Saturday, March 11, 2017

part 2 -එවැනි රුවින් සම අන් කුමරෙක් හු බලා - part 2

http://lakshmanillangakoon.blogspot.com/2017/03/blog-post_7.html

හි දෙවනි කොටස





                                  Convento de S Francisco
මේ වන විට දෝන කතිරිනා කුමරිය මන්නාරම් කොටුවේද, යමසිංහ කුමරු කොළඹ කොටුවේද, පෘතුගීසීන් සමග ජීවත් වූහ. පෘතුගීසීන්ගේ අනාගත බලාපොරොත්තුව වූයේ මෙම රාජකීයයන්ගේ රාජ්‍ය උරුමය හරහා කන්ද උඩරට රාජධානියේ අයිතිවාසිකම් ලබා ගැනීමටය. මෙම කුමරියට කන්ද උඩරට රාජ්‍ය ලබා දී, කන්ද උඩරට පෘතුගීසී රාජ්‍යයේ කොටසක් ලෙස තබා ගැනීමට කල්පනා කල පෘතුගීසීහු එම කටයුතු සදහා විශාල හමුදාවක් සම්පාදනය කලහ. 

මෙම වකවානුව වන විට රාජසිංහ රජු ඔහුගේ දරදඬු පාලනය නිසා, කන්ද උඩරට ජනතාව අතර බලවත්  අප්‍රසාදයට පත්වෙමින් සිටියේය. මෙම අවස්ථාවේ ගම්පොල දේවියගේ මුණුපුරෙකු වූ, ක්‍රිස්තියානි ආගම වැලඳගෙන සිටි දොන් ප්‍රැන්සිස්කෝ ඉලංගකෝන් මුදලි විසින් රාජසිංහ රජුට විරුද්ධව මහනුවර කැරලි ගසා, පෘතුගීසීන් අතර සිටි යමසිංහ කුමරුට කන්ද උඩරට රාජධානියට පැමිණෙන ලෙසට ආරාධනා කලේය. යමසිංහ කුමරු සහ පෘතුගීසි හමුදා මහනුවරට එන අතර මඟ මාතලේ වහකෝට්ටේ නම් ස්ථානයේදී දොන් ප්‍රැන්සිස්කෝ විසින් උඩරට රාජධානිය යමසිංහ කුමරුට පැවරූ අතර, යමසිංහ කුමරු කන්ද උඩරට රජු බවට ප්‍රකාශ කලේය.       

යමසිංහ කුමරු මහනුවර රජු බවට අභිශේක ලැබු පසු, පෘතුගීසින් විසින් කොනප්පු බංඩාර කන්ද උඩරට රාජ්‍යයේ සේනාධිපති ලෙස පත් කරන ලදි. මහනුවර ආක්‍රමණය සදහා දැඩි කැපවිමකින් කටයුතු කල කොනප්පු බංඩාර, මහනුවර රාජධානියේ අවසාන රජු වශයෙන් සිටියේ තම පියාවු වීරසුරිය නිසා කන්ද උඩරට රාජ්‍යයේ යමසිංහ කුමරුට නොව තමාට ලැබිය යුතුයැයි කල්පනා කලේය.

මේ අතර හදිසියෙන්ම දොන් පිලිපේ (යමසිංහ කුමරු) මියගිය අතර, කොනප්පු බංඩාර විසින් වසදී මොහු මරාදැමු බවට සැකයක් එකල පැවතුණි. යමසිංහ රජුගෙන් පසු පෘතුගීසින් විසින් ඔහුගේ කුඩා පුත් කුමරාවු දොන් ජෝහා අභිශේක කරන ලදි. එහෙත් මේ වනවිට කොනප්පු බංඩාරට කන්ද උඩරට ජනතාව අතර මහත් ජන ප්‍රසාදයකට පත්ව බලයක් ගොඩනගා ගැනිමට හැකියාව ලැබී තිබු හෙයින්, කන්ද උඩරට ජනතාවගේ ඒකමතික සහයෝගයෙන් ඔහු පළමුවන විමලධර්මසුරිය නමින් මහනුවර රජවිය. 

ඔහු තමන් මහනුවර රජු බවට ප්‍රකාශ කරමින් පෘතුගීසීන්ට කන්ද උඩරටින් පිටව යාමට දින පහක් කල් දුන්නේය. පෘතුගීසීහු තමන්ගේ බලය පිරිහෙමින් පැවති හෙයින්ද, මහ ජනතාව කොනප්පු බංඩාර වටා එක්රොක්වූ හෙයින්ද, ඔවුන් වාඩිලාගෙන සිටි පේරාදෙනියේ ගන්නෝරුව අතහැර කොළඹ බලා යාමට පිටත්වූහ. 
පෘතුගීසීන් ඔවුන් විසින් රාජාභිෂේක කල දොන් ජෝහා කුමරු වහකෝට්ටේට හා එතැනින් කොළඹට රැගෙන ගොස්, කොළඹ පෘතුගීසි අධ්‍යාපන ආයතනයක් වූ, ෆ්රැ න්සිස්කෝ විදුහලට (Colegio S Francisco) අධ්‍යාපනය සදහා ඇතුලත් කරන ලදි. ඉන්පසු 1594 දන්තුරය සටනින් පෘතුගීසීන් මහත් පරාජයට පත් වූ හෙයින්, මෙම කුමාරයාගේ ආරක්ෂාව සදහා ඔහු ඉන්දියාවේ පෘතුගීසි පාලන මධ්‍යස්ථානයක් වූ ගෝව නගරයට යැවූහ. 

