Monday, May 6, 2019

රහස්‍ය




මා  ගුවන් ගමනක යෙදෙන විට මුලින්ම කරන්නේ ඉදිරිපස මල්ලේ ඇති සඟරා දෙක; ඩියුටි ෆ්‍රී සහ ගුවන් සමාගමේ මාසික සඟරාව, උඩින් පල්ලෙන් කියවීමයි. ඊටපසු චිත්‍රපට බලන්නට පටන් ගනිමි. පසුගිය දිනක මෙලෙස ගුවන් යානයක පැමිණෙන විට චිත්‍රපට බලන්නට පටන් ගන්නා විට ඉයර් පෝන් එක හරියට ඇසෙන්නේ නැති බව වැටහුණි. යන එන ගුවන් සේවිකාවක් අල්ලා ගෙන එය මාරුකර ගත්තෙමි. අදෝමය, එම ඉයර් පෝන් එක පෙර තිබු එකටත් අන්තය, නැවත වරක් ඉයර් පෝන් මාරුකිරීමට ඉල්ලා සිටීමට මට මැලිකමක් ඇතිවිය; මම මෙවැනි අවස්ථාවල assertive මදි බව මට පෙරත් පෙනීගොස් ඇත. මම චිත්‍රපට බැලීම අතහැර නැවත සඟරා කියවන්නට පටන් ගත්තෙමි.
එහෙත් ගුවන් යානාවල යද්දී මට චිත්‍රපට බැලීමේ addiction එකක් ඇති සැටියා මෙනි. මම නැවත වරක් චිත්‍රපටයක් දමාගෙන  talkies ඒමට පෙර නැරඹු ආකාරයට චිත්‍රපටයක් බලන්නට උත්සාහ කලෙමි. ටික වෙලාවකින් මෙය එපාවූ නමුදු මට අපුරු අදහසක් මතුවිය. ඒඉංග්‍රීසි  subheadings ඇති වෙනත් භාෂාවක චිත්‍රපටයක් නැරඹීමයි.
මුලින්ම හමුවූ එවැනි චිත්‍රපටය මලයාලම් එකක් විය. මම එය බලන්නට පටන් ගතිමි. පරම්පරා ගණනක් සැලසුම් කර ඉඩමක් මිලදී ගැනීමට උත්සාහ කරන ඈත දුෂ්කර කඳු මුදුනක පිහිටි එනසල් වත්තක පණිවුඩ කරුවෙකු පිළිබඳව වූ මේ කතාව ඉතාමත් සිත්ගන්නා ආකාරයෙන් සාදා තිබුණි. එනසල් වතුවල කම්කරුවන්ගේ දුෂ්කර ජීවිත, කොමියුනිස්ට් ආණ්ඩු නිසා ඇතිවී ඇති අවුල් කම්කරු සම්බන්ධතා, සුළු ඉඩම් හිමියන් මුහුණ දෙන ප්‍රශ්න, මිනිසුන් එකිනෙකා විශ්වාශ කිරීම් යනාදී බොහෝ ප්‍රශ්න වලින් පිරුණු; මෙම චිත්‍රපටිය මම ඉතාමත් ආසාවෙන් නැරඹුවෙමි.
නමුත් අවාසනාවකට මෙන් චිත්‍රපටිය අවසානවීමට පෙර යානය කොළඹට ළගා වුනු අතර මම එහි නම මතක තබාගැනීමට පෝන් එකෙන් ඡායාරුපයක් ගන්නට සිතා සිටියද එය අමතක වී ගෙදර පැමිණියෙමි.
ගෙදර පැමිණි පසු මෙම චිත්‍රපටිය යු ටියුබ් එකෙන් සොයාගෙන ඉතිරි කොටස බැලීමට සිතා සිටියද එහි නම හරියට දන්නේ නැතිව එය සොයාගැනීම එතරම් පහසු නොමැති බව මට පෙනී ගියේය. වචන තුනක් වූ චිත්‍රපටයේ නමේ තුන්වන වචනය ‘මලෙයි’ බව මට මතක තිබුණි. මේ අතර මට මිතුරෙකු නිර්දේශ කල නිසා 1000 රුපි නෝට් නම් ඉන්දියානු ප්‍රධාන ධාරාවේ නොවන චිත්‍රපටයක් netflix චැනලයේ බැලුවෙමි.
දුප්පත් කාන්තාවකට ඡන්ද කාලයේ දේශපාලඥයකු විසින් දෙන ලද රුපියල් 1000 නෝට්ටුවක් නිසා ඇයට විඳින්නට සිදුවන කරදර මාලාවක් තුලින් ඉන්දියානු සමාජයේ ඇති අසාධාරනකම් පෙන්වාදෙන මෙම චිත්‍රපටිය ඉතාමත් කලාත්මක අයුරෙන් නිපදවා ඇත. ඉතාමත් අඩු වියදමකින් නිපදවා තිබුනද තේ එකක් බොන්නවත් ඇස අහකට ගන්න සිතුනේ නැති චිත්‍රපටයකි.
netflix චැනලයේ අපි චිත්‍රපටයක් තෝරාගත් විට එයට යටින් ඒ හා යම් අයුරකින් සමාන වන චිත්‍රපට 10 ක් පමණ යටින් පෙන්වයි. මගේ වාසනාව මතුවුයේ මෙතනදීය. කුමන හෝ හේතුවකට; බොහෝ විට ඉන්දියානු චිත්‍රපටයක් නිසා වෙන්නට පුළුවන, මට ගුවන් යානයේදී කොටසක් අතහැරුණු, මා සොයමින් සිටි චිත්‍රපටය දක්නට ලැබුණි. ඒත් එහි තුන්වන වචනය ‘මලෙයි’ ලෙස දුටු නිසාය.  
මෙම චිත්‍රපටිය පෙර කිව්වාක් මෙන් ඉතාමත් සිත්ගන්නා සුළු එකක් වූ අතර මෙය බලද්දී එය හා සම්බන්ධ චිත්‍රපටි 10 ස්ක්‍රීන් එකේ වැටුණි. මෙයින් නැරඹීමට වඩාත් සුදුසු යැයි සිතුනු තවත් චිත්‍රපටයක් වූ රහස්‍ය නම් චිත්‍රපටය ඊළඟ දවසේ බැලීමට තෝරාගෙන මගේ ලිස්ට් එකට දමා ගත්තෙමි.
මෙම චිත්‍රපටිය 2008 වසරේ සත්‍ය සිද්ධියක් ඇසුරෙන් නිපදවා ඇති බව මම චිත්‍රපටිය බලා අවසන් වූ පසු ගුගල් එකෙන් ඉගෙනගතිමි.
මම කුඩා කලසිටම රහස් පරීක්ෂක කතා කියවන්නටත් එම චිත්‍රපට බලන්නටත් මහත් ලොල් කමක් දැක්වුවෙමි. ටින් ටින් (මෙය උච්චාරණය කල යුත්තේ ටන් ටැන් ලෙස බව අපේ 8 පන්තියට ඉංග්‍රීසි ඉගැන්වූ ජයසිංහ මහත්මයා කිවූ බව මතකය) ගේ රහස් පරීක්ෂණ වලින් පටන්ගත් මෙම බැඳීම් පෙරී මේසන්, ජේම්ස් බොන්ඩ් ( my name is Bond, James Bond) ,  ජේමිස් බන්ඩා ( ඩිමන් ආනන්ද), ඩිකී වීරකෝන්, ෂර්ලොක් හොල්ම්ස් යනාදී වශයෙන් ව්‍යාප්ත විය ............ 500 පැන්න නිසා ඊළඟ බ්ලොග් එකට     

9 comments:

  1. IMDb links pl.
    I got one; Ek Hazarachi Note (2014), https://www.imdb.com/title/tt2937158/

    ReplyDelete
  2. above movie is not Malayalam but Marathi.

    ReplyDelete
  3. මම නම් දැන් ෆ්ලයිට් වල යද්දී ෆිල්ම්ස් බලන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ පොත් කියවන එක. හේතුව ගොඩක් වෙලාවට ෆ්ලයිට් වල තියෙන ෆිල්ම් එඩිට් කරලා දාපුව නිසා. ගෙදර නිදහසේ ඉන්න වෙලාවට කරන්නේ පොත් කියවනවට වඩා ෆිල්ම් බලන එක හින්ද පොත් කියවන්න හොද වෙලාවක් මට නම් ගුවන් ගමන්.

    ReplyDelete
    Replies
    1. මට දෙක අතරින් හැම වෙලාවේම තෝරාගන්න හිතෙන්නේ movies

      Delete
  4. සිනමාවේදීන් නම් ෆේස්බුක් කණ්ඩායම මේ ආකාරයේ ප්‍රශ්ණ යොමු කිරීමට ඉතා හොඳ තැනකි.

    මා 1000 රුපී චිත්‍රපටය නරඹා ඉතා රස වින්දා. අපි වෙනුවෙන් අපි ආකාරයේ රසයක් ලැබෙනවා. දුප්පත් එකාට කෙලවන්නේ දුප්පත් එකාමයි.

    රහස්‍ය ඉතා අගෙයි. එය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් සෑදූ චිත්‍රපටයක් ලු. ඒ කතාවම අනුසාරයෙන් ඊට වඩා හොඳ චිත්‍රපටයක් ද සාදා ඇති බව කියවුණා.

    අන්ධදූන් යනු ඒ ෂානරයේ ම තවත් අපූරු ඉන්දියානු චිත්‍රපටයක්. නෙට්ෆ්ලික්ස් හි ඇත.

    නෙට්ෆ්ලිකස්හි ඇති ස්පාඤ්ඤ චිත්‍රපට නරඹා නැති ද???

    ReplyDelete
  5. Hi Admiral,

    I am happy you found it.
    I believe it is a tamil movie called 'Merku Thodarchi Malai'
    Revolving around cardamom plantations in the Western Ghats of Kerala.

    Are you aware of Kodi (formerly XBMC)?

    ජයවේවා!
    Myself Hattor.

    ReplyDelete
  6. Could you give the movie name in English?

    ReplyDelete

සතුටින් ජීවත් වීමේ සරල ක්‍රම

 පසුගිය වසර හය තුළ ෆින්ලන්තය ලෝකයේ සතුටින්ම සිටින රට ලෙස ශ්‍රේණිගත කර ඇත.  මම මගේ ජීවිතයේ වැඩි කාලයක් මෙහි ජීවත් වූ අතර, මනෝවිද්‍යාඥයෙකු සහ ...