Saturday, January 18, 2020

එළවලු ප්‍රශ්නය විසඳිම ; ඉල්ලුම සහ සැපයුම සමතුලිත කිරීම





දැන් ලංකාවේ එළවලු මිල බොහෝ ඉහළ ගොස් තිබේ. කොතරම් ඉහළ ගොස් තිබෙනවාද යත් බටු කිලෝ එක රුපියල් 400 ට ගිය බවත්, පතෝල කිලෝ එක රුපියල් 300 ට ගිය බවත්, මම මුහුණු පොතේ දැක්කෙමි. ඒ කියන්නේ බටු කිලෝ එකක් chicken 500 ක  පමණ මිලට වඩා ඉහළ ගොස් ඇති බවය. මේක නං ලොකුම ප්‍රශ්නයකි.

මෙවැනි ප්‍රශ්නයක් ඇතිවූයේ කෙසේද, පහසුම පැහැදිලි කිරීම වෙළඳපොළට එළවළු ලැබීමේ අඩුවක් වී ඇති බවයි. ආර්ථික විද්‍යාවේ මූලිකම මූලධර්මය වන ඉල්ලීම සහ සැපයීම අනුව නම් අපට දෙන්නට පුළුවන් පහසුම පිළිතුර එය වෙයි.

මෙලෙස මේ කාලයට සැපයුම පහළ වැටීමට, වෙනත් සෑම අවුරුද්දකම මෙන් හේතුව, ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ මහ කන්නයට වී වගා කිරිමය. මහ කන්නයේ සාමාන්‍යයෙන්ම වාගේ වර්ෂාව ලැබීමත් අඩු වැඩි වශයෙන් වර්ෂාව ලැබීම නිසා, මෙම ප්‍රවණතාවය පරම්පරා ගණනක පටන් පැවත එන සිරිතකි.
මමත් අපේ නිවස අසල කුඹුරු අක්කර දෙකක් පමණ ගොවිතැන් කරමි. මම එහි වී වගා කරන්නේ මේ කන්නයට පමණකි. 

මේ අවුරුද්දේ ඒ තරම්ම වර්ෂාව සැර නොවූවත්, සාමාන්‍යයෙන් මේ කාලෙට තද වරුසාවක් ලැබේ. ඒ නිසා ගොවියෝ එළවළු වගා කිරීම කල් දමමින් සිටිති. එළවළු හිඟයට මෙයත් මෙය හේතුවක් වන්නට පුළුවන. මෙලෙස එළවලු හිඟයක් ඇතිවීම වළක්වා අවුරුද්ද පුරා එළවළු මිලේ සාමාන්‍ය අගයක් පවත්වා ගන්නේ කෙසේද,

මාස තුනක් පමණ රුපියල් 400 ටත්, මාස නවයක් පමණ රුපියල්150 ට බටු මිල දෝලනය වෙනවා නම්, වාර්ෂිකව සාමාන්‍ය බටු මිල රුපියල් 200 ක් පමණ විය යුතු යැයි පෙනේ.
400 x 3 + 150 x 9
             12
එවැනි සාමාන්‍ය මිලක් පවත්වා ගැනීමට කුමක් කළ හැකිද, කුමක් කළ යුතුද,
සැපයුම් සහ ඉල්ලීමේ මූලධර්මයට අනුව මිල අධික කාල වලට මිල අඩු කාලයෙන් කොටසක් ගෙන ඒමට හැකියාවක් තිබේනම්, මෙම ප්‍රශ්නයට ඉතාමත් පහසු විසඳුමක් සෙවිය හැක. එය කළ හැක්කේ කෙසේද,
මට පේන හැටියට ඒ සඳහා ක්‍රමවේද දෙකක් යොදා ගත හැකිය.

1. එළවළු ඉතාම ලාභ වන කාලයට එළවළු සූර්ය ශක්තියෙන් විජලනිකරනය කර ගබඩා කර, එළවළු මිල අධික වන කාලයට වෙළදපලට නිදහස් කිරීම. මුලින්ම මේ සඳහා මිනිසුන් පුරුදු කිරීමට සමෘද්ධිලාභීන්ගේ මාසික දීමනාවේ කොටසක් ලෙස විජලනය කරන කරණය කරන ලද එළවළු ලබාදිය හැක. මෙලෙස මෙය සමාජයේ අනික් තැන් වලටත් ව්‍යාප්ත වූ පසු මෙලෙස සමෘද්ධිලාභීන්ට එය ලබාදීම නැවැත්විය හැක. මා සිතන විදිහට අවුරුදු තුනකින් පමණ මෙලෙස ව්ජලිත එළවලු සමාජ ගත කරන්නට ;  සමාජය මෙයට පුරුදු කර ගන්නට පුළුවන.

2. ලංකාවේ එක් දිස්ත්‍රික්කයක්; මහකන්නයේදී අඩුවෙන්ම වර්ෂාව ලැබෙන දිස්ත්‍රික්කය තෝරාගත හැක, ව්  වගා කිරීම රජය මැදිහත්වී නැවැත්වීම. එම දිස්ත්‍රික්කයේ ගොවියන්ට එළවළු වගා කිරීමට හැකි පමණ ධෛර්යමත් කිරීම. ජපානය වැනි රටවල මෙලෙස බැලිය යුත්තේ කුමන බෝග ඒ ගොවියන්ට රජයෙන් යම් උපදෙස් ලබාදී, ඒ අනුව ඔවුන් වගා කරන බවට රජය බලාගන්නා  බවත් මා අසා තිබේ .

මේ ක්‍රම දෙක සමානුපාතිකව සමබරව යොද ගැනීමෙන් ලංකාවේ එළවළු වෙළඳපොලේ එළවළු ගොවියන්ට සහ පාරිභෝගිකයන් යන කොට්ඨාශ දෙකටම කරදරයක් නැතිව පහසු මිලකට ලබා ගැනීමට රජයට කටයුතු කළ හැක.

හැබැයි මේ එකක්වත් රජය විසින්ම කරන්නට උත්සාහ කට යුතු නො වේ, එවිට එය අවසන් වන්නේ ලංගම දුම්රිය හෝ වී අලෙවි මණ්ඩලය වැනි අප සියලු දෙනාට පාඩු කරවන ආයතන ලෙසය. මේවා කළ යුත්තේ රජයේ මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ පුද්ගලික ව්‍යාපාරයක් ලෙසටය.
බොහෝ විට cottage industries ලෙසටය.

1 comment:

  1. ලංකාවේ බොහෝ දෙනෙක් ගෙවතු වගාව ලැජ්ජාවට කරුණක් ලෙස සලකන බව මට හිතෙනවා. සතියකට දින කිහිපයක් ජිම් ගිහිල්ලා අනුන්ගේ යකඩ උස්සන්නේ නැතිව ඒ කාලය තමන්ට ඉඩ ඇති හැටියට එළිමහනේ එළවලු ගහක්, පලා වර්ගයක් හිටවලා ඒකෙන් ගෙදර කෑමට යමක් එකතු කර ගැනීමට උත්සාහ නොකරන්නේ ඇයි ? මුළු වසර පුරාවටම ඉතාම යහපත් කාලගුණයක් පවතින අපේ රටේ මල් පෝච්චි කිහිපයක (වත්ත ඉඩ නැතිනම් හෝ තට්ටු නිවාස වල) එළවළුවක්, පළා වර්ගයක් හිටවලා ඒකෙන් කොපමණ ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද??
    මම ජීවත් වන ඕස්ට්‍රේලියාවේ එළවළු මිල ඒ තරම් ඉහල නැහැ. ඒ උනාට ශීත ඍතුවේ -2 c පමණ අවම උෂ්ණත්වයක සිට ගිම්හානයේ 47 c පමණ උපරිමයකටත්, වසරේ බොහෝ කාලයක් ඉර මුදුන් නොවීමේ බාධාවත්, පසේ නිසරු බවත්, ජල භාවිතයේ restrictions ඇතුළුව අටෝ රාශියක් බාධක මැද මම අපේ පවුලේ, පළා කොළ, සලාද lettuce, තක්කාලි, රතු ලූනු, අමු මිරිස් වැනි අවශ්‍යතාවයන් 100% ක් මගේ veggie patch එකෙන් සපුරා ගන්නවා. ගිම්හානයේ හේන් එළවලුත්, ශීත කාලයේ උඩරට එළවලුත් වසර පුරාම බෙදී යන ලෙස මම වගා කරන්නේ වර්ග මීටර් විස්සක greenhouse එකක සහ තවත් වර්ග මීටර් තිහක පමණ shade cloth ආවරණයක් තුලයි. බොහෝ විට මේවාට කරන වියදම හා මහන්සිය එකතු කලොත් ඊට වඩා අඩුවට සුපර් මාකට් එකෙන් එළවලු ගන්න පුළුවන්. ඒ උනාට තමන්ගේ ගෙවත්තේ වගා කල දෙයක් භුක්ති විඳීමේ ප්‍රීතිය සුපර් මාකට් එකෙන් ගන්න බැහැ .

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...