එහිදී ‘රජවරු තිදෙනාගේ විද්‍යාලය‘ (College of Three Kings) වෙත ඇතුල් කරනු ලැබූ මෙම කුමරු, 1610 දී පමණ පෘතුගාලයේ ලිස්බන් නගරයට යවන ලදුව” අධ්‍යාපනය සදහා ආගමික පාසැලකට (Convento de S Francisco) ඇතුලත් කරන ලදි. 

එහිදී මෙම කුමරුට කෘසඩෝස් (Crzados) 2000 ක වාර්ෂික දීමනාවක් ලබාදී වැඩිදුර අධ්‍යාපනය සදහා පෘතුගාලයේ කොයිම්බා නගරයෙහි රාජකීය විද්‍යාලයට ඇතුල් කිරීමට පෘතුගීසී රජයෙන් සැලසුම් කලද, මෙම කුමරු එය ප්‍රතික්ෂේප කර ලිස්බන් නගරයෙහි රාජ සභාවේ රාජකීයෙකු ලෙස ජීවත්වීමට කැමැත්ත පල කලේය. 

ඔහුගේ ඉල්ලීම පිට රජ කෙනෙකුගේ පැවැත්මට සරිලන පරිදි නිවාස සහ අනෙකුත් පහසුකම්ද, වාර්ෂිකව කෘසඩෝස් 4000 ක දීමනාවක්ද, පෘතුගීසි රජයෙන් ලබාදෙන ලදි. තමන්ට ලැබෙන පහසුකම් ඔටුන්න හිමි කුමාරයෙකුට තරම් නොගැලපෙන බව පවසා පෘතුගාලයේ රජු සමග සාකච්ඡා කර කුමරු කන්ද උඩරට වෙල්ලස්ස සහ සත්කෝරලය තමන්ගේ ඇති රාජකීය අයිතිය පෘතුගීසීන්ට පවරා දෙනු ලදුව, පෘතුගීසි රජ විසින් ස්පාඤ්ඤ වංශාධිපතියෙකු ලෙස බිෂොප්වරයෙකු හා සමාන තත්වයට පත් කරන ලදි. ඔහුට ලබා දෙන දීමනාවන්ද කෘසඩෝස් 8000 ක් දක්වා ඉහල දමන ලද අතර, ඉන්පසු ස්පාඤ්ඤයේ මැඩ්රීඩ් නුවර ස්පාඤ්ඤ රාජ සභාවේ වාසය කලේය. 

8 comments:

  1. Good article. Thanks for making us aware of our history

    ReplyDelete
  2. වහකෝට්ටේ තවමත් පාරම්පරික සිංහල කිතුනුවන් පිරිසක් ඉන්නවා නේද ? මොවුන් පැවතෙන්නේ යමසිංහ කුමරු ගේ පිරිසගෙන් ද ?

    ReplyDelete
  3. නැහැ, ඕලන්දයන් වෙරළබඩ ප්‍රදේශවල බලය ලබාගත් පසු පෘතුගීසි සහ ලාංකික කතෝලික පිරිසට අයත් පුද්ගලයන්ට කෙනෙහිලිකම් සිදු වූ නිසා මහනුවර රජු ඔවුනට වහකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි වීමට ඉඩ ලබාදුන් බව මා අසා ඇත.

    ReplyDelete
  4. ඉතා වැදගත් කරුණුවලින් පිරි ඔබේ ලිපි මගේ සැමියාද මමද ආසාවෙන් කියවමු .ඔබට ලිවීමට දිරිය පතමු .

    ReplyDelete
  5. මම ආසාවෙන් මේ බ්ලොග් එකේ ඉතිහාස කතා කියවන්නෙ...මම අහලා තියනවා ඔය වහකෝට්ටෙ ලන්දේසි සමයෙ පැනලා ගිය සිංහල කතෝලිකයන් එක්කම පෘතුගීසි සම්භවයක් තියන මිනිස්සුත් තාම ඉන්නවා කියලා..

    ReplyDelete

ටෙලිඩ්‍රාමා දෙකකින් ජාතියේ ක්ෂණික ඡායාරූපයක්

මම ලංකාවේ රූපවාහිනියේ නිවුස් ඇරෙන්නට බලන වැඩසටහන් තුනක් තිබේ. මේ අන්තර් ජාතික CNN BBC ,   චිත්‍රපට චැනල්ය හා   history  චැනල් එකේ පෝ...