Wednesday, July 8, 2026

බන්ධනාගාර ප්‍රශ්නය විසඳීම

 බන්ධනාගාරයේ සිදුවන දේ දකින විට මේ බන්ධනාගාර යම් විනයක් යටතට ගෙනාවොත්, රටේ තියෙන අපරාධ වලින් සියයට පනහකට වඩා ඒ මගින්ම අවසන් කරගත හැකි බව පෙනේ. 

හොඳම  උදාහරණය අගුණ කොළ පැලැස්සේ බන්ධනාගාරයෙන්  දුරකථනයකින් කතාකර ව්‍යාපාරිකයෙකු බයකර මුදල් ලබා ගැනීම එසේම එම මුදල් බය නැතුව රටේ ප්‍රධාන රජයේ බැංකුවකටම තැන්පත් කර ගැනීම පුදුම සහගතය. 


කෙනෙකු බන්ධනාගාර ගත කරන්නට ප්‍රධාන හේතුවක් නම් ඔවුන් සමාජයෙන් ඉවත් කර තැබීමය. විශේෂයෙන්ම අපරාධ ගෝඩි ෆාදර්වරුන් එසේ සමාජයෙන් ඉවත් කර තබන්නට බලවත් අවශ්‍යතාවයක් ඇත. 


ඇතුලට යන ඔවුනට සමාජයත් සමඟ සන්නිවේදන පහසුකම් ලබා ගැනීමට හැකි නම් ඔවුන් බන්ධනාගාර ගත කර ඇති ප්‍රයෝජනය කුමක් ද?


එසේ ඇතුලට ගිය පසු රුපියල් පනහක රීලෝඩ් එකක් තමා දෙනවානම් කතා කරන්නට පුළුවන් බව යි මම ඊයේ පෙරේදා කලකට පෙර රිමාන්ඩ් එකට ගිය කෙනෙකු ලියූ පෝස්ට් එකක දුටුවෙමි. 


කලකට පෙර බන්ධනාගාරවල  ජෑමර් සවිකර මෙය නවත්වා ගැනීමට උත්සාහයක් කළද එය සාර්ථක වූයේ නැත. 


ඇඬුවාට කොමිෂන් දැම්මාට ොකු ප්‍රයෝජනයක් නැත. ඒවා මීට කලිනුත් සිදු වී තිබේ. නමුත් මේ සන්නිවේදන  මාර්ගය  වසා දැමූවහොත් බන්ධනාගාරය තුළ විනය ප්‍රශ්නයත් එසේම සමාජය තුළ අපරාධ හා දූෂණ රැල්ල මැඩ පැවැත්වීමටත් කවුරුත් නොසිතන තරමේ ්‍රයෝජනයක් වනු ඇත. 


කලකට පෙර මෙය කරන්නට ගොස් එසේ කළහොත් අවට ජීවත් වන්නට මෙය බලපාන බවට ්‍රශ්නයක් ඇති විය. එසේ නම් කළ යුතු වන්නේ බන්ධනාගාර ජන ශුන්‍ය ප්‍රදේශවලට රැගෙන යාමයි.

No comments:

Post a Comment

රොබට් නොක්ස්

  එළදැත්තේ රොබට් නොක්ස් නැවතී ගොවිතැන්කළ  නිවස අසල පිහිටුවා ඇති ගල් කණුව HEREABOUTS DWELT ROBERT KNOX STEPHEN RUTLAND 1670–1679 AND WITH THE...