Saturday, October 23, 2021

2005 වසරේ ජනාධිපතිවරණය සහ ඡන්ද ඔට්ටු

මගේ මිත්‍ර බද්දේගම ආනන්ද ලැනරෝල්, ලංකාව සහ ලෝක දේශපාලනය පිළිබඳව විශේෂයෙන්ම ඒවා ගේ ඉතිහාසය පිළිබඳව හසල දැනුමක් ඇත්තෙකි. 


ඔහුට දැනුමටත් වඩා ඉතාමත් පොහොසත් අත්දැකීම් සම්භාරයක් ඇත්තේය. ඒ කෙසේද යත්, ඔහු ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකින්ම එම ප්‍රදේශයේ, ප්‍රාදේශීය සභා සභාපති වරයා වශයෙන් කටයුතු කර ඇත්තේය.


කන්ද උඩරට සහ දකුණේ යන ප්‍රදේශ දෙකේම, බොහෝ කාලයක් දේශපාලනය කර ඇති ඔහු ජාතික දේශපාලනයේ ද, හැකි සෑම විටකම ්‍රායෝගිකව කටයුතු කර ඇත්තේය.


ඒ අතරම හොඳ ගොවියෙකු වන ඔහු, දෙවන රාජසිංහ රජු කල ප්‍රංශ නාවික හමුදාව සමග ත්‍රිකුණාමලයෙන් ලංකාවට පැමිණි, තානාපතිවරයාගෙන් සහ රාජගුරු පවුලේ කුල කාන්තාවක ගෙන් පැවත එන ඉතිහාසයක් ද තිබේ.


මහනුවර නගරය අවට suduhumpola ග්‍රාමයේ නම වැටී ඇත්තේ ද, මේ ප්‍රංශ තානාපතිවරයාගේ පවුල නිසා බව කියනු ලැබේ. 

සුද්දා හුන් පොල, suduhumpola.


වරෙක ඔහු, 2005  වර්ෂයේ අග එස් බී දිසානායක සිරගතව සිටියදී අසනීප වී මර්චන්ට් වෝඩ් එකට ගියේය. මමත් ළඟදි මිතුරෙකු බැලීමට මේ මර්චන්ට් ward එකට ගිය අතර, එහි පඩි පෙළ සහ සෝපානය, ඇත්තෙන්ම තිබිය යුත්තේ කෞතුකාගාරයක බව මට එතනදී සිතුනි.


මා මිත්‍ර ananda, එස්බී සිටි කාමරේට, යන විට එහි දොර වසා තිබුණු අතර දොරට තට්ටු කරන විට දොර ඇරුණි.

ඔහු කාමරේ ඇතුලට ගිය විට එහි එස් බී සහ බන්දුල ගුණවර්ධන ඇඳ මත වාඩිවී කතා කරමින් සිටියහ. ආනන්ද එතනට ගිය විට SB බන්දුල ගුණවර්ධනට මෙසේ කීවේය.


"අන්න ඇවිල්ලා ඉන්නවා ආනන්ද ලැනරෝල්, ලංකාවේ දේශපාලන භූමියේ තත්වය හොදින් විශ්ලේෂණය කරන කෙනෙක්, අපි ඔහුගෙන් අහමු මොකක්ද වෙන්නේ කියලා" ඔහු එසේ කීවේ එකල පැවැත්වෙමින් තිබූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳවය.

මේ දෙදෙනාම එකල එක්සත් ජාතික පක්ෂය රජයේ ඇමතිවරු වූ අතර ඉදිරි මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව බොහෝ උනන්දුවක් දැක්වූ දෙදෙනෙකුද වූහ.

මේ අතර ලාච්චුවේ තිබූ විස්කි බෝතලයක් එළියට ගත් SB විදුරු තුනක්ද හොයාගෙන, ිශ්‍ර කිරීමට යමක් නොතිබුණු නිසා අමුවෙන්ම glass තුනට ටික ටික වක්කර කුඩා ඩ්‍රින්ක් එකක් ද පිළියෙල කළේය.

බන්දුල ගුණවර්ධන ආනන්ද දෙසට හැරී ඡන්ද ප්‍රතිඵලය කුමක් විය හැකි දැයි විමසුවේය.


රනිල් වික්‍රමසිංහට ඡන්ද ලක්ෂ හතළිස් අටක් පමණක් මහින්ද රාජපක්ෂ ට හතළිස් හයක් පමණ ලැබෙන බව ආනන්ද තවත් විස්තර සමගින් බන්දුලට කීවේය.


"ආනන්ද ඔයා දෙමළ ඡන්ද දැම්මෙ කාටද?" එස් බී දිසානායක ඇඳේ සිට ඇසුවේය. 

"රනිල් වික්‍රමසිංහට"

"ඇයි එහෙම කලේ?"

"දෙමළ මිනුස්සුන්ට හැකි හැම වෙලාවකම සමාන ලෙස සැලකුවේ එක්සත් ජාතික පක්ෂයයි, මට ඕනෑ තරම් උදාහරණ දෙන්නට පුළුවන්, ඒකයි මම ඒ විදියට කළේ" ආනන්ද පිළිතුරු දුන්නේය.

"අන්න ඒ හේතුව නිසාම, ප්‍රභාකරන් දෙමළ මිනිසුන්ට මේ පාර රනිල්ට ඡන්දෙ නොදී ඉන්න බලකරන්න පුළුවන් බව මට හිතෙනවා" 

ආනන්ද ඒ වෙලාවේ එම අදහස පිළිගත්තේ නැත. කොළඹ සිට ආපහු බද්දේගමට යනතෙක්ම, තම රියදුරා සමග s b ට බැන්නේය. 


නමුත් අවසානයේ සිදුවූයේ එස්බී කියපු එක ය.

මේ ඡන්දය පිළිබඳ ලක්ෂ 25ක් ඔට්ටුවක් ඇල්ලූ ආනන්ද, එයින් ද පරාජයට පත්විය.

එහෙත් ඔහු එවැනි ඔට්ටුවක්,පසු කලෙක, 2015 වසරේ, පොලියත් සමඟ ආපසු දිනා ගත්තේය.


2 comments:

  1. සුන්දර කථාවක්! ශ්‍රී ලංකාවේ සිටිනා බොහෝ දේසපාළුවන් කෝපාවිෂ්ඨ බල්ලන් සිටින කූඩුවකට දමා වැසීමට සුදුසු එවුන්ය. ඔවුන් මිය යා යුත්තේ බල්ලන් විසින් කාදමා මිස සුව පහසු ඇඳ ඇතිරිළි මත නොවේ! එස්. බී. හා බන්ධුල ගෙන් පසු ඊළඟට කාවද කූඩුවට දාන එකා?

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...