Tuesday, May 3, 2022

ඇවන්ගාඩ් ව්යාපෘති 2

 යෝජනාව සකස් කර අවසන් වූ පසු එය ිදුලිබල අමාත්‍යාංශයට සහ පුනර්ජීවන විදුලිබල අමාත්‍යංශය ට ඉදිරිපත් කළෙමු. ලංකාවේ විදුලි බල පද්ධතියට පසුගිය දශකයේ පමණ විදුලි බල ජනකයන් එකතු නොකිරීම නිසා අප විදුලිබල හිඟයකට ඉක්මනින්ම මුහුණපාන්නට සිදුවන බවට බොහෝ දෙනා එකල කියමින් සිටි නිසා මේ යෝජනාව, විශේෂයෙන්ම රජයේ මුදල් ද වැය නොවන නිසා, දුටු සැනින් ක්‍රියාත්මක කරනු ඇතැයි අපි බලාපොරොත්තු වූයෙමු. 

ටික කලක් බලා සිටියද කිසිදු පිළිතුරක් නොලැබුණි. 

මෙයින් විශ්මයට පත් වුණු අපි මේ ගැන සාකච්ඡා කළෙමු. ඉන්පසු නිශ්ශංක දිනයක් සහ වේලාවක් යොදාගෙන මමත් සමඟ සුවිනීත බල ඇමතිවරයා හමුවීමට ගියේය. 

ඔහු ඉතා සාදරයෙන් අප පිළිගත්තේය. ඒ කාලේ ප්‍රධාන මාතෘකාවක් ව තිබුණු ධම්මික පැණිය ගැන අප බොහෝ වෙලාවක් කතා කළෙමු. ඉන්පසු අපේ යෝජනාව ගැන කතා කළ අතර ඔහු ඒ ගැන බලවත් උනන්දුවක් දැක්වීය. 

නිලධාරීන් කිහිපදෙනකු ද ගෙන්වා මේ පිළිබඳව සාකච්ඡා කළ ඔහු දුරකතනයකින් තවත් නිලධාරියෙකුට ද මේ පිළිබඳව පැහැදිලි කළේය.

ඉන් පසු කාන්තාවක් එතැනට ගෙන්වා, අපත් සමග මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරන ලෙසට ඇයට දන්වා සිටියේය.

මේ අතර මෙම ව්යාපෘතියේ අප සමාගමට ලැබෙන්නා වූ කොටස 10% ක් බව ඊශ්රායල සමාගම ප්‍රකාශ කර සිටියද අප සාකච්ඡා කර එය සියයට 15 දක්වා වැඩි කර ගත්තෙමු.


මෙවැනි ව්‍යාපෘති අනුමත කරන්නේ සහ ඒවා සම්බන්ධීකරණය කරන්නේ සුවිනීත බලාධිකාරිය නිසා ෙම ව්‍යාපෘතිය ඒ හරහා යා යුතු බව පැවසූ එම සම්බන්ධීකාරක අපගේ යෝජනාව ඔවුනටද ඉදිරිපත් කරන ලෙස මට දන්වා සිටියාය. අප එසේ කළ ද කිසිවක් සිදු වනවා පෙනෙන්නට තිබුණේ නැත. කිහිප වරක් මතක් කිරීමෙන් පසුව, මට එම සභාපති වරයා සමග මුණගැසීමත් පිළියෙල කරන්න බව මෙම කාන්තාව මට දන්වා සිටියාය. ඇයද මා සමග එතැනට යාමට එන බවද පැවසුවාය.

දින කිහිපයකට පසුව මම එම සාකච්ඡාව සඳහා එතනට පැමිණිය නමුදු එම සම්බන්ධීකාරක සාකච්ඡාවට පැමිණ සිටියේ නැත. මම ගොස් එහි සභාපති වරයා මුණ ගැසුනෙමි. ඔහු සාකච්ඡාවේදී මට කියා සිටියේ මේ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරන්නට ඔවුන් බලාපොරොත්තු වන බවත් එසේ ටෙන්ඩර් කැඳවන විට අපට ඔහු දන්වා සිටින බවත්ය. 

එසේ සූර්ය බල ශක්තිය ජනනය සඳහා ටෙන්ඩර් කැඳවන්නේ නම්, අඩු තරමෙන් මුහුදු රැල්ලෙන් විදුලිය ජනනය කිරීමේ ියමු ව්‍යාපෘතියට වත් ඉඩක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටියෙමි. 

එහෙත් එයට වත් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණේ නැත. නිස්සංක මේ පිළිබඳව රජයේ නොයෙකුත් පුද්ගලයන්ට කතා කළ ද මාස ගණනක් තිස්සේ සිය ගණනකට මේ පිළිබඳව පැහැදිලි කර සිටියද, අපට සිතාගත නොහැකි හේතු නිසා ෙම ව්‍යාපෘතියට කොල එලියක් ලැබුණේ නැත. 

අපගේ මෙම ව්‍යාපෘතිය සාර්ථක  වුවා නම්, අද අපේ ජාතික විදුලි ධාරිතාවය මෙගාවොට් 500 කින් වැඩිවනු අතර බොහෝ දිනවල ලංකාවේ විදුලිය කපන්නට සිදු වන්නේත් නැත. එය නැති කර ගත්තේ රජයේ සහ නිලධාරීන්ගේ උනන්දුවක් නැතිකම නිසාය, එසේත් නැත්නම් උනන්දුව ඇති කරන යමක් අප විසින් ඔවුනට පෙන්වූයේ නැති නිසාය. 

මේ පාඩුවට අමතර ව, මෙගාවොට් 25 ුහුදු රැල්ලෙන් ක්‍රියාකරන ජනකය නියමු ව්‍යාපෘතියක් ලෙස ්‍රියාත්මක කළේ නම්, එහි සාර්ථකත්වය මත අපට ඒ පැත්තෙනුත් බොහෝ දුරක් යාමට අවස්ථාවක් මේ හරහා ලබා ගැනීමට ඉඩ තිබුණි. 

ඔවුන් ටෙන්ඩර් කැඳවා හෝ නොමැතිව ිශාල සූර්‍ය බල පද්දති එකක්වත් සිදුකර ඇත්දැයි මට නම් දැනගන්නට ලැබී නැත. මේ ලඟදි මගේ මිතුරකු ඔහුගේ ඇමරිකාවේ සිටින මිතුරෙකු මෙලෙසම රජයට ඉදිරිපත් කළ සූර්ය බල ජනන පද්ධතියක යෝජනාවක් මා වෙත එව්වෙ මේ පිළිබඳව මා උනන්දුවක් දක්වන බව දැනගෙනය. ඒවාටත් කිසිම ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නොමැත.

මේ අපේ ලොකුම ප්‍රශ්නයයි, හොඳ දෙයක් හරි දෙයක් දුටු විට බොහෝ හේතු කියමින් රතු පටි ඇත්තේ නැත්නම් අලුතෙන් වියමන් කර හෝ ඒවා ට පුළුවන් තරම් බාධා ඇති කිරීමයි.

1 comment:

  1. මහත්මයා විදුලිබල මණ්ඩලය කියන්නේ හොර ගුහාවක්
    විදුලි බල මණ්ඩලයට සම්බන්ද ආයතනයක් තිබෙනවා Lanka Transformers කියලා.'
    එම සමාගම ආරම්භ කලේ විදුලිබල මණ්ඩලය හා ලෝනා බෝන් සමාගම එක්ව
    2005 දී එම සමාගමේ කොටස් වලින් 10% එහි පාලකයන් නොමිලයෙම් පවරාව ගන්නවා.
    කොහොමද හොරකම

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...