http://lakshmanillangakoon.blogspot.com/2017/03/part-three-part-three.html
හි ඊලග කොටස
පෘතුගීසින්ගෙන් ලබාගත් වස්තුව ද ආයුධ උපයෝගි කර ගනිමින්, කොළඹ හා ගාල්ල හැරෙන්නට ලංකාවේ මුලුමනින්ම තම අණසක යටතට ගත් විමලධර්මසුරිය රජු, ඉන්පසුව ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරිමට කටයුතු සම්පාදනය කළේය.
තම රාජධානිය සතුරන්ගෙන් ආරක්ෂා කරගැනිමට ශක්තිමත් බලකොටු පද්ධතියක්ද, සතුරන් පැමිණෙන බව කලින් දැනගැනිමට රාජධානිය වටා උස් ස්ථාන වල කුඩා කදවුරු විශාල ගණනක්ද ඇති කල විමලධර්මසුරිය රජු, සෙංකඩගල ප්‍රදේශයේදි මනරම් මාළිගයක්ද තැනවිය. මෙම මාළිගාව දිය අගල් හා බලකොටු සහිතව පිහිටවු අතර, එය තැනිම සදහා ප්‍රයෝජනයට ගන්නා ලද්දේ පෘතුගීසි සිරකරුවන්ය. මාළිගාව අවට අලංකාර කිරිම සදහා යුද්ධයේදි අල්ලා ගත් පෘතුගීසි ධජ යොදාගත් අතර, තම රාජ්‍ය කාලයේ නොයෙකුත් වෙහෙර විහාර හා බෞද්ධ පුජනීය ස්ථානද කරවිය. තමන්ගේ දක්ෂතම ජෙනරාල්වරයාට හා හමුදාවට සිදු වු දෙය දැනගන්නට ලැබුනු ගෝවේ විසු පෘතුගීසි පාලකයා, දොන් ජෙරමින් අසවේදු නම් සටනේ ඉතා දක්ෂ, එමෙන්ම ඉතාම කෘර පෘතුගීසි නායකයෙකු යටතේ විශාල හමුදාවක් කන්ද උඩරට පරාජය කිරිම සදහා ශ්‍රී ලංකාවට එවිය. දැන් පෘතුගීසීන් හට මහනුවර අල්ලා ගැනිම තමන් ආසියාවට පැමිණි ප්‍රධාන කාර්ය වු වෙළද හා ආගම් පැතිරවිමට වඩා, තමන්ගේ ආත්ම ගෞරවය පිළිබද ප්‍රශ්ණයක් විය.
ලංකාවට පැමිණි අසවෙදු හා ඔහුගේ හමුදාව ඉක්මනින්ම මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගත් අතර, ඔවුන් කඩුගන්නාව හරහා පැමිණ මහනුවරට ඇතුලු වීමට උත්සාහ කලහ. බලන සිට තම සටන් ඇරඹූ විමලධර්මසූරිය රජු කුඩා කණ්ඩායම් ලෙස මඟ රැක සිට සතුරාට පහර දීමට සංවිධානය කලේය. තමන්ගේ හමුදාවන් පෘතුගීසී හමුදාවන් හා සසඳන කල පුහුණුවෙන් හා අවි හරඹයෙන් දුර්වල බව දන්නා විමලධර්මසූරිය, එම අඩුව එඩිතර බාවයෙන් හා යුද්ධ ඥානයෙන් සපුරාලීය. පෘතුගීසීන් හට ඔවුන් සෑම තැනකම සිටින්නාක් මෙන් දැනෙන පරිදි යුද්ධය මෙහෙය වූ විමලධර්මසූරිය, ඉතාමත් දරුණු සටන් වලින් පසුව අසවේදුගේ පෘතුගීසි හමුදාව පරාජය කලේය. ඔවුන් කොළමට පසුබැස ගියහ. මෙම පරාජයෙන් ලැජ්ජාවට හා අසහනයට පත්වූ පෘතුගීසී හමුදා භටයන්, දොන් අසවේදු ඝාතනය කිරීමට උත්සාහ කල අතර, පෘතුගීසී පූජකවරයෙකුගේ මැදිහත්වීමක් නිසාම ඔහුට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකිවිය.
මෙයින් පසු යුද්ධයෙන් පරාජය කල නොහැකි විමලධර්මසූරිය රජු කුමන්ත්‍රණයකින් මැරීමට පෘතුගීසීන් කල්පනා කලහ. මේ අනුව විමලධර්මසූරිය රජු යටතේ රාජකාරී කල පෘතුගීසී නිලධාරියෙකු වූ මැනුවෙල් ඩයස් නැමැත්තාට, විශාල මුදලක් හා විමලධර්මසූරිය රජු ඝාතනය කල පසු මහනුවර ප්‍රාදේශීය පාලක තනතුරද ලබාදෙන පොරොන්දුව පිට රජු මැරීමට සැලසුම් කලහ. පෘතුගීසීන් තම සෙබලුන් 05 දෙනෙකු කොළඹ කොටුවෙන් පැනගොස්, සිංහල රාජ්‍යයට එකතුවන ලෙස පෙන්වා රජු වෙත එවූහ. ඔවුනට උපදෙස් දී තිබුනේ අවස්ථාවක් ලැබුනු විට රජු මරණයට පත් කිරීමටය. මෙලෙස රජු මරණයට පත් කල විගසම එම තොරතුරු වෙඩිල්ලකින් සංඥා කරන ලෙස ඔවුනට දන්වා තිබුණු අතර, ඒ විගසම මහනුවරට ඇතුලු වීමට තරමක පෘතුගීසී හමුදාවක් බලනට පහතින් කැළයේ සැඟවී සිටියහ.
මෙම උපක්‍රම පිළිබඳ සියලු විස්තර දොන් මැනුවෙල් ඩයස් රජු වෙත සැලකර සිටියේය. එම කුමන්ත්‍රණය ආපිට පෙරලා තමනට වාසියක් ගැනිමට විමලධර්මසූරිය රජු කල්පනා කලේය. එමසොල්දාදුවන් 05 දෙනාට කන්ද උඩරට රජුගේ සේවයට පැමිණෙන ලෙස දන්වා, රජු මරන්නට පැමිණි කණ්ඩායම බලනට පැමිණෙන විට තමන්ට විශ්වාස හමුදා භට පිරිසක් සමග බලනට ගොස් රජු, වහාම එම භටයන් සිරභාරයට ගෙන කැලෑවේ සැගවී සිටි පෘතුගීසී හට රජු මියගිය බවට දැන්වෙන සංඥාව නිකුත් කලේය. ඔවුන් බලන දූර්ගයට ඇතුලු වූ පසු සමූල ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ නමුත්, යම් අයුරකින් රජුගේ සැලැස්ම පිළිබඳ දැනගත් කඳවුරු බැඳ සිටි පෘතුගීසීහු, වහාම තම ආයුධ අතහැර කොළඹ බලා පලා ගියහ.
මෙයින් පසු විමලධර්මසූරිය රජු මියයන තෙක්ම පෘතුගීසීහු ඔහුගේ රාජධානියට ඇඟිලි නොගැසූ අතර, 1602 අද්මිරාල් ස්පිල් බර්ගන්ගේ ලංකාවට පැමිණීම, විමලධර්මසූරිය රාජ්‍ය සමයේ වූ විශේෂ සිද්ධියක් විය. පලවෙනි ඕලන්ද (නෙදර්ලන්ත) තානාපතිවරයා වූ ඔහු මඩකලපුව වෙත නෞකාවෙන් ගොඩ බැස, අනුගාමිකයන් පිරිසක් සමග සති කිහිපයක දුෂ්කර ගමනකින් පසු මහනුවරට පැමිණියේය. ඔහු, රජු හා පැවැත්වූ සාකච්ඡා තානාපතිවරයා සමග පැමිණි අයෙකු විස්තර කර ඇති අතර, එකල උඩරට රාජ්‍යයේ තිබූ දියුණු තත්වය එම විස්තර වලින් මනාව පැහැදිලි වේ. විශේෂයෙන්ම පෘතුගීසීන්ට විරුද්ධව මුහුදු සටන්හි යෙදීම සදහා කුඩා යුධ නැව් පවා මහියංගනයේ මහවැලි ගඟෙහි තැනෙමින් පැවැති බව යුරෝපීය සංචාරකයෙකු විස්තර කර ඇත.
අද්මිරාල්වරයා හා විමලධර්මසූරිය රජු අතර පැවැත්වූ සාකච්ඡාවන්ද, මහනුවරදී ඔහුට රජු විසින් දක්වන ලද ගෞරවය හා සංග්‍රහයන්ද, එම ගමන පිළිබඳ විස්තරයේ සටහන් කර ඇත. විමලධර්මසූරිය රජු කොතරම් පෘතුගීසීන් අප්‍රිය කලාද යත්, ඔහු අද්මිරාල් ස්පිල් බර්ගන් හා සාකච්ඡාවේදී එක් වරක් පවසා සිටියේ, නෙදර්ලන්ත ජාතිකයන් පෘතුගීසීන්ට විරුද්ධව ලංකාවේ බලකොටුවක් තනන්නේ නම්, එම බලකොටුව සදහා ගල් තමන් හා රාජකීය පවුලේ සාමාජිකයින් විසින් තම හිසින් පවා ඇදිමට කැමති බවයි.