Tuesday, January 7, 2020

අජාතසතෘ ගේ ප්‍රශ්නය 1




අපේ බුද්ධාගම අදහන පුද්ගලයන්ට බුද්ධාගමේ හරියටම නැවත ඉපදීම පැහැදිලිවම සිදුවන බව කියනවාද, එසේත් නැත් නම් නැවත ඉපදීමක් සිදුවන බවක් කියන්නෙ නැද්ද, යන ප්‍රශ්නය සැමවිටම සිතේ කොණක තිබේ.
මම සාමාන්‍යයෙන් මට තේරෙන කාලයේ සිට නැවත ඉපදීමක් පිළිගත්තේ නැත. එසේ පිළිගන්නට තරම් කරුණු සාක්ෂි මම දුටුවේ නැත. ඉඳහිට ඉතාමත් කලාතුරකින් කෙනෙකු තමන්ගේ පෙර ආත්මය පිළිබඳ කරුණු කිව්වද, 99.9% ක්  මිනිසුන්ට එවැනි මෙයට පෙර ජීවත් වූ ජීවිතයක් පිළිබඳව කියන්නට හෝ දැන ගන්නට හැකියාවක් නැත. ඒ අතින් බැලූ විට නැවත ඉපදුනත්, තාත්වික වශයෙන් බැලූ විට ඉපදීමක් නැතුවා සේය. මක් නිසාද අපේ යම් අත්දැකීමක් අපේ සිහියෙ නැත්නම්, ඒ අත්දැකීම අපට ලැබුණා යැයි කිව හැකිද. එවැනි අත්දැකීමකට අපට අත්දැකීමක් ඇතැයි  කිව හැකිද.

එහෙත් නැවත ඉපදීම පිළිගැනීමට නොහැකි යැයි මා සිතුවේ වූවද, බොහෝ පිරිසක් එසේ පිළිගන්නා හෙයින්, මට මේ ගැන තවදුරටත් සොයා බලන්නට අදහසක් ඇතිවිය.

විශේෂයෙන්ම අප කුඩා කල සිට අදහන බුද්ධාගමේ නැවත ඉපදීමක් ගැන හරියටම කියා තිබේද, මේ ගැන බුදුන් ප්‍රකාශ කළේ කුමක්ද යන්න මම සොයන්නට උත්සාහ කළෙමි.

මෙවැනි ප්‍රශ්නයකට, ඒ කියන්නේ බුද්ධාගමේ නැවත ඉපදීම පිලි ගන්නේද යන්න බවට, පිළිතුරු සොයා ගැනීමට හොදම විදිහ බුදුරදුන් ජීවත්වන කාලයට යාමයි. එය පරිසරය දෙස ටිකක් බැලීමෙන් අපට මෙම ධර්මය සහ ධර්මයේ කියවෙන දෑ පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබාගත හැක්කේය.

බුදුරදුන් ජීවත්වන කාලයේ එතුමාට වඩා වයසින් තරමක් අඩු ඔහුගේ මිතුරෙක්  මගධ රාජ්‍යයේ රාජ්‍යය කළේය. ඒ බිම්බිසාර රජ තුමායි.
ඔහු වයස්ගත වූ විට ඔහුගේ පුතා වූ අජාතසත්ත නම් වූ කුමාරයා පියා සිර කර තබා, පසුව මරා දමා රාජ්‍ය ලබා ගත්තේය. ඇත්තෙන්ම බුදුන් ජීවත් වූ ප්‍රදේශයද පසුව පාලනය කළේ ඔහු විසිනි. අප කුඩා කාලයේ බුද්ධාගම ඉගෙන ගන්නා විට අජාසත්ත නම් කුමරෙකු පිළිබඳව ඉගෙන ගත්තෙමු. ඔහු පිළිබඳව අපට එකල ලැබුනේ බොහෝ නරක හැඟීමකි. ඒ මේ අජාතසත්ත නම් කුමාරයායි. ඔහු එම ප්‍රදේශයේ තිබූ සියළු රාජ්‍යයන් අල්ලාගෙන; අප පසුගිය දවස්වල බොහෝ විට අහන්නට ලැබූ ලිච්ඡවී රජ දරුවන් පරාජය කළේද ඔහුය.  ඔහු මෙලෙස රාජ්‍ය අල්ලා ගෙන සක්විති රජ කෙනෙකු වෙන්නට උත්සාහ කළේය. අජාතසත්තෘ  රජවරයා බොහෝ නුවණින් එසේම රාජ්‍ය පාලනයේ දක්ෂ කමින් කටයුතු කළ කෙනකු බව පෙනේ. ඔහු තමන්ගේ යුද්ධවලට විශාල ගල් විදිය හැකි කැටපෝලයක්ද, අශ්ව කරත්ත වල රෝද වලින් එලියට දෑකැති වැනි ආයුධයක් කරකැවෙන යුධ රථයක්ද,  නිර්මාණය කළ බව ඉන්දියානු ඉතිහාසයේ සඳහන් වේ.

මේ රජතුමාද එකල සිටි බොහෝ නායකයන් මෙන්ම ජීවිතයේ මරණයෙන් පසුව කුමක් සිදුවන්නේදැයි නිතරම සොයා බැලුවේය. එසේම ඔහුගෙන් රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට එකල තිබූ ප්‍රධාන ආගම් දෙක තරගයක යෙදුන බවකුත් පෙනෙන්නට තිබේ. ඒ බුද්ධාගම සහ මහාවීර ගේ නායකත්වය යටතේ පැවැත්වුන නිගණ්ඨ ආගමයි.

ඔහු වරක් එකල ජීවත් වූ ප්‍රසිද්ධ ආගමික ශාස්තෘවරයෙකු වූ අකිරියවාදය ධර්මය ඉදිරිපත් කළ පුරණ කස්සප ගෙන් මෙම ප්‍රශ්නය ඇසීය.
"
හැම විදිහකම වෙළදාම සහ රැකී රක්ෂා තිබේ. ඔවුහු ඒවායින් ලාභ ලබා ගනිති. එම ලාභයන් ගෙන් ලාභ තම පවුලේ අය සහ මිතුරන් සමග සුවසේ වෙසෙමින් බමුණන්ට දන් දෙති. එහි ප්‍රතිඵලයක් වශයෙන් ස්වර්ගයේ  පුනරුත්පත්තිය ලාභය ඔවුනට ලැබේ. පූරණ කස්සප පෙන්වා දෙන මාර්ගයේ එවැනි දෘෂ්ටිගෝචර ප්‍රතිපලයක් ලැබිය හැකිද?"

පව්කම් වල ප්‍රතිඵල වශයෙන් දුක් විපාක හෝ පින්කම්වල ප්‍රතිඵල වශයෙන් සුඛ විපාක හෝ නොලැබෙන බව පූර්ණ කස්සප කීවේය.


දෙවැනි කොටස https://lakshmanillangakoon.blogspot.com/2020/01/2.html

1 comment:

  1. පූර්ණ කස්සප ගෙන් ඇසූ ප්‍රශ්නයට අද පවතින සිංහල බුද්ධාගම ඇසුරෙන් මෙලෙස පිළිතුරු දිය හැක.

    හැම විදිහකම වෙළදාම සහ රැකී රක්ෂා තිබේ. අද පවතින සිංහල බුද්ධාගම ද එවැනි රැකියා සහිත වෙළඳාමකි. එහි නායකයෝ ඒවායින් ලාභ ලබා ගනිති. එම ලාභයන් ගෙන් ලාභ තම පවුලේ අය සහ මිතුරන් සමග සුවසේ වෙසෙති. වර්ග සැප මෙලොව දී ම ලබති.

    ReplyDelete

සිංගප්පූරුව 2

 අද පුණ්‍ය කාලය නිසා සිංගප්පූරුවේ පසුගිය කාලය ගත කරපු ගමනේ තවත් විස්තරයක් ලියන්නට සිතුණි.  එහි සිටි දවස් දහයේ හැමදාම උදේට කිලෝමීටර් අටක් පමණ...