රජයේ නොවන වෛද්‍ය විද්‍යාල ඇතිකල හොත් ලැබෙන ලාභ අලාභ, වාසි අවාසි, සහ යස අයස, ඒවා ලැබෙන්නේ කාටද යන්න මා ටික කලකට පෙර වගු ගත කලේ හරියටම මෙම ප්‍රශ්නය කොටස් වලට බෙදා විශ්ලේෂණය කිරීම සඳහාය.
එම විශ්ලේෂණය දැන් නැවත බැලීමට මට සිතුනේ මේ අතරට අලුත් පරදු දරන්නන් කණ්ඩායමක් එකතු වී සිටින නිසාය.
වාසි ලබන අය
|
හේතු
|
අවාසි වන අය
|
හේතු
| |
1
|
වෛද්‍ය විද්‍යාල අයිතිකරුවන් සහ සමාගම්
|
ලාභ ලැබීම
| ||
2
|
ඉගෙන ගන්නා සිසුන්
|
පිටරට යනවාට වඩා අඩු මුදලකින් මෙරටදීම තමන් බලාපොරොත්තු වන රැකියාවට පුහුණුව ලබා ගැනීම
| ||
3
|
දස දහස් ගණනක් කෙලින්ම හා වක්‍රව රැකියා ලබන්නන්
|
මෙතෙක් නොතිබූ වර්ගයක රැකියා බිහිවේ.
| ||
4
|
පොදු ජනතාව
|
විදේශ විනිමය ඉතිරිය සහ විදෙස් සිසුන්ගෙන් විදේශ විනිමය ගලාඒම
| ||
5
|
පොදු ජනතාව
|
දැනට සංසන්දනාත්මකව ඉතාමත් අඩු ඒක පුද්ගල වෛද්‍යවරු ප්‍රමාණය වැඩිකර ගැනීමට පුලුවන් වේ. (ශ්‍රී ලංකාව 0.68/1000, කියුබාව එමෙන් දහ ගුනයක්)
| ||
6
|
පොදු ජනතාව
|
මෙහි දක්වා ඇති සෑම හේතුවකින්ම ලැබෙන වක්‍රාකාර ප්‍රයෝජන
| ||
7
|
වෛද්‍ය සිසුන්ගේ දෙමව්පියන්
|
1.තමන්ගේ දූ දරුවන්ට රට තුලම අධ්‍යාපන නිදහස ඇතිවීම
2.පිටරට යවනවාට වඩා අඩු වියදම
3.දරුවන් තමන්ගේ රටේ ඉන්න නිසා සැනසිල්ල
| ||
8
|
ලංකාවේ සෞඛ්‍ය සේවය
|
වෛද්‍ය හිඟය නැතිකර ගැනීමට හැකිවීම
| ||
9
|
ලංකාවේ සංචාරක කර්මාන්තය
|
පිරටින් එන සිසුන් වැඩිවීමෙන් ලංකාව ගැන සංචාරක උනන්දුවක් ඇතිවීම
| ||
10
|
ලංකාවේ ප්‍රතිරූපය
|
කම්කරු ප්‍රතිරූපයේ සිට දැනුම කේන්ද්‍රයක් ලෙස
| ||
1
|
දැනට වෛද්‍ය ව්‍යාපාරයේ යෙදී ඉන්නා වෛද්‍යවරුන්
|
ඉල්ලුම සහ සැපයුම න්‍යාය
| ||
2
|
වයෝවෘධ, සෝවියට් චින්තනය ඇති මාක්ස්වාදීන්
|
අසාර්ථක හා අසමර්ථවූ සෝවියට් කොමියුනිස්ට් වාදය ගැන බලවත් ශෝකයෙන් පසුවන මෙවැන්නන්ට එම දර්ශනයේ අවසාන බලකොටුවත් බේරා ගැනීමට සටන් කල හැකිවීම
| ||
3
|
පිටරටට සිසුන් යවන ඒජන්සි කම්පැනි
|
ලාභ අඩුවීම
| ||
4
|
ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, පකිස්තානය,බංගලාදේශය, ජෝර්ජියාව,චීනය වැනි අපගේ සිසුන් වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට යන රටවල්
|
අපේ සිසුන් එම රටවලට ඒම නැතිවීමන් එම රටවල පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ආදායම අඩුවීම
| ||
5
|
ඉන්දියාව
|
ශ්‍රී ලංකාවට සැමවිටම අඩු තක්සේරුවක් කරන ඉන්දියාවට තම රටෙන් සිසුන් මෙහාට ඒමට පටන් ගත් විට ඇතිවන ලැජ්ජාව
|





