Sunday, January 8, 2017

ගුරුවරු සහ ගායකයන්; උපකරණ භාවිතයෙන් වෘතිය හඳුනා ගැනීම.









මේ දවස්වල සෑම මාධ්‍යයකින්ම ටියුෂන් පන්ති පිළිබඳ වෙළඳ දැන්වීම් අහන්නට සහ දකින්නට ලැබේ. රූපවාහිනියේ සහ රේඩියෝ එකේ ප්‍රයිම් ටයිම් එකේද මහපාරේ අත්පත්‍රකාවේ සිට බිල්බෝඩ් එක දක්වාද යන එන හැම පාරකම මෙම දැන්වීම් වලින් අඩුවක් නැත්තේය. 

මමද කලකට පෙර මෙලෙස ටියුෂන් ගුරුවරයෙකුව සිටි බව මතක් වූයේ මෙම දැන්විම් බ්ල්ට්ස් ක්රිග් එකට අසුවීම නිසාය. මම අ.පො.ස.උසස් පෙල විභාගය කර ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියදී මහනුවර වේස් පාර්ක් එක අසල සඝරාජ පන්සලේ තිබූ අ.පො.ස.සාමාන්‍ය පෙල දහවල් පන්තිය සහ එවැනිම අස්ගිරිය විහාරයේ ආදාහන මළුව පන්සලේ විද්‍යා පන්තියේda, ජපුර ව්‍යාහාරික විද්‍යා පීඨයේ සිටියදී ෆෙම්රොක් පුද්ගලික විද්‍යාලයේ අතපො.ස.උසස් පෙල පන්ති වලටද උගන්වා ඇත්තෙමි. 

අ.පො.ස.උසස් පෙල විභාගය අවසන්ව මා ගෙදරට වී සිටිද්දි දෙමව්පියන් රැකියාවට යන නිසා හවස දෙක තුන වන තෙක් මා ගෙදර සිටියේ තනිවමය. මහනුවර ඩී.එස්,සේනානායක පුස්තකාලය, ඩී.එස්.සේනානායක වීදියේ තිබූ බ්‍රිටීෂ් කවුන්සිල් පුස්තකාලය සහ ගෙවල් කිට්ටුව තිබූ යක්ගහපිටිය මහජන පුස්තකාලයෙන් පොත් ගෙනවිත් කියවන්නටත්, අතේ සල්ලි තියෙන විදිහට සිගරට් දෙක තුනක් රැගෙන විත් බීමටත් මම එකල පුරුදුව සිටියෙමි. 

එකල සෑම දිනකම වාගේ මම මහවැලි ගඟට ගොස් ජග ක්‍රීඩා කිරිමටත් පුරුදුව සිටියෙමි. ලේවැල්ල පාලම කිට්ටුව ගඟේ සෙනඟ සිටින නිසා අපි සෙනඟ අඩු පාලමෙන් කිලෝ මීටරයක් පමණ ගඟ පහල මාලිගාතැන්න යැයි ස්ථානයකට යාමට පුරුදුව සිටියෙමු. 








මෙම මාලිගාතැන්නට ඒ නම ලැබී ඇත්තේ අන්තිම සිංහල රජ වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 - 1739) ජල ක්‍රීඩා කිරීමට පාවිච්ච කල ස්ථානය මෙය නිසාය. මෙම ස්ථානයේ තරමක් විශාල ස්වාභාවික පොකුණක්ද, පොකුණට පැනීමට ඩයිවින් බෝඩ් එකක්ද (පිනුම් ගල) මහන්සි වූ විට විවේක ගැනීමට ඇඳක් මෙන් කපන ලද ගලක්ද (යහන් ඇඳ) තවත් බොහෝ නටඹුන්ද තිබුණි. සාමාන්‍ය දිනවල ඒ අවට ගලන ජලයට විරුද්ධව පිහිනීමටද වැහි දිනවල වතුර වැඩි වූ විට එගොඩ මෙගොඩ පිහිනමින් කාලය ගතකර හවස දෙක වන්නට පෙර මම ගෙදර ආවේ මව පාසැල් ඇරි ගෙදර ඒමට පෙර ගෙදර සිටීමටය. ඇය මා ගඟේ නාන්නට යනවාට තදින් අකමැති වූවාය. 

දවසක් මම මෙලෙස ගඟේ සිටියදී අප විද්‍යාලයේම සිටි අපගේ ජේෂ්ඨයෙකු මා සොයාගෙන අපේ නිවසට පැමිණ මා ගඟෙහි බව දැනගෙන ගඟට පැමිණියේය. ඔහු මා සිටි තැනට පැමිණ ඔහු විසින් පවත්වාගෙන යන පාසැල් වේලාවේ පැවැත්වෙන පන්තියකට ඉගැන්වීමට කැමතිදැයි මගෙන් ඇසීය. අප දෙදෙනාම ගෙදර ගොස් ඒ පිළිබඳව මවගෙනුත් විමසා පසුදින සිට මට එහි යාමට යොදා ගත්තෙමු. 




මෙම පන්තිය පවත්වාගෙන ගියේ පාසැලෙන් දෙවරක් විභාගය කර අසමත් වූ සිසුන් සඳහාය. සඝරාජ පන්සලේ කුලියට ගත් ශාලාවක විද්‍යා, වානිජ සහ කලා පන්ති උදේ 8 සිට 2 දක්වා පැවැත්විණ. විද්‍යා පන්තියේ ළමයින් 50 ක් පමණ සිටි අතර, මමත් මගේ මිතුරාත් විද්‍යා පන්තියේ ඉගැන්වෙමු. මෙහි සිටි ස්සුන් ගෙන් කිහිප දෙනෙකු මගේ වයසේම වාගේ අපේ ගමේ අය වූහ.  අපට කොතරම් වැටුපක් ලැබුනාදැයි මතක නැති නමුත් අපි සතියට දෙතුන් වතාවක් කලමනාකරුගෙන් වැටුප් අත්තිකාරමක් ඉල්ලා ගෙන යු.කේ.ඩී.සිල්වා එකෙන් බියර් බිවූ බව මට මතකය. කලා හා වානිජ පන්තිවල ගුරුවරුද බොහෝ විට අපට එකතුවූහ. 

මෙලෙස වැජුප් අත්තිකාරම් නිතරම ලබාගෙන එක් මසක අවසානයේ අවසාන වැටුප ගණනය කරද්දී කලමනාකරු සහ මගේ මිතුරා අතර රුපියල් 50 ක් ගෙව්වෙමි/නොගත්තෙමි ගැටලුවක් ඇතිවී මගේ මිතුරා අමනාප වී රැකියාවෙන් ඉවත්ව පිටවූයේය. මමත් එතනට හඳුන්වා දුන්නේ ඔහු නිසා පසුදින විදුහල්පතිවරයා හමුවී මමද ඉවත්වන බව ඔහුට දන්වා සිටියෙමි. ඔහු 
“මම හිතාගෙන හිටියේ ඔයා ඉඳියි කියලා, ඔයත් ගියොත් මට මේක කර ගන්නට බැරි වෙනවා“ යැයි කිවූ ඔහු මටකුඩා රහසක්ද හෙලි කලේය. “ඇත්තෙන්ම ඔබ මෙහි ආපු මුල් කාලයේ ළමයි කිහිප දෙනෙකු පුද්ගලිකව මාව හම්බවෙලා ඔබේ ස්ටෑන්ඩර්ඩ් එක මදි කියලා මට කිව්වා, මම ඒ වෙලාවේ ඒක ෂේප් කලා, පස්සේ තමයි ළමයි ඔයාට කැමති වුනේ“ ඔහු කීවේ මා නවතා ගැනීමට උත්ප්‍රේරකයක් ලෙසටය. 

එසේ කියන්නට ඇත්තේ අපේ ගමේ සිසුන් කිහිප දෙනා බව මට ඒ වෙලාවට නිකමට හිතුණි. කෙසේ හෝ මමත් ඉවත්වී ටික දිනක් ආපසු පරණ පුරුදු ජීවිතය නෙ ගියෙමි. දවස් කිහිපයකට පසු මගේ මිතුරා නිවසට පැමිණ විභාගයට ඇත්තේ මාස දෙක තුනක් නිසා එම සිසුන්ට වෙනත් පන්තියකට යාමටද අපහසු නිසා ඔවුනට පන්තියක් පටන් ගන්නා ලෙසට ඔහු ගෙන් ඉල්ලා සිටින බවත්, සුදුසු ශාලාවක් අස්ගිරියේ ආදාහන මළුව පන්සලේ සොයා ගැනීමට හැකිවුනු බවත් පවසා මටද පන්තිය පවත්වාගෙන යාමට ඔහු සමග එක්වන ලෙසට ඉල්ලා සිටියේය. 




අපි ඒ පන්තිය දෙසැම්බර් වනතුරු පවත්වා අවසන් කලෙමු. මම ඉන්පසු ජපුර ව්‍යවහාරික විද්‍යා පීඨයට ඇතුලු වුනෙමි. මගේ මිත්‍රයා පුහුනුවන වතු අධිකාරිවරයෙකුව පත්වීමක් ලැබ ජනවසමට එකතු විය. 

මා සඝරාජ පාසැලේ වැඩ කරමින් සිටියදී වරෙක මට අපූරු අත්දැකීමක් ලැබුණි. එකල ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ විද්‍යා ආචාර්ය වරයෙකුගේ, මට මතක හැටියට කේ.ආරියසිංහ මහතාගේ මහනුවර පන්තියේ දේශණයක් පැවැත්වීමය. ඔහුට එදින හදිසි වැඩක් නිසා මහනුවරට ඒමට නොහැකි බවත්, ඔහුට නියමිත දේශණය පැවැත්වීමට දේශකයෙකු සොයා දෙන ලෙසට ඉල්ලා ඇති බවට පවසා අප විදුහල්පතිවරයා ඒ දේශණය කල හැකිදැයි මගෙන් අසා සිටියේය. මම කැමති වූයෙමි. 

හවස දෙකට පමණ මම මේ දේශණය සදහා මහනුවර ශ්‍රී පුෂ්පදාන ශාලාවට ගියෙමි. මේ පන්තිය  පාසැල් සිසුන් සදහා පැවැත්වූවක් වූ අතර, මෙහි ළමයි 250/300 ක් පමණ සිටියහ. දේශකයා වේදිකාවක් මත සිට මයික්‍රපෝනයකින් දේශණය පැවැත්වීය. ප්‍රශ්න ඇති වූ විට ශිෂ්‍යයෝ කුඩා චිට් වල ප්‍රශ්න ලියා ගුරුවරයා වෙත එවූහ. මීට කලින් කිසි දිනක මයික්‍රපෝනයක් පාවිච්චි නොකර තිබූ මා  සබකෝලය අමාරුවෙන් මැඩ පවත්වාගෙන දේශණය පටන් ගත්තෙමි. එය පැය දෙකක ඩාවින්ගේ පරිනාමවාදය පිළිබඳ දේශණයක් විය.  පටන් ගත්  ටික වේලාවකින් චිට් ගලා එන්නට පටන් ගත්තේය. 

දෙවැනි චිට් එකේ ලියා තිබුනු දෙයින් මා තරමක ලැජ්ජාවට පත්වුනෙමි. එහි ලියා තිබුනේ

“ඔය විදිහට මයික් එක අල්ලා ගන්නේ ගායකයින්, ගුරුවරු මයික් එක තියා ගන්නේ තව ටිකක් මූනෙන් ඈත්කරලා“           

8 comments:

  1. රෑට දෙකක් දාගත්තම..."චන්ද්‍රා...මෙ...රෑ...පාය...ආවා"....කියන බව...එයා දන්නෙ නෑ !

    ReplyDelete
  2. අනේ වාසනාවන් ආතල් තරුන ජීවිතයක් ගෙවලා

    ReplyDelete
  3. මටත් ඔයවගේ චූටි ටියුශන් අතීතයක් තිවුනා....:)
    වෙලා තියෙනවනං පෝස්ට් එක ආයෙත් කියවලා එඩිට් කරන්න...ගොඩාක් අකුරු එහේමෙහේ වෙලා වචන වල...!
    ජයවේවා...!!

    ReplyDelete
  4. /////“ඔය විදිහට මයික් එක අල්ලා ගන්නේ ගායකයින්, ගුරුවරු මයික් එක තියා ගන්නේ තව ටිකක් මූනෙන් ඈත්කරලා“//////////

    හුරේ...ඔයාට ලැජ්ජ හිතුනට, මට මේක දැක්කම හිනා ගියා. ඇත්තටම මයික් එක අල්ලන එක එක මාදිලි තියෙනවද...

    ReplyDelete
  5. teachers I assume should be holding the mice in a sober way not flamboyantly like singers , that may have been the advice

    ReplyDelete
  6. මා හිතන්නේ ඔය චිට් එක එවපු එක්‌කෙනා ගැහැණු ළමයෙක්‌ වෙන්න ඇති.ඔයත් එතනට අලුත් ටීචර් කෙනෙක්නෙ. අලුත් ටීචර් ගේ මුහුණ හැඩ වැඩද කියලා බලා ගන්න කෙල්ලට ඕන වෙන්න ඇති.

    ReplyDelete

අලි මිනිස් ගැටුම විසඳීමට යෝජනාවක් ඉදිරිපත් කළෙමි

 ශ්‍රී ලංකාවේ වල් අලි සහ මිනිසුන් අතර ඝට්ටනය ඉතා සීඝ්‍ර වශයෙන් තීර්ව වන බව පෙනේ. මේ පිළිබඳව හොඳින්ම පෙන්නා දෙන දර්ශකය නම් දෙපැත්තෙන් කොපමණ ප...