් මෙම ප්‍රශ්නය බොහෝ දුරට මගහරවා ගතහැකි බව මම පැහැදිලි කලෙමි. එතනදී සමහර විට මා තාක්ෂනික නිලධාරියෙකු නොවන නිසා මගේ යෝජනාවට තරමක ප්‍රතිරෝධයක් ඇතිවිය.

සිරිත් පරිදි දහවල් ආහාරයෙන් පසු මම ආපසු කන්කසන්තුරයට ගියෙමි. අපේ කඳවුර අසල යුධ හමුදා කඳවුරේ ප්‍රධානියා වූ සංඥා අංශයේ කර්නල් වරයෙකු වූ නිලධාරියෙකු එකල මා සමග බොහෝ මිත්‍රව සිටියේය. ඔහු මට හවස ටේබල් ටෙනිස් ක්‍රීඩා කිරීම සදහා මුණ ගැසුණු විට යුධ හමුදාපතිවරයා එදින පස්වරුවේ ඔහුට  සංඛ්‍යාත පීරන්නට හැකි උපකරණයක් සෑදිය හැකිදැයි විමසා එලෙස එය සාදා නිපදවීමට ඔහුට බාරදුන් බව මට කීවේය.

ටික කලකට පසු යුධ හමුදාවේ මෙම උපකරණ නිපදවා දහස් ගණනක් නොයෙකුත් අංශයන් වෙත බෙදා හැරිණ. නාවික හමුදාවත් අපේ වාහන වලට ජෑමින් සෙට්ස් ලබා ගත්තේ යුධ හමුදාවෙනි. හමුදාවේ පමණක් නොව මෙම උපකරණ ඉන්පසු නොයෙකුත් දේශපාඥයන්ගේ පවා වාහනවල සවිකර ගත්හ.  
               

6 comments:

  1. දක්ෂයින් වැඩ ගැන පමණක් සිතති.. මෝඩයෝ පැටිකිරි සොයති

    ReplyDelete
  2. ඔහොම වැඩ ලංකාවේ කොහෙත් තියෙනවා. මුලින්ම කරන්නේ දනන් එකාව හැකිතාක් පචකිරිම.බැරිම උනොත් තැන දෙනවා.එකත් ඉහඳ පණුවෝ ගැහැවාම පස්සේ

    ReplyDelete
  3. 2001 දි ඔබගේ සැලසුම කි‍්‍රයාවට නැංවුවානම් රටට වටිනා ජීවිත කීයක් රැුකගන්න තිබුනාද? අපේ රටේ දේශපාලුවන් ආරක්ෂක ප‍්‍රධානින් ඇතුළු බොහෝ දෙනෙකුට අවශ්‍යවුනේ යුද්ධය අවසන් කරන්න නොව වවාගෙන කන්නටය. ඒ නිසාම රටට හිතැති අහිංසක ජිවිත ගනනාවක් බිල්ලට දිම සහගහනා අපරාධයකි.

    ReplyDelete
  4. What I understand is that the Nave Commander at that time, when you submit the proposal first time would have been an uneducated fool. He wouldn't have submit this proposal to the security counsel. What he would have done was to accompany you to the security counsel and presented it and other technical officers would have been there to understand the truth about your proposal. However, Field Marshall Fonseka used several of this kind tactics to overcome the terrorists and you would have got recognition and patent for this idea too. However, we know you are not indebt to the motherland that you have done your duty honestly and genuinely! Obata Budu Saranai!

    ReplyDelete
  5. එහෙම 'වත්' ක්‍රියාත්මක වීම වටී.
    ජයවේවා..!!

    ReplyDelete

කෘෂිකර්ම ඇමතිවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීම

  කෘෂිකර්ම ඇමතිතුමනි  මම විශ්‍රාම ගත්  රියර් අද්මිරාල්වරයෙක් වන අතර විනෝදාංශයක් වශයෙන්  ගොවිතැනෙහි සහ ගෙවතු වගාවෙහි යෙදෙමි.  මට පවුලෙන් ලැබු